මන්දාරම් අහස යට - තිස් වන කොටස දම්මිගේ පිටුව නවක සහෝදරත්වය පිළිගන්න ජේශ්ඨ සහෝදරත්වය විශ්ව විද්‍යාලය ඇතුලෙම සුදානම් කරලා තිබුනු සාදය අසේලි ඇතුලු නවකයෝ හැමෝටම අලුත්ම අත්දැකීමක් වුනා.විදුලි බල්බ් දාපු ගස්,සරසපු ගොඩනැගිලි විතරක් නෙවෙයි මෙච්චර දවස් දකින දකින තැන රවපු ඔරවපු බැනපු ජේශ්ඨ උත්තමයෝ එක පාරටම හිනා වෙන අක්කලා අයියලා වුනේ කොහොමද කියලා නවකයෝ හිතුවේ පුදුමෙන්.එලිමහන් රංග පීඨයක තිබුනු පිළිගැනීමේ කතාවයි සින්දු නැටුම් ඉවර වෙද්දිම රෑ 8ත් පහු වෙලයි ...
ලස්සන සති අන්ත දම්මිගේ පිටුව සතියේ දවස් 5 ගෙවෙන්න මාස 5ක් විතර යද්දි සති අන්තේ දවස් දෙක ගෙවෙන්නේ පැය දෙකක වේගෙන්. සෙනසුරාදා උදේ වෙලා ආයේ ඉරිදා හවස් වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ.ඔයා සතියේ දවස් 5ම රස්සාවක් කරන ඉගෙන ගන්න එහෙමත් නැත්තම් ගෙදරින් පිට මොනවම හරි දේකට යන කෙනෙක් නම් මේක හොදටම තේරෙනවා ඇති. මගේ ජිවිතේ හැම කාලෙකම මට ලස්සන ලස්සන සති අන්ත තිබිලා ...
ආදරණීය නපුරා - අවසාන කොටස දම්මිගේ පිටුව සහන් රත්නපුරේට ලං වෙනකොට රෑ වෙන්නත් කිට්ටුයි.මේ රෑ එහෙම ගෙදරකට යන එක හොදද කියලා හිතුනත් සජිනිව හොයාගන්න උවමනාව ඊට වඩා තදින් තිබුන නිසා සහන් කෙලින්ම ගියේ සජිනිගේ නැන්දගේ ගෙදර හොයාගෙන.ආයතනයේ වැඩ වලට ඇවිත් තිබ්බ නිසා රත්නපුරේ ගැන සෑහෙන දැනුමක් තිබ්බ එක මේ වෙලාවේ සහන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඒ කොහොම වුනත් රත්නපුරේට ආවේණික වුන චුරු චුරු වැස්ස අස්සේ පාරවල් වැරදි වැරදි සහන් ...
ආදරණීය නපුරා - හතලිස් වන කොටස දම්මිගේ පිටුව සහන් සජිනිලගේ ගෙදරට එද්දී රෑ 11ටත් කිට්ටුයි.මේ වගේ වෙලාවක සහන්ව දැකපු සජිනිගේ අම්මයි තාත්තයි පුදුම වුනත් සහන්ව ආදරෙන් පිළිගත්තා." වාඩි වෙන්න පුතා" සජිනිගේ තාත්තා කිව්වේ පුටුවක් පෙන්නලා "කෝ පුතේ අපේ සංජු? ඇයි එයා ආවේ නැත්තේ? ඊටත් මේ මහ රෑ? කරදරයක්වත්ද? " සජිනිගේ අම්මා කියවගෙන ගියේ හිතේ ප්‍රශ්න නිසාමයි.සහන්ට ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි වුනා.සහන් අම්මා එක්ක හිනා වුනේ ...
ආදරණීය නපුරා - තිස් නමවන කොටස දම්මිගේ පිටුව "ඇති යන්තම්" නදිනි පුටුවෙන් නැගිට්ටේ හොදට හිනා වෙන ගමන්.මේ මුකුත් තේරුනේ නැති සහන් බලන් හිටියේ නදිනි දිහා "සජ්ජෝ...." නදිනි සජිනිට කතා කරගෙනම කුස්සියට ගියේ සජිනි එතන ඇති කියලා හිතලා.සජිනි මෙහෙම ගිහින් ඇති කියලා නදිනිට පොඩ්ඩක්වත් හිතුනේ නෑ.නදිනි ඇවිත් කුස්සියට එබුනේ සජිනි කොහෙද බලන්න.ඒත් සජිනි පේන්න හිටියේ නැති වුනාම නදිනිට දැනුනේ අමුත්තක්."ඇයි මොකක්ද?" සහන් නදිනිගේ පිටිපස්සේ ඉදන් ඇහුවේ මේක තේරෙන්නේ ...
