මතකයන්.... රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්....පාලුවෙලා තිබුණ හිතකට කොහේදෝ ඉඳන් ආදරයක් අරන් ඇවිත්, දරාගන්න බැරි තරම් සතුටක් දීලා, සමහර විට ඒ ආදරේම ආයෙම ඈතට අරන් යනවා, දරාගන්න බැරි තරම් දුකකුත් එක්ක....ඒත් සතුටින් හිටපු පුංචි කාලයක මතකයන් එක්ක, මිනිස්සු හැමදාමත් ජීවත් වෙනවා.... ...
වෙනසක්....? රක්තාක්ෂි | Rakthaakshi "තමන්ගේ වැඩි සුබ සිද්ධිය ගැන සිතන මිනිස්සු සිය පාලකයන් වෙනස් කරති; ඒ මතය උඩ ඔවුහු සිය පාලකයනට එරෙහිව අවි අතට ගනිති. එහෙත්, තත්වය වඩාත් නරක අතට හැරෙන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා හෙයින් මෙහිදී ඔවුහුම මෝඩයන් බවට පත් වෙති"නිකොලොයි මකියාවෙලී 1513 දී ලියපු බල දේශපාලනයේ අත්පොත හෙවත් "කුමාරයා" පොතේ තමා ඔහොම කියල තියෙන්නෙ.දේශපාලන විද්‍යාවේ නියතීන් නෑ නෑ කියල කවුරු, කොහොම, කොච්චර ...
(අ)සම්පූර්ණ බාගය.... රක්තාක්ෂි | Rakthaakshi ඒබ්‍රහම් ලින්කන් මහතා වරක් කියල තියනවා "ඔබ යමක් කරන්න හිතනව නම්, ඔබ දැනටමත් එයින් බාගයක් කරල ඉවරයි" කියලා. හැබැයි ඉතිං ඒක ඔය කියන තරම් ම ලේසි නම් නෑ. මතක තියාගන්න. සිතින් සිතන සිතුවිලි ක්‍රියාවට නැංවීම තමා මේ ලෝකෙ තියන අමාරුම දේ....ඒ නිසා හිත හිත විතරක් ම ඉන්න එපා. දැන් ම කරන්න පටන් ගන්න.... ...
කතන්දර.... රක්තාක්ෂි | Rakthaakshi මිනිස්සුන්ට කතන්දර හදන්න එපා. අනික් අය හදන කතන්දර තැන තැන කියන්න පුරුදු වෙන්නත් එපා. ඒ වගේ ම විශේෂයෙන් ම, කතන්දර හදන අයගෙන් පරිස්සම් වෙන්න. මොකද.... අනික් අය ගැන කතන්දර හදන අයමයි කවද හරි ඔබ ගැනත් කතන්දර හදන්නෙ. අනික් අය ඒව තැන තැන කියකියා යයි.දැං මේක මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ. මිනිස්සුන්ට දෙයක් තේරෙන්න ඒක තමන්ට වෙන්න ම ඕනි. කතන්දරවල තියන ...
සර්පයෝ... රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ කෙටියි. සර්පයන්ට කිරි පොවන්න කාලයක් නෑ. අඳුරගන්න. අතෑරලා දාන්න.
අලුතෙන් ම පටන් ගන්න.... රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න ජනවාරි පළමුවෙනිදාවක් ම ඕනි නැති උනාට, අලුතෙන් පටන් ගන්න උත්සාහ කරන කෙනෙකුට ජනවාරි පළමුවෙනිදා කියන්නෙ හොඳ අවස්තාවක්.... එහෙම කතාවක් තියනවා....වෙන්න ඕනි මොනවද, කරන්න ඕනි මොනවද, නවත්තන්න ඕනි මොනවද, පටන් ගන්න ඕනි මොනවද කියන දේ ඔබ දැනටමත් හොඳින් ම දන්නවා.... ඉතිං.... මේ තරම් කාලයක් කල්දමදමා, අතපසු කරකර නේද හිටියෙ..... ඔන්න.... අලුතෙන් ම පටන් ගන්න හිතෙනවා නම්, ...
මතක අතර අතරමංව... රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ අපිට වැඩියෙන් ම රිද්දන්නෙ අමිහිරි මතක නෙවේ, සුන්දර මතක... කවදාවත් ම අමතක කරන්නත් බෑ... ආයෙමත් ඒ කාලෙට යන්නත් බෑ... ජීවිතේ එක ම තැනක නතර වෙලා වගේ... අතරමංවෙලා වගේ... ...
සුදුකළු සහ නොවෙනස් අළු... රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ අපට හමුවෙන හැම මිනිසෙක් ම උදාහරණයක්. ඒ කියන්නෙ ඒ හැම කෙනෙක්ගෙන් ම අපට අපේ ජීවිතයට ගත යුතු දෙයක් තියෙනවා. සම්පූර්ණෙන් ම හොඳ හෝ සම්පූර්ණෙන් ම නරක කිසිම කෙනෙක් නැති මේ සමාජයේ ඉන්නෙ අවස්ථානුකූලව වෙනස් වෙන සුදුකළු චරිත. නමුත් මේ අතරෙ ඉන්නවා එක්තරා සුවිශේෂී පිරිසක්. ඒ අය දෙන්නෙ වෙනම ම උදාහරණයක්. මිනිසෙක් මේ සමාජය තුළ ජීවත් නොවිය යුත්තේ කෙසේද, එහෙමත් ...
වටිනාකම රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ කඩා වැටුණම, ආයෙමත් නැඟිටින එක තමයි අමාරුම. අනික් අතට පෙරලුන පිට හොඳයි කියලා එහෙම ම ඉන්න එක හරිම ලේසියි. වටේ උන් හිනා වෙන්න පටන් ගනියි. දරාගන්නම බැරි තැන, වෙන කරන්න ම දෙයක් නැති තැන, උන් එක්ක ම එකතු වෙලා තමනුත් හිනාවෙන එක තමයි ඉතුරු වෙන එකම ඔප්ශන් එක. ඒ හිනාවෙන්නෙ තමන්ටම බව දැන දැන.ඒත් ඒකත් බැරිනම්, එක්කො පුළුවන් ...
(නි)වැරදි... රක්තාක්ෂි | Rakthaakshi ජීවිතේ සමහර අඩු පුරවන්න.... වැරදි දේවල් තෝරගත්තාම.... සමහර වෙලාවට, ගැළවෙන්න ගොඩාක් අමාරු වෙනවා.... පුරුදුවෙන්න ගොඩාක් ලේසි දේවල්, අතාරින්න ගොඩාක් අමාරුයි.... සමහර වෙලාවට.... ඒ නිසා තෝරාගැනීම් කරද්දි, ගොඩාක් පරිස්සම් වෙන්න.... ...
විශ්වාසය.... රක්තාක්ෂි | Rakthaakshi පුංචි මොහොතක් අරගෙන, හොඳින් කල්පනා කරල බලන්න. ඔයා ඔයා ගැන ම මහා විශ්වාසයකින් පටන් ගත්ත කොච්චර නම් දේවල් වැරදිලා හෝ පැරදිලා තියනවද කියලා.... අතරමඟදි අතෑරලා දාල තියනවද, අතහැරිලා තියනවද කියලා.... ඉතිං.... තමන්ට තමන්වත් විශ්වාස කරන්න බැරි ලෝකෙක, අනුන්ව විශ්වාස කරන්නෙ කොහොමද...? හිතන්න.... ...