උපන් අකුලෙහිම සැඟ වී - මිය යා යුතු නැත ගොළු වී කසීර කරුණාසේන ජයලත් ගේ "යහළු යෙහෙළි" නවකතාවේ ප්‍රධාන චරිතය වූයේ වනිගසේකර මුදියන්සේලාගේ දෝන මුදිතලතා ය. එක්තරා රාත්‍රියක මුදිතලතාගේ වත්තේ මුරකරු විසින් අසල්වැසි ගෘහ මූලිකයා ව වෙඩි තබා මරා දැමෙන්නේ හොරෙන් පොල් කඩන්නට පැමිණියේ යැයි චෝදනා කරමිනි. යමක් කමක් ඇති පවුලක, සැපට සනීපයට වැඩුණ ද දහදිය කඳුළු තුළ දැවෙන ජීවිත මැනවින් හඳුනා ගත් මානව දයාවෙන් යුක්ත දැරියක වූ මුදිතලතා මේ මිනිස් ඝාතනයෙන් ...
දැල්පන්දුවේ කෙහෙවලු අන්දරය : හයිසින්ත්ගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ ඇයි ? කසීර 2019 වසරේ දැල්පන්දු ලෝක කුසලානය පසුගිය ජූලි මස 12 - 21 දක්වා එංගලන්තයේ ලිවර්පූල්හි දී පැවැත්විණ. 2018 වසරේ ආසියානු සූරියන් ලෙස තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම් 16 ක් අතරින් 15 වැනි තැන හිමි කරගත් අතර 16 වැනි ස්ථානය හිමි වූයේ සිංගප්පූරුවට ය. මූලික වටයේ පළමු අදිරේ දී ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තය වෙතින් පරාජයට පත් වූ ශ්‍රී ...
තිලකා ජිනදාස : දැල්පන්දු පල් වළෙහි සත් පියුම් පුබුදන්නී කසීර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු සූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමටත් ජාතික කණ්ඩායමේ පුහුණුකරු තිලකා ජිනදාසටත් අපගේ උණුසුම් සුභ පැතුම් පිරි නමන්නෙමු ; ලාංකේය දැල්පන්දුව අද පත්ව සිටින අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි යමෙක් වේ නම් ඒ තිලකා ජිනදාසම බව පැවසීමේ වරදක් නැත. 2009 ආසියානු සූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය වූ තිලකා ලාංකේය දැල්පන්දුවෙන් ඈත් කරවීමේ උත්සාහයක් තිබූ ...
ප්‍රංශ කලාගාරයක සිතුවමක් වූ අයිරාංගනී හෙවත් චණ්ඩි කසීර "රේඛාව" චිත්‍රපටය ගැන වරක පුවත්පතකට ලිපියක් ලිවීම පිණිස කළ කතා බහකදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය තමා අයිරාංගනී සේරසිංහගේ ආලේඛ්‍ය චිත්‍රයක් 1957 වසරේදී ප්‍රංශයේ කලාගාරයක දුටු බවත් එය සිතුවම් කර තිබුණේ අයිවන් පීරිස් නම් ලාංකීය චිත්‍ර ශිල්පියා බවත් පැවසුවාය. ඒ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙක් ගැන හෝ "රේඛාව" චිත්‍රපටය ගැන කිසිවක් නොදැන සිටි සුමිත්‍රා ගුණවර්ධන තරුණිය ඒ චිත්රයේ ...
දශක හතරකට පසු යළි හමු වූ 'ගැහැනු ළමයි' කසීර "රංජනීට උපන්දින උත්සවයක දී මාමා කෙනෙකුගෙන් බෝනික්කෙක් ලැබුණු දා මම තදින් හැඬුවෙමි. එකල මගේ වයස කීයදැයි කීමට මතක නැතත් මා පාසල් නොගිය කාලය බව නම් ස්ථිරව ම කිව හැකිය. ලොකු නංගී නිදා සිටි පැදුර මත වැතිරගත් මම හඬන්නට පටන් ගතිමි.මා හැඬුවේ රංජනී වෙත තිබුණු බෝනික්කා ගැන නොවේ. හෙට මට අම්මා ගෙනත් දෙතැයි සිතාගෙන සිටි-දැන් අහිමි වී තිබෙන-මගේ බෝනික්කා මතක් ...
