පළිගු කිරිල්ලී - විසිහතරවන කොටස Kolompure “අම්මා ඇයි මේ හදිසියේ?”“කෝ විජිත ළමයා?”“දැන් වැඩ ඇති අම්මේ.”“මම විජිතව මුණගැහිලා එන්නම්.”“මොකක්ද හදිසිය කෝ පොඩි මාමා?”“මම ගිහිල්ලා එන්නම් කෝ.”“ඉන්න තේ ටිකක් බීලාම යන්න.”“බෑ ආවාම බොමු.”අම්මා වෙනදා පසුවන විනෝදකාමි සිනහරැල්ල අතුරුදහන්ව කලබලකාරි වෙනස් ස්වරුපයක් ගෙන තිබීම ඉන්දිරාට ඇතිකළේ යම් විමතියකි. අම්මා බොහෝ විට තනියම පැමිණ නැතිබව පසක්විය. එක්වරම ඇගේ සිත තුළට අහේතුක බියක් දැනෙන්නට විය. තවත් අඬ ...
පළිගු කිරිල්ලී - විසිතුන්වන කොටස Kolompure “ ගෙදර කවුද?”නිවසේ මිදුල පැත්තෙන් ආගන්තුක ගැහැණු කටහඬක් ඇසුනු බැවින් ඉන්දිරා පැදුරේ හෙවා කිරි දෙමින් සිටි කුඩා මල්ෂා ගෙන් තම තන පුඬුව ඉවතට ගෙන බ්රෙෂියරයේ රඳවා ගත්තා ය. අඬ නින්දේ පසුවූ මල්ෂාව අනෙක් පසට පෙරලා කොට්ට කිහිපයක් මල්ෂා වටා තබා ඇඳ සිටි චීත්තය තදකර ගැට ගසමින් fදාර දෙසට ඇවිද ආවා ය. අව්වට පිළිස්සුනු තද පැහැති සමකින් යුත් කෙට්ටු යුවතියක් මාස ...
පළිගු කිරිල්ලී - විසි දෙවන කොටස Kolompure ඉරාකය විසින් කුවේටය ආක්රමනය කිරීමෙන් තමාලිගේ මැදපෙරදිග දෙඅවුරුදු සේවා කාලය නොසිතුවිරූ ලෙසින් මාස කිහිපයකට දීර්ඝ විය. තමාලිව නිවසේ තනිකරවමින් ඇගේ හාම්පුතුන් කුවේටයෙන් යුරෝපා රටකට පැනගත්තේය. ඔවුන්ගෙන් කිසිඳු පිළිසරණක් නොමැතිව අනෝරා දුක් විදිමින් සිටි ඈ මාස කිහිපයක පඩි සල්ලිද නොමැතිව ලංකාවට පැමිණියා ය. කිසිඳු ලිපිගනුදෙනුවක් සිදු නොවුනු බැවින් තමාලි හා හල්දුම්මුල්ල ...
පළිගු කිරිල්ලී - විසි එක්වන කොටස Kolompure රෑනට පිටව යන ළමුන්ට යන්නට ඉඩ හැර වෙන්ව පාරට ආ ඈ සුපුරුදු බස් නැවතුම දෙසට ඇවිද ආවේ විජිතගේ රුව දැකිනා බලාපොරොත්තුවෙනි. ඈත තියාම බස් නැවතුම දෙසට තම නෙතු යොමුකරවාගෙන ආ බැවින් ඔහු එහි සිටිනා බව දැක ගත්තා ය. විජිතගේ කඩවසම් රූපකාය දුටු විගසින් තම හදවත කොනක ඇතිවූ සියුම් මිහිරක් ...
පළිගු කිරිල්ලී - විසි වන කොටස Kolompure යටිකයෙන් නැගෙන වේදනාවත් සමඟින් උදේ අවදිවූ ඉන්දිරාට සිරුරේ තැලී පොඩිවුණු අත්පා වලින් නැගෙන වේදනාවන්ට වඩා සිත තුළ කැකෑරෙන දුක් වේදනාවන් බලවත් විය. පෙර දින රාත්‍රියේ ගෙවුනු ඒ මූසල හෝරාව ගැන යළිත් සිහිපත්වෙද්දී මුළු සංර්වාංගයම බියෙන් සසළ වන්නට විය. නෙත් බොදකරමින් නැග ආ කඳුළු පටලය තුළින් බිම වැතිර ගොරොද්දේ අදිමින් නිදන තාත්තා ඈ දුටුවා ය. අප්‍රාණික සිරුර අවදිකරවාගෙන අමාරුවෙන් වූවත් ඈ ...
