Jack the Ripper - 2 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ...
Jack the Ripper - 1 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ...
දිව්‍යමය සුළං පාදඩ අසපුව ජපන් භාෂාවෙන් "කමිකසෙ" කියන්නෙ "දිව්‍යමය සුළං" කියන එක. 1274 සහ 1281 දි මොංගෝලියානු අධිරාජ්‍යය දෙපාරක් ජපානය ආක්රමනය කරනවා. නමුත් මේ අක්‍රමන දෙකම අසාර්ථක වෙනවා. ඒකට ප්‍රධාන හේතුව හදිසියේ ඇති වන කුණාටුවකින් මොංගෝලියානු නැව් විනාශ වීම. දෙපාරක් ම මේ සිද්ධිය සිදු වුන නිසා ජපන්නු මේක දේවාත්ම වල (කමි) මැදිහත් වීමෙන් වුන දෙයක් කියල විශ්වාස කලා. මේ කුණාටු දෙක "දිව්‍යමය සුළං" හෙවත් ...
කොටියා, ව්‍යාඝ්‍රයා සහ දිවියා පාදඩ අසපුව මේ පින්තූර දෙකේ ඉන්නෙ අපි කවුරුත් හොඳට දන්න සත්තු දෙන්නෙක්. පළවෙනි පින්තූරෙ ඉන්න සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Tiger". විද්‍යාත්මක නාමය "Panthera tigris". මේ සතා ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් කීපයක් ජීවත් වුනත් ලංකාවෙ කැලෑවල නෑ.දෙවෙනි පින්තූරෙ ඉන්න සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Leopard". විද්‍යාත්මක නාමය "Panthera pardus". මේ සතා අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක ජීවත් වෙනවා, ලංකාවත් ඇතුළුව. මේ සත්තු දෙන්නට සිංහලෙන් කියන්නෙ මොනවද? ...
ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 5 (ඔමොතෙනෂි) පාදඩ අසපුව ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.පස්වෙනි වචනය : ඔමොතෙනෂිඔමොතෙනෂි කියන එක සරළව "ආගන්තුක සත්කාර" කියල පරිවර්තනය කරන්න පුළුවන්. ඒක අතීතයේදී යෙදුනේ අමුතෙක් වෙනුවෙන් කරන ආගන්තුක සත්කාර සඳහා.නමුත් ඔමොතෙනෂි ...
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 2 පාදඩ අසපුව මිං රාජ වංශයකුබ්ලායි ඛාන් ප්‍රධාන මොංගෝලියානුවන් 1271 දි චීනයේ බලය අල්ලගෙන යුආන් රාජවංශය පිහිටුවනවා. ඔවුන් අවුරුදු 100 ක් පමණ චීනය පාලනය කරනවා.1351 දි "හොංජිං ක්වී" (රතු ජටා කරුවෝ) නමින් හැඳින්වුන කැරලිකාරී සංවිධානයක් යුආන් රජවරුන්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ලට "බයිලින් ජියාඕ" (සුදු නෙළුම) නමින් හැඳින්වුන රහසිගත බෞද්ධ දේශපාලනික සංවිධානයක සහය ලැබෙනවා. මේ කැරැල්ල ඉතා වේගයෙන් චීනය පුරා පැතිරෙනවා.1352 දි ...
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 1 (පසුබිම) පාදඩ අසපුව යාපනයේ දේශපාලන ඉතිහාසය1215 දි කාලිංග ජාතික මාඝ කුමාරයා ලංකාව ආක්රමනය කරල පොළොන්නරුව සහ අනුරාධපුරය විනාශ කලාට පස්සෙ, සිංහල රජවරු දඹදෙණියට පසු බැහැල එතන අගනුවර පිහිටුවා ගන්නවා. ඒ 1220 දි තුන්වෙනි විජයබාහු රජතුමා යටතේ.කාලිංග මාඝ තමාගේ අගනුවර ලෙස තෝර ගන්නෙ යාපනය. ඔහු යාපනයේ ඉඳන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය කරනවා.1255 දි වර්තමාන මැලේසියාවේ තිබුණ රාජධාණියක් වන "තාම්රලිංග" රටේ රජතුමා වන "චන් ද්‍රභානු" ...
ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම පාදඩ අසපුව 1413 දි ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා වෙන්නෙ අෂිකගා යොෂිමෝචි (ෂෝගුන් කියන්නෙ බලවත් සමුරායි වරයෙක්).යොෂිමෝචි බුද්ධාගමේ හොඳ අනුග්‍රාහකයෙක්. විශේෂයෙන්ම ඔහු සෙන් බුදු දහමට දැඩි කැමැත්තක් දැක්වුවා.සෙන් සම්ප්රදායේ සංකල්පයක් තියෙනවා "කෝඅන්" කියල. කෝඅන් කියන්නෙ දාර්ශනික ප්‍රශ්න. උදාහරනයකට "තනි අතින් අත්පුඩි ගහද්දි සද්දෙ මොකද්ද?". එහෙම නැත්තං "කවුරුත් නැති කැලේක ගහක් කඩාගෙන වැටුනොත් ඒකෙන් සද්දයක් එයිද?"බටහිර සාහිත්‍යයේ සම්ප්රදායක් තියෙනවා "විශිෂ්ඨ සම්ප්‍රප්පලාප (brilliant nonsense)" ...
බූවල්ලෝ සහ මුතු කිමිදෙන්නිය පාදඩ අසපුව 19 වෙනි ශතවර්ෂයේ (ඒ කියන්නෙ එක්දාස් අටසිය ගණන් වල) ජපානයේ චිත්රකලා සම්ප්රදායක් තිබ්බ "ෂුන්ගා" කියලා. ෂුන්ගා කියන ජපන් වචනයේ තේරුම "වසන්තයේ සිතුවම්". ජපන් සාහිත්‍යයේ වසන්තය කියන්නෙ ලිංගිකත්වයට යොදන ව්‍යංගාර්ථයක්. ෂුන්ගා සම්ප්රදායේ චිත්‍ර වලට පාදක වුනේ ලිංගිකත්වය. සරළව කිව්වොත් ගෑණු මිනිස්සු ලිංගික ක්‍රියා කරන හැටි. සාමාන්‍යයෙන් ජපන් චිත්‍ර වලට වස්තු බීජ වෙන්නෙ සොබාදහම, කඳු, පන්සල්, බෞද්ධ දර්ශනය වගේ ටිකක් බර සාර ...
ජපානයේ මැතිවරණ ක්‍රමය පාදඩ අසපුව ජපානයේ මැතිවරණ ක්‍රමය ඉතාම සාධාරන වගේම ඉතාම තාර්කික ක්‍රමයක්. අපේ මැතිවරණ ක්‍රමය හැඩ ගස්වා ගැනීමේදී අධ්‍යයනය කරන්න වටින ක්‍රමයක් එහෙ තියෙන්නෙ.පාර්ලිමේන්තුවනිල සංකේතය ජපානයේ පාර්ලිමේතුව හැඳින්වෙන්නෙ "කොක්කයි" (National Diet) කියල. ඒක කොටස් දෙකකින් සමන්විතයි.1. කවුන්සිලය (House of Councillors)2. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives)ජපන් පාර්ලිමේන්තුව එරට ඉහළම රාජ්‍යය බලය සතු ආයතනය වන අතර, රටේ නීති සම්පාදනය සඳහා බලය ඇති එකම ආයතනය ...
කොරියාව දෙකඩ වීම - 4 (1953 සිට අද දක්වා) පාදඩ අසපුව කොරියානු යුද්ධයෙන් මිය ගිය ගණනයුද්ධයෙන් මිය ගිය ගණන හරියටම ගනන් බැලීම ඉතාමත් අපහසු කටයුත්තක්. නමුත්, විවිධ පරීක්ෂන වලින් පසු අද ලෝකයේ වැඩියෙන්ම පිළිගැනෙන දත්ත මේවා.උතුරු කොරියාව :හමුදා මරණ : 400,000සිවිල් වැසියන් මරණ : 1,200,000දකුණු කොරියාවහමුදා මරණ : 217,000සිවිල් වැසියන් මරණ : 1,000,000චීනයහමුදා මරණ : 600,000ඇමරිකාවහමුදා මරණ : 37,000වෙනත්හමුදා මරණ : 3,500යුද්ධයේදී මිය යන සිවිල් වැසියන් ගණන ඉතා විශාලයි. ඒකට හේතු ...
