මිහිලිය ගේ අකීකරු දියණිය - යෙලෝස්ටෝන් ~~~ පහන් යාය ~~~ හද අල්ලපු රටේ පිහිටලා තියන යෙලෝස්ටෝන් () ජාතික උද්‍යානය ගැන හැම දෙනාම නමින් හරි අහල ඇති. ලෝකයේ පළවෙනි ජාතික උද්‍යානය හැටියට සැළකෙන මේ අපූරු තැන බලන්න යන්න අපිටත් අවස්ථාවක් ලැබුණා."වයෝමින්ග්", "මොන්ටානා", "අයිඩහෝ" කියන ප්‍රාන්ත තුනටම අයත් වෙන විදිහට පිහිටලා තියන යෙලෝස්ටෝන් බිහි වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන දෙකකට ඉහතදී වෙච්ච විශාල ගිනි කදු පිපිරීමක් නිසා. ඊට පස්සෙත් දෙවතාවකදී මේ විදියේ ...
අතීතයේ සෙවනැළි අවදි වන "යොසමිටි" නිම්නය ~~~ පහන් යාය ~~~ "යොසමිටි" කියන නම මුලින්ම ඇහුනහම මට හිතුනේ "ඒක හරිම ලස්සන නමක්" කියන එක විතරයි. ඒ, ඒක හැබැහින් දකින්න කලින්. ඉතිං මේ ලස්සන නමක් තියන ජාතික උද්‍යානය දැක ගැනීමේ වාසනාව අපිටත් ලැබුණා මාස ගණනකට කලින්. ඒ ගමනට පස්සේ, "යොසමිටි" කියන නම ඇහෙද්දී මට දැනෙන්නේ විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. ඒක වචනෙන් කියන්න අමාරුයි. "මිනිසා" කියන සතා කුහුඹුවෙකුගේ තරමට ඇද දමන සොබා ...
Thee O Jerusalem ~~~ පහන් යාය ~~~ මේ ළඟදී බ්ලොග් අවකාශේ කට්ටිය සෑහෙන කතා කරානේ ඔය ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන. මටනම් ඕක මුලින්ම ඇහැ ගැටුනේ අටම්ස් ගේ මෙන්න මේ පෝස්ටුවෙන්. පස්සේ ඒකෙ කමෙන්ට්ස් කියවගෙන යනකොට තමයි දැක්කේ ඒකෙ මුල් ලිපිය එළකිරියේ සියුස් ගේ කියලා. ඒ ලිපියේ නියම පින්තූර ටිකක් එහෙමත් තියනවා. ඒත් මමනම් අටම් හින්දා තමයි ඒක දැක්කේ. මම ඉතින් එළකිරිය අස්සේ රවුම් ගහන්නේ නැහැ නේ :)කොහොමහරි ...
ද අල්මේදලා - රාජාවලිය XXXVI ~~~ පහන් යාය ~~~ ඔන්න එහෙනම් ඊ ළඟ රාජාවලිය ලිපිය. පටන් ගත්ත එකේ ඉවරයක් තියෙන්නත් එපැයි. හාවා හඳ බලනවා වගේ රාජාවලිය දානවා කියලා දැනටමත් බැනුම් අහලා තියෙන්නේ. මාස දෙකකට එකයි :D එහෙනම් ඔන්න ගියපාර ලිපිය නතර කලේ දෙවන ජයබාහු රජතුමා රජ වෙච්ච තැනින්. මතකයිනේ අර උලකුඩය දේවියට පුතෙක් ඉල්ලලා ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය එහෙම ලිව්වේ. අන්න ඒ හම්බු වෙච්ච පුත්‍රයා තමයි මේ ජයබාහු ...
කුසුමාසන දේවිය දෝන කතිරිනා - රාජාවලිය XLII ~~~ පහන් යාය ~~~ අපි ගිය පාර කතාව නැවැත්තුවේ කොනප්පු බණ්ඩාර "විමලධර්මසූරිය" නමින් උඩරට රජ වෙච්ච තැනින් සහ රාජසිංහ රජතුමා මිය පරලොව ගිය තැනින් නේ. අද එතැන් සිට...මේ විමලධර්මසූරිය රජතුමා කුඩා කාලයේ පෘතුගීසින් ළඟ ඇති දැඩි වී අධ්‍යාපනය ලැබූ නිසාම ඔවුන් ගැනත් හොඳින් දැන ගෙනයි හිටියේ. ඉතින් ඔවුන් ට විරුද්ධව සටන් කිරීමේදීත් ඒ දැනුම ප්‍රයෝජනවත් උනා. ඒ වගේම මේ රජතුමා බුදු දහමට ලැදි, බෞද්ධයින්ට ...
