පළිගු කිරිල්ලී - පස්වන කොටස Kolompure ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජයවීරව ඇප පිට එළියට ගත්තේය. ඇප මුදල් බැඳ කූඩුවෙන් නිදහස්ව පිටව යන්නට ඇවිද එද්දී අනපේක්ෂිත ලෙස උසාවි භූමියේ රැදී සිටි මියගිය ළමයාගේ මව තමාලි හා ජයවීර දැක ඉදිරියට ආවේ බොහෝ කෝපයෙනි. “උඹ නේද මගේ දරුවා මැරුවේ? ඇයි මගේ අහිංසක දරුවාට ...
පළිගු කිරිල්ලී - හතරවන කොටස Kolompure රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුගේ අවසන් මස වැටුප් ලබාගැනිමේ හා ඔහුගේ නඩුවට රැකියාව කල ස්ථානයෙන් ලැබෙන පිටුවහල කුමක්දැයි සොයාබලන අටියෙනි. මුදල් අංශයේ කැෂියර්ගෙන් ජයවීරගේ අවසන් මස වැටුප ලබාගත් ඈ ඩිපෝ අධිකාරි හමුවීමට ගියා ය. විශාල උඩු රැවුලක් හිමි මැඳිවිය පසු කරමින් සිටි ඩිපෝ අධිකාරිතුමා දුටු තමාලිට ජයවීරලා ...
පළිගු කිරිල්ලී - තුන්වන කොටස Kolompure Posted: 27 Jul 2020 05:22 PM PDT“තමාලි අක්කේ. . . . තමාලි අක්කේ. . . . ගෙදර කව්දෝ. . . . . ” “කවුද? ආ . . . මේ මිල්ටන්නේ ඇයි මොකද? අද වැඩට ගියේ නැද්ද?”“නෑ, අද වැඩට ගියා. ඒත් මේ . . . . ”“වැඩට ගියානම් මෙහේ මොකද කරන්නේ? ඇයි ජයවීර අයියා පණිවිඩයක් කියන්න එව්වාද?”“නෑ අක්කේ පොඩි කරදරයක් සිද්ධවූනා.” ...
පළිගු කිරිල්ලී - දෙවන කොටස Kolompure Posted: 21 Jul 2020 05:22 PM PDTමෝටර් සයිකලයක් මිදුලේ නවතන හඬ ඇසුණායින් හිත තිගැස්සුණු ඉන්දිරා අම්මා දෙස බැලීය. නිදන කාමරයෙන් එළියට ආ තමාලි ඉස්තෝප්පුවට පැමිණියේ විජිතට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි. සයිකලයෙන් ආ තැනැත්තා තමාලිට සිනාවකින් සංග්‍රහ කරමින් ඉදිරියට ආවේය. ”කෝ ඉන්දිරා? මට දැන් ටිකකට කලින් හේමමාලි කිව්වා ඉන්දිරා ආවා කියලා.””ආ මේ නිහාල් අයියානේ මම පොඞ්ඩක් බය වූණා විජිතට ආරංචිවෙලා මෙහේ ආවවද්ද ...
පළිගු කිරිල්ලී - පළමු කොටස Kolompure Posted: 15 Jul 2020 08:35 AM PDT1පිම්මේ ආ තී‍්‍රරෝද රිය එකවරම ඉද්ද ගැසුවාක් මෙන් තිරිංග යොදමින් නැවත්වූයේ දහවල් හිරු රැසින් ගිනියම්වූ තාර පාරේ ටයර් කට්ට රටාවන් සිටිනසේය. දොර කවුලූවෙන් එන සුළං රැල්ලට දෑස් පියවීගෙන ආවා විතරය. තිගැස්සුනු ඉන්දිරා තමා සිටින්නේ කොහේදැයි සිහි එලවාගැනිමට ඈ ත්‍රීරෝද රියේ සිටම අවට බලමින් මඳ වේලාවක් ගත්තා ය. සුවිශාල කළු පැහැති ගේට්ටුවක් ඉදිරිපිට නතර කර ...
