ඉස්කෝල කාලේ ට්‍රිප් ~~~ පහන් යාය ~~~ මේ ලඟදි මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉස්සර අපි ට්‍රිප් ගිය හැටි සහ දැන් ඉස්කෝල පරම්පරාව ට්‍රිප් යන හැටි ගැන මූණු පොතේ පොඩි විග්‍රහයක් කරලා තිබුණා. ඉතින් ඕක දැක්කට පස්සේ මට ඉස්සර ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් ගැන මතක් වේගෙන වේගෙන ආවා. :) ඊට පස්සේ හිතුනා ඔය ටික මෙන්න මේකේ ලියල දාන්න ඕනේ කියලා. නිකං වේලෙන එකේ.මුලින්ම කියන්න ඕනේ ඉතින් ගෑනු ළමයි වෙච්ච අපිට ...
දියවන්නාවේ සැඟවුන සමුද්‍රදේවී - රාජාවලිය XXXVIII ~~~ පහන් යාය ~~~ ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ආපහු මේ පැත්තට ආවා. පහු ගිය කාලේ බ්ලොග් ලියන්න තියා බලන්නවත් උනේ නැහැ. දිග නිවාඩුවක් ගත්ත හින්දා :). පරණ පාඩම් අමතක උනාට කමක් නැහැ. ඉතිහාසේ කොතනින් පටන් ගත්තත් ඉතිහාසෙම තමා. එහෙනම් ආපහු රාජාවලියට බහිමු ඕන්... ~~~~~~~~~~~ ඉතින් අපි අන්තිමට කතා කළේ විජයබා කොල්ලය ගැන. විජයබාහු රජතුමා මරලා පුත් කුමාරවරු තුන්දෙනා රාජ්‍ය බෙදා ගත්ත විදිහ ගැන. ...
දේසේ හැටියට වාසේ ~~~ පහන් යාය ~~~ හඳ අල්ලපු රට යනු මහම මහ විපිරියාස රටකි. සීතල රටක් විදියට ප්‍රසිද්ධ උනත් මේකට සීතල රටක් යයි කටක් ඇර කියන්නට බැරිය. සීතල තියෙන්නේ එක කාලයකට විතරය. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වාය (නැතහොත් වින්ටර් එකේ ය :p). ඒකත් නුවර එළියේ වගේ සුව දායක සීතලක් නොවේ. නස්තාර් වෙන්නම සීතලය.අපි මේ හිටපු ටික කාලයට කිසිම වින්ටර් එකක් එක සමාන උනේ නම් නැත. එක ...
විජයබා කොල්ලය - රාජාවලිය XXXVII ~~~ පහන් යාය ~~~ ඔන්න එහෙනම් පරංගින් ලංකාවට ගොඩ බැහැලා කෝට්ටේත් ගිහින් අපේ රජතුමාව රවට්ටගෙන වෙරළ තීරයේ පැළපදියම් උනාට පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන අද ලිපියෙන් කතා කරමු.අටවන වීර පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1509 දී මිය යනකොට කෝට්ටේ රාජධාණිය එතුමාගේ පුත්තු හතර දෙනාට බෙදලා දීලයි තිබුනේ (මේ හතර දෙනා ගැන කලින් ලිපියේ කිව්වා). මේ වෙද්දී යාපනේ ප්‍රදේශයත් වෙනම රාජ්‍යයක් හැටියට පරරාජසේකර නම් රජෙක් යටතේ ...
සතුරු වූ අර්ධ සොහොයුරන්ගේ කතාව - Thee O Jerusalem 2 ~~~ පහන් යාය ~~~ ඔන්න අද මං ලියන්නේ අර කලින් මාගලක් වගේ ලියපු ජෙරුසෙලම ලිපියේ දෙවැනි කොටස. එදා මම ලිපිය නැවැත්තුවේ අර රෝමන් කාරයෝ සෑහෙන විනාශයක් කරලා ජෙරුසෙලම බිමට සමතලා කරපු තැනින්. ඒ සිද්ධිය උනේ ක්‍රි. ව. 70 දී. එවෙලේ සෑහෙන ජුදෙව්වෝ පිරිසක් වහල්ලු විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.මේ අල්ලාගෙන ගිය අයගෙන් සෑහෙන පිරිසක් හොඳට කාසි බාගේ තියන ධනවත්තු වෙච්ච නිසා ඒ අයට පුළුවන් උනාලු ...