රයිගමයයි ගම්පළයයි - රාජාවලිය XXXIV ~~~ පහන් යාය ~~~ ඔන්න අපි ගිය පාර කතා කරා බුවනෙකබාහු කුමාරයා රජ වෙච්ච හැටි ගැන. අද එතැන් සිට.බුවනෙකබාහු රජතුමා රජ උනාට පස්සේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්න ලැබුණා කියලා කිව්වොත් ඒක වැරදියි. ඔහුට සිද්ද වෙනවා එක එක විදියේ සතුරු කරදර වලට මුහුණ දෙන්න. එක පැත්තකින් වන්නි පාලකයින්. තවත් පැත්තකින් උතුරේ ජාවකයින්. ඒ අස්සේ "රායර්" කියලා කාලිංග සෙනෙවියෙකුත් එනවා ආක්‍රමණයකට. කොහොමහරි බුවනෙකබාහු රජතුමා මේවාට ...
හිම වගේද අයිස් ~~~ පහන් යාය ~~~ මේ දවස්වල හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට ලොකු ඇබැද්දියකට මුහුණ පාන්න වෙලා බව ටීවී පත්තර එහෙම බලන ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඔය ඇබැද්දිය හින්දා ගේ ඇතුලටම වෙලා ඉද්දි තමයි සහන් කිව්වේ ඒ ගැන ලියන්න කියලා. ඉතින් ඔන්න මං ලියනවා... හැමදාමත් වගේ මේ පාරත් ශීත කාලය නොහොත් වින්ටර් එක බොහොම සාමාන්‍ය විදියට උතුරු ඇමරිකාව හොයාගෙන ආවා. ටික දවසක් යද්දී අපිට වැටහෙන්න ගත්තා ...
නොබෙල් ගේ කැමැත්ත ~~~ පහන් යාය ~~~ අවංකවම කිව්වොත් මට මුලින්ම තෑග්ගක් ලැබිච්ච දවස ගැනනම් මට මතකයක් නෑ. ඒ කිව්වේ අම්මගෙන් තාත්තගෙන් නැතුව පිට කෙනෙක්ගෙන් තෑග්ගක් හැටියට දෙයක් ලැබිච්ච දවසක් ගැන. මතක අයත් ඇති.ඉතින් සමහරු ආදරේට දෙන තෑගිත් තියනවා. තරහට දෙන තෑගිත් තියනවා. අපේ අම්මට එහෙම සුරතල් සතෙක් තෑග්ගක් හැටියට දුන්නොත් ඒක බාර ගන්නේ තරහට දීපු තෑග්ගක් විදිහට. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.ඒ වගේමයි තෑගි කිව්වම භෞතික තෑගි තියනවා. අතට ...
හිරු අල්ලපු හඳ ළමයා ~~~ පහන් යාය ~~~ හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට පහු ගිය දවස් ටිකේ වෙන වැඩක් තිබුනේ නෑ. ශත වර්ෂෙකට පස්සේ සිද්ධ වෙනවයි කියන පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න ලක ලෑස්ති උනා ඇරෙන්න.ආරක්ෂිත ඇස් කණ්නාඩි එහෙම විකුණපු එවුන් හොඳ ගානක් හොයා ගත්තා. ඇමසන් එකේ, සුපර් මාකට් වල, ගමේ කඩේ ඔය කොතනත් SOLD OUT !! වෙන කවදාවත් නැති තරමට පිට රටවල් වලින් මිනිස්සු ආවා ඇමරිකාවට මේක බලන්න. ඒ විතරක් ...
අජරාමර පා සලකුණු ~~~ පහන් යාය ~~~ කලින් පෝස්ට් එක දාලා වැඩි කාලයක් ගියේ නැති හින්දා ආගිය කතා මොකටද කෙලින්ම කාරණේට බහින්නම් එහෙනම්.මේ ඊයෙ පෙරේදා සයුරුත් එක්ක ඉස්කෝල කාලේ වෙච්ච සිද්ධි ගැන කතා කර කර ඉද්දි මතක් උනා මගේ ජීවිතේ අහගෙන තියන දරුණුම වාග් මාලාව අහගත්ත හැටි. ඉස්කෝල කාලේ කියලා කිව්වට ඔය සිද්ධියට අදාළ හොස්ටල් එක සහ හොස්ටල් එකේ යාළුවො ටික.සමහරුනම් දන්නවා ඇති මම අවු 4 ක් ...