පළිගු කිරිල්ලී - දහනව වන කොටස Kolompure අවසාන හමුවීමෙන් පසුව දින ගණනාවකින් නිලන්තගෙන් කිසිඳු ආරංවියක් නොලැබූ නිසා ඉන්දිරා සිටියේ හේබාගිය හොන්දුමාන්දු ස්වරුපයෙනි. කඳවුර මාරු කරන විත්තිය කී නමුත් ඔවුන් උතුරේ යුද්ධය දරුණු ලෙසින් ඇවිල යන කාල වකවානුවක් වූ බැවින් නිලන්තවත් සටනට කැඳවීදැයි ඈට නිරන්තරව සිතුනි. දිනෙන් දින ගෙවීයමින් ප්‍රමාදවන නිලන්තගේ ලිපි ගැන සිතන්නට වූවායින් ඇගේ ආතතියද වැඩිවූවාය. ෆැක්ටේරියට දුරකථන ඇමතුමක් දීමටවත් නොහැකි උතුරේ ...
පළිගු කිරිල්ලී - දහඅටවන කොටස Kolompure කොලුගැටයා ගිය පසු කාමරයේ දොර වසාදැමූ නිලන්ත විදුලි පංකාව ක්‍රියාත්මක කෙරුවේය. යුගල ඇඳක්ද තුවා දෙකක් දමන ලද ඇඳුම් රැක් එකක් හා කණ්නාඩි මේසයකින් සමන්විතවූ එම කාමරයේ එක් පසෙක කුඩා ප්‍රමාණයේ රුපවාහිනි යන්ත්‍රයක්ද සවිකර තිබුණි. කිසිදු රැල්ලක් ඇති නොවන ලෙසින් ඇඳ මත අතුරා තිබූ සුදු ඇතිරිල්ල දෙස මඳ වේලාවක් බලා සිටි ඈ කාමරයේ කෙළවරකට වන්නට තිබුණු කණ්නාඩි මේසය අසළට ගියා ය. ...
පළිගු කිරිල්ලී - දහහත්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දහහත්වන කොටස බසයෙන් බිමට බට ඔවුන් අවට බැලුවත් නිලන්ත සිටින ඉසව්ව හොයාගත නොහැකි විය. එන්ජිම සැරදමා බස් නැවතුමෙන් ඉදිරියට ගත් බසය ගාලු පාර හරහට දමා හරවා ගත්තේ යළිත් පිටත්වීමට නියමිත බස් නැවතුම වෙත යන්නටය. බස් නැවතුමෙන් හරවාගෙන ...
පළිගු කිරිල්ලී - දහසය වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දහසය වන කොටස “ඉන්දිරා .. . මේ ඉන්දිරා ළමයෝ ... ” “ඇයි ඇන්ටි?”“ඔයාට ලියුමක් ඇවිල්ලා තිබුනා එක ඔයාට දෙන්න අමතක උනා.”බෝඩිමේ ඇන්ටි තම නිවසේ දොරකඩ සිට ඉන්දිරා අමතා ලියුම් කවරයක් දිගු කළා ය. සුදු නැන්දාගේ නිවසින් ඇරෙන්නට බෝඩිමට ලියුමක් එවන්නට කෙනකු නැති වීමත් හා හදිසියක් නම් ටෙලිග්‍රෑමයක් එවනවා මිස සුදු නැන්දා ලියුම් එවන්නේ නැති බවත් දන්නා නිසා ඉන්දිරා ව්‍යාකූලත්වයට ...
පළිගු කිරිල්ලී - පහළොස්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - පහළොස්වන කොටස කොළඹට යන බසයක් එනතෙක් හල්දුම්මුල්ලේ රැඳී සිටි ඉන්දිරා ඇඟිල්ලක් ඔබාගන්නට බැරි තරම් සෙනඟින් පිරී තිබූ බස් කිහිපයකටම නොනැඟ යන්නට ඇරියාය. කොතරම් එපා කිව්වත් සුදු නැන්දා කෙසෙල් කොළයක ඔතා දුන් විශාල බත් මුලත් බෝඩිමට ගෙනයාමට ගත් ඇඳුම් කිහිපයත් ඇතුළු තවත් කළමණා කිහිපයක් තිබුනු බැවින් ඇඟේ ගමන් මල්ල සිතුවාටත් වඩා විශාල විය. මෙවැනි බෑගයක් කරපින්නාගෙන පොල් පටවාපු බස් ...
පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස Kolompure පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවී තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය.“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”“කෝ බං කවුද?”“අර දැන් මේ පැත්තට එන්නේ.”ඉන්දිරා ඇය කියු ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල ...
පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස “කවුද ඉන්දිරා කියන්නේ?”ගුරුවරයෙකු නොසිටි කාල පරිච්ඡේදයක පන්ති කාමරය තුළට ආ කාර්යාලයේ සේවයේ නියතු සුමනේ මාමා විමසීය. එක්වරම පන්තිය දැඬි නිහඬතාවයක ගිලුණි. සියල්ලන්ගේ දෑස් ඉන්දිරා දෙසට යොමුවීම නිසාවෙන් ඉන්දිරා දැඬි අපහසුතාවයකට මුහුණ දුන්නා ය. ඈ අසීරුවෙන් මෙන් තම අසුනින් නැගිටගත්තාය.“ම...ම ... මම ඇ...යි? ”“ඔය ළමයාට ඔෆිස් එකට එන්නයි කිව්වා.”වෙනින් යමක් විමසන්නටත් ...
පළිගු කිරිල්ලී - දෙළොස්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දෙළොස්වන කොටසදිනක් සුදු නැන්දා නිවසින් පහළට බැස පාර අද්දරටවී තමන් පාසල් නිමව එනතෙක් පෙරමඟ බලා සිටිනා අයුරු ඉන්දිරාට අදහාගත හැකි නොවීය. එය ඇගේ සිතේ යම් තරමකට අවිනිශ්චිතභාවයක් ඇති කරවන්නට විය. සුදු නැන්දාගේ මුහුණේවූයේද තරමක කලබලයටපත්වූ ලෙසකි. එය දුටු ඉන්දිරාද තැතිගත්තා ය.“ඇයි සුදු නැන්දේ? ඇයි මෙතන කරන්නේ?”“නෑ මම මේ පොඞ්ඩකට පහළට ආවා දැන් උඹලා එන නිසයි මඟ නතරවෙලා ...
පළිගු කිරිල්ලී - එකළොස් වන කොටස Kolompure අම්මා ඇඳේ වැතිර පොඩි මල්ලි දිනේෂ්ට කිරි පොවනා දෙස බැලූ ඉන්දිරා කාමර දොරේ තිර රෙද්ද හිමිහිට පහළට දමා කාමරයෙන් පිටට ආවා ය. ලොකු මල්ලි කෝලිත මිදුලේ වැලි හාරමින් පොල්කටුවකට පුරවනු බලා සිටි ඈ මුහුණ සෝදාගෙන ගෙට එන ලෙසින් ඔහුට අණ කළා ය. ස්භාවයෙන්ම නිහඬ චරිතයක්වූ කෝලිත ඉන්දිරා හා එක්ව සෙල්ලම් කිරීමට නොකැමති විය. හපුතල් කන්ද දෙසින් ආ සීතල සුළඟ ඉන්දිරාගේ ...
පළිගු කිරිල්ලී - දසවන කොටස Kolompure පළිගු කිරිල්ලී - දසවන කොටස තමා ඉගෙනගත් වල්හපුතැන්නේ පාසලට මල්ෂාව ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා දින දෙකක නිවාඩුවක් අනුමත කරගත් ඉන්දිරා සෙනසුරාදා දින හපුතලේ යෑමට ඉටාගත්තා ය. නිවාඩු ගැනීමේ අපහසුව නිසා රැකියාවට පැමිණ මාස එකහමාරක් පසුවූවත් ඈට මල්ෂාව බලන්න හපුතලේ යෑමට නොහැකිවිය. සුදු නැන්දා වරින්වර දන්වා එවූ පරිදි වෙලාසනින් අවශ්‍ය ලිපි ලේඛන කටයුතු සකස්කරගෙන තිබීම පහසුවක් ...