Thee O Jerusalem ~~~ පහන් යාය ~~~ මේ ළඟදී බ්ලොග් අවකාශේ කට්ටිය සෑහෙන කතා කරානේ ඔය ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන. මටනම් ඕක මුලින්ම ඇහැ ගැටුනේ අටම්ස් ගේ මෙන්න මේ පෝස්ටුවෙන්. පස්සේ ඒකෙ කමෙන්ට්ස් කියවගෙන යනකොට තමයි දැක්කේ ඒකෙ මුල් ලිපිය එළකිරියේ සියුස් ගේ කියලා. ඒ ලිපියේ නියම පින්තූර ටිකක් එහෙමත් තියනවා. ඒත් මමනම් අටම් හින්දා තමයි ඒක දැක්කේ. මම ඉතින් එළකිරිය අස්සේ රවුම් ගහන්නේ නැහැ නේ :)කොහොමහරි ...
ද අල්මේදලා - රාජාවලිය XXXVI ~~~ පහන් යාය ~~~ ඔන්න එහෙනම් ඊ ළඟ රාජාවලිය ලිපිය. පටන් ගත්ත එකේ ඉවරයක් තියෙන්නත් එපැයි. හාවා හඳ බලනවා වගේ රාජාවලිය දානවා කියලා දැනටමත් බැනුම් අහලා තියෙන්නේ. මාස දෙකකට එකයි :D එහෙනම් ඔන්න ගියපාර ලිපිය නතර කලේ දෙවන ජයබාහු රජතුමා රජ වෙච්ච තැනින්. මතකයිනේ අර උලකුඩය දේවියට පුතෙක් ඉල්ලලා ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය එහෙම ලිව්වේ. අන්න ඒ හම්බු වෙච්ච පුත්‍රයා තමයි මේ ජයබාහු ...
චූටි අයියගෙ කතා ~~~ පහන් යාය ~~~ මේ පහන්යාය කියවන මගේ යාළුවො සෙට් එකට මතකද දන්නේ නැහැ මම ඉස්සර (ඉස්සර කිව්වේ ඉස්සරෝම ඉස්සර) ලොකු අයියගෙ කතා කියලා ලිපියක් ලිව්වා. එතනදි තමයි මම මුලින්ම අපේ ලොකු අම්මගෙ පුත්තරයෝ හතර දෙනා ගැන මූලික හැඳින්වීම කරේ. එහෙම කිව්වට කාටදෑ මතක? ඒ දවස් වල හිටපු රසික සභාවයි දැන් රසික සභාවයි අතරේ සෑහෙන වෙනස්කම් තියනවනේ. ඉස්සර හිටපු සමහරු ආ ගිය අතක් නැහැ. ...
දියවන්නාවට මාරු වෙනා - රාජාවලිය XXXV ~~~ පහන් යාය ~~~ ඔන්න ගියපාර ලිපියෙන් අපි අන්තිමට කිව්වා වික්‍රමබාහු III රජතුමා ගම්පොළ රජ වෙච්ච බව. අද එතැන් සිට ඉදිරියට...මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වකවානුව ගැන ඉතිහාසයෙන් හමු වෙන තොරතුරු ඉතාමත් පැටලිලි සහගත සහ පරස්පර විරෝධී බව. ලිපි කිහිපයකින්ම ගත්තු තොරතුරු අනුව කතාව ලියාගෙන ගියත් සත්‍ය අසත්‍ය බව ගැනනම් සහතික වෙන්න හරිම අමාරුයි. :)මේ කාලය වෙද්දී උතුරේ ආර්ය චක්‍රවර්ති ගොඩක් බලවත් වෙලයි හිටියේ. ...
රොකී කඳු වැටියයි - දෙව් ලොවට අඩියයි ~~~ පහන් යාය ~~~ රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද? ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ. ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ කොලරාඩෝ කියන ප්‍රාන්තයේ. කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු. මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙච්ච අපි වගේ අය එහෙ ගියාම ...