ආදරණීය නපුරා - තිස් අටවන කොටස දම්මිගේ පිටුව ඊලග දවස් දෙක තුනේම සජිනි වගේම සහන් එකිනෙකාව මග ඇරලයි හිටියේ.ඔෆිස් එකේ වැඩ කිය කිය සහන් රෑ වෙනකම්ම ඔෆිස් එකේ හිටියෙත් සජිනි නිසා.දෙන්නගේ මේ වෙනස හොදටම තේරුනේ නදිනිට.මේ දෙන්නගෙන්ම නදිනිට කිසිම වෙනසක් නොවුනත් දෙන්නා දෙන්නව මග අරින බව නදිනිට හොදට තේරිලා තිබ්බේ.ලොකුම වෙනස පෙනුනේ සජිනිගෙන්.සජිනි වෙනදා වගේ නදිනි එක්කත් වැඩි කතාවක් කරේ නෑ.අඩුවෙන් කාපු බීපු නිසාද කොහෙද ඇදිලා ගියපු පෙනුමක් ...
ආදරණීය නපුරා - තිස් හත් වන කොටස දම්මිගේ පිටුව උදේ සජිනි කුස්සියේ ඉන්නකොට තමයි ගෙදර දොරේ බෙල් එකේ සද්දේ ඇහුනේ.ඒ සද්දෙට කලබල වුන සජිනි දොර ලගට දුවගෙන ගියා.ඒත් දොර අරින්න කලින් සජිනි එතන කණ්නාඩියෙන් බලලා කොන්ඩෙත් හදාගත්තා.එක සැරයක් හොද හුස්මක් ගත්ත සජිනි දොර ඇරියා.එතන හිටියේ සහන්ගේ අක්කයි මස්සිනයි බබයි.අක්කා බබාවත් වඩාගෙන හිනා වෙවී හිටියා."නංගි...කොහොමද? අදමනේ දැක්කේ" සහන්ගේ අක්කා සජිනිව දැක්ක ගමන් කිව්වා "ඒකනේ අක්කා..එන්න ඇතුලට" සජිනි කට්ටියට ඇතුලට කතා ...
ආදරණීය නපුරා - තිස් හය වන කොටස දම්මිගේ පිටුව සහන් එදා ඔෆිස් එකේ වැඩ කරේ වෙනදා තරම් උවමනාවකින් නෙවෙයි.සජිනි පාස්වර්ඩ් දැනගත්තේ කොහොමද කියන එකටත් වඩා සජිනි මොනවා හිතුවද කියන එක ගැන ගැනයි සහන් කල්පනා කරේ.ඒත් තත්වේ බරපතළ වුනේ සහන් හදපු රිපෝර්ට් එකකුත් වැරදිලා ආයෙත් හදන්න වුනාට පස්සේ."මොකෝ කේස් එක?" විහග ඒ වෙලාවේ කාමරේට ආවේ ලොක්කා සහන්ට පලු යන්න බනිනවා ඇහුන නිසා "කේස් එක උබට පේන්න ඇතිනේ.දැන් පලයන්.උබ එක්ක සතුටු ...
ආදරණීය නපුරා - තිස් පස් වන කොටස දම්මිගේ පිටුව දොරේ සද්දෙට සහන් ගිහින් දොර ඇරියේ මේ රෑ කවුද කියලා හිත හිත.දොර ලග හිටියේ අවුරුදු 15ක් විතර වෙච්ච පිරිමි ලමයෙක්."මහත්තයා අපේ අම්මා මේ භාජන ටික සජිනි නෝනට දෙන්න කිව්වා" ඒ පිරිමි ලමයා කිව්වේ හොදට හෝදලා පිරිසිදු කරපු භාජන ටිකකුත් පෙන්නලා.සහන් හිනා වෙලා භාජන ගත්තේ මුකුත්ම අහන්නේ නැතුව.සජිනි මොනවා හරි දෙන්න ඇති කියලා සහන්ට හිතුනා"මහත්තයා තව අම්මා කියන්න කිව්වා මේ වෙලාවේ ...
ආදරණීය නපුරා - තිස් හතර වන කොටස දම්මිගේ පිටුව පහුවදා ඉරිදා නිසා හවස් වෙනකම්ම සහන් කරේ ටෙස්ට් මැච් එකක් බලපු එක.නදිනිත් ක්‍රිකට් වලට ආස නිසා එයත් සහන් එක්ක ඉදගෙන මැච් එක බැලුවා.සජිනි නම් ඒ මැච් බැලිල්ලට කැමැත්තක් වුනේ නැති නිසා එයාගේ පාඩුවේ පොතක් කියෙව්වා."මට නම් මේ ඉන්දියන්කාරයෝ පේන්න බෑ..." නදිනිගේ නෝක්කාඩුවට සජිනියි සහනුයි දෙන්නම හිනා වුනා"ඉන්දියන්කාරයෝ අපට වඩා හොදයි.දැන්වත් ඇත්ත පිළිගන්න""මෙයා බලන්නකෝ සජිනි..ඔයා ලංකාව පැත්තෙද? ඉන්දියාව පැත්තෙද?""අපට එහෙම පැත්තක් ...
