ජපානයේ තේ බොන හැටි - 2 පාදඩ අසපුව ජපානයේ විවිධ ක්‍රමවලට හදන විවිධ තේ වර්ග ගණනාවක් තියෙනවා. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ ර්.යොකුචා කියල හැඳින්වෙන කොළ තේ (Green Tea). කොළ තේ හදන්න පාවිච්චි වෙන්නෙත් ලංකාවෙ තියෙන තේ ගහම තමයි. නමුත් ඒව සකසන ආකාරය වෙනස්.ජපන් බසින් පොදුවේ "තේ" වලට කියන්නෙ "ඕචා" නැත්තං "නිහොංචා". ඒත් සමහර වෙලාවට ඕචා කිව්වොත් අදහස් කරන්නෙ කොළ තේ. ජපානයේ පාවිච්චි වෙන සියළු තේ අතරින් 90% ක් ...
ඇෆ්රිකානර් වරුන් ගේ ඉතිහාසය - 1 (ලන්දේසි කේප් ජනපදය) පාදඩ අසපුව ඇෆ්රිකානර් වරු නමින් හැඳින්වෙන්නේ දකුණු අප්‍රිකාවේ වාසය කරන ජන වර්ගයක්. මොවුන් දකුණු අප්‍රිකාවේ පදිංචි වුනු මුල්ම යුරෝපීයන් වුනු ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත එන පිරිසක්. වර්තමානයේදී දකුණු අප්‍රිකාවේ ඇෆ්රිකානර් වරු මිලියන 2.7 ක් සහ අසල්වැසි නමීබියාවෙ 100,000 ක් පමණ ජීවත් වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්තමාන සුදු ජාතික ජනගහණයෙන් 60% පමණ ඇෆ්රිකානර් වරු. ඇෆ්රිකානර් වරු මූලික වශයෙන් පැවත එන්නේ ලන්දේසි ජාතිකයන් ගෙන්. ඊට ...
පෙරහැර සහ වැස්ස පාදඩ අසපුව මේක පෙරහැර කාලෙට නුවරට වහිනවා කියල තියෙන ජනප්රවාදයේ ගැන කරපු දත්ත විශ්ලේෂනයක්.ජනප්‍රවාදය : "පෙරහැර කාලෙට නුවරට වහිනවා"මේක තරමක් අපහැදිලි ප්‍රකාශයක් නෙ. ඒ නිසා මේ දත්ත විශ්ලේෂනයේ අරමුණ වෙන්නෙ කෙලින්ම මේ ජනප්‍රවාදය තහවුරු කිරීම හෝ බිඳ හෙලීම නෙවෙයි. ජනප්‍රවාදය ආශ්‍රිතව තියෙන දත්ත ඇසුරෙන් වර්ෂාපතන රටාවක් හදන්න පුළුවන් ද කියල බලන එක.පාවිච්චි කළ දත්ත :1971 ඉඳල 2001 වෙනකං අනිවත්තේ "කිංස් පැවිලියන්" හෝටලය ...
දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය (මුල් යුගය) පාදඩ අසපුව 1960 දශකයේ අග භාගය වෙනකොට උතුරේ දේශපාලන බලය සම්පූර්නයෙන්ම වාගේ හිමිවුනේ චෙල්වනායගම් ගේ "ඉලංකෙයි තමිල් අරසු කච්චි" (ලංකා දෙමළ රාජ්‍යය පක්ෂය) ට. ඊට අමතරව ජී.ජී. පොන්නම්බලම් ගේ සමස්ත ලංකා දෙමළ කොංග්රසයත් තරමක් බලයක් අත් කරගෙන හිටියා.නමුත් දෙමළ තරුණයන් මේ සාම්ප්‍රදායික පක්ෂ වල ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් වුනේ නෑ. ඔවුන් දෙමළ ඊළාම දිනා ගැනීමට නම් ඊට වඩා "දැනෙන" ක්‍රියාමාර්ග අවශ්‍යය බව ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 61 (පොත් දෙකකින් ඉගෙනගත් මිනිසා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)පොත් දෙකකින් ඉගෙනගත් මිනිසා එකෝමත් එක කාලෙක තරුණයෙක් පිටරට අධ්‍යාපනය හදාරලා නිම කරලා අඩ්ඩු අතොළුවේ තමාගෙ ගෙදර බලා ආපහු ආවා. ඔහුගේ නම "රැකිෆුතු". ඔහු බොහොම කඩවසම්. හොඳ පවුලකින් පැවත එන කෙනෙක්. දැන් ඔහුට කුරානය, අරාබි භාෂාව සහ විවිධ විද්‍යා ශාස්ත්‍ර වල හොඳ දැණුමකුත් තියෙනවා. ඔහුගේ දෙමාපියන් ඔහු ගැන ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 58 (සුදු පාට තැටිය) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සුදු පාට තැටියඑකෝමත් එක කාලෙක ලොකු පවුලක් ඒ ගොල්ලන් ගෙදර වාසය කළා. ඒ පවුලේ තරුණ ගෑණු ළමයෙක් හිටියා. ඇගේ නම "සන්ෆා". සන්ෆා හැමදාම හවසට අඬනවා. අඳුර වැටෙනවත් එක්කම සන්ෆා එක්කෝ ලාම්පුව ළඟ ඉඳගෙන, නැත්තම් ඇඳේ හාන්සි වෙලා කිසිම හේතුවක් නැතුව අඬනවා. මේ ගෑණු ළමයට කිසිම රෝගාබාධයක් තිබුනෙ නෑ. ඒ ...
