තොරණ හෙවත් Pandol 2 යාං හෑල්ල තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම 'ලයිස්පීකරකට්ටක්' බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව."අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ..............ඤාඤා ඤාඤ ඤඤ ඤඤඤඤ ඤඤ ඤාඤේ.............""ක්රාස් ටොහ් ටොහ් ටොහ්. දාදා දාදදදාදාදාදදා දාදාදාදා දාදා දදා දාදා දාදදදදා දාදාදාද"උදේ ඉඳංම වාහනයක් යන්න පුළුවං හැම පාරකම කෑ ගගහ ඇවිදලා හොඳටම බැහැපු බැට්ටියකිං කරන්ටෙක ලෙවකන පීකර කට්ටට එයිට වැඩිය පැහැදිලියට යමක් කියාගන්න පුළුවංකමක් ...
තොරණ හෙවත් pandol - 1 යාං හෑල්ල "මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?"කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව."ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ""තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ.""ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ""ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන ...
කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls යාං හෑල්ල "අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි."ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් ...
චන්ඩි සහ බට්ටා යාං හෑල්ල මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම ...
කනපිට මාකෝනි යාං හෑල්ල පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ"මාකෝනි"කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ "ජෝන් ලොගී බෙයාඩ්" කියලයි. ඒ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මේ කතාව.**************************************************************************රෑ කෑමට පස්සෙ අරළු පෙති බීපු කෙනෙක් උදේ පාන්දරම දවස පටං ගන්නව වගේ සද්ද ගොඩක් නැන්දලගෙ ගෙවල් පැත්තෙං ඇහුනා.මේ සද්දෙං කියන්නෙ එදා දවසෙත් පියසේන මාමා වැඩට ගිහිං නෑ කියන එකයි. හුඟක් දවස්වලට මේ වෙලාවට ...
කුණු කඳු තුනී කරන හැටි යාං හෑල්ල කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි ...
දානේ.... යාං හෑල්ල මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.දානේ පටං ගන්නේ “අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං“හා“ කියනවා. මේ ...
ගුවන් විදුලිය හෙවත් Air Electricity - 3 යාං හෑල්ල ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක් කෙරෙන ඉංගිරිසි වෙදකමට සැරිං සැරේ ගලෝල මුලිම්ම කැඩුනෙ SW -MW මාරු කරන රවුම. රවුම කැඩුනට රවුම හයිවෙන කූර ඉතුරු උනා. ඉං පස්සෙ SW -MW දෙක අතර මාරු කරන්න ඕනි උනහම පිහිය තලේ හරි මේස හැන්දක ...
ගුවන් විදුලිය හෙවත් Air Electricity - 2 යාං හෑල්ල රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම"ර්ර්රංග.... අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?"කියල අහනව."ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ"මං උත්තර දෙනව."කීයටද් තියෙන්නෙ ක්හ්ං""දැම්පටං ඇරං ඇති"තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව."ටික්"ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං ...
අවුරුදු සෙල්ලං හෙවත් The donkey game and other games යාං හෑල්ල "වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි........ මේ තමයි අපේ ජාතියේ ඒ බැඳියාව සංකේතවත් කරන, ඒ අනභිබවනීය, ඒ සාර්වත්රික, මනෝ බද්ධීය, ඒ ... ඒ.... ඒ.... මා හැඟි හැදියාවේ එකතුව හුවා දක්වන මා හැඟි වස්තුව. එවැනි රටක ඉපදුනු අපි අපේ මාහැඟි සංස්කෘතියේ මහා උත්කර්ශවත් මවුලී මංගල්ලයේ උත්කෘෂ්ඨ වාත්සල්‍ය ගෙනහැර දක්වන මහා ආනන්දනීය විභූතිමත් අද්විතීය මුවදොරකටයි මේ පැමිණ තිබෙන්නේ. දේශයේ අංක එකේ නාලිකාව අකුරු තුනේ ...
ගුවන්විදුලිය හෙවත් Air Electricity - 1 යාං හෑල්ල ඊයේ පෙරේදා හදිස්සියේම අර කොනකිං පටංගෙන ලියාගෙන ලියාගෙන යන දොස්තර නෝනා රේඩියෝ වැඩසටහනකට යන්න බ්ලොග් ලියන දෙන්නෙක්ට අවස්ථාවක් හොයලා දුන්නා. ඒක දැක්කයින් පස්සෙ මටත් හිතුනා රේඩියෝ ගැන ලියලා දාන්න.පහ වසරේ සිස්සත්ව පෙරහුරු ප්‍රශ්ණ පත්තරේ ප්‍රශ්ණවලට "රේඩියෝව හොයාගත්තේ කවුද?" කියලා ඇහුවම අපි ලිව්වේ "ගුග්ලි එල්මෝ මාර්කෝනි" කියලයි. ඒ මාර්කෝනි කියන කෙනා කොයි දීපංකරේක ඉන්න කෙනෙක්දැයි දන්නේ නැතත් රේඩියෝ නැතිබංගස්ථාන කරන මකබාස්ල ...
ඉතා කෙටි කලබල හීන - Extreamely short busy dreams - 1 යාං හෑල්ල අපේ ගමේ මිනිස්සු හුඟ දෙනෙක් වී කුන්නියක දෙහෙක ගොයිතැංබත් කරගෙන, දල්ලක් දෙකක් අහුලගෙන, සබර ගහක් දෙකක් හූරගෙන, කුරුඳු පැලැහැට්ටක් දෙකක් තලාගෙන එදා වේල පිරිමහගෙන ජීවත් වෙච්චි අය. ඒ උනාට ඉක්මනිං පෝසත් වෙන්න හදපු උත්සාහවන්තයොත් හිටියා. කහට වතුරෙං කලවං කරපු අරක්කු විකුණපු කලු මාමගෙ පවුල, ගොඩ පෙරකදෝරුකං කරපු ගෙපලෙ අජිත්, මාසෙට සීනි මිටියෙ හමාරෙ පෙරන සූරියසේන, සීට්ටු දාන අතුල වගේ කීප ...
