කුවේණී World Of Aru මේ ලිපිය කියවීමට පෙර කුවේණි ගීතය රස විඳන්න යැයි ඉල්ලමි... එය අනිවාර්යයෙන් කිරීමෙන් ගීතය තනිව රසවින්ඳනයට බාධාවක් නොවන නිසාය.. එමෙන්ම පසුව ලිපිය කියවීමෙන් ගීතයේ විශිෂ්ටත්වය තේරුම් ගැනීමටද හැකි වේවී යැයි මම විශ්වාස කරමි. Kuweni (කුවේණි) Vocals- Ridma Weerawardena/ Dinupa Kodagoda Music & Melody- Charitha Attalage Lyrics- Chandrasena Thalangama Mixing & Mastering- Charitha Attalage ...
රන් අශ්වයා සහ මාශා World Of Aru එකෝමත් එක රටක රත්තරන් පාට විශාල අශ්වයෙක් හිටියා.. ඌ ඒ තරම් විශාල වුනේ එලකිරි බිව්ව හින්දා... මොකද අශ්වයා ඉපදෙදිම අශ්ව අම්මා මියගියේ විශාල වශයෙන් රුධිර වහනය නිසා..අශ්වයාව මුල් කාලයේ බලාගත්තේ ධනවත් ගොවියෙක්.. ඒත් පස්සේ මේ අශ්වයාට ස්වාමියෙන් හිටියේ නැහැ... මොකද ඒ ධනවත් ගොවියාත් කාලෙකට පස්සේ මිය ගියේ අසනීපයක් හැදිලා. ඉතින් මේ රන් අශ්වයා පස්සේ හැදුනේ කැලයේ තනිවම. දවසක් රත්තරං පාට ...
පාට මාරු වන සමනලයා World Of Aru ඒ කාලේ මං හරියටම රෑ දොලහට විනාඩි පහකට කලින් නැගිටින්න පුරුදු වෙලා හිටියා.. ඒ වෙන මොනවටවත් නෙවෙයි. සුදු සමනලයා එක්ක කතා කරන්න.. සුදු සමනලයා කිව්වට එයා ඇත්තටම තරුණ පහේ කොල්ලෙක්... හරිම කඩවසම්.. ඇත්තම කිව්වොත් මං එයා එක්ක යාලු වුනේ එයාගේ තණකොළ ගස් වගේ තියන කොණ්ඩේ නිසයි, හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් නිසයි.. එයා රෑ දොලහට මාව බලන්න ආවේ රෑ බදුල්ලෙක්ගේ පිටේ ...
සුනාමි. World Of Aru සුනාමියට අවුරුදු 13 යි... හැමෝම මොනවා හරි ඒ දවස ගැන පෝස්ට් පල කරාවී.. මටත් නිකම් ඉන්න බෑනේ ෆ්රෙන්ස්.. ඒ නිසායි මේ ලියන්නේ. නිකමට මෙතනින් ගොඩවෙලා සුනාමි අත්දැකීමක් විඳ ගන්න ආරාධනා කරනවා. මේ කතාව මං බ්ලොග් එක පටන් ගත්තු කාලේ දාපු එකක්.... හුඟ වෙලාවට ෆ්රෙන්ස් ඔයාලා කියවලා නැතුව ඇති.... ...
ප්‍රේමයට... World Of Aru පහන් වනතුරු අඳුරු රෑ යම ඇඟිලි සිතඟින් හෙමින් ගනිමි... අඳුර ආ පසු බුබුලු නිවලා කඳුලු උල්පත හොරෙන් හරිමි... නුඹේ මතකෙන් පිරෙන මගෙ සිත නුවනඟින් උණු කඳුලු දරමි.. ආයේ පින්නේ සොඳුරු අරුණේ හසකැලුම් පා සිනා සලමි... ඉදින් ඇත්තට කියනු කවුරුද සත්තකින් නුඹ මගෙන් නික්මී.. එදත් එහෙමයි අදත් එහෙමයි මගේ ප්රියබඳ නුඹයි රදුනි... කඳුලු දහදිය හෙමින් කලතා මන්ද්‍ර සුළඟක ඔතා එවමි. නුඹට ...