දියවන්නාවේ සැඟවුන සමුද්‍රදේවී - රාජාවලිය XXXVIII ~~~ පහන් යාය ~~~ ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ආපහු මේ පැත්තට ආවා. පහු ගිය කාලේ බ්ලොග් ලියන්න තියා බලන්නවත් උනේ නැහැ. දිග නිවාඩුවක් ගත්ත හින්දා :). පරණ පාඩම් අමතක උනාට කමක් නැහැ. ඉතිහාසේ කොතනින් පටන් ගත්තත් ඉතිහාසෙම තමා. එහෙනම් ආපහු රාජාවලියට බහිමු ඕන්... ~~~~~~~~~~~ ඉතින් අපි අන්තිමට කතා කළේ විජයබා කොල්ලය ගැන. විජයබාහු රජතුමා මරලා පුත් කුමාරවරු තුන්දෙනා රාජ්‍ය බෙදා ගත්ත විදිහ ගැන. ...
දේසේ හැටියට වාසේ ~~~ පහන් යාය ~~~ හඳ අල්ලපු රට යනු මහම මහ විපිරියාස රටකි. සීතල රටක් විදියට ප්‍රසිද්ධ උනත් මේකට සීතල රටක් යයි කටක් ඇර කියන්නට බැරිය. සීතල තියෙන්නේ එක කාලයකට විතරය. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වාය (නැතහොත් වින්ටර් එකේ ය :p). ඒකත් නුවර එළියේ වගේ සුව දායක සීතලක් නොවේ. නස්තාර් වෙන්නම සීතලය.අපි මේ හිටපු ටික කාලයට කිසිම වින්ටර් එකක් එක සමාන උනේ නම් නැත. එක ...
රොකී කඳු වැටියයි - දෙව් ලොවට අඩියයි ~~~ පහන් යාය ~~~ රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද? ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ. ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ කොලරාඩෝ කියන ප්‍රාන්තයේ. කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු. මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙච්ච අපි වගේ අය එහෙ ගියාම ...
කිරුළු පලන් "වතී" ලා - රාජාවලිය XXXII ~~~ පහන් යාය ~~~ ම්ම්ම් රාජාවලියත් අමතක වෙන්න දෙන්න බැහැ නේ... කලින් ලිපිය අපි නැවැත්තුවේ චෝඩන්ග විසින් දෙවන වික්‍රමබාහු රජතුමා මරා දමපු තැනින්. අද එතැන් සිට... දැන් ඔය චෝඩංග නිස්සංක මල්ල රජතුමාගේ බෑනා වෙන කෙනෙක්. ඒ උනත් ඔහුටත් වැඩි කලක් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රජ වෙලා මාස 9 ක් ගත වෙද්දී කිත්ති නම් සෙනෙවියෙක් ඔහු අල්ලා බලයෙන් පහ කරනවා. ඒ සමගම ලංකාද්වීපයේ කිරුල ...
වවාගෙන කෑම ~~~ පහන් යාය ~~~ වවාගෙන කන්න හුඟ දෙනෙක් හරි දක්සයි නේ. මාත් ඉතින් හරිම කැමතියි වවාගෙන කන්න. ගිය අවුරුද්දේ තමයි අපි හොඳටම වවාගෙන කාපු අවුරුද්ද. ඒ ගැන තමයි මම අද කියන්න හිතුවේ. නිකන්ම නෙමෙයි පින්තූරත් එක්ක.මෙහෙ ඉතින් ලංකාවේ වගේ අවුරුද්ද පුරාම වවන්න බෑ. වසන්ත කාලේ පටන් ගන්නකොට තමයි ඉතින් වවන්න පටන් ගන්න වෙන්නේ. වසන්ත කාලෙට තියෙන්නේ අර නුවරඑළියේ වගේ කාලගුණයක් (ඒ හින්දා වෙන්න ඇති ...
බිල් ගේට්ස්ගෙ ගෙදර යමුද? ~~~ පහන් යාය ~~~ ඔයගොල්ලො වැඩි දෙනෙක් දැකලා ඇතිනේ ගේට් මහත්තයගෙ ගෙදර විස්තර එහෙම ඊ මේල් වලින් හුවමාරු වෙනවා. ඒවයේ තිබුණ විදියට ඒක නිකන් සුපිරිම ගෙදරක් තමා. අධි තාක්ෂණය උපයෝගී කරගෙන අන්තිම සැප පහසු විදියට ගෙදර ඩිසයින් කරලා තියනවා.ඒත් මමනම් කියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. අපිට ගේ ඇතුල බලන්න අවසර නෑ නේ. ගේට් මන්දිරය පිටතින් දැක බලාගන්න ලැබිච්ච හැටි ගැන තමයි මම කියන්න යන්නේ.මේ ...
