ජාතිකවාදී අපේක්ෂකයෙක්ට ජය ගත හැකිද පාදඩ අසපුව ලංකාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව ජන වර්ග අනුව බෙදපු දත්ත කොහෙවත් නෑ. ඒ නිසා උපකල්පනයක් කරනවා ඒ අනුපාතයන් ලංකාවේ සමස්ත ජනවාර්ගික අනුපාත වලට සමානයි කියල.ලංකාවෙ ජනවාර්ගික අනුපාතයන් තියෙන්නෙ මේ වගේඅපි හිතමු දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකක් වත් ජාතිකවාදී අපේක්ෂකයට වැටෙන්නෙ නෑ කියල.සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් සාම්ප්‍රදායිකව වැටෙන්නෙ යූඑන්පියට. නමුත් මෑත කාලීනව මේ තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. අපි හිතමු සිංහල ක්‍රිස්තියානි ඡන්ද ...
දිවෙහි රාජ්ජේ ජනකතා 38 - (හොල්ලවයි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හොල්ලවයි(සත්‍ය කතාවකි. 17 වෙනි සියවසේ අග භාගයේ සිදුවූ සිද්ධියක්.) බොහොම ඉස්සර කාලෙ දවසක ඉරුවායි කාලයේදී (ඊශාන දිග මෝසම් කාලය) ෆුවා මුලාකු දූපතේ ඉඳල හබල් දෙළහක දෝනියක් (ලොකු බෝට්ටුවක්) වෙළඳාමට හුවදූ අතොළුව බලා පිටත් වුනා. මේ දෝනියේ පිරිමි දාහතර දෙනෙක් සහ කාන්තාවන් දෙන්නෙක් හිටියා. අවාසනාවකට දෝනිය කුණාටුවකට අහුවුනා. දවස් පහක් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 37 (මීයො දෙන්නෙක් පන්නපු පූසා ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මීයො දෙන්නෙක් පන්නපු පූසා එකෝමත් එක දවසක හොඳටම බඩගිනි හැදිච්ච පූසෙක් පොල් රුප්පාවක් අස්සෙන් ඇවිදිමින් හිටියා. එකපාරටම ඌ දැක්කා මීයෙක් පොල් ගහකින් බිමට බහින හැටි. පූසා ඉවසිල්ලෙන් බලාගෙන හිටියා මීයා බිමටම බැහැල පොල් ගහෙන් ටිකක් ඈත් වෙනතුරු. ඊට පස්සේ මීයා පස්සෙ පන්නන්න පටන් ගත්තා.පූසා දැක්කෙ නෑ එතැන පඳුරක් අස්සේ ...
නොහිතන කතා පාදඩ අසපුව අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය.මේ ඒ වගේ නොහිතන කතා.1. ධර්මිෂ්ට එළාර රජතුමාසාමාන්යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම සඳහන් වෙන්නෙ නෑ. ඔහු නීතිය අකුරට ක්‍රියාත්මක කළ රජ කෙනෙක් බව නම් සඳහන්.2. මාලදිවයින ලංකාවේ යටත් විජිතයක් ...
පාදඩ කතා - 3 (මල් කතා) පාදඩ අසපුව (පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)පාදඩයා කූඹියො බලපු හැටි කියවල තියෙනව නෙ. මේත් ඒ වගේ මල් කතා ටිකක්.එකඑක පාරක් පාදඩයා කැම්පස් ඉද්දි පාටියකට යන්න සෙට් වුනා. පාටිය හතට විතර පටන් ගන්න නිසා පාදඩයයි තව එවුන් දෙන්නෙකුයි හයට විතර මල් පූජා කරල පේවුනා.ඊට පස්සෙ අපි ලෑස්ති වෙන්න ...