සිබිල් නැන්දාට අනූවයි කසීර හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය. උළුවස්සට උස කොණ්ඩා විලාසිතාවකින් සැරසී රූ රැජණක් වන්නට හදන උසින් අඩු මිතුරිය ගැන ලියූ කුසුමලතා ඇය ය. කොණ්ඩය කැපූ මිතුරියන්ට මහත්තයා යැයි අමතන , ඇට මාල දැමූ මිතුරියන්ට කෝවිලේ සාමියැයි සිතා ගරු කරන විපරීත නැන්දම්මා කෙනෙක් සිටි අසරණ කුසුමලතා ඇය ය.වරෙක ඇය ...
උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ කසීර අගමැතිවරයා ප්‍රිය සම්භාෂණයක තම ඥාතී කලා ශිල්පිනියක සමග රංගනයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වලට කටගැස්මක් වී ඇත. යුරෝපීය ඇඳුමට බර රනිල් වික්‍රමසිංහ නොදන්නා රබන් ගසන්නට ගොසින් හත්පොළේ ගා ගත්තාට වඩා මේ නැටුම අවංක බව බොහෝ දෙනෙකුට අමතකය. අපට අවශ්‍ය වී ඇත්තේ ජාතික ඇඳුමෙන් සැරසී බිංතැන්නේත් , පැරිසියේත් කිරි කොරහා නටන ජාතික නායකයින් ය.උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා වූ ස්වාමීන්වහන්සේ ...
ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය ; මම සුගත් ට ප්‍රේම කරමි. කසීර ඕමාර් ඛයියාම් ගේ කවියක් වැරදි ලෙස ආදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා බවද පැවසුවේය. පසුකාලීනව තක්ෂිලාව පෙනෙන මායිමේ තානායම් පොළට වී බිඳුණු ප්‍රේමයක් වෙනුවෙන් හැඬූ අයුරු කා හටත් මතක ඇතැයි සිතමි. නුහුරු නුපුරුදු රහස එලෙස මධුවිතෙන් ...
නිම්නයක හුදෙකලා නොවන්නට : සිනමාවේ දේවධර්මය දැන සිටීම කසීර දසක දෙකකට පමණ ඉහත දී පෙරාත්මය පවසනවා යැයි මාධ්‍ය මගින් ප්‍රචලිත වූ දරුවෙක් මෝහනය කරනු ලදි. එහිදී ඔහු පැවසුවේ තමා ඉහත ආත්මයේ මරණාසන්නව සිටියදී ලංගම බස් රියකින් රෝහලට රැගෙන ගිය බවක් ය. එම දරුවා පැවසූ අතීත සිදුවීමට අදාල වර්ෂය සහ කාලවකවානුව වන විට ලංකාව තුළ "ලංගම" ස්ථාපනය කර නොතිබිණ. දරුවාගේ පෙර අත්මයේ කතාව ගොඩනැගෙන්නේ ද , එය මැවෙන්නේද ඔහු අද ...
සෙල්ලම් කළේ , ටී වී බැලුවේ නෑ - උසස්පෙළ එක වුණා කසීර මෙවර (2017) උසස්පෙළ කලා විෂය ධාරාවේ දිවයිනෙන් ප්‍රථමයා සමග සාකච්ඡා කළහොත් මෙවැනි පිළිතුරක් ලැබීමට ඉඩ ඇත. හුඟක් දවස් වලට රෑ එළි වෙනකං නිදි මැරුවා. විභාගේ ළං වුණාම තමයි ඒක අඩු කළේ. පාඩම් කරන්න ලැබෙන්නේ උදේ වරුවේ. මතක ඇති කාලෙක සෙල්ලම් කරලා නෑ. ටී වී එක බැලුවේ වෙලාවක් තිබ්බොත් විතරයි. ට්‍රිප් නම් ඉතිං අවුරුද්දකට පාරක් අපිව එක්ක යනවනේ. ඔය ටික ඇරුණාම ...