වැරදුන බඩේ අමාරු ප්ලෑන හා සමුගැන්ම - සයුරේ දසවසක් - 18 Kolompure Posted: 12 Mar 2020 05:25 PM PDTපාන්පිටි තොගයක් පටවාගත් නෞකාව යළිත් ති්රකුණාමයල වරායට සමුදි ගමන් ඇරඹුවේ අපගේ සුපුරුදු ගමනාන්තයවු කන්කසන්තුරේ වරය වෙතය. කොන්ඩය කපා නැවියෙක් වශයෙන් බෞතිස්ම කිරිමේ නවක වද සාදයෙන් පසුව තැන තැනින් කපා දැමු හිස කෙස් නිසි පරිදි කපා ගැනිමට කාල අවකාශයක් තිබුනේ නැත. ක්ලීන් සූට් එකක් හැද උදේ හවස දුම්රියේ බස් රථයේ තෙරපිගෙන යන රැකියාවක් නොවන නැව් ...
කොන්ඩය කැපිල්ල හා චමින්දයාගේ රෙදි සේදිල්ල - සයුරේ දසවසක් - 17 Kolompure Posted: 01 Dec 2019 07:27 PM PST මා සමගින් අමනාපයෙන් පසුවු එඩිසන් හා බක සිල්වා ඇතුලු කිහිප දෙනෙක් බලාසිටියේ පලිගැනිමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. විශ්ව විද්‍යාලයන් හි පවතින පළමු වසරේ නවක සිසු සිසුවියන් හට ලබා දෙන නවක වදය අවසන් වන්නේ බකට් කිරිමෙන් (නැහැවිමෙන්) පසුවය. බකට් කිරිම වැනි අපගේ සමාගම සතු නැව් වල තිබු චාරිත්‍රයක් වුයේ පලමුවෙන් නැවියෙකු වශයෙන් නැවකට නගින ආධුනිකයන්ගේ ...
එඩිසන්ගේ වැසිකිලි කෝපය - සයුරේ දසවසක් - 16 Kolompure Posted: 12 Nov 2019 10:08 PM PSTලංකාවේ උතුරු කොනේ වරාය වන කන්කසන්තුරය වාරය වෙත අපගේ නෞකාව ලගාවුනි. ප්‍රමාණයෙන් කුඩා නෞකාවන් වුවත් අපගේ නෞකාවන් කෙලින්ම වරාය තුලට ගෙන බඩු බෑම කරන්නට නොහැකිවුයේ බොහෝ කලකින් වරාය හාරා ගැඹුරුකල නොතිබු හෙයිනි. කලින් කලට දිය රළ සමගින් ඇදි එන මුහුදු වරාය පතුලේ ගැඹුර අඩු කරයි. වැලි පිරිගිය වරායන් හාරා ගැඹුරු කරනා ඩෙජර් නෞකාවන් (Dredger) ...
Untitled Post Kolompure රන් පදක්කමPosted: 16 Oct 2019 04:48 AM PDTහැන්දෑවේ බිම් කරුවලත් එක්ක ගෙට ගොඩවුන මගේ දෙනතට අහුවුනේ අමනාපයෙන්මෙන් මුහුනෙන් විහිදාගෙන හිටිය පුතාගේ අම්මා. පුතත් හිටියේ එච්චර හිත් හොදින් නොවන බව එයාගේ හැසිරිමෙනුත් පෙනුනා. හිත් නරක් වෙන්නට හේතුව මොකක්ද කියලා ඇසිල්ලකින් හිතේ ඇදුනා. ඒ තමයි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනේ පැවැත්වෙච්චි සමස්ත ලංකා කරාටේ ශූරතාවලිය. ඒකට පුතාත් එයාගේ පාසල නියෝජනය කරගෙන සහභාගිවුනත් මගේ රාජකාරිය ...
Untitled Post Kolompure බත්තල ඇදගෙන එම හා කරුවලේ විංචි පිසදැමිම - සයුරේ දසවසක් - 15Posted: 16 Sep 2019 04:19 AM PDT අප සමාගමේ අනෙකුත් නෞකාවන් සේ පේදුරු තුඩුවෙන් බඩු බෑමක් මා සිටි නෞකාවේ සිදු නොවුයේ අපට රැගෙන ආවේ ති‍්‍රකුණාමලය වරායේ සිට පාන් පිටි පමනක් බැවිනි. යලි ති‍්‍රකුණාමලය වෙත යාත්‍රා කරන්නට ප්‍රථම අපහට තවත් වැඩක් පැවිරුනි. පේදුරුතුඩුවේ වරායක් හෝ නැව් නැවැත්විමේ ජැටියක් නොතිබුනු හෙයින් ...
