මට හමුවුණු මිනිසුන් 1 කොටස - ගස් සිටවන්නිය රස්තියාදුකාර පුරවැසියා මට ඇය හමුවුනේ 2015 අවුරුද්දේ විතර වෙන්න ඕනෙ. සුදු පාට දිග කොණ්ඩයක් තිබුණු ඇය නෝවීජියානු ජාතික සරණාගත කාන්තාවක්. දැනටනම් ඇය පදිංචිව ඉන්නෙ මැලේශියාවේ නගරබද තට්ටු නිවාසෙක. මේ හමුවීමත් හරිම අහම්බයෙන් සිද්ද උනේ. ඉස්සර මම පුරුදු වෙලා හිටිය කොළඹ මහජන පුස්තකාලෙට සති දෙකකට සැරයක් ගිහිං එන්න. හේතුව උනේ ඒ කාලෙ මම ඉගෙනගනුමින් හිටපු මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ගැන මහජන පුස්තකාලේ තිබුණු බොහොම ...
2කොටස - මිතුරන් සහ අතීතය රස්තියාදුකාර පුරවැසියා පළවෙනි කොටස මෙතනින් බලන්න “මයෙත් හිතට මහා බරක් අයිය මේව නං. දැං බලහං උඹලෑ පවුලෙ අම්ම අප්ප අරි යහතින් ඉන්නව. මයෙ රත්තරං අම්ම අප්ප අකාලෙ පරලෝ ගියා. මගෙ අන්නා, ඌත් ඌරු තුවක්කුවකට අහුවෙලා පිටගැස්ම හැදිල ඒත් පරලෝ ගියා... මාත් අරියට උඹලෑ අර බණපොත් වල ඉඳපු ළමයි ටිකයි මිනිහයි නැති වෙච්චි ගෑණි වගේ බං!” පෙරියපුල්ලේ බිඳුණු හඬකින් පැවසීය.ගිණිමැලයෙහි උණුසුම පැරදීමට මෙන් ...
ආච්චි අම්මා සහ ලෝක යුද්ධය (grandma and the world war-2) රස්තියාදුකාර පුරවැසියා ආච්චි අම්මා සහ ලෝකයුද්ධය (Grandma and the World War 2)කෝච්චි කතා(Train Talks) 3 කොටසමේ කතාව රස්තියාදුකාරයගෙ ආච්චි අම්ම ගැන. ආච්චි අම්ම රස්තියාදුකාරය දැකපු සැබෑ දිරිය කාන්තාවක්. රසට උයන්නත් පුළුවන්.ඉස්සර රස්තියාදුකාරයගෙ තාත්තගෙ පවුල ගොඩක් දුප්පත්. රස්තියාදුකාරයගේ සීය මියගිහින් තියෙන්නෙ තාත්ත පොඩි කාලේ. ඉතින් මුළු පවුලේම බර කරට අරං වැඩකරල තියෙන්නෙ ආච්චි අම්ම තමයි. ඉස්සර ආච්චි අම්ම උදේ පාන්දර නැගිටල එහෙම තේ ...
නාට්ටාමී 2 කොටස - දත් දොස්තර රස්තියාදුකාර පුරවැසියා “මහත්තයො මයේ හිතේ ඒ 75 අවුරුද්ද වෙන්නෝනෙ” සිරිපාල කතාව අරඹයි.ඒත් සමඟම ඈතින් කොහේදෝ සිට පැමිණි පූසෙක් ඤාව් හඬක් නගමින් සිරිපාලගේ පයෙහි දැවටෙයි.“මතකෙ හැටියට ඒ කාලෙ මං දාහතේ විතර ඉලන්දාරිය. ඔය කාලේ ඉතින් මට ඔය ගෙයක් දොරක් කියල එහෙම දෙයක් තිබ්බේ නෑ, පාරෙ වහලයක් යට තමයි ලැගල හිටියෙ. ඉතිං මහත්තයො මට ඔය ජිවිතේ එපා උනා. හරිහැටි රස්සාවක් නැති නිසා මං මෙන්න ...
නාට්ටාමී 1 කොටස - ඇරඹුම රස්තියාදුකාර පුරවැසියා නාට්ටාමි 1 කොටස