දුස්ටකමේ සවුන්දර්යය : හෙළි නොවූවා නම් කෙදිනෙක හෝ නොවැටෙන වංචාවේ කඳුළු කසීර ටොන්යා හාර්ඩින්ග් - 1994 | මේරියන් ජෝන්ස් - 2009 | එකැතිරිනී තනවු - 2011 | ලාන්ස් ආම්ස්ට්‍රෝන් - 2013 | ස්ටීව් ස්මිත් - 2018පමා වී ආ වසන්තේ : වංචාකාර ජයග්‍රාහකයා ලෝකයා හමුවේ කඳුළු සලන්නට තීරණය කරන තෙක්ම ඔබ පරාජය ඉවසා දරා සිටිය යුතුයපෝලීන් ඩේවිස් තොම්ප්සන් : වංචාකාරියට දෙවැනිව | සහාය දිවීමෙන් පළමුව | 2000 සිඩ්නි ඇය, 2000 සැප් 27 දා ...
According to Mathew : අනුරාගිනී කසීර ඔහු සිටියේ තහනම් ගහ අසලය. පසෙකින් සර්පයා ද මිහිරි ඵලය ද විය. නමුත් සර්පයා මා රැවටුවේයැයි නිදහසට කරුණු පවසන්නට මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් හට අවසරයක් නොවීය. 1984 පෙබරවාරි 15 වැනිදා ලබා දුන් නඩු තීන්දුවකට අනුව ඔහු ට මරණීය දණ්ඩනය නියම විය. ඒ තම භාර්යාවගේත් , අනියම් පෙම්වතියගේ ස්වාමි පුරුෂයාගේත් ජීවිත සැලසුම් සහගතව උදුරාගැනීමේ චෝදනාවට වැරදිකරු වෙමිනි. දේවගැති වරයෙකු වූ මැතිව් ...
ඩයන් ගෝමස් : පරාජයට අවජාතක වන්නට නොම දී දූපතකටම ජයග්‍රහණයේ පීතෘත්වය උරුම කිරීම කසීර 2008 බීජිං ඔලිම්පික් උළෙලේ බොක්සිං ෆ්ලයිවේට් බරපංතිය සඳහා සුදුසුකම් ලද අනුරුද්ධ රත්නායක වෙනුවෙන් එදා මෙදා තුර ඉතිහාසයේ පළමු ක්‍රීඩක කේන්ද්‍රීය පූර්ව ප්රචාරක සහ අභිප්‍රේරක මෙහෙයුම දියත් කළේ ඩයන් ගෝමස් ය. එම ප්‍රචාරණය කෙතරම් සාර්ථක වී ද යත් එවර ඔලිම්පික් උළෙලේ අනුරුද්ධ රත්නායකට කුමක් වේ ද යන්න බොහෝ දෙනාගේ සිත තුළ කුකුසක් ඇති කරන්නට සමත් විය.නමුත් අනපේක්ෂිත ලෙසින් අනුරුද්ධ රත්නායක පළමු ...
ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව කසීර "සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ය. එම පනතට විරෝධය පළ කරමින් ෆෙඩරල් පක්ෂ අනුගාමිකයින් ගාලු මුවදොර පිටියේදී සත්‍යග්‍රහයක් දියත් කළහ. අවසානයේ සිදු වූයේ සාමකාමී සත්‍යග්‍රහයට සිංහල දේශප්‍රේමීන්ගෙන් පහර එල්ල වීමය.1956 ජූනි 04 වැනිදා රාජ්‍ය භාෂා පනතේ විවාදය ඇරඹිණ. එහිදී විරුද්ධව අදහස් දැක්වූ කොල්වින් ...
තිත්ත කහට : තේ කෝප්පයේ දුක්බර කතාවයි කසීර අපි ලයනල් වෙන්ඩ්ට් වෙත ඇදෙන්නේ ජන කරළිය මගින් ඉදිරිපත් කරන "තිත්ත කහට" නාට්‍යය වේදිකාගත වන බව ඇසීමෙනි. අඩ අඳුරේ පුටු අත ගාමින් අසුන් ගන්නා විට පෙනෙන්නේ අවට සිටින කිහිප දෙනෙක් සමීපයේ කුඩා ඉන්දීය කොඩි ඇති බවය. පැමිණ සිටින්නේ වැරදි තැනකටදැයි සිතන පමාවට එබඳුම කුඩා කොඩියක් අප අතට ලැබුණු අතර එසැණින් රංග ශාලාව අඳුරේ ගිලිණ. අන්ධකාර වේදිකාවේ මගියන් පිරිසක් වූ අතර ...