පළිගු කිරිල්ලී - නව වන කොටස Kolompure පළිගු කිරිල්ලී - නව වන කොටස අවුරුද්දෙන් භාගයකටත් වැඩි කාලයක් ගෙවි ගොස් තිබුණත් සුදු නැන්දාගේ උපකාරයෙන් නිවස ආසන්නයෙන් පිහිටා තිබූ පන්සලේ පෙර පාසලට මල්ෂාව ඇතුළත් කර ගැනීමට හැකිවුණි. මල්ෂා රැගෙන යෑම එම හා ඇගේ අනෙකුත් කටයුතුද සුදු නැන්දා ස්වෙච්ඡාවෙන් බාරගත්තේය. මල්ෂාද ටිකෙන් ටික ඇයවෙත නැඹුරුවූයේ සුදු ආච්චි යැයි ආමන්ත්‍රණය කරමින්ය. ඥාතීන්ට හා අසල්වැසියන්ට මුහුණ නොදි එළිපහලියකට නොබැස ...
පළිගු කිරිල්ලී - අටවන කොටස Kolompure පළිගු කිරිල්ලී - අටවන කොටස ශාරිරික හා මානසික තෙහෙට්ටුව බැට දෙද්දී ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීමට තරම් ශක්තිමත් හා එඩිතරවූ තමාලි කිසිසේත්ම ගැටළු වලින් පළායෑමට තරම් නිවට නොවීය. කෙතරම් අපහසුතා මධ්‍යයේ වුවත් සුදු නැන්දා හා පොඩිමාමා සොයා හපුතලේට ගියා ය. හොඳින් අධ්‍යාපනය හදාරා රජයේ ලිපිකාර තනතුරක් දරන පොඩිමාමා වයස අවුරුදු පනහට ආසන්නයේ වූ අතර ප්‍රදේශයේ සමාජසේවා වැඩවලට මුල් තැනක් අරගන්නා ...
පළිගු කිරිල්ලී - හත්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - හත්වන කොටස යළිත් ජයවීර නොමැති ඡීවිතයකට හැඬගැසීමට තමාලිට හා දරුවන්ට දින කිහිපයක් ගතවිය. නිවසේ ආර්ථික තත්වය එන්න එන්නම දුර්වල වෙද්දී තමාලි රැකියාවක් සොයාගැනිමට උත්සාහකළා ය. මිල්ටන් මල්ලි හමුවට ගොස් රැකියාවක් සොයාගැනිමට උදව්වක් ලබාගත හැකිදැයි විමසිමට තමාලි අදහස් කරගත්තා ය. එහෙත් ඇය නොසිතුපරිදි සැමුවෙල් මුදලාලි තමාලි හමුවිමට පැමිණියේ මේඅතරවාරයේදීය. ඔහු ඇගේ අරාධනාවකින් ...
පළිගු කිරිල්ලී - හයවන කොටස Kolompure පළිගු කිරිල්ලී - හයවන කොටස නැකත යෙදී තිබූ දිනයේ උදෑසනම ළිඳ වෙත රැගෙන ගිය ඉන්දිරාව සුදු නැන්දා පිච්ච මල් දැමූ සීතල වතුරෙන් නහවා කළගෙඩිය ළිං පඬියේ ගසා කුඩුකර දැම්මා ය. චීත්තයකින් ආවරණය කරගත් ඉන්දිරාව නිවසට රැගෙන ගොස් අලුත මැසු රෝස පැහැති ගවුමෙන් සැරසීය. කාමරයක දින ගණනාවක් කොටුවී සිටී එම දින කිහිපයට ශරිරය මඳක් වැඩී පිරිපුන් ගතියක්ද මුහුණෙන් පැහැපත් පෙනුමක්ද දිස්වීය. ...
පළිගු කිරිල්ලී - පස්වන කොටස Kolompure ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජයවීරව ඇප පිට එළියට ගත්තේය. ඇප මුදල් බැඳ කූඩුවෙන් නිදහස්ව පිටව යන්නට ඇවිද එද්දී අනපේක්ෂිත ලෙස උසාවි භූමියේ රැදී සිටි මියගිය ළමයාගේ මව තමාලි හා ජයවීර දැක ඉදිරියට ආවේ බොහෝ කෝපයෙනි. “උඹ නේද මගේ දරුවා මැරුවේ? ඇයි මගේ අහිංසක දරුවාට ...