Untitled Post පාදඩ අසපුව කොරියාව දෙකඩ වීම - 3 (කොරියානු යුද්ධය)කොරියාවේ බල තුලනයකොරියානු අර්ධද්වීපයේ බල තුලනය හදිසියේම වෙනස් වෙන සිද්ධියක් 1949 ඔක්තෝබර් මාසෙදි. ඒ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ බලය අල්ලා ගැනීමෙන්. චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ බලය වෙනුවෙන් කළ යුද්ධයේදී කොරියානු කොමියුනිස්ට් වරුන් ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ දුම්.රිය, ආයුධ සහ සෙබළු සැපයීමෙන්. මේ නිසා කොමියුනිස්ට් චීනය උතුරු කොරියාවේ කිට්ටු මිතුරෙක් වෙනවා.ජෙජු ...
කොරියාව දෙකඩ වීම - 2 (උතුරු කොරියාව සහ දකුණු කොරියාව බිහි වීම) පාදඩ අසපුව බෙදීම් උත්සන්න වීම1947 අග භාගය වෙද්දි කොරියාව දරුනු දේශපාලන අවුලක පැටලිලා ඉන්නෙ.උතුරේ සෝවියට් දේශය එක්සත් කොරියාවකට සහය පළ කරන අතරම, ජාතිකවාදීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් ක්‍රමයෙන් මහජන කමිටු වල වැදගත් තනතුරු වලට කොමියුනිස්ට් වාදීන් ඇතුල් කිරීමෙන් ක්‍රමයෙන් කොමියුනිස්ට් වාදීන් ගේ බලය වැඩි කර ගන්නවා.දකුණේ තත්වය ඊට වඩා ප්‍රචන්ඩයි. කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් දක්ෂිනාංශිකයන් සහ ඔවුන් ගේ ඇමරිකානු මිතුරන් එක්ක ...
කොරියාව දෙකඩ වීම - 1 (පසුබිම) පාදඩ අසපුව ජපන් පාලන සමයකොරියාවේ වර්තමාන ඉතිහාසය පටන් ගන්නෙ 1910 දි. ඒ ජපන් අධිරාජ්‍යය විසින් කොරියාව යටත් කර ගැනීමෙන්.ජපානයේ පාලනය ඉතාමත් කෲර එකක්. නමුත් ඔවුන් කොරියාව නවීකරනය කරනවා. විශේෂයෙන්ම ප්‍රවාහන පද්ධතිය. හැබැයි ඒ කොරියන් කාරයන්ට ආදරේට නෙවෙයි - සොබාවික සම්පත් ජපානයට අරගෙන යන එක පහසු කරන්න.1937 දි ජපන්-චීන යුද්ධය පටන් ගැනීමත් එක්ක ජපන් පාලනය තවත් දරුණු වෙනවා. කොරියානු සංස්කෘතිය සම්පූර්නයෙන්ම විනාශ කිරීමේ ...
.විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 3 පාදඩ අසපුව මේ ලිපියෙන් කතා කරන්නෙ විදුලි ලාම්පු වලින් විහිදෙන ආලෝකයේ වර්ණය ගැන.අපි දන්නවා ආලෝකය හැදිල තියෙන්නෙ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසකින් කියල.සූර්යයා ගෙන් ලැබෙන ස්වාභාවික ආලෝකයේ මේ සම්පූර්ණ වර්ණාවලියම අඩංගු වෙනවා. ඒ නිසා ඒ ආලෝකය අපිට පේන්නෙ සුදු පාටට. ඒ වගේම ඒ ආලෝකය යටතේ සියළුම වස්තූන් ගේ ස්වාභාවික වර්ණය ඒ ආකාරයෙන්ම කිසිම විකෘති වීමකින් තොරව අපිට පේනවා.නමුත් විදුලි ලාම්පු වලින් ලැබෙන ආලෝකයේ ...
විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 2 පාදඩ අසපුව මුලින්ම අපි බලමු ආලෝකය මනින ඒකක කීපයක් ගැන.අපි දන්නවා අපි විදුලි බලය මනින්නේ "වොට් (W)" ඒකකයෙන්. අපි ගන්න විදුලි ලාම්පු වොට් 20, වොට් 60, වොට් 100 ආදී වශයෙන් සටහන් කරල තියෙනවනෙ. ඒකෙන් කියැවෙන්නේ ඒ ලාම්පුව පාවිච්චි කරද්දි කොයිතරම් විදුලි බලයක් වැය වෙනවද කියල. ඒ කියන්නෙ වොට් 60 ක ලාම්පුවක් වොට් 20 ක ලාම්පුවකට වඩා විදුලි බලය පාවිච්චි කරනව.හැබැයි වොට් වලින් ...