පොලිසියට රට බාර දී පුරවැසියන් වෙළඳාම පිණිස සිංහලේ යාම කසීර මාතර රන් භාණ්ඩ අලෙවිසැලක් මංකොල්ල කෑමට උත්සාහ කිරීම වැළැක්වීමේ දී වෙඩි පහර ලද පොලිස් භටයෙක් ජීවිතක්ෂයට පත් විය. එහි දී අත් අඩංගුවට පත් චාමර ඉන්ද්‍රජිත් නම් සැකකරු අද පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යන්නේ මාතර කිරලකැළේ සඟවා තිබූ ආයුධ පෙන්වන්නට යාමේ දීය.ගංගා නිම්න ආශ්රිත ආයුධ පෙන්නීමට යාම සහ සඟවා ගැසූ බෝම්බ වලින් දමා ගැසීම වනාහි ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ චිත්‍රපට බඳු සිදුවීමකි. ඒ ...
ඕ .. ඕ .. කාන්තාබේන් - ජනතා විමුක්ති පෙරමුණ කසීර රටක නීතිය කාන්තාවන්ට සහ පුරුෂයින්ට වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට එරෙහි උත්සාහය බේබද්දියන් වැනි තැනකින් ලඝු කිරීමට හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිනියක් ගෙන තිබූ උත්සාහය විකාරසහගතය. ඇය තවදුරටත් පක්ෂ ක්‍රියාකාරිනියක නොවේ යන්න හෝ පක්ෂයේ කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ මතවාද පිළිබඳ අභ්‍යන්තර ස්ථාවරය පොදු ජනතාවට අදාල නොවේ. මන්ද යත් ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන පක්ෂයක් ලෙස අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව වඩාත් සාධනීය ...
වැඩිහිටි පාලනයකින් තොර හුදෙකලා යෞවන දූපත කසීර ශ්‍රීමත් විලියම් ගෝල්ඩිං විසින් රචිත Lord of the Flies කෘතියෙහි කියැවෙන්නේ යුධ සමයෙක පාලු දූපතකට කඩා වැටෙන බ්‍රිතාන්‍ය පාසල් සිසුන් කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් පිළිබඳ ය. අනතුරෙන් නියමුවා මිය ගියද සිසුන් සියල්ලම තම දිවි බේරාගන්නේ වැඩිහිටියෙක් තොර දූපතක හුදෙකලා වෙමිනි. ආරම්භයේ එකිනෙකා සහයෝගයෙන් වැඩ රාජකාරි බෙදා හදාගෙන තම පැවැත්ම සුරක්ෂිත කරගන්නා යොවුන් දරුවන් කල් ගතවත්ම නායකත්වයේ සහ පාලන බලයේ වියරුවෙන් ...
ජාත්‍යන්තරයේ කන්‍යා පටලය සිඳලූ සයිටම් විරෝධතාව කසීර 1987 දී රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් තඩි බෑ සේවා නියුක්ත නාවුක සෙබළා විජිත රෝහණ විජයමුණි ය. අද වන විට ඔහු රණවිරුවෙකු ලෙසත් දේශප්‍රේමියෙකු ලෙසත් හඳුන්වනු ලබන්නේ ආරාධිත රාජ්‍යතාන්ත්‍රිකයෙක් හට පහර දීම යනු විරෝධතාවයක ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය නිසාය. එවැනි සිදුවීමක දී ජාත්‍යන්තරය ඉදිරියේ රටේ කීර්ති නාමයට හානි සිදු නොවන්නේ විරෝධය පළ කිරීමේ පිළිගත් ක්‍රමවේදය පොල්ලකින් තඩි බෑම යැයි ජිනීවා සම්මුති වල ඇති ...
ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ කසීර වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය. ඒ සඳහා පුහුණු වෙමින් සිටි නැන්සි ගේ දණහිසට එල්ල වූ පොලු පහරත් සමග 1992 වසරේ ප්‍රංශ ශීත සෘතු ...