අම්මා.. World Of Aru දින පොත 1 Day -25 අද දිනය මට මතක නැහැ.. ඇත්තටම මට මතක් කල යුත් නැහැ. අද කිව්වට ඒ අදම නෙවෙයි. සමහර දේවල් තියනවා ඒවා මතක් කරන්න බැහැ.. මට තනියි අම්මේ හුඟක්... ඇත්තටම අද කියන දවසේ මං අම්මාගේ බ්ල්වුස් එකක් තුරුලු කරන් ඇඳේ ගුලි වෙලා හිටියා.. ඒ සුවඳ... අම්මගේ දාඩිය සුවඳ.. මට අම්මා මගේ ළඟම බව මතක කලා. මීට වඩා ...
පන්දම World Of Aru ආයෙත් ඔන්න කාලෙකට පස්සේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉහලම තියන ගීතයක විචාරයක් එක්ක මං ආවා.. මේ ගීතයත් කරලියට එන්නේ කතරකට දියපොදක් වැටෙන සේ.. එහෙම නැත්තම් පසු බැහැපු සංගීත ලෝකයට සාර්ථක සාධාරණත්වයක් ඉටු කරමින්. විශේෂයෙන් සංගීත රූප රචනයට කියලම කිව්වොත් තමයි සාධාරණ. මුලින්ම කියන්න ඕනා මං මේකේ විචාර කිහිපයක් යූටියුබ් එකේ කියෙව්වා. ඒවලත් අදහස් එක්වෙයි. නමුත් මේක මට අනුව නම් කුවේණී තරම් ...
සිතන්නට යමක් 4 World Of Aru පාෂාණය.පුරාණ කාලයේ රජතුමකු විසින් සිය සේවකයෙක් පාරක ගලක් පවතින ස්ථානයක සේවයට යෙදවූයේය.ඔහු පඳුරු වල සැඟවී සිටි අතර, කිසිවෙකු ගල් පර්වතය ඉවතට ගෙන යනු ඇත්දැයි නිරීක්ෂණය කලේය.රජුගේ ධනවත් වෙළෙන්දන් සහ රාජ සභිකයන් සමහරක් පසුකර ඒ වටා ඇවිද ගියහ. පාරවල් පැහැදිලිව තබා නොගැනීම ගැන බොහෝ අය රජුට දොස් පැවරූ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු ගල ඉවත් කිරීම ගැන කිසිවක් කළේ නැත.දිනක් ගොවියකු එළවළු ගෝනියක් ...
නාඩගමේ මං World Of Aru ගීතයක් හෝ කවියක් හෝ කතාන්දරයක් හෝ වේවා, අනර්ඝ වීමට නම් අපුරූ වචන හරඹයක් තිබීම මගින් සහෘදයින් උපරිම වින්දනයට පත් කල හැක. එයිනුත් ගීතයක් වූ කලී වචන සීමා සහිත ප්‍රමාණයකින් කරන්නා වු මනරම් නිමැවුමකි. එය සහෘදයින් පින වීමට මනරම් රිද්මයක්,මනරම් හඬකින් සම්මිශ්‍රව පැවතීමෙන් අත්‍යන්තයෙන් ඔබ්බටත් සහෘදයන් රැගෙන යාමකි. නුමුත් මේ කිසිවකුඳු නැතිව, චිත්තරූප මැවීමට තරම් ගීතයේ පද පෙළ අපූරු නම් ගීතය ...
ලැජ්ජා රහිත වීමේ කතා වස්තුව. World Of Aru එක් සමයක අඳුරක වූ නරයින් කණ්ඩායමක් විය... අඳුරේ වූ ඔවුහූ වර්ෂ ගණනක් මුළුල්ලේ වෙහෙසව නිර්භයව, ආලෝකය නැමති පහන් සිල ලැබීමේ සුදුස්සෝ ලෙසින් කූටාප්ප්රාප්තියට එලෑඹිණි.ආලෝකය ලැබීමේ සුදුස්සෝ වුවද, ආලෝකය හිමියැයි සඳහන් සහතිකය පිරි නමන්නන් ඔවුන් අඳුරේ ගිල්වා තැබීය. එනම් ඔවුනට හිමි ආලෝක සහතිකය නොලැබිණි. ඒ වූ කලී, අලෝකය ලැබීමේ සුදුස්සෝ වීමටත් පූර්වයේ ඔවුහු බන්ධනයක බන්ධනය වූවන් සහේතුක කොටගෙනය.. කෙතරම් ...