ජල විදුලි බලාගාර පාදඩ අසපුව ජල විදුලිය කියන්නේ ලෝකයේ විදුලිය උත්පාදනය කරන්න භාවිතා කරපු පැරණිම ක්‍රමයක්. ඒ වගේම තාක්ෂනික, ආර්ථික සහ පාරිසරික පැත්තෙන් බැලුවම ජල විදුලිය තමයි විදුලිය උත්පාදනයට සුදුසුම ක්‍රමය. ඒක ඉතාම ලාබදායික, සාපේක්ෂව පරිසර දූෂනය අඩු සහ තාක්ෂනික වශයෙන් ඉතාමත් නම්‍යශීලී ශක්ති ප්‍රභවයක්.2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 17% ක් සිදු කෙරුනේ ජල විදුලියෙන්. ලංකාවේ හොඳින් වැසි ලැබෙන අවුරුද්දක ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% ක ...
කූඹියෝ අවසානය පාදඩ අසපුව කූඹියෝ ඉවර වෙන්නෙ මෙහෙමයි දැන් උඹල හිතුවෙ අද තමයි ටහිකෙන ප්ලොට් ට්ව්ස්ට් එක තිබ්බෙ කියලනෙ. නෑ බොලව් කතාවක ටහිකෙන ප්ලොට් ට්විස්ට් එක තියෙන්නෙ අන්තිමට. තව එපි තුනක් තියනවා.අන්තිම එකේ තියෙන්නෙ මේ වගේ දෙයක්.එක්සත් කම්කරු පක්ෂෙ මල්දෙණිය සර් ගෙ පක්ෂෙත් එක්ක එකතු වෙලා ඡන්දෙන් දිනනවා. මල්දෙණිය සර් අගමැති වෙනවා. එතකොට ජෙහානයා උගේ අර නසරානි හිනාව දානවා.එතකොට කතාවේ අතීතාවර්ජනයක් යනවා. ඒ මීට ...
දිවෙහි රාජ්ජේ ජනකතා 43 - යාහුම්බරාහ පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) යාහුම්බරාහ(සත්‍ය කතාවකි)1940 ගණන් වල මාලදිවයිනේ වෙළඳ නැවක් තිබ්බා. ඒකෙ නම "යාහුම්බරාහ". අඩ්ඩු අතොළුවේ හදපු මේ නැව තමයි මාලදිවයින් ඉතිහාසයේම තිබුන ලොකුම සහ හොඳම නැව වුනේ. මේ නැව අඩ්ඩු අතොළුවේ අභිමානයේ සලකුණ වුනා. වෙන කිසිම අතොළුවක ඊට ළඟින් වත් යන නැවක් තිබුනේ නෑ. යාහුම්බරාහ හැම අවුරුද්දෙම මාලදිවයිනේ දකුණු කෙළවරේ ...