දිවෙහි රාජ්ජේ ජනකතා -36 (වේරෙහුලි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)වේරෙහුලි (කුඹලා)එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක බොහොම උගත්, බුද්ධිමත් ඒ වගේම විනීත ගති පැවතුම් ඇති මනුස්සයෙක් ජීවත් වුනා. ඔහුට බිරින්දෑ වරු හය දෙනෙක් හිටියා.එක දවසක් ඔහු පළවෙනි බිරිඳ ගේ ගෙදරට ගියා. ඇය ඔහුත් එක්ක බොහෝ වෙලා කතා කරමින් හිටියා. ඇය ඔහුට අළුත් ආරංචි, ඕපාදූප ගොඩක් කිව්වත්, ඔහු කාල ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 35 (වැලි මඩුවා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)වැලි මඩුවාදූපතේ අනික් ගෑණුන්ට ළමයි ගොඩක් හිටියත්, සම්පා මැණිකෙට හිටියෙ එකම එක පුතයි. ඒ අලී මනිකු.එක දවසක් වෙනත් දූපතක ඉඳලා ෆන්ඩිත කෙනෙක් (යකැදුරෙක්) ඔවුන් ගේ දූපතට ආවා. සම්පා මැණිකේ ඔහුගෙන් ඉල්ලා හිටියා අලී මනිකු ගේ අත බලල සාස්තරයක් කියන්න කියලා. අලී මනිකු ගේ අතේ රේඛා දිහා බොහෝ වෙලාවක් බලාගෙන ...
රෝනින් වරු 47 දෙනා පාදඩ අසපුව සමුරායි සහ රෝනින්සමුරායි වරු කියන්නේ අතීත ජපානයේ හිටපු සමාජ - ආර්ථික පන්තියක්. ඔවුන් තමයි ජපන් සමාජයේ ඉහළම ස්ථරය වුනේ. ජපානයේ ඉඩම් හිමි පන්තිය වුනේ සමුරායි වරු. ජපානයේ ප්‍රාන්ත පාලනය වුනේ බලවත් සමුරායි වරයෙක් යටතේ. මේ ප්‍රාදේශීය පාලකයෝ හැඳින්වුනේ "දයිමියෝ" නමින්. දයිමියෝ වරු අතරින් වඩාත්ම බලවත් දයිමියෝ වරයා මුළු ජපානයේම පාලනය ගෙනගියා. ඔහු හැඳින්වුනේ "ෂෝගුන්" නමින්. නිල වශයෙන් ෂෝගුන් අධිරාජ්‍යයා වෙනුවෙන් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 34 (ඔඩිතාන් කලේගේ සහ ඔහුගේ බිරිඳ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ඔඩිතාන් කලේගේ සහ ඔහුගේ බිරිඳඑකෝමත් එක කාලෙක මාලදිවයිනේ දකුණු දිග අතොළුවක් වුන හද්දුන්මති අතොළුවේ දූපතක ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක් (යැකැදුරෙක්) වාසය කලා. ඔහුගේ නම "ඔඩිතාන් කලේගේ". ඔහු ජීවත් වුනේ ඔහුගේ බිරිඳ, "දෝගි අයීහා කාංලේගේ" එක්ක. අයීහා තරුණයි. ලස්සනයි. ඒ වගේම ඇයත් ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක්.ඔඩිතාන් කලේගේ කරුණාවන්ත මනුස්සයෙක්. ඔහු ...
පාදඩ කතා - 2 (ආදර කතා) පාදඩ අසපුව (පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)අටපාදඩයා විදේශගතව හිටපු කාලෙ වෙච්ච සිද්ධියක්.පාදඩයට සහ උගේ යාළුවෙක්ට එක පාරක් ඒ රටේම රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවියක් ගෙ ෆෝන් නම්බර් එකක් ලැබුනා. ඉතිං අපිත් කම්මැලි වෙලාවට කෝල් කරල පොඩි ෆන් එකක් ගන්නව (කෝල් විතරයි ඈ, එයා හිටියෙ අපි හිටපු තැනට ...
