Untitled Post ~ආත්මය විනිවිදිමි~ ඉරට දොස් කියා කියාහිමිදිරියෙ ඇස් අරිනකැලෑ මල් බොල් හුළඟසමඟ උරණව නටනපොලව මත හිස ගසාවැළපි වැළපී ගලනමේ කඳුළු උදුරගෙනයමං මහවැලි හෙවන...පිළුණු මේකුළු අගින් වැටෙන විට මල් තුහිනතුරු සිරස් අඬන්නෙමපතා උණුසුම් කිරණගෝනි නුලක් අරන් පැලුණු හදවත මහනහන්තාන සැතපියන්නොදැක පෙම්බර සිහින....ලිලී මල් දෙක තුනක්අකාලේ පෙති හැලුනසුවඳ මත මදහසක් තබා මුනිවත රකිනකටු ඇනෙන හීතලේහිතට පිහියෙන් අනිනඉතින් මිය යා යුතුයප්රේමයේ සිහිවටන.......-සමූ- ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ දෙදරාන ගිය කැණිමඬල යට ටිකින් ටික මිය ඇදුනු හීනේ හඬ හඬා හිත හොවා ගැඹුරට ලැබුනු රිදවුම් පෙනෙන මානේ අතීතෙට ඩිංගක් දුරින් නුඹ නමින් පීදුනු කුසුම් යායේ අදින් මතුවට ප්‍රේමයේ සත් පියුම් නොපිපෙනු ඇතිය ආයේ.... බෝ මළුව යට දිවි පුදන්නට හිතින් පතනා මලක් ගානේ දකිමි හඳුනමි සදාකාලික මල් නොපිපි වග මෙතෙක් ලෝකේ ලිහා තබමින බැඳීමක බර බැඳුනු දම්වැල් දවමි සෑයේ දරා ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ දිළෙන නිවීයන දහසක් තරු මැදසදා නොමැකෙන තරු එළියපෙරදාක දුටු මුහුන අදනම්එදාටත් වැඩි පිංබරයදහසකුත් පෙම්වතුන්ට වැඩියෙන්හිත නුඹේ ඔය පෙම්බරයතාත්තේ නුඹෙ සෙවන ළඟ මංතාම හුරතල් ලොකු දුවයදහස් කඳුලැල් ගලා යද්දීනුඹේ සවියෙන් දිවි දිනුවප්රේමයට පදරුත් තිබේ නම්හැඳිනගත්තෙමි එහි නුඹවඅරමුණක් නැති ගෙවෙන දිවියේනුඹම විය පෙම්බර තනුවදරා කිරුළක් මතු දිනේ මගෙලොවේ සක්විති රජ වනුව..... -සමූ- ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ හීන කැටිවුණු නෙත් අගශේෂවී ගිය ප්රේමයපෙළින් පෙළ පද ගැලපුනජීවිතේ කවියක් විය...සුසුම් හුරු නැති හදවතදියෙන් කඳුළින් සේදුවඅකුරු එක දෙක ගිලිහුණආදරේ කවියක්මද???වරෙක බඹරුන් මත්කළනෙළුම් මල් සතු වත්කමදේවදුණු මත රැඳුනු පැහැ නොවලොවක් කැළඹූ සුවඳය...බඹර තුඩගින් රිද්දුනචන්ඩ සුළඟට නොසැලුනඉරිතලා ගිය හිතක් තිබුණත්නෙළුම් මල් සුවඳයි තව.........සම්මානි ආවර්ජනා දිසානායක.. ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ නුබත් මාත් අන්ත දෙකකට ඇද දැමූ දෛවයටම දොස් පවරනවා හැර කුමක් නම් කරමිද??