විදුලි පංකා හුටපටය හා නැව ගිනි තැබිම. - සයුරේ දසවසක් - 14 Kolompure Posted: 23 Jul 2019 09:26 PM PDT නෞකාව ගාල්ල වරායට සැපත්විමත් සමගම මාහට එහි හිටපු එකම හිතවතාවු කඩ්ඩාගේ පුහුණු කාලය අවසන්විය. කඞ්ඩා නැවෙන් සයින් ඔෆ් වි (Sign off) යාමෙන් පසුව ඔහු වෙනුවට නැවට එක්වුයේ එකනායක නම්වු ගාල්ලේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුය. ඔහු අපගේ පුහුනු පාසලේ පුහුණුවන්නෙකුවු අතර හේ මට වඩා වසරකින් කනිෂ්ඨ විය. සැබැවින්ම එකනායක නිහතමානි චරිතයක්වු අතර අප දෙදෙනා ...
1999 වල්ඩ් කප් එක හා හොල්මන් දැකිම.- සයුරේ දසවසක් - 13 Kolompure Posted: 01 Jul 2019 07:12 PM PDT 1999 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වුයේ එංගලන්තයේදිය. වසර විස්සකට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියත් එංගලන්තයේදිම යලිත් පැවැත්විම එක්තරා අහඹුවක්දැයි සිතේ. 96 වසරේ ලෝක ශුරයන්වු බැවින් අප සිතුවේ 99 දිත් ලෝක කුසලානයත් රැගෙන එන්නට අප කන්ඩායමට පුලුවන්වේ යැයිද එය අප සියල්ලන්ගේම පැතුම විද තිබුනි. 1999 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම මා ...
ජපනුන්ට වඩා හපන් අපි Kolompure Posted: 23 Jun 2019 10:38 PM PDTඋඩු ගුවනට ලංකාවේ නම අරගෙන ගිය රාවන් 1 චන්දිකාව ගැන ආඩම්බර වෙන මෙහොතක ඊටත් වඩා ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ඔන්න අපිත් සිද්ද කලා. ඒ ජපානය වෙනුවෙන් ලංකාවේ නිපදවු ගැඹුරු මුහුදේ කේබල් ඇතිරිමේ අධිතාක්ෂනික නෞකාව KDDI Cable Infinity සුබ මොහොතින් එහි ඇනවුම ලබාදුන් ජපානයේ කොකුසායි කෝබල් නැව් සමාගමට (Kokusai Cable Ship Company Ltd) භාරදුන්නා. මේ ...
ඔටෝ ලොන්ඩරි හා කොට්ටය අස්සෙන් ගත් බිත්තරය.- සයුරේ දසවසක් - 12 Kolompure Posted: 03 Jun 2019 10:45 PM PDT මේ නෞකාවට මා සේවය සදහා ගොඩවද්දි සිටි අය අතුරින් කිසිදා අමතක නොවනා චරිත කිහිපයක් සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් පසු කාලයකදී මේ නෞකාවට එල්ලවු ත්‍රස්තවාදි ප්‍රහාරයේදි අතුරුදහන් ලැයිස්තුවට එක්වුනි.මාගේ සේවය අයිති එන්ජින් අංශයේ ඔයිලර්ලා ලෙසින් සිටි ජයතිස්ස අයියා සිරුරෙන් තරමක් කොට ලෝක අන්ඩපාලයෙක් වු අතර ඇගපතින් වැඩුනු පබ්බතයාත් කපටිකයිරාටිකයෙක් වෙන්නට තැත් කර හත්පොලේ ...
සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11 Kolompure Posted: 19 Mar 2019 03:06 AM PDTසිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින් අවහිර කෙරුනු නැවියන්ට පමණක් කොටු කෙරුනු මේ අලංකාරලෙසින් මලින් පිරුනු ගහකොලින් වටවු එළිමහන් සිරකදවුරට පැමින සිරවන්නට සිදුවන්නේ පාන්පිටි නෞකාවට පැටවිමට ආ අවස්ථාවේදිය. මෙය වෙන කිසිවක් නොව ත්‍රිකුණාමලයේ පාන්පිටි කම්හලය. ...