පාදඩ කතා - 1 (ආදර කතා) පාදඩ අසපුව එක අපි ඒලෙවල් පන්තියෙ ඉද්දි අපේ යාළුවෙක්ට අවුරුදු 40 ක විතර ගෑණු පරානයක් සෙට් වෙලා හිටිය. හොඳට ඇහැට කනට පේන ඉස්තිරියාවක්. අපි ඉතිං ඒ කාලෙ කෙල්ලෙක් ගුඩ් මෝනිං කිව්වත් කලිසමේ හුජ්ජ යන මට්ටමේ එවුන් නිසා ඇන්ටි කෝස් එකක් කරපු ඌ ජාතික වීරයෙක් වශයෙන් තමයි සැලකුනේ. එක දවසක් මූ මේ කාන්තාවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල. හැබැයි ඌ දන්නෙ නැතුව අපේ ...
බටහිර චින්තනය පාදඩ අසපුව චින්තනය මානව ශිෂ්ඨාචාරයේ සමහර අවස්ථා වලදී මිනිස් සමූහයන් විසින් ගොඩ නංවන පදනම් සංකල්ප ගොනුවක් චින්තනයක් කියල සරළව හඳුන්වන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් ගොඩනැංවෙන්න මේ වගේ මොකක් හරි චින්තනයක් වටා. සංස්කෘතිය ගහක් නං චින්තනය ඒකෙ අරටුව කියල හඳුන්වන්න පුළුවන්. හැබැයි එක චින්තනයක් මත පදනම් වෙලා සංස්කෘතීන් ගණනාවක් බිහි වෙන්න පුළුවන්.චින්තනයකට උදාහරණයක් වශයෙන් කොන්ෆියුසියානු චින්තනයත්, ඒ වටා ගොඩ නැංවුනු සංස්කෘතියක් වශයෙන් චීන සංස්කෘතියත් ...
Jack the Ripper - 4 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියන ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ...
Jack the Ripper - 3 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියන ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ...
යටත් නොවෙමි! පාදඩ අසපුව 1922 දී දකුණු ජපානයේ කුඩා නගරයක් වුන කමෙකවා නගරයේ වාසය කළ පැරණි සමුරායි පෙළපතකින් පැවත ආ පවුලක පිරිමි දරුවෙක් උපත ලැබුවා. ඔහුට දෙමාපියන් තිබ්බ නම "හිරො ඔනොදා". ඔහුගේ සුරතල් නාමය වුනේ "හිරූ".හිරූ ගේ පියා දෙවෙනි ලෝක යුධ සමයේදී ජපන් හමුදාවට බඳවා ගනු ලැබුවා. හිරූ ට වයස 18 සම්පූර්න වුන වහාම ඔහුත් තම සොයුරා අනුගමනය කරමින් ජපන් හමුදාවේ පාබල සෙබළෙක් වශයෙන් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 33 (හිමිච්චා එරි ෆුරේත) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හිමිච්චා එරි ෆුරේත (හිමිති දිවයිනේ අමනුෂ්‍යයා)(සත්‍ය කතාවකි)එක්දාස් නවසිය පණස් ගණන් වලදි මාලදිවයිනේ රජයට නිලන්දේ අතොළුවේ හිමිති දූපතෙන් පණිවුඩයක් ආවා ඒ දූපතට ෆුරේත (අමනුෂ්‍යයෙක්) ඇවිත් කියලා. මේ විදිහේ පණිවුඩ ලැබෙන එක තරමක් සුලභ දෙයක් නිසා සාමාන්‍යයෙන් නං රාජ්‍ය නිලධාරීන් මේ වගේ පණිවුඩ නොසලකා හරිනවා. ඒත් මේ හිමිති අමනුෂ්‍යයාව බොහෝ දෙනෙක් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 32 (කලිදු සහ සිත්ති) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) කලිදු සහ සිත්ති(සත්‍ය කතාවකි) එකෝමත් එක කාලෙක මාලේ දූපතේ කලිදු කියල දුප්පත් තරුණයෙක් වාසය කරා. මාලේ දූපතේම හිටියා සිත්ති කියල වංශවත් තරුණියක්. මේ දෙන්නා ආදරෙන් බැඳුනා.සිත්ති තමාගෙ පෙම්වතා ගැන දෙමාපියන්ට කිව්වම ඔවුන් තමාගේ තත්වයට නොගැලපෙන තරුණයෙක් එක්ක හාද වීම ගැන සිත්තිට තදින්ම දොස් කිව්වා. තමාගේ විවාහයට කවදාවත් දෙමාපියන් ...