රිදුම් World Of Aru ඔබ තුටින් බව අසා මගේ නෙත් පිය වුණා.. රැයේ සීතල නුඹේ ළඟ යැයි හදිස්සියේ හිත ගැස්සුනා.. කිටි කිටියේ තද කරන් නුඹ උන්න මගේ ලයේ නුඹ ඇවිත් තැනින් තැන කොනිතිලා රිද්දුවා.... ...
කොළඹ වාහන තදබදය අවම කිරීමට ඇරඹූ බෝට්ටු සේවාව World Of Aru කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට කාර්යාල ඇරඹෙන හා අවසන් වෙලාවන්ට උචිතව අගෝස්තු මස 22 වැනිදා ඇරඹුන බෝට්ටු සේවාවෙන් යූනියන් ප්ලේස් සිට ලේක් හවුස් දක්වා ප්‍රවාහන පහසුකම් ඇත. විනාඩි දහයකින් පමණ මෙයින් යූනියන් ප්ලේස් සිට කොටුවට යාමට හැකි වනු ඇත. මහා මාර්ග හා බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යංශය මඟින් ආරම්භ කළ සේවාව අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අදහසකට අනුවයි ආරම්භ කර ඇත්තේ.. ...
විශාදය වළක්ව ගන්නේ කෙසේද.. World Of Aru විශාදය කලින් ලිපියට... මේ කොටසින් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ depression වල ප්‍රතිකාර වගේම වළක්වා ගන්න ක්‍රම.. මේ ක්‍රම ඕනෑම මානසික රෝගයක් සඳහා යොදන්න පුලුවන්.. ඒත් depression ගැන කතා කරන නිසා ඒ ප්‍රතිකාර හුඟක්ම ගැලපෙන්නේ විශාදය නැත්තම් depression වලට.. මානසික රෝග වලට ප්‍රතිකාර කරන ක්‍රමය ඖෂධීය ප්‍රතිකාර හා ඖෂධීය නොවන ප්‍රතිකාර යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්.. Depression ...
සිතන්නට යමක්...05 World Of Aru අන්ධ ගැහැණු ළමයා. අන්ධ කෙල්ලෙක් සිටියාය. ඇය වෛර නොකළ එකම පුද්ගලයා ඇගේ ආදරණීය පෙම්වතාය විය. ඒ ඔහු සැමවිටම ඇය වෙනුවෙන් ඇය ළඟින්ම සිටිය නිසාය. ඇය ඔහුට පැවසුවා ලෝකය දැකිමට තමාට හැකි නම් පමණක්ම ඔහුව විවාහ කර ගන්නා බව. දිනක් යමෙක් ඇයට ඇස් යුගලයක් පරිත්‍යාග කර තිබිණි. එලෙසින් ඇයට ඇගේ පෙම්වතා ඇතුළු සියලුම දේ දැකීමට හැකි විය. “දැන් ඔබට ලෝකය දැක ...
නිරුධක.(හිස්කම) World Of Aru සංවරව හිත මතම මදින රූ රටාවෙක අන්ධවම නොදුටු අඩ, හඳින් මුව තෙමාගෙන සංසලව හිත් මැදින් පිපුණ මල් නෙලාගෙන යන්න ගිය දුර වැඩියි මල් පහන් දල්වගෙන දුයිෂේන් වුව වුණත් උන්නේ එක කතාවෙක අල්තීනයි දුක් නුවුනේ කිසිත් නොම දැනහැඳින සුන්දරයි කතා වුව ප්‍රේමයෙන් තෙමීගෙන ප්‍රබන්ධය වුව වුණත් මැවුණෙ පෙම ...