මාලදිවයිනේ පරිපාලනමය බෙදීම් පාදඩ අසපුව ඕනෑම රටක් වගේ මාලදිවයිනත් තමාගේ රට පරිපාලනමය පහසුව සඳහා කොටස් වලට බෙදල තියෙනවා.ප්රාන්තමූලික පරිපාලන ඒකකය වෙන්නෙ ප්‍රාන්ත (province). මාලදිවයින ප්‍රාන්ත හතකට බෙදල තියෙනවා. මේ ප්‍රාන්ත පදනම් වෙලා තියෙන්නෙ මාලදිවයිනේ ඓතිහාසික ප්‍රාන්ත බෙදීම් මත.ඓතිහාසික ප්‍රාන්ත නම්1. උතුරු බොදුතිලදුන්මති2. දෙකුණු බොදුතිලදුන්මති3. උතුරු මෙදු රාජ්ජේ4. මෙදු රාජ්ජේ5. දෙකුණු මෙදු රාජ්ජේ6. උතුරු සුවාදින්මති7. දෙකුණු සුවාදින්මතිවර්තමාන ප්‍රාන්ත නම්1. ඉහළ උතුරු ප්‍රාන්තය (Upper North Province)2. උතුරු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 55 (කුල්ලවා ෆලු රාණි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)කුල්ලවා ෆලු රාණි (කිරල කැලේ රැජිණ)එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ උතුරු කොනේ අතොළුවක තිබුන විශාල දූපතක දුප්පත් තරුණ යුවලක් වාසය කළා. මේ දූපතේ භූමිය වගුරු සහිත එකක්. දූපතෙන් බාගයක් විතර වහගෙන විශාල කිරල කැලයක් මේ වගුරු සහිත බිමේ සරුවට වැවිලා තිබුනා. වගුරු බිමේ මැසි මදුරුවන් යහමින් වාසය කළ නිසා ...
නිරාගමික තුමා සහ සොහොන පාදඩ අසපුව උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.ඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව ...
කොංගෝ අර්බුධය (1960-65) - 2 පාදඩ අසපුව කොංගෝ ජනරජය1960 ජූනි 30 වෙනිදා කොංගෝවට නිල වශයෙන් නිදහස ලැබෙනවා. මේ සඳහා බෙල්ජියම් රජතුමා වන බෝඩුයින් රජු ලියෝපෝල්ඩ්විල් නගරයට එනවා.නිදහස් දින උත්සවයේදී බෝඩුයින් රජු ඔහුගේ කථාවේදී කොංගෝවට නිදහස ලැබීම ලියෝපෝල්ඩ් රජු විසින් කොංගෝව ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමේ අවසානය විදිහටත්, ඉදිරියටත් කොංගෝව බෙල්ජියමේ අධාර පතනු ඇති බවට විශ්වාස කරන බවටත් කියනවා.කොංගෝවට ඉමහත් විනාශයක් අත් කර දුන්න ලියෝපෝල්ඩ් රජුගේ පාලනය "ශිෂ්ඨ සම්පන්න ...
Big Cats පාදඩ අසපුව Big Cats කියල හඳුන්වන්නේ බිළාල කුලයට අයත්, ප්‍රමානයෙන් විශාල සතුන් කීප දෙනෙක් ව. මේ අර්ථ දැක්වීමට අහුවෙන සතුන් කවුද කියන එක විවිධ අවස්ථා වලදී වෙනස් වෙනවා. නමුත් බොහෝ විට මේ අර්ථ දැක්වීමට අහුවෙන්නෙ මේ සත්තු හත් දෙනා.1. සිංහයා2. ව්‍යාඝ්‍රයා3. කොටියා4. ජගුවර්5. හිම කොටියා6. චීටා7. කූගර්බිළාල කුලයේ සත්තු තමයි වර්තමාන ලෝකයේ ජීවත් වෙන විලෝපිකයන් ගෙන් ඉහළම ස්ථානයේ ඉන්නේ. දඩයම සඳහා වඩාත්ම ...
