දේව වදන කිතු ගී දේව වදන කුරිරු දැහැමි සව් සත හට නව එළියක් උදාකරනවා කුරිරු දිවිය අඳුරින් අතීතයට නව දහමින් වැළලී යනවා පැසසුම් වේවා….. පුන ගැයුම: කිතුනු දිවිය කිතුනු සසුන කිතු දනහට නිදසුන් වේවා දේව වදන ජේසුතුමන් අනුනයන්නට දිරියක් වේවා ආලේලූයියා යට ගිය දින අතපසු වූ නොම සිදුවූ දේ ගැන නැත පසුබට වන්නේ නව දැක්මක් සතහට දෙසු දැහැමි ගුණැති කිතු තුමනට තුති පසසන්නේ පැසසුම් ...
අදහමි වචනෙ ඔබේ කිතු ගී පුන ගැයුම: අදහමි වචනෙ ඔබේ ජීවිතේ දෙන වචනේ දිවමන් දෙවියන්ගේ පුතා ඔබයි සමිඳේ පස් බිමේ වැටී වැළලී මැරී නොයන තුරු පැළවී බීජය පොළොවෙන් මතුවී නොනගී නොනගී නොනගී එන්නට නම් මා පස්සේ තම තමන් වරා ගන්නේ ඇරැගෙන තමන්ගෙ කුරුසේ එනු එනු මා පසු පස්සේ මකා ගන්නැ මා සඳහා පණ ඔබෙ රැකැ ගනු පිණිසා ඔබ මැ තකා ඒ රැකලා නැති කැරැ ගන්නේ ...
ප්‍රේමය වේ උතුම් කිතු ගී පුන ගැයුම: ප්‍රේමය වේ උතුම් සහෝදර ප්‍රේමය වේ උතුම් // ප්‍රඥා ශක්තිය දහම් දෙසුමෙ බල තිබුණද නැත පල ප්‍රේමය නැති කල අන්‍ය භාෂා හා දිවැස් වැකිය වුව සුවයෙ දීමනා තිබුණද අයිතිව මහමෙර සොලවන විශ්වාසය හා බලාපොරොත්තුව තිබුණද තිර ලෙස පූජා කෙරුවද මා සතු සැම දේ එහි ඇති කිම පල ප්‍රේමය නැති කල ඉවසිල්ලෙන් කරුණාවෙන් පූර්ණ වූ සියලුම යහපත් ගුණෙන් අනූන ...
දේව වචනයේ කිතු ගී දේව වචනයේ සවිය ඔබ ම වේ දෙවි සමිඳුනි අපගෙ හදට කතා කළ මැනේ දේව වචනයේ දිරිය ඔබ ම වේ දෙවි සමිඳුනි අප දිවියට ඇතුළු වුව මැනේ දේව වචනයේ බලය ඔබ ම වේ දෙවි සමිඳුනි අපට සවිය ලබා දුන මැනේ යාග ගී (1) 6 පිටුව ...
සප්ත සයුරෙ කිතු ගී පුන ගැයුම: සප්ත සයුරෙ අතර මංවූ රුවල් බිඳුණු ජීවිත නව්කා පා-වී පා-වී ඔබේ රුවන් දිවයින වෙත ඇදී එන්න පිහිට වනු මැනේ… ජීවිත කඳු වැටියේ අතර මංවූ බැටළුවන් අපී ඔබේ සිහිල් සෙවනැල්ලෙහි ලැගුම් ගන්න දෙන්න ඉඩ පියේ සමාවෙලා සමිඳේ ඔබෙ නොසිදෙන කරුණා ඇල්ලෙන් අපේ නිසරු දිවි කතරට අමා වතුර සලනු මැන පියේ පියුම් පොට්ටු (1) 42 පිටුව ...
සැලෙන හදින් කිතු ගී සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී මාර්ගයද ඇත්ත ද ජීවනය ...