ප්‍රේමයේ නිදානය World Of Aru ආදරණීය හොරෙක් නුඹ.නොපල කවියක් ඉන්දවන,මගෙ හද මැද වලක් හාරා...වල ගොඩැලි සමතලා කොට,යන්තමින් ඉසුව පෙම් දියරකේෂ නාලිකා වලින් උරාගෙන මනි පත්‍ර දක්වාම ගෙන ගොස්,දලුදමා වැඩෙන'යුරු,නුඹවත් නොදැන...තකහනියක්ම දුරැර බාධා හමාශේෂ වුන කවි සුලං,නතරව අභිමුව, පාදා සිතැති සේ නොලත් ගිවිසුම්,ඔබ නුදුටුවද යවන අනිසි කිවිසුම්.,ඔබ නිසා ලදින්, උපදි හද මැද කුසුම්. ...
කැමති... World Of Aru කිව යුතුම දේ කවියකට නැඟීමම අපහසු..ඊටත් ඔබට කියවීමට තබාකියවා රිදුන පසු නුඹේ වදන යළි යළි කියවීමම හුඟක් අපහසු..."මං දන්නවා ඒ මං ගැනම ලියූ බව.."යන කෙටි පණිවිඩයපැමිණීමට පෙර, නිවනක් බව සීතීමමකෙතරම් අඥානද...මේ මෝඩි තවමත් ආදරේ බව රහසක්ද...රිදවන්නට පෙර මගේ සියුම් ඉසියුම් හැඟුම්කවි කිරීමම අවැසි..නුඹ මගේ බව අසන්නට පමණක්ම කැමති... ...
ඒ සියලු වරදවල් මම පවර ගනිමි. World Of Aru ඒ සියලු වරදවල් මම පවර ගනිමි.සිනාසුන තැන් වල විසිරු වූ කඳුලු ඇටමා විසින් වගා කොට වතුර දමා සත්කාර කල බැව්,ඔබ කරන චෝදනා නොසඟවා හර කරමි...මම මගේ ගිණුමට...ඔබට යන්න ඉඩ හරිමි..ඈත දුර ලෝකයට..මමත් මගේ සුවඳවත් නොහමනා ලෝකයට...නමුත් තවමත් ශේෂ වූ ප්‍රේමය.කැබලි නොකර රුවාගමි..හදවතේ පත්ලට...යලි හමුවෙනා දිනෙක පෙන්වමි..ඒ අරුම ප්‍රේමයම හොවා හදවතින්...රිදුම් දෙන තැන් සමඟ... ...
විසංයෝජන World Of Aru "මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද... ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්... ඩොමෙස්ටික් වයල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා..."රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි වෙලාවක නෙවෙයි... මොකද මං හිටියේ අදිසි කම්පනයක... එක දිගට කම්පන සියයකටත් අධික ප්‍රමාණයකට මුහුණ දුන්න මං හිටියේ එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොය... කිසිම පිලිතුරක් දුන් නැති වුණත් රාහුල් දිගටම කතා කරමින් හිටියේ..."මැඩම් ...
අනාගත දුක්ඛය.. World Of Aru කොත පැලඳි ඉඩෝරෙක හරිත වන වියැලී කතරව යදී, මියැදෙන තුරු ලතාවෝ දිවිය නොමැරි පවතින්න විල්පත්තු නම මියැද සිල්ගත්තු උන් නැගිට වෘක්ෂලතාවන් ඉදිර හෙලයි අවසන් හුස්මම ලකඹර හරිත පැහැයම දූලී පැහැයෙන් බොරව නෙත් සියල් අඳ කරව යදී හුස්මක් නුදුරව මුදල්ව පිරුණ මුත් පුස්තක වුවත් කෙතරම් පොහොසතක ඔක්සිජන් මුදලටත් අයැදුවද ඉතිරිවේවිද නිමල වාතය සිඳි වියැලී උල්පත් දියර පිපාසය සිඳින්නට ඉතිරි මුහුදු දිය ...