වෙල්ඩර් හෙල්පර් ගේ අවසානය - සයුරේ දසවසක් - 10 Kolompure Posted: 14 Feb 2019 10:21 PM PST”උඹ එනවාද නාන්න යන්න?””නාන්න? කොහේද මුහුදේද?””පිස්සුවටද මුදේ නාන්නේ? ෆෙෂ් වොටර් තියෙද්දි.””කොහේද තියෙන්නේ? මේක නිකං කාන්තාරයක් වගෙයිනේ.”සුළඟට ඇවිස්සි ඉහිල නගින දුළි වලාවන් දෙස බලමින් මා කඞ්ඩාට කිවෙමි.”කෑම්ප් එකෙන් පිට ලිඳක් තියෙනවා එකෙන් නාන්න පුළුවනි. එනවා නම් දෙකාට කියලා වරෙන්.” නෑමට වඩා නොදුටු කන්කසන්තුරය දැක බලාගැනිමේ නොනිත් ආසාව මා පෙලබවන්නට ඇත. ඉක්මනින් තුවායක් හා කළිසමක් කරට ...
කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට - සයුරේ දසවසක් - 9 Kolompure Posted: 11 Jan 2019 09:28 PM PSTඉහළට නැග එන මුහුදු රළ ප්‍රධාන තට්ටුවේ ගෑවි නොගෑවි ගමන් කරයි. පැරණි ලොරියක් බෑගිරි ගසමින් කන්දක් අදින්නාසේ වරින් වර අඩු වැඩි වෙමින් නැගෙන ප්‍රධාන එන්ජිමේ අදෝනාව යාන්තමට ඇසේ. කෑලි කැපිය හැකි තිත්ත කළුවර නිසා මුහුදේ කිසිවක් නොපෙනේ. නැව ගමන් කරනවාද නැතිනම් එක තැන නතරකර තිබෙනවාදැයි සිතාගත නොහැක.”එයි මල්ලි මෙහෙට වරෙන්.”කට්ට කරුවලේ මෙස් කාමරයේ හැඩ ...
දළ රළ පෙලට හසුව - සයුරේ දසවසක් - 8 Kolompure Posted: 17 Dec 2018 06:25 PM PST ගාල්ලෙන් පිටත්වු පසු දළ රළ පෙල අප පිඩාවට පත්කරවන්න පටන් ගත්තේ වියරුවෙන් මෙන්ය. අධික ලෙසින් නෞකාව පැද්දෙන්නට පටන්ගත් බැවින් අපට සී සික් සැදි දවස පුරාවට නොකා නොබි වමනය කරන්නට සිදුවුනි. දැඩිව පැද්දෙන එවන් දිනවලදී නෞකාවේ ජල ටැංකි සියල්ල කැලති ටැංකියේ පතුලේ රැදුනු මඩ හා මලකඩ ඇවිස්සී ගොසිනි. අපහට පාවිච්චි කරන්නට පමනක් නොව පානය ...
කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7 Kolompure Posted: 06 Nov 2018 11:43 PM PST එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය බලා පිටත්වුයේ නාවිකයින් කිහිප දෙනෙකු තම සේවය නිම කර පිටත්විමෙන් අනතුරුවය. අප සමගින් සිටි ඉතා සුහදශිලි චරිතයක් වු ඔයිලර් අල්විස් අයියාද මෙසේ ගාල්ලෙදි අපෙන් සමුඅරන් නැවෙන් බැස ගිය නාවිකයන් අතර විය. ඔහු අපට ආධුනිකයින් කියා වෙනසක් ...
පළිගු කිරිල්ලී - තුන්වන කොටස Kolompure “තමාලි අක්කේ. . . . තමාලි අක්කේ. . . . ගෙදර කව්දෝ. . . . . ” “කවුද? ආ . . . මේ මිල්ටන්නේ ඇයි මොකද? අද වැඩට ගියේ නැද්ද?”“නෑ, අද වැඩට ගියා. ඒත් මේ . . . . ”“වැඩට ගියානම් මෙහේ මොකද කරන්නේ? ඇයි ජයවීර අයියා පණිවිඩයක් කියන්න එව්වාද?”“නෑ අක්කේ පොඩි කරදරයක් සිද්ධවූනා.” “ඇයි අදත් බස්එක කොහේ හරි වද්ද ...