ආදරණීය නපුරා - තිස්තුන් වන කොටස දම්මිගේ පිටුව "කොහෙටද යන්නේ" සහන් ඇහුවේ වාහනේ පාරට දාන ගමන්.කාගෙන්වත් උත්තරයක් නැති තැන සහන් බැලුවේ සජිනි දිහා."කොහෙද යන්නේ?" සහන් ඒ පාර සජිනි දිහා බලන් අහනකොට සජිනි නදිනි හිටපු පිටිපස්සේ ශීට් එක පැත්තට හැරුනා "කොහෙටද නදිනි ඔයා යන්න කැමති" සජිනි ඒක අහනකොට සහන් ආයෙත් සජිනි දිහා බැලුවා 'එයාගෙන් ඇහුවම කොහෙටද යන්න ඕනේ කියලා එයා නදිනිගෙන් අහනවා.මට නදිනිගෙන්ම අහන්න තිබ්බේ' සහන් කල්පනා කරා"දැම්ම කන්න ...
ආදරණීය නපුරා - තිස් දෙවන කොටස දම්මිගේ පිටුව සෙනසුරාදා වුනත් සහන් වැඩට යන්න ලෑස්ති වුනේ වැඩ ගොඩක් හිර වෙලා තිබ්බ නිසා.සහන් ලෑස්ති වෙලා සාලෙට එද්දිමයි නදිනිත් සාලෙට ආවේ."ගුඩ් මෝර්නින්ග්" නදිනි හිනා වෙලා කිව්වත් නදිනිගේ මූණේ තිබ්බේ හරි වෙහෙසකර පාටක්."ගුඩ් මෝර්නින්ග්.මොකෝ සනීප නැද්ද?" සහන් ඇහුවේ ඒ වෙනස නිසාමයි "නෑ එහෙම එකක් නෑ.ඔයා කොහෙද මේ නිවාඩු දවසේ යන්න හදන්නේ?""අදත් වැඩ නදිනි.ඉවර කරගන්න බැරි වුනා ඊයේ""ඔයා ඒ ගමන් මගේ වැඩෙත් ...
ආදරණීය නපුරා - තිස් එක් වන කොටස දම්මිගේ පිටුව පහුවදා උදේ සජිනි නැගිටිනකොට සහන් ඇදේ හිටියේ නෑ.ඇදෙන් බැහැපු සජිනි සාලෙට ගියේ සහන් කොහෙද බලන්න.එත් සහන් සාලේ හිටියෙත් නෑ.සමහර දවසට සහන් උදේ ඇවිදින්න යන නිසා එහෙනම් එහෙම යන්න ඇති කියලා හිතුව සජිනි උදේට උයන්න ගත්තා.නදිනිගේ සද්දයක් නැති නිසා සජිනි හිතුවේ නදිනි නිදි කියලා.ඒ නිසා සජිනි නදිනිව ඇහැරවන්න ගියෙත් නෑ.සජිනි කුස්සියේ උය උය ඉන්නකොට තමයි ඉස්සරහ දොර ඇරෙනවා ඇහුනේ.ඒත් එක්කම සාලෙන් ...
ආදරණීය නපුරා - තිස් වන කොටස දම්මිගේ පිටුව සජිනිව දැකලා සහන් ලග හිටගෙන හිටපු නදිනි සජිනි එක්ක අමාරුවෙන් හිනා වුනා.ඒත් එක්කම සජිනිගේ ඇස් ගියේ නදිනි ලග බිම තිබුනු ලොකු ඇදුම් බෑග් දෙකට."නදිනි ඔයා වාඩි වෙන්නකෝ..සජිනි නදිනිට බොන්න මොනවා හරි හදනවද?" එහෙම කියපු සහන් එතන පුටුවකින් වාඩි වුනා.සජිනි ඇතුලට ගියාට පස්සේ නදිනි සහන් දිහා බැලුවේ පසුතැවීමෙන් වගේ."සහන්,මං ආපු එකට සජිනි කැමති නෑ වගේ..මං යන්නම්.ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නෑනේ""මෙන්න මේ ...
