අලුත් තාත්තා! Devduwa කාලය හිමිහිට ගෙවිලා ගියා. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා තිබු අම්මට, සීයා තාත්තා සිය යහලුවෙකුගේ මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මේ අතර. අම්මා වැඩි කතාවක් නොකලත්, ඇගේ දුක තරමක් තුනීව ගිය බවක් පෙනුනා.කවුරු හිටියත් උදේට නම් මාව පාසැලට බැස්සවූයේ ඇයයි. "හා හා අම්මට පරක්කු වෙනවා"උදේම ඇය මාව අවදි කරනවා. මූන හෝදගත්තු මගේ, කොන්ඩය ඇය තදින් පීරනවා."ඌයි" ඊලඟට බටර් තවරපු පාන් පෙත්තකින් බාගයක් ...
ගමන තව දුරයි! Devduwa මම ටිකෙන් ටික ලොකු වෙද්දී, අම්මා ටිකෙන් ටික වෙනස් වුනා. මම ලොකු ළමයෙක් වෙන කාලය වෙන කොට අම්මා ගොඩාක්ම වෙනස් වෙලා. අම්මාගේ වෙනසට මගේ හැසිරීමත් හේතුවක් වෙන්න ඇති. අම්මා කියන විදියට මම ආදරේ ගැන කිසිම හැඟීමක් නැති කෙනෙක්. එතකොට ඒ දෙන්නාගේ, ඒ කීවේ අම්මාගේ සහ තාත්තගේ තිබුණු ආදරේ හැඟීම් පිරිල ඉතිරිලා ගිය ආදරයක්ද? අපේ පවුල හරිම ජංජාලයක් කීවොත් හරි. හැම ...
එදා ඉඳන්! Devduwa මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට. "මට දුක ...
අහසින් පොළොවට... Devduwa මට තාමත් හරියට තේරුම්ගන්න බැරි එක දෙයක් තමයි කොහොමද තරහව පාලනය කර ගන්නේ කියන එක. හැම කෙනාම හරිම අසාධාරණයි කියන එක හිතුනු ගමන් මගේ හිතට එන්නේ තරහාවක්. විශේෂයෙන් මගේම අම්මා ගැන!"මොනවද ඔය කොණ්ඩෙට කරගෙන තියෙන්නේ?" ඇය අහන්නේ මගේ මූණ දිහාවත් බලන්නේ නැතුව.මගේ කොණ්ඩේ කොහොමත් රැළි. පාලනය කරගන්න හරිම අමාරුයි. දිග කූරු කොණ්ඩයක් තිබුණානම් කියලා වෙලාවකට හිතෙනවා. අනික් අය වගේම මමත් ...
ඇස් දිහා බලන්න! Devduwa මෙඩුසා කියන්නේ අඳුරේ වසන, බිහිසුණු, විරූපී, දුෂ්ට, අද්භූත, මනඃකල්පිත සත්වයෙක්. ඇගේ හිස කෙස් වෙනුවට දකින්න ලැබෙන්නේ භයංකාර සර්පයින්. ඒ වගේම ඇගේ රත් පැහැති දෑස දිහා කෙලින්ම බලන අය ගල් රූප බවට පත් වෙනවා. මිථ්‍යා දේව කතා අදහන අය යක්ෂනියෙක් හැටියට ඉවත ලන කෙනෙක් විදියට ඇය හඳුන්වන්න පුලුවන්.ඇය ගැන තියෙන කතා බොහොමයි. ග්‍රීක් දේව කතාවල එන අමනුෂ්‍ය දෙමව්පියන්ගෙන් උපන්න සොහොයුරියන් තිදෙනෙක්ගෙන් ...
මිදි ඇඹුල්! Devduwa (thanks to Surin Jayawardana :) )මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක්. හැමෝම කැමති සුරංගනා කතාවලට. අවසානය හොඳින් නිමවෙන චිත්‍රපටිවලට. නවකතාවලට. ඒවායේ අවසානය කොහොම වුනත්, ඒවා ඇත්ත නෙමේ හින්දා හිත හදාගන්නත් අමාරු නෑනේ. මම හිතුවා මගේ කතාව මැද්දෙන් නතර කරලා වෙන පැත්තකට යමු කියලා. අනික් අයට දුක හිතෙන දේවල් කියලා එයාලගේ හිත රිද්දන්නේ මොකටද කියලත් හිතුණා.ටානියා මගේ ජීවිත කතාවේ ඔය කියන හරියෙදි ...