මාලදිවයිනේ අතොළු - 5 (මධ්‍යම ප්‍රාන්තය) පාදඩ අසපුව මධ්‍යම ප්‍රාන්තය අතොළු තුනකින් සමන්විතයි.1. මුලාකු2. නිලන්දේ උතුරුබුරි3. නිලන්දේ දෙකුණුබුරිමුලාකු නිල නාමය : මුලාකුකේතය : මීමුප්රාන්තය : මධ්යමඅයත්වන සොබාවික අතොළු : මුලාකුජනගහණය : 4,705දූපත් : 33ප්‍රධාන දූපත : මුලිපදිංචිකරුවන් සහිත දූපත් : 9(බොලි මුලා, දිග්ගරු, කොළුෆුෂි, මදිෆුෂි, මදුව්වාරී, මුලි, නාලාෆුෂි, රයිම්මන්දූ, වේවා)පදිංචි කරුවන් රහිත දූපත් : 24මාලදිවයිනේ ජාතික වීරයෙක් වන බොදු තකුරුෆානු විසින් පෘතුගීසින්ට එරෙහිව සටන් කරන්න පාවිච්චි කළ බෝට්ටුව ...
මාලදිවයිනේ අතොළු - 4 (උතුරු මධ්‍යම ප්‍රාන්තය) පාදඩ අසපුව උතුරු මධ්‍යම ප්‍රාන්තය අතොළු හතරකින් සමන්විතයි.1. මාලේ අතොළු2. අරි අතොළු උතුරුබුරි3. අරි අතොළු දෙකුණුබුරි4. ෆෙලිදු අතොළුමාලේ අතොළුනිල නාමය : මාලේ අතොළුකේතය : කාෆුප්රාන්තය : උතුරු මධ්යමඅයත්වන සොබාවික අතොළු : කාෂිදූ, ගහෆරු, මාලේ උතුරුබුරි, මාලේ දෙකුණුබුරිජනගහණය : 12,166දූපත් : 107ප්‍රධාන දූපත : තුලුස්දූපදිංචිකරුවන් සහිත දූපත් : 10(දිෆ්ෆුෂි, ගාෆරු, ගුලි, ගුරයිදූ, හිමෆුෂි, හුරා, කාෂිදූ, මාෆුෂි, තිලෆුෂි, තුලුස්දූ)පදිංචි කරුවන් රහිත දූපත් :97මාලදිවයිනේ අගනුවර ...
Big Cats පාදඩ අසපුව Big Cats කියල හඳුන්වන්නේ බිළාල කුලයට අයත්, ප්‍රමානයෙන් විශාල සතුන් කීප දෙනෙක් ව. මේ අර්ථ දැක්වීමට අහුවෙන සතුන් කවුද කියන එක විවිධ අවස්ථා වලදී වෙනස් වෙනවා. නමුත් බොහෝ විට මේ අර්ථ දැක්වීමට අහුවෙන්නෙ මේ සත්තු හත් දෙනා.1. සිංහයා2. ව්‍යාඝ්‍රයා3. කොටියා4. ජගුවර්5. හිම කොටියා6. චීටා7. කූගර්බිළාල කුලයේ සත්තු තමයි වර්තමාන ලෝකයේ ජීවත් වෙන විලෝපිකයන් ගෙන් ඉහළම ස්ථානයේ ඉන්නේ. දඩයම සඳහා වඩාත්ම ...