හරවා කන් ඔබගේ කිතු ගී හරවා කන් ඔබගේ පිළිතුරු දෙනු සමිඳේ ගැත්තා අසරණයා හිඟකම් අඳුනන්නා පණ මගෙ රැකැ ගන්නේ ඔබෙ හිතවතා අනේ ගැත්තා ගලවන්නේ හේ ඔබ අදහන්නේ පුන ගැයුම: පෙන්නා දෙනු මට සමිදාණෝ යන්නට ඔබෙ හරි මග දිග’ නේ // මගෙ දෙව්සුරු ඔබනේ – මට කරුණා වන්නේ දිගටමැ දවස පුරා – සිටිනෙම් ඔබට’ඬඟා ඔබෙ ගැතුනට සමිඳේ – තොස වඩවා දෙන්නේ ඔසොවම් ඔබට මගේ – අත් ...
මහ කරුණා කිතු ගී මහ කරුණා මෙතින් ඔබේ අනේ දෙවියනේ වන්නැ මට දයා අනුකම්පා බරින් ඔබේ මකා දමන්නේ මගේ දොස් පමා දොවනු අනේ තව තව මගෙ / කෙලෙස් මලින් මා // පිවිතුරුවට පිසැ දමන්නැ / පව් කමිනුත් මා // මා කළ නොපනත් කම් මම දනිම් හොඳට ඒ මගෙ බර පාපේ මගේ සිතින් නොමැකීමැයි ඒ පවතින්නේ තිස්සෙ දෙවේලේ ඔබටමැ හතුරුවැ පමණෙකි / මා පව් කෙරුවේ ...
සුර සෙන් බළ පිරිසේ කිතු ගී සුර සෙන් බළ පිරිසේ සමිඳේ කොපමණ අගේද නිවෙස ඔබේ මගෙ අත් බව ඔබ සොයා හැපේ ඔබගේ මණ්ඩපේ නිසා තැවේ පුන ගැයුම: ඔබ වෙති මගෙ රජිදෝ වෙති ඔබ මගෙ දෙවිදෝ මගෙ රජීඳේ මගෙ දෙව් සුරුණේ ඔබගේ නිවහනෙ ඉන්න දනෝ වෙති පින්වත්හු උ තුමුහූ සදහට ඔබ පසසා ඉන්නෝ ඔබගේ මණ්ඩපේ ඇසුර ලබා ඉන්නා මට එක දිනක් හොඳා වෙන තැන දින දහසකට වඩා ...
වෙති වෙති හිමිපාණෝ කිතු ගී පුන ගැයුම: වෙති වෙති හිමිපාණෝ රජිදෝ තැති ගෙනැ වෙව්ලති ජනතාවෝ කෙරූබ බලතා තටු පිටැ එතුමෝ අසුන් අරා සිටිනෝ පොළොවද කම්පාවේ සියොනේ කඳු මතැ සමිදරුවාණෝ තෙද බල මහිමෙන් වැජබෙන්නෝ සියලුමැ ජන රැස් මත්තේ එතුමෝ වෙති වෙති එක අදි පතියාණෝ උන’තින් එතුමන් නම පැසසේවා ඒ නම බියකරුවේ උතුමේ හේළි හේළි වෙති ඒ උතුමාණෝ මහ බල සම්පන්නේ එතුමෝ සමිදාණෝ අප දෙව් ඉසුරාණෝ අයැදුම් ...
හෙම්බල ජෙරුසලමේ කිතු ගී පුන ගැයුම: හෙම්බල ජෙරුසලමේ ගය ගයා පසස හිමිපා හෙම්බල සියොනේ සමිඳුන් ඔබගේ පසසව උදන් අනා වාසල් දොරටු ඔබේ එතුමෝ තර කෙරුවෝ දරු කැල ඔබෙ හෙවණේ සෙත් ආසිරි ලැබුවෝ සීමා ඇතුළෙ ඔබේ සාමය ඇති කෙරුවෝ සරුවට තිරිඟු වවා ඔබ පුරවා ලූවෝ හැම තැන දෙරණ පිටේ අණ පණිවුඩ යවනෝ වචනේ එතුමන්ගේ දිවැයයි ලහි ලහියේ බැටළු ලෝම වාගේ හිමිපා වස්වන්නෝ අළු වැස්සක් වාගේ ...