_______________________________________________________________________කඩා අන්දර පොකුරු පා කෙරූ ගංදියේමින් පැටවු අල්ලාන දඟ කෙරූ සංදියේඑදා සෙවනැලි තවම හංගාන ගංදියේඅතීතය ගිලිහුණා කල් වැඩිද නංගියේලුහුබඳින්නට හීන් නොමැති වූ කාලයේවරා මල් උඩු හුලඟෙ පා කෙරූ තාලයේඑක අත්තෙ පිපුණු මල් කොහෙද නටු හැර ගියේගං දෑල තාම අප හොයනවා නංගියේඑදා සුළඟමය තව සිරස සිඹ හමනුයේතවම අප වගේ ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ ප්‍රේමය හමුවේ අසධාරනයට ලක් වූ දහසකුත් එකක් ලඳුන් වෙනුවෙන් ලියා තබමි.එදා කුවේණිය.. අද???හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ......____________________________________________ලක්දිවට නුඹ නොආ යුගයක යෙහෙන් මා මෙහි වැජඹුනායක්ෂ පරපුර වුවද මේ බිම උන්ගෙ රැජිනව හිනැහුනානුඹෙ නමට පෙම් බැන්ද දා සිට නොදැන වුව මට වැරදුනාමගේ හිමිකම දරාගෙන නුඹ මගේ දේශයෙ රජවුනාදෙවුලියක වන් කුමරියක ළඟ නුඹට මා අමතක වුනාවාසලින් නික්මියයුතුයි රජ අණසකට මා ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ අම්මා... ඒ ඕනෑම කෙනෙක්ගෙ ජීවිතයේ උත්තරීතර චරිතය...ඔබේ මව, මගේ මව, එය සෑම මවකටම පොදුයි.. මගේ ජීවිතයේ ඇය මගේ අසහාය චරිතය.මගේ ජීවිතය සම්බන්ධයෙන් ඇය හීන දෙකක් දකිනව..එකක් මා සරසවි වරම් ලබනව දැකීම.එය මා දැනටමත් සැබෑවක් කොට හමාරයි.ඇගේ අනෙක් සිහිනය මා අතින් අතිශය අර්ථවත් කවි නිර්මාණයක් බිහි වෙනවා දැකීම..එය මේ වන තුරු හැබෑ කරන්නට මට ඉඩක් ලැබී නෑ.නමුත් යම් තාක් දුරකට මගේ ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ අභිනික්මන් කළ සිදුහත් දැක දැක වැළපෙමි........... පුරා වැහි අහස දෙදරා අකුණු කොටන හැටිගොම්මං කළුවර සිත ලඟඉකිලනවා නිතිහොරු ඇවිදින් සඳ අහසින්රැගෙන ගියා වැනිලොවක් එලිය කළ යුග නෙතුවෙනතක හැරවුනි.......දළදා මළුවේ තාමත් නෙළුම් සුවඳ රැඳිපා සටහන් නුඹේ මගේවැලපෙනවා ඇතිපින් බිම මත කළ පින් වත්පිහිට නොවූ හැටිහද ඇඳි රුව බොඳව ගියාදළදා හිමියනි........ඉසුරුමුණි යුවල තාමත් සිනා සලනු ඇතිනෙලූ ගල් කුළින් වුව පෙමගලා හැලෙන හැටිඅමරණීය ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ නිදිවරාන රෑ පුරාම අකුරු ඇහින්දටහිත තිබුණේ නුඹෙ උණුහුම ලඟ නිදියන්නටනෙත පියවී කඳුළු පිරී වෙහෙස දැනෙනවිටනුඹ විඳිනා දුක සිහිවී ඉකිගැහුනා මටවෙහෙස දැනෙන නුඹේ ගතට ගිමන් නිවන්නටනුඹෙ දහඩිය ලේ කිරිවල ණය පියවන්නටරැජිනියනේ නුඹේ හිසට කිරුළු අරන් හෙටනුඹ බලන්න ඉගිලී මං එන්නම් හනිකට..... -පොඩ්ඩී- ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ සඳටත් එපිටින් ගගනත සරනා දිලෙන නිවෙන තරුවක ඇරයුම්හීනි නෙත් සරින් ඉවත හෙලන්නෙමි යලිත් එපා මට රුවැති උවම්කඳුළු වැළපෙනා අඳුරු රාත්‍රිය තබා ලමැද තනිකමම දරම්සඳක් දකින්නට වරම් පතන්නෙමි, අහස් ගවුව නෙත සිඹින තරම් ~ සමූ~ ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ සිනා පිරුනු මුව මඬලේ හිත නැවතුනු හින්දාමට නොදැනිම ඔබේ නෙතට පෙම් කළාද මන්දාඔබ දකින්න මගෙ දෙනුවන් පෙරුම් පුරන හින්දාමගෙ අදරෙ මහ මෙරටත් වැඩි වුනාද මන්දාආයෙත් මට පෙම් කරන්න කියාදුන්නු හින්දාමගෙ සිනහව මගේ ලඟට ගෙනත් ඩුන්නු හින්දාකවදාවත් දාල යන්න මට බැරි වෙන හින්දාමගෙ ආදරෙ මහමෙරටත් වැඩි වුනාද මන්දා... ~ පොඩ්ඩී~ ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ සරසවි සිසු විරෝධතාවයට පසු වදනක්......_______________________________හාත්පස වසා දුම් රොටු නැගෙනකොටගලනා රතු කඳුළු දුටුවෙමි නෙත් අගටමතු පරපුරක උරුමය ගෙන අත් දෙකටතව දිරි ලැබීයන් කෑමොර දෙන නුඹටයදමින් බැඳි විලංගුව දෙක සිඳෙනකොටඑක පිට එක සටන් කවි පද බැඳෙනකොටනුඹ වන් පුතුන් ලේ කඳුලැල් හලනකොටපුදසුන මතට වී මියැදිය හැකිද මටදිවිමග දූලි රළු බොරලුත් හුරු අපටසවි බිඳලිය හැකිද රළු ජල පහරකටබැස නුඹෙ පා පහස ලද මේ මහ ...
Untitled Post ~ආත්මය විනිවිදිමි~ ඉස්සරෝම ආව ගමන් කවියක් දැම්මට ලියන්නේ කවුද කිසිම විස්තරයක් මං ඔයාලට කිවුවෙ නෑ.ඉතින් දැන් ඒ ටික කියන්නම්.මං මොරටුව කැම්පස් එකේ තොරතුරැ තාක්ෂණ පීඨයේ දෙවනි වසර සිසුවියක්.නම ඕන නෑ.කලින් පෝස්ට් එකේ වැරදීමකින් නම එලියට ආවනේ.සමූ කියල කියන්නම්.මේ යාලුවො කියන නම.ඉතින් දිගටම ඒ නමින්ම ලියන්න හිතුවා.දැනට මගෙ කවියක් කියවලා යන්න.ලඟදීම අපේ කැම්පස් එකේම තවත් මිතුරියක් මේකට සම්බන්ධ වෙයි.ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔයාල ...
පන ගැහෙන පන්හිඳට මුවා වී ජීවිතය විනිවිද දකින්නට.......... ~ආත්මය විනිවිදිමි~ දවා තුන් හිතම ඉඟි කර බලනකොටයවා බැඳ තිබූ යදමුත් වීසිකොටදිවූ සිත ගිහින් නුඹෙ සිත් අහස යට මුලා වූ වගක් තව නෑ සිතී මට හොවා මිණි ඔටුනු නැති වුව නුඹෙ හිසට හවා උදේ දුටු සක්විති නුඹයි මට යවා දුර කිරුළ පැලඳුව පෙම නමට දවා හිතම යන්නට හිතුනද නුඹට ලැබූ විවරනය දළදා මළුව යට තිබූ තැන හිතේ අද ඉඩ නැතිද මට යවා ...