ආදරණිය නපුරා - විසි නම වන කොටස දම්මිගේ පිටුව සාමාන්යෙන් හරි ඉක්මනට ලෑස්ති වෙන සජිනිට අද ලැස්ති වෙන්න ටිකක් වෙලා ගියේ මූනේ තැලුම් පාරවල් නිල් වෙලා තිබ්බ නිසා.මේකප් දාන්න වැඩි කැමැත්තක් නැතත් සජිනි මේකප් දාගත්තේ ඒ තැලුම් පාරවල් වැහෙන්න ඕනේ නිසා.සජිනි ලෑස්ති වෙලා එනකොටත් සහන් සාලේ වාඩි වෙලා බලාගෙනයි හිටියේ"යමුද?" ලෑස්ති වෙලා ආපු සජිනි ඇහුවේ සාලේ වාඩි වෙලා හිටපු සහන්ගෙන්.සජිනිගේ කටහඩට සහන් සජිනි දිහා බලලා පුටුවෙන් නැගිට්ටා "යමු..." පහළට ...
ආදරණීය නපුරා - විසි අටවන කොටස දම්මිගේ පිටුව රෑ මැද සහන්ට එක පාරට ඇහැරුනේ සජිනිගේ සෙලවීමක් දැනිලා.සහන්ට ටිකක් එහාට වෙන්න නිදාගෙන හිටපු සජිනි හීනෙන්ම මොනවදෝ මුමුණමින් හිටියා.සහන් සජිනි ලගට කිට්ටු වුනේ සජිනි මොනවද කියන්නේ බලන්න."එපා...එපා...මාව අල්ලන්න එපා...." සජිනි එක පාරටම ටිකක් හයියෙන් කිව්වා.සහන් සජිනිට ලං වුනා."සජිනි..." සහන් හෙමීට සජිනිට කතා කරා.ඒත් සජිනිගෙන් උත්තරයක් තිබුනේ නෑ "අනේ එපා...." සජිනි ආයෙත් කියවන්න ගත්තා.නින්දෙන්ම සජිනිගේ කම්මුල දිගේ කදුලු බේරෙන්න ගත්තා .සහන් ...
ආදරණීය නපුරා - විසි හත් වන කොටස දම්මිගේ පිටුව " මෙතන මොකද වුනේ?" සහන් ඇහුවේ වැටිලා ඉන්න සජිනි දිහාට එන ගමන්.සහන් දැකපු සජිනිගේ ඇස් වලින් කදුළු කඩා වැටෙන්න ගත්තා "මොකක්ද වුනේ?" සහන් ඇහුවේ සජිනි ලගින් බිම වාඩි වෙන ගමන්.ඒත් ඒකට කිසිම උත්තරයක් හම්බුනේ නෑ.වුනේ මොකක්ද කියන්න තිළිණිත් නොදන්න නිසා එයත් බලන් හිටියේ සජිනි උත්තරයක් දෙනකම් "මං ඇහුවේ මොකද වුනේ කියලා"ඒ පාර සහන් අහපු විදියට සජිනි ලග හිටපු තිළිනිත් බය ...
ආදරණීය නපුරා - විසි හය වන කොටස දම්මිගේ පිටුව නදීශාන්ලා එක්ක වෙච්ච කතා බහෙන් සහන්ගේ හිත හෙල්ලිලා තිබ්බේ.සජිනිට කිට්ටු වුනා වැඩියි කියල සහන්ගේ හිත සහන්ට දොස් කිව්වා.මේ නිසා තමන්ගෙන් නදිනිට වැරැද්දක් වුනා කියලා සහන්ට දැනුනේ පසුතැවීමක්.මේ දැනෙන වැරදිකාර හැගීම් නිසාම සහන් ගෙදර ඉන්න මුලු වෙලාවෙම සජිනිව මග ඇරලා හිටියා.ඒක සජින්ටත් ලොකු ගානක් නොවුනේ සහන්ගේ මේ සැරින් සැරේ වෙන වෙස් පෙරළි වලට එයත් දැන් පුරුදු වෙලා නිසා.සහන්ගේ මහ ගෙදර ගත ...
ආදරණීය නපුරා - විසි පස් වන කොටස දම්මිගේ පිටුව සජිනිට උදේ ඇහැරෙද්දි එක පාරටම දැනුනේ හරිම සනීපයක්.එයාට ඒ සනීපෙට ඇස් අරින්නත් ලෝබ හිතුනා.අඩ නින්දේ නිසා ඉන්නේ කොහෙද කියලා ගානක් නැති සජිනි තවත් හොදට නිදාගන්න හිතාගෙන අනිත් පැත්තට හැරුනා.ඒ හැරෙනවත් එක්කම සජිනිව කාට හරි තුරුල් වුනා.සජිනි එක පාරටම ඇස් ඇරියේ බය වෙලා.ඒත් එයා තුරුල් වුන කෙනා දැකලා එක පාරටම කෑගහන්න හදලත් සජිනි කට වහගත්තේ සහන් තාමත් නිදි බව දැකපු නිසා.සජිනි ...