එන්න යන්න මා හා කිතු ගී පුන ගැයුම: එන්න යන්න මා හා පියාගේ නිවහනටා // එන්න යන්න මා හා පියාගෙ නිවහනටා එහි සොම්නස වේ සොම්නස වේ සොම්නස වේ වැඩිම දුරක් නැත්තේ පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා ජේසු ක්‍රිස්තු මග වේ පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා ජේසු ක්‍රිස්තු එළියයි පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා සාමය ප්‍රේමය වේ පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා පසසම් අප සමිඳුන් පියාගේ නිවහනෙහී පියාගෙ නිවහනෙහී පුබුදු ගී ...
තේජස මහිමය කිතු ගී පුන ගැයුම: තේජස මහිමය පිරී රජිඳාණෝ – කවුදෝ මේ රජිඳාණෝ සැම බල සැම ජය සතු හිමිපාණෝ – ලොව පාලක සමිඳාණෝ මුළු ලොව දෙවිඳුන් සතුවේ – සැම දෙය දෙවිඳුට හිමිවේ සමුදුර නෙරපා ගොඩබිම සැදුවේ – මෙම මහබල දෙවිඳුන් වේ දෙවිඳුන් දුටුවේ කවුදෝ – සුර වත දැක්කේ කවුදෝ ඇත්තට දිවිදුන් පිරිසුදු අතසිත – සතු අය පමණක් නොවෙදෝ දෙවිඳුන් ආසිරි ඇසුවෝ – සමිඳුගෙ ...
අලුත්ම ගීයෙන් කිතු ගී අලුත්ම ගීයෙන් අල්ලෙලූයියා අල්ලෙලූයියා අල්ලෙලූයියා අලුත්ම ගීයෙන් සමිඳුන් ගයමූ අපි සැම සතුටින් එතුමන් වනමු මනු සැම අදරින් මැව් දෙවිඳුන් හට ගයනෙමු තුති ගීතා පුන ගැයුම: තුති වේවා සැරදේවා මංගල වේවා ඔබ හට අද දින තුති මංගල ගී ගයන්නෙ ඔබ දරුවෝ // හෙළ බිම ලස්සන ඔප ගන්වාලා හෙළ බිම අපහට මව් බිම කරලා හෙළ බිම සිරිගන්වන දෙවි සමිඳුට ගයනෙමු තුති ගීතා ...
අඳුරු මගෙ සිතේ කිතු ගී අඳුරු මගෙ සිතේ පහන ඔබ වෙතේ හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ ඔබව මට ඇතේ ජේසු ඔබව මට ඇතේ පරව මල් වැටේ බිමට මල් වැටේ මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ ඔබගෙ තුරුලටේ ජේසු ඔබගෙ තුරුලටේ කිතුනු ගී 54 වන ගීතිකාව ...
කරුණාබර අප පිය දෙවිඳේ කිතු ගී පුන ගැයුම: කරුණාබර අප පිය දෙවිඳේ මෙම දිවියෙන් පසු ඔබ දැක ගැන්මට වර දෙනු මැන අප සුර සමිඳේ සමිඳුනි ඔබගේ වචනය ලෙසින් ඔබ දාසයා දැන් සාමයෙන් හැරලනු මැනව මක්නිසාද ඔබ සියල් ජනයන් ඉදිරියේ සූදානම් කරන ලද ගැලවීම මම දැක ගතිමි ඊශ්‍රායෙල් ජනතාවගේ මහිමය ජාතීන්ගේ පැහැදීම පිණිස ආලෝකයද එයම වන්නේය පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා දැනුත් සදහටත් මහිමය වේවා දෙවිඳු ...