රමදාන් පාදඩ අසපුව රමදාන් කියන්නේ ඉස්ලාමීය කැලැන්ඩරයේ නව වැනි මාසය. මෙය අරාබි බසින් නිවැරදිව උච්චාරනය කරන්නේ "රමදාන්" කියලා. සමහර අවස්ථා වලදී ඒක "රමසාන්" කියලත් යෙදෙනවා.රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන්ට ඉතාමත් වැදගත් මාසයක්. ඒ නබි තුමාට දේව පණිවුඩය ලැබුනේ රමදාන් මාසයේදී වීම නිසා. මේ නිසා රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන් ගත කරන්නේ ආගමට කැප වෙමින්."රමදාන්" කියන අරාබි වචනයේ තේරුම "ගිනිගෙන දැවෙන උණුසුම" යන්නයි. ඒ රමදාන් මාසයේදී ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 62 (තල්මහ පිටේ යන මිනිහා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තල්මහ පිටේ යන මිනිහාදිවෙහි රාජ්ජේ වැසියෝ කියන විදිහට මහ මුහුද මැද ජීවත් වෙන මිනිහෙක් ඉන්නවා. ඔහුට රටක් හෝ ගෙදරක් නෑ. මේ මනුස්සයා බොහොම දීර්ඝ කාලයක් තිස්සේ තල්මහෙක් ගෙ පිටේ නැගල මුහුදේ එහෙ මෙහෙ සංචාරය කරමින් ඉන්නවා.තල්මහයි මේ මනුස්සයයි බොහොම හොඳ යාළුවෝ. ඔවුන් කවදාවත් වෙන් වෙන්නෙ නෑ. මුහුද සැර ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 56 (ඇටකටු වැඩිපුර තිබුන මාළුවා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ඇටකටු වැඩිපුර තිබුන මාළුවාබොහෝම ඉස්සර කාලෙ දවසක මාළු දෙන්නෙක් මුණ ගැහුනා. එකෙක් "බේංගු" මාළුවෙක්. අනිකා "ෆිලෝමදි" මාළුවෙක්.මාළු දෙන්නගෙම ඇඟේ පොඩි කටු රාශියක් තිබුනා. ඒ නිසා දිවෙහි රාජ්ජෙ වැසියො මේ මාළු දෙන්නව අල්ලන්න ඒ තරම් ප්‍රිය කලේ නෑ. මේ මාළු කෑමට ගත්තේ වෙනත් කෑම වර්ග නොතිබුන අවස්ථා වල පමණයි.මාළු දෙන්නා ...
ජපන්නු බොන හැටි පාදඩ අසපුව ජපන් සංස්කෘතියේ මත්පැන් පානය කරන එක අපේ සංස්කෘතියෙ මත්පැන් පානය කරන විදිහෙන් පොඩ්ඩක් වෙනස්. අපේ බොන පාටියක බොහෝ විට මේන් අයිටම් එක බොන එක වුනාට, ජපානයේ බොන පාටියක බොන එක එක අංගයක් පමණයි.උදාහරණයකට බොහෝ විට රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට ගියොත් (ඩිනර් අවුට් එකක්), ඒ එක්ක මත්පැන් පානය අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ඒක අපේ "සෙට් වීමකට" වඩා වෙනස්. එතැන මුල් තැන ලැබෙන්නෙ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 66 (මුරණ්ඩු කොකා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මුරණ්ඩු කොකා එකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක මාකන (අළු කොකෙක්) වාසය කළා. ඌ දවසක් කොරල් පරය උඩින් පියාසර කරගෙන ගියා. එදා හොඳ පැහැදිලි දවසක්. හොඳට ඉර එළිය වැටිල තිබුනා. මුහුද බොහොම නිසලයි. ඒ නිසා මුහුද ඇතුල හොඳට පෙනුනා. කොරල් පරය ඉවර වෙලා ගැඹුරු මුහුද පටන් ගන්න මායිමේ ...
කූඹියෝ සහ ආප්ප පාදඩ අසපුව කූඹියෝ මාර හිට් එකක් වුනේ ඇයි?උත්තර දෙකක් තියෙනවා.එක, කූඹියෝ කලාත්මක අතින් සෑහෙන ඉදිරියෙන් තියෙන නිසා.දෙක, කූඹියෝ කියන්නෙ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන් ගෙ ආත්මීය ප්‍රකාශය නිසා.කූඹියෝ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන් ගෙ ආත්මීය ප්‍රකාශය වෙන්නෙ ඇයි? ලංකාවෙ තියෙන්නෙ පාදඩ ධනවාදයක්. ඔව්, ඕනම ධනවාදයක් නිසඟයෙන්ම පාදඩයි තමා. හැබැයි ලංකාවෙ එක ඒ අතරෙනුත් විශේෂයෙන් පාදඩයි. ලංකාවෙ ධනවාදය එහෙම්පිටින්ම විකෘතියක්. 77 ...