නෙලුං යායට පසුවදනක් A back word for lotus field යාං හෑල්ල මේ ගමන නෙලුං සම්මාන උස්සවේට මාව යවන්නේද නැද්ද යන්න ගැන අපේ ගෙදර හතර දෙනාගේ කමිටුව රැස්වීමක් තිබ්බේය. කරුණාරත්නගේ ස්ථාන මාරුවත් එක්කම බලලුන්ගේ රැකවල් කටයුතුවලට කෙනෙක් නැතිවීම නිසා කමිටුව අසීරුතාවකට මූණ දුන්නේය. ඒ හංදා මේ ආකාරයේ යෝජනාවලියක් සභාගත කරන්නට සිද්දවිය.බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් ...
පොජෙට්ටෙක - අන්තිම කොටහ යාං හෑල්ල මිනිහෙක්ගෙ ජීවිතේ හරියාකාරව හැදෙන්නෙ ගහෙං ගෙඩි එන්නා වගේ පිළිවෙලකට හීංසීරුවෙ ඉහළට ආවොත් විතරයි. ගහ පීදිලා, මල් හැදිලා, එව්වයෙං සූටි ගැටයක් හැදිලා, ඒ ගැටේ ඩිංග ඩිංග තරුවක් වෙලා, ඒ තරුව ඩිංග ඩිංග ලොකු වෙලා මහ ගෙඩියක් වෙලා පැහිලා කන්න පුළුවං ගානට ඉදෙන්න සෑහෙන කාලයක් යනවා. මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක ...
පොජෙට්ටෙක 3 - පිටගංකාරයෝ යාං හෑල්ල පොජෙට්ටෙක 1 පොජෙට්ටෙක 2හැමදාම මහරෑට කවදාවත් ඇහිච්ච නැති තරං මහා සද්ද තියෙන වාහන පාරෙ යද්දි ඇල්ල බැඳිල්ල ජයටම කෙරෙන බව අපේ ඔලුවලට වැටුනා. ඒ එක්කම පෙජෙට්ටෙකේ වැඩ කරන්න පිටගංකාරයො රංචු පිටිං ගමට සේන්දු වුනා. ඒ අයට නවාතැං දීලා අමතර ගානක් හොයාගන්න පුළුවං කම තිබුණත් අපේ ආච්චම්මයි ආතයි තමුංගෙ මාන්නෙ ඉස්සරහට දාගත්තා."මන්නං ඔය එකේක ජාතියෙ පිටගංකාරෙයො ගෙවල්ලස්සෙ දාගන්නෑ ගුනොවද්දන ළමෙයො. කොයි ...
පොජෙට්ටෙක 2 - පාර කැපිල්ල බැලිල්ල යාං හෑල්ල මුල් කොටහ පොජෙට්ටෙක 1 -ඇල්ල බැඳිල්ලඒ අතරේ අපේ ගෙවල්ගාව පිස්සු මඩමක් හදන්න පාරක් කපලා ගෙපල ඇදලා තිබුණු කන්දෙ අනික් පැත්තෙ දං ගස් ලවලෙ විසාල ගෙපලක් කපලා "බිල්ඩිං" හදන්න පටං ගන්නවා. ඒවා සුද්දන්ට ඉන්න හදන ඒවා බව කටකතා පැතිරෙනවා. ඇල්ල බඳින වැඩේ ලොක්කො ටිකට ඉන්න හදන තැන හිංදා කාටවත් ඒ පැත්ත පලාතකවත් බලන්න යන්න දෙන්නෙ නෑ. ඇල්ල බැඳිල්ලෙං තමුංගෙ ඉඩං යටවෙන ...
පොජෙට්ටෙක 1 - ඇල්ල බැඳිල්ල යාං හෑල්ල දවසක් පහලවත්තෙ කුඹුරෙ පිල්ලෑවට හෙලිකොප්පරයක් කියන ජාතියෙ එකක් එන බව කියා අපේ ගමෙං බාගයක් විතර තමුංගේ වැඩපොල සේරම පැත්තක දමා පිල්ලෑවට එක්කහු වුනේ ඒක බලන්න. ඒ කාලේ කාටවත් හදිස්සි වැඩ තිවුනෙ නෑ. වෙනදට පාවර හදන තැන පිදුරු තුනී කර තිබුනේ අපිට ඒ උඩ පිනුං ගහන්නට ආස හිතෙන විදිහට. පොලේ ලොතරැයි වෑන්නෙක වටේ සෙනග එක්කහු වෙනව වගේ සෑහෙන සෙනගක් පිල්ලෑව වටේ ...
පෙරහැර යාං හෑල්ල "දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ටුකුරු""පෙදේසවාසී පෙංවතුනි පෙංවතියනි. ***ගම සී කුසුමකුක්කාරාමයේ කටින පිංකමේ කටින චීවරය පෙරටුකොටගත් පෙරෑර මේවනවිට වියාරස්තානයෙන් පිටත්වෙනවා. මෙම්පෙරෑර **ගොඩ හංදියේ පේමදාස මහත්මාගේ නිවස බලා පිටත්වෙනවා ඇති."සුගත් ආතගෙ කටහඬ පන්සලේ මිදුලේ මහෝගනී ගහ මුදුනෙ ගැටගහල තියෙන පීකරෙන් පිටවෙලා අපේ ගෙවල් පහුකරගෙන යන ගමං අපේ ගෙවල් තියෙන කඳු බොකලම අස්සටත් පනිනවා."දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ...