මාලදිවයිනේ අතොළු - 7 (ඉහළ දකුණු ප්‍රාන්තය) පාදඩ අසපුව ඉහළ දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.1. හුවදූ අතොළු උතුරුබුරි2. හුවදූ අතොළු දෙකුණුබුරිහුවදූ අතොළු උතුරුබුරි නිල නාමය : හුවදූ අතොළු උතුරුබුරිකේතය : ගාෆු අලිෆ්ප්රාන්තය : ඉහළ දකුණුඅයත්වන සොබාවික අතොළු : හුවදූජනගහණය : 8,334දූපත් : 82ප්‍රධාන දූපත : විලිංගිලිපදිංචිකරුවන් සහිත දූපත් : 11(දාන්දූ, දෙව්වදූ, දියදූ, ගෙමනෆුෂි, හදහා, කන්ඩුහුළුදූ, කොලමාෆුෂි, කොන්ඩේ, මාමෙන්දූ, නිලන්දූ, විලිංගිලි)පදිංචි කරුවන් රහිත දූපත් : 71අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ...
දන්තුරේ හටන පාදඩ අසපුව දන්තුරේ කියන්නේ කොළඹ - නුවර පාරේ ඇති පිළිමතලාව නගරයට කිලෝමීටර් 3 ක් පමණ නුදුරින් ඇති කුඩා ගමක්. අද මේ ගම කිසිම විශේෂත්වයක් ඇති තැනක් නෙවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන තවත් එක කුඩා ගමක් විතරයි - දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ යම්කිසි ප්‍රසිද්ධියක් හැරුණු විට.ඒත් දන්තුරේ කියන්නෙ පින් බිමක්. සිංහල බෞද්ධ රාජ්‍යය සදහටම විනාශ වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි, සිංහල බෞද්ධ රාජ්‍යය ...
ජපන්නු කන හැටි - නූඩ්ල්ස් පාදඩ අසපුව නූඩ්ල්ස් කියන්නෙ ජපානයේ වැඩිපුරම ආහාරයට ගැනෙන කෑම.ජපානයේ නූඩ්ල්ස් කන්නෙ බොහෝ විට නූඩ්ල්ස් සුප් විදිහට. ඒ වගේම ජපානයේ නූඩ්ල්ස් කන ක්‍රම දෙකක් තියෙනවා. ඒ උණුසුම්වට සහ සීතලට.නූඩ්ල්ස් මුලින්ම බිහි වෙන්නෙ චීනයේ. ඒ පළවෙනි සියවසේදී. බෞද්ධ භික්ෂුවක් විසින් චීනයේ ඉඳල ජපානයට මුලින්ම නූඩ්ල්ස් ගේන්නෙ 9 වෙනි සියවසේ දී.මුල්ම නූඩ්ල්ස් හැදුවේ තිරිඟු පිටි යොදාගෙන. පසුව වෙනත් අමුද්‍රව්‍යය වලින් හදන නූඩ්ල්ස් ක්‍රමයෙන් ජනප්‍රිය වුනා.නූඩ්ල්ස් ...
මාලදිවයිනේ අතොළු - 1 (ඉහළ උතුරු ප්‍රාන්තය) පාදඩ අසපුව ඉහළ උතුරු ප්‍රාන්තය අතොළු තුනකින් සමන්විතයි.1. තිලදුන්මති උතුරුබුරි2. තිලදුන්මති දෙකුණුබුරි3. මිලදුන්මදුලු උතුරුබුරිතිලදුන්මති උතුරුබුරිනිල නාමය : තිලදුන්මති උතුරුබුරිකේතය : හා අලිෆ්ප්රාන්තය : ඉහළ උතුරුඅයත්වන සොබාවික අතොළු : ඉහවන්දිප්පොලු, තිලදුන්මතිජනගහණය : 12,939දූපත් : 43ප්‍රධාන දූපත : දිද්දූපදිංචිකරුවන් සහිත දූපත් : 14(බාරා, දිද්දූ, ෆිලදූ, හොආරාෆුෂි, ඉහවන්දූ, කෙලා, මාරන්දූ, මුලාදූ, මුරියාදූ, තකන්දූ, තුරාකුණු, උලිගමු, උතීමු, වෂෆාරු)පදිංචි කරුවන් රහිත දූපත් : 29මාලදිවයිනේ උතුරින්ම පිහිටි අතොළුව. ...
අතොළු පාදඩ අසපුව මාලදිවයිනේ දූපත් තියෙන්නෙ පොකුරු විදිහට. මේ දූපත් පොකුරක් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "අතොළු" කියල. පොදුවේ කොරල් දූපත් පොකුරු හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුම වන "ඇටොල්" (atoll) හැදිල තියෙන්නෙ ඒකෙන්.අතොළු හැදෙන හැටිඅතොළුවක් හැදෙන්නෙ පියවර පහකින්.1. මුහුදෙන් ඉහලට මතුවුන ගිනිකඳු දූපතක් (volcanic island) තමයි අතොළුවක ආරම්භක පියවර.2. ගිනිකඳු දූපත වටේට කොරල් පරයක් හැදෙන්න ගන්නවා. ඒ අතර ගිනිකඳු දූපත හෙමින් ගිලා බහිනවා.3. දූපත ගිලා බහිද්දි කොරල් ...
එක්සත් සුවදීව් ජනරජය පාදඩ අසපුව පසුබිම මාලදිවයින සමන්විත වෙන්නෙ අතොළු කියල හැඳින්වෙන දූපත් පොකුරු 26 කින්. මේවා උතුරේ ඉඳන් දකුණට විසිරිලා තියෙනවා. දකුණේම පිහිටි අතොළු තුන වෙන්නේ හුවදු, ෆුවාමුලාකු සහ අඩ්ඩු.මේ දකුණෙන්ම පිහිටි අතොළු තුන භූගෝලීය වශයෙන් අනෙක් අතොළු වලින් වෙන් වෙලා තියෙන්නෙ. දකුණු දිග අතොළු තුන සහ උතුරු දිග අතොළු අතර තරමක් විශාල ඕඩයක් තියෙනවා. මේක හැඳින්වෙන්නේ "සුවදීව් ඕඩය" කියලා. සුවදිව් කියන්නෙ අතීතයේ ...
මාලදිවයිනේ අතොළු - 8 (දකුණු ප්‍රාන්තය) පාදඩ අසපුව දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.1. ෆුවාමුලා2. අඩ්ඩුෆුවාමුලා නිල නාමය : ෆුවාමුලාකේතය : ඥවියානිප්රාන්තය : දකුණුඅයත්වන සොබාවික අතොළු : ෆුවාමුලාජනගහණය : 7,984දූපත් : 1ප්‍රධාන දූපත : ෆුවාමුලා තනි දූපතකින් සමන්විත අතොළුවක්. තනි දූපතකින් සමන්විත එකම අතොළුව වෙන්නේත් ෆුවාමුලා අතොළුව.ෆුවාමුලා දූපත අතීතයේදී දකුණු කෙළවරින් මුහුදට විවර වී තිබුන අතර, දූපත මැද කලපුවක් ව පැවතුනා. නමුත් පසුව විවරය කොරල් පර වලින් වැසී ...
ජපන්නු කන හැටි - බත් පාදඩ අසපුව සහල් අපි කෑමට ගන්න සියළුම සහල් වර්ග අයිති වෙන්නෙ පැලෑටි විශේෂ දෙකකට. එකක් අප්‍රිකානු සහල් (African Rice) හෙවත් "Oryza glaberrima". අනෙක ආසියානු සහල් (Asian Rice) හෙවත් "Oryza sativa".ආසියානු සහල් මුලින්ම වගා කරන්න යොදා ගන්නෙ ක්‍රි.පූ. 8000 - 13500 අතර කාලයේ දකුණු චීනයේ "මුතු ගංගා" (Pearl River) නිම්නයේ. පසුව මේක ආසියාව පුරාම පැතිරිලා තියෙනවා.ආසියානු සහල් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙද්දි උප විශේෂ ...
ගල් අඟුරු බලාගාර පාදඩ අසපුව ගල් අඟුරු කියන්නේ අද ලෝකයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිතා වන ඉන්ධනයක්. 2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 39% ක් සිදු කෙරුනේ ගල් අඟුරු යොදාගෙන. වර්තමානයේ ලංකාවෙත් ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% පමණ සිදු කෙරෙන්නේ ගල් අඟුරු භාවිතයෙන්.මේ ලිපියෙන් කියන්න යන්නේ ගල් අඟුරු බලාගාරයක විදුලිය උත්පාදනය සිදුවෙන ආකාරය.ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් ලැබෙන තාපයෙන් වතුර රත් කරලා, වාෂ්ප ...
බටහිර චින්තනය පාදඩ අසපුව චින්තනය මානව ශිෂ්ඨාචාරයේ සමහර අවස්ථා වලදී මිනිස් සමූහයන් විසින් ගොඩ නංවන පදනම් සංකල්ප ගොනුවක් චින්තනයක් කියල සරළව හඳුන්වන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් ගොඩනැංවෙන්න මේ වගේ මොකක් හරි චින්තනයක් වටා. සංස්කෘතිය ගහක් නං චින්තනය ඒකෙ අරටුව කියල හඳුන්වන්න පුළුවන්. හැබැයි එක චින්තනයක් මත පදනම් වෙලා සංස්කෘතීන් ගණනාවක් බිහි වෙන්න පුළුවන්.චින්තනයකට උදාහරණයක් වශයෙන් කොන්ෆියුසියානු චින්තනයත්, ඒ වටා ගොඩ නැංවුනු සංස්කෘතියක් වශයෙන් චීන සංස්කෘතියත් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 71 (හව්වා දීදී) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හව්වා දීදී(සත්‍ය කතාවකි)එකෝමත් එක කාලෙක ෆුවා මුලාකු දූපතේ බොහෝම ලස්සන තරුණියක් වාසය කළා. ඇගේ නම "හව්වා දීදී". ඇය විවාහ වෙලා ඇගේ තරුණ සැමියත් එක්ක ඉතාම සතුටින් වාසය කළා. ඇයට පොඩි පුතෙක් හිටියා. හව්වා දීදී ඉතාම දක්ෂ සකසුරුවම් ඇති ගෘහණියක්. මේ නිසාම ඇගේ ගෙදර කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ. ඇගේ සැමියා ඇයට ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 1 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)පළවෙනි කතාව විදිහට තෝර ගත්තෙ දිවෙහි රාජ්ජෙ බෞද්ධ මූලයන් පෙන්නුම් කරන කතාවක්. මේ කතාවේ අනිත්‍යය සොබාවය සහ ධනය රැස් කිරීමේ නිසරු බව ගැන කියවෙනවා.මාකන කලෝ (කොක් කොලුවා)එකෝමත් එක කාලෙක "මාකන" (අළු කොකෙක්) මුහුදු වෙරළ කිට්ටුවෙන් පියාඹගෙන ගිහින් වැල්ල තෙමෙන හරියෙ වැහුවා. ඌ වැල්ලේ වසුරු පිඩක් හෙලලා යන්න ගියා. ආපහු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 68 (රන්නමාරි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)රන්නමාරි පසුබිම: ක්‍රි.ව. 1100 දී පමණ තමයි මාල දිවයින ඉතිහාසයේ මුල් වරට එක්සේසත් ජාතික රාජ්‍යයක් වෙන්නෙ. ඊට කලින් තිබ්බෙ සමීප සබඳකම් තිබ්බ, නමුත් දේශපාලනිකව ස්වාධීන දූපත් එකතු ගණනාවක්.මාලදිවයිනේ මේ වෙද්දි වාසය කළ ප්‍රධාන ජනවර්ගය වුනේ දිවෙහි. ඔවුන් තමයි අදටත් මාලදිවයිනේ ප්‍රධාන ජනවර්ගය. දිවෙහි ජනයා ගේ මූලය ලංකාව. ඔවුන් ...
ජපානයේ තේ බොන හැටි - 3 පාදඩ අසපුව ජපානයේ විවිධ තේ වර්ග ගණනාවක් තියෙනවා. කලින් ලිපියෙන් කියැවුනේ බහුලව හාවිතා වන තේ වර්ග ගැන විතරයි. මේ ලිපියෙන් කියන්න යන්නෙ එතරම් බහුලව භාවිතා නොවන අනෙකුත් තේ වර්ග ගැන.ජපානයේ භාවිතා වන සියළු තේ වර්ග ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්1. කොළ තේ (Green Tea)2. බැදපු තේ (Roasted Tea)3. කළු තේ (Black Tea)4. "තේ නොවන තේ"1. කොළ තේ (Green Tea) කොළ තේ හදන ...
කනමරා මත්සුරි - ජපන් ශිෂ්නෝත්සවය පාදඩ අසපුව "කනමරා මත්සුරි" කියන්නෙ ජපානයේ කවසාකි නගරයේ පැවැත්වෙන උත්සවයක්. මේ උත්සවය පැවැත්වෙන්නේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ පළවෙනි ඉරිදා දවසේ. උත්සවයේ තේමාව වෙන්නෙ ශිෂ්ණයන්.මේ උත්සවයේ ඡායාරූප අපි හැමෝම දැකල තියෙනවා. වීදි දිගේ ඇදගෙන යන යෝධ ශිෂ්ණයන්, ශිෂ්ණයන් ගේ හැඩය ගත්ත අයිස් පලම් අතින් ගත්ත ගෑණු ළමයි, ලී ශිෂ්ණයන් උඩ නැගපු කාන්තාවන් මේ උත්සවයේ දකින්න පුළුවන් දසුන්. බොහෝ විට මේ උත්සවය විස්තර කෙරෙන්නෙ ...
සෙන් කතා - 3 පාදඩ අසපුව බිමින් තැබීමතරුණ සෙන් භික්ෂුන් වහන්සේලා දෙනමක්, තන්සන් සහ එකිදෝ, වන්දනා ගමනක් යමින් හිටියා. කලින් දවසෙ වට වැස්සකින් පාරවල් මඩ වෙලා තිබුනේ. පාරේ හතරමං හන්දියක දි ඔවුන් දැක්කා තරුණියක් පාර පනින්න බලාගෙන ඉන්නවා. ඇය ඉතාම ලස්සනයි. ඇය ඇඳල හිටියේ ඉතාම වටිනා සිල්ක් කිමෝනාවක්. පාරේ මඩ කිමෝනාවේ ගෑවෙයි කියන බය නිසා ඇය පාර පනින්න පැකිලෙමින් හිටියා.තන්සන් ඇයව ඔසවාගෙන පාරෙ එහා පැත්තට ගෙනිච්චා. ...
ජපානයේ බුදු දහම පාදඩ අසපුව ජපානයේ බෞද්ධ ජනගණයජපානයේ බෞද්ධයන් ඒ රටේ මුළු ජනගහණයෙන් 35% පමණ වෙනවා. මේ 35% හැදිල තියෙන්නෙ බුද්ධාගම සමඟ ෂින්ටෝ ආගමත් අදහන අය 25% ක් සහ බුද්ධාගම පමණක් අදහන අය 10% වශයෙන්.බෞද්ධයන් කිව්වම මේ අයගේ ඇදහීමේ ප්‍රමානය විවිධයි. ඉතාමත් භක්තිමත් බෞද්ධයන් ගෙ ඉඳල හුදෙක් සංස්කෘතිකව පමණක් බෞද්ධ වෙන අය දක්වා මේක වෙනස් වෙනවා. ඒ වගේම සමහර බෞද්ධ වතාවත් කරන අය, තමාව ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 14 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හන්ඩි දොන් කමනා (දොන් කමනා)බොහොම ඉස්සර කාෂිදූ දූපතේ හිටියා "දොන් අහමදු" කියලා බොහොම හැඩකාර තරුණයෙක්. මේ තරුණයා ජීවිකාව විදිහට කරේ වඩු කර්මාන්තය. දොන් අහමදු ට නෑයෝ කවුරුවත් හිටියෙ නෑ. ඔහු තමාගෙ කුඩා ගෙදර තනියම ජීවත් වුනා. ගෙදර පැත්තකම තමයි ඔහුගේ වඩු මඩුව පිහිටලා තිබ්බෙත්.දොන් අහමදු බොහොම මහන්සියෙන් වැඩ කරපු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 2 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)පළවෙනි පොල්ගස්පොල් ගහ කියන්නෙ පුදුම ගහක්. පොල් ගහෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම දිවෙහි රාජ්ජෙ ඇත්තන්ට. කෑම, බීම, සෙවන, ගෘහ උපකරණ, බෝට්ටු හදන්න ලී, ඉන්ධන, බෙහෙත්, සෙල්ලම් බඩු, නලා, පෙට්ටි, භාජන, තෙල්, කෙසු, ලණු - මේ දිවෙහි රාජ්ජෙ ඇත්තො පොල් ගහෙන් ගන්න ප්‍රයෝජන කීපයක්.ගොඩාක් ඉස්සර මාලදිවයිනට මුලින්ම ආපු පදිංචිකාරයන්ට ...
යටත් නොවෙමි! පාදඩ අසපුව 1922 දී දකුණු ජපානයේ කුඩා නගරයක් වුන කමෙකවා නගරයේ වාසය කළ පැරණි සමුරායි පෙළපතකින් පැවත ආ පවුලක පිරිමි දරුවෙක් උපත ලැබුවා. ඔහුට දෙමාපියන් තිබ්බ නම "හිරො ඔනොදා". ඔහුගේ සුරතල් නාමය වුනේ "හිරූ".හිරූ ගේ පියා දෙවෙනි ලෝක යුධ සමයේදී ජපන් හමුදාවට බඳවා ගනු ලැබුවා. හිරූ ට වයස 18 සම්පූර්න වුන වහාම ඔහුත් තම සොයුරා අනුගමනය කරමින් ජපන් හමුදාවේ පාබල සෙබළෙක් වශයෙන් ...