රයිගමයයි ගම්පළයයි - රාජාවලිය XXXIV ~~~ පහන් යාය ~~~ ඔන්න අපි ගිය පාර කතා කරා බුවනෙකබාහු කුමාරයා රජ වෙච්ච හැටි ගැන. අද එතැන් සිට.බුවනෙකබාහු රජතුමා රජ උනාට පස්සේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්න ලැබුණා කියලා කිව්වොත් ඒක වැරදියි. ඔහුට සිද්ද වෙනවා එක එක විදියේ සතුරු කරදර වලට මුහුණ දෙන්න. එක පැත්තකින් වන්නි පාලකයින්. තවත් පැත්තකින් උතුරේ ජාවකයින්. ඒ අස්සේ "රායර්" කියලා කාලිංග සෙනෙවියෙකුත් එනවා ආක්‍රමණයකට. කොහොමහරි බුවනෙකබාහු රජතුමා මේවාට ...
කුලු නැටුම ~~~ පහන් යාය ~~~ මම ස්ටේජ් වල නටලා තියෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඒ ඉතින් මම වැඩිය නටන්නේ නැති හොඳ ළමයෙක් නිසා තමයි :)මම දෙක වසරෙදි අපේ පන්තියේ ළමයි ටිකක් එකතු කරගෙන අපේ මිස් කුරුළු නැටුමක් නැටෙව්වා. මමත් ඒකේ කුරුල්ලෙක් හැටියට හිටියා (කිරිල්ලියක් ද මන්දා. එහෙම අඳුර ගන්න ක්‍රමයක් තිබුනේ නෑ) . බ්‍රිසිල් බෝඩ් වලින් කුරුළු තටු දෙකක් කපලා, ලා නිල් පාටින් පිහාටු ඇඳලා ...
සිරි පැරකුම් - රාජාවලිය XXXIII ~~~ පහන් යාය ~~~ ඔන්න එහෙනම් අපි කලින් ලිපිය අවසන් කළේ කාලිංග මාඝ ආක්‍රමණය නිසා පොලොන්නරුව පරිහානියට පත් වෙලා වල් වැදිලා ගියපු හැටි ගැන කියලා. ඒත් එක්කම අපි කිව්වා රජරට ඉඳපු සාමාන්‍ය ජනයා වගේම භික්ෂුන් වහන්සේලාත් දඹදෙණිය වගේ නිරිත දිග පළාත් වලට සංක්‍රමණය උනා කියලා. ඒ කියන්නේ අද අපි දඹදෙණිය රාජධානිය ගැන කතා කරන්නයි හදන්නේ. පහුගිය දවස්වල මධුරංග දඹදෙණිය පැත්තේ සංචාරය කරලා ගොඩක් හොඳ ...
හිම වගේද අයිස් ~~~ පහන් යාය ~~~ මේ දවස්වල හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට ලොකු ඇබැද්දියකට මුහුණ පාන්න වෙලා බව ටීවී පත්තර එහෙම බලන ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඔය ඇබැද්දිය හින්දා ගේ ඇතුලටම වෙලා ඉද්දි තමයි සහන් කිව්වේ ඒ ගැන ලියන්න කියලා. ඉතින් ඔන්න මං ලියනවා... හැමදාමත් වගේ මේ පාරත් ශීත කාලය නොහොත් වින්ටර් එක බොහොම සාමාන්‍ය විදියට උතුරු ඇමරිකාව හොයාගෙන ආවා. ටික දවසක් යද්දී අපිට වැටහෙන්න ගත්තා ...
කිරුළු පලන් "වතී" ලා - රාජාවලිය XXXII ~~~ පහන් යාය ~~~ ම්ම්ම් රාජාවලියත් අමතක වෙන්න දෙන්න බැහැ නේ... කලින් ලිපිය අපි නැවැත්තුවේ චෝඩන්ග විසින් දෙවන වික්‍රමබාහු රජතුමා මරා දමපු තැනින්. අද එතැන් සිට... දැන් ඔය චෝඩංග නිස්සංක මල්ල රජතුමාගේ බෑනා වෙන කෙනෙක්. ඒ උනත් ඔහුටත් වැඩි කලක් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රජ වෙලා මාස 9 ක් ගත වෙද්දී කිත්ති නම් සෙනෙවියෙක් ඔහු අල්ලා බලයෙන් පහ කරනවා. ඒ සමගම ලංකාද්වීපයේ කිරුල ...