ඉඟුරු මිරිස් ගනුදෙණුව - රාජාවලිය XLIV ~~~ පහන් යාය ~~~ ඉතින් අපි අවසානෙට කතා කළේ විමලධර්මසූරිය රජතුමා මිය ගිය හැටිත් එතුමා ගේ බිරිඳ (දෝන කතිරිනා) සහ දරුවන් වගේම උඩරට රාජ්‍යයත් සෙනරත් රජතුමා (ක්‍රි. ව. 1604-1635) ට බාර උනු හැටිත් නේ.මේ කාලේ වෙද්දී ජෙරනිමෝ ද අසවේදු ට උවමනා වෙලා තිබුනේ කොහොමහරි උඩරට යටත් කරගන්න. ඉතින් නිතරම ඔවුන් ඒකට උත්සාහ කරද්දී සෙනරත් රජතුමාට හිතුණා මොවුන් ගෙන් ගැළවෙන එකම ක්‍රමය ලන්දේසීන් තමයි කියලා. ...
දන්න වංහුං අප කන්නසාමි - රාජාවලිය XLVIII ~~~ පහන් යාය ~~~ ඔන්න ළමයිනේ එහෙනම් මතක ඇති නේ ගියපාර ලිපියේ අන්තිමට වෙච්ච දේ. ඉංගිරිස් කාරයෝ මෙහෙ ඇවිල්ලා බලෙන්ම පහතරට අල්ල ගත්ත හැටි වගේම රාජාධිරාජසිංහ රජතුමා සිහසුනට උරුමක්කාරයෙක් ඉතුරු නොකරම මිය ගිය හැටි. ඉතින් ඒ වෙද්දී මහාධිකාරම් වෙලා හිටපු පිළිමතලාවේ ට තමයි බලතල පැවරිලා තියෙන්නේ.දැන් ඉතින් රජ කමට පත් කරන්නේ කවුද කියන ප්‍රශ්නේ එද්දී ඇමති මණ්ඩලය සූදානම් උනේ රාජාධිරාජසිංහ රජුගේ බිරිඳ වෙච්චි "උපේන්ද්රම්මා" ...
දස්කොන් සකිසඳ - රාජාවලිය XLVI ~~~ පහන් යාය ~~~ දැන් මාස දෙකකට විතර කලින් ලියපු රාජාවලිය ලිපියේ අපි කතා කළා නේ කුණ්ඩසාලේ කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ වෙච්ච හැටි.ඒ වගේම එතුමත් තමන්ගේ පියා ගේ අඩි පාරේම යමින් මධුරා පුරයෙන් බිසවක් ගෙන්නවා ගත්තා කියලත් කිව්වා නේ. ඉතිං අන්න ඒ බිසව තමයි "ප්‍රමිලා දේවිය". මේ බිසව හරිම රූමත් කෙනෙක් කියලයි කියන්නේ.නරේන්ද්‍රසිංහ රජතුමා ටිකක් සෙල්ලක්කාර කෙනෙක් කියලත් අපි දන්නවනේ. එතුමාට ...
සෙල්ලම් නිරිඳු වඩනා කුණ්ඩසාලේ - රාජාවලිය XLV ~~~ පහන් යාය ~~~ රාජසිංහ රජ්ජුරුවෝ ඉඟුරු දීල මිරිස් ගත්ත හැටි අපි ගිය පාර දැන ගත්තනේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ?වැඩි දවසක් නොගිහින් රජතුමාට තේරුණා කරගත්ත මෝඩ කමේ තරම. ලන්දේසින් එක්කත් යුද්ධ ඇති වෙන්න පටන් ගත්තා. මේ වෙද්දී පෘතුගීසි කාලයේ තිබුනාට වඩා වැඩි බිම් ප්‍රමාණයක් උඩ රටට අයිති වෙලා තිබුණා, මුහුදුබඩ ප්‍රදේශ ත් ඇතුළුව. ඒ ලන්දේසීන්ගේ වැඩි අවධානය තිබුනේ කුරුඳු වෙළඳාම ගැන නිසා. මේ ...