ජපානයේ බුදු දහම පාදඩ අසපුව ජපානයේ බෞද්ධ ජනගණයජපානයේ බෞද්ධයන් ඒ රටේ මුළු ජනගහණයෙන් 35% පමණ වෙනවා. මේ 35% හැදිල තියෙන්නෙ බුද්ධාගම සමඟ ෂින්ටෝ ආගමත් අදහන අය 25% ක් සහ බුද්ධාගම පමණක් අදහන අය 10% වශයෙන්.බෞද්ධයන් කිව්වම මේ අයගේ ඇදහීමේ ප්‍රමානය විවිධයි. ඉතාමත් භක්තිමත් බෞද්ධයන් ගෙ ඉඳල හුදෙක් සංස්කෘතිකව පමණක් බෞද්ධ වෙන අය දක්වා මේක වෙනස් වෙනවා. ඒ වගේම සමහර බෞද්ධ වතාවත් කරන අය, තමාව ...
ජපානයේ ආගම් පාදඩ අසපුව ජපානයේ ආගම් කියන්නෙ ටිකක් සංකීර්න මාතෘකාවක්. සමහර වෙලාවට ජපන්නු අපි තරම් ආගමික නෑ. ඒත් සමහර වෙලාවට අපිට වඩා ඉතාමත් ආගමිකයි. තමන් නිරාගමිකයි කියල ජපනෙක් පහුවෙනිද පන්සලක ඉන්නව දකින්න පුළුවන්. කොටින්ම ආගම කියන සංකල්පය ජපන් සමාජයේ භාවිතා වෙන්නෙ වෙනස්ම විදිහකට. මුලින්ම බලමු ජපානයේ තියෙන ආගම් මොනවද කියල. ජපානයේ ප්‍රධාන ආගම් තුනක් තියෙනවා. 1. ෂින්ටෝ 2. බෞද්ධ 3. ක්‍රිස්තියානි ෂින්ටෝ "ෂින්ටෝ" ...
කොන්ස්තන්තීනු හටන පාදඩ අසපුව පසුබිමපරංගි මහ හටනෙන් පස්සෙ 1603 දි අසවේදෝ බලනෙ ඉඳල කොළඹට පසු බසිනවා. නමුත් මේ ජයග්‍රහනයේ වාසිය ගන්න උඩරැටියන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. 1604 දි විමලධර්මසූරිය රජතුමා මිය යනවා. ඊට පස්සෙ රජ වෙන්නෙ ඔහුගේ සොහොයුරු සෙනරත්. සෙනරත් රජතුමා යුද්ධයේ දක්ෂයෙක් නෙවෙයි. ඒ නිසා උඩරට රාජ්‍යයේ ඉරණම ඉතාමත් අවදානම් මට්ටමකට පත් වෙනවා. ඇත්තෙන්ම මේ වෙලාවෙ පෘතුගීසි ආක්රමනයකින් උඩරට ගැලෙවෙන්න එකම හේතුව වුනේ පෙරදිග ...
පරංගි මහ හටන පාදඩ අසපුව ලංකා ඉතිහාසයේ හිටපු අග්‍රගණ්‍ය යුධ ශිල්පියා පළවෙනි විමලධර්මසූරිය රජතුමා. මේක ටිකක් විවාදාත්මක කතාවක් වෙන්න පුළුවන්. නමුත් අඩු ගානෙ බටහිර යටත් විජිතවාදීන් ගේ ආගමනයෙන් පස්සෙ ලංකාවෙ හිටපු අංක එකේ යුධ ශිල්පියා ඔහු බව අවිවාදාත්මකයි.බටහිර යටත් විජිතවාදීන් ගේ (පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි) පැත්තෙන් බැලුවොත් අංක එකේ යුධ ශිල්පියා වුනේ කපිතන්-ජනරාල් දොන් ජෙරොනිමෝ ද අසවේදෝ.වාසනාවට හෝ කරුමෙකට මේ දෙන්න සමකාලීනයෝ. 1594 අසවේදෝ ලංකාවේ ...