නිකං ඉන්න බැරුවට ~~~ පහන් යාය ~~~ අපේ කට්ටිය නිකන් ඉන්න බැරුවට එක එක ජාතියේ වැඩ කරනවනේ. මට මේ ගැන ලියන්න හිතුනේ අර මධුරංග දාල තිබුණ බූට් වැදිච්ච කෙනෙකුට කරන්න සුදුසු වැඩ ටිකයි ඒකට ආපු කමෙන්ට් ටිකයි දැක්කට පස්සේ. සහන් නම් කිව්වා ඔන්න කඳු නගිනවා වගේ ඒවා හරියන්නේ නෑ මොකද උඩට නැග්ගට පස්සේ අහවල් කෙනා මතක් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම මුකුත් මතක් නොවෙන දේවල් තමයි ...
බිනර මලක් ~~~ පහන් යාය ~~~ කිරි සයුරෙන් කිරි සුවඳ පොදක් ගෙනමුතු බෙලි කටුවක සුරැකිව කැටි කොටආදරයෙන් මා දෝතට ගෙන දුන්සුවඳති හිනා මලක්රන් හිරුගෙන් රන් කිරණ රොදක් ගෙනඒ කිරණින් මට එළියක් අරගෙනගලනා සීතල සුදු සඳ එළියේසුපිපුණු බිනර මලක්අත්වැල මම වෙන්නම් නම් දරන ලිපිය හා සබැඳේ ප. ලි.කට්ටියට කොහොමද ඉතිං ? මාස එක හමාරකට විතර පස්සේ තමයි ඔන්න මේ පැත්තේ ආවේ. හේතුව පැහැදිලි ඇති නේ :)කාගෙවත්ම බ්ලොග් ...
බිල් ගේට්ස්ගෙ ගෙදර යමුද? ~~~ පහන් යාය ~~~ ඔයගොල්ලො වැඩි දෙනෙක් දැකලා ඇතිනේ ගේට් මහත්තයගෙ ගෙදර විස්තර එහෙම ඊ මේල් වලින් හුවමාරු වෙනවා. ඒවයේ තිබුණ විදියට ඒක නිකන් සුපිරිම ගෙදරක් තමා. අධි තාක්ෂණය උපයෝගී කරගෙන අන්තිම සැප පහසු විදියට ගෙදර ඩිසයින් කරලා තියනවා.ඒත් මමනම් කියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. අපිට ගේ ඇතුල බලන්න අවසර නෑ නේ. ගේට් මන්දිරය පිටතින් දැක බලාගන්න ලැබිච්ච හැටි ගැන තමයි මම කියන්න යන්නේ.මේ ...
ලතා මඩුල්ලක් - රාජාවලිය XXXI ~~~ පහන් යාය ~~~ අපි පහුගිය ලිපියෙන් කතා කලා නේ මහා පරාක්‍රමබාහු රජතුමා අභිෂේක වෙච්ච හැටි. ඒකට අන්චි අදින්න කී දෙනෙක් උත්සාහ කළාද කියලත් මතක ඇති නේ. ඉතින් ඒ අයගෙන් අන්තිම අන්චිය ඇදපු සුගලා, ඒ සටනින් පැරදුනත් වැඩේ නතර කරන්නේ නැහැ. පලා ගිහින් සැගවී ඉදගෙන දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. මේ අතරේ පරාක්‍රමබාහු රජු විසින් හිර කරගෙන ඉදපු රුහුණේ දක්ශ සෙනෙවියෙකුත් හිරෙන් පැන ගිහින් ...
පුංචි ආත්තා ගැන මතක ~~~ පහන් යාය ~~~ පුංචි ආත්තා කියලා අපි කිව්වෙ නෑ කමින් අපේ සීයගෙ (තාත්තගෙ තාත්තා) නැන්දා කෙනෙක් වෙන කෙනෙක්ට. "ආත්තා" කියන වචනෙ අපිට ඒ තරම් හුරු එකක් නෙමෙයි. අපි පාවිච්චි කරන්නෙ "ආත්තම්මා" / "මී ආත්තම්මා" කියන වචන. නෑ කමට අපේ මී ආත්තම්මා උනත් පුංචි ආත්තට අපි වගේම අම්මලත් කිව්වෙ පුංචි ආත්තා කියල තමයි. ඒක කොහෙන් ආපු නමක්ද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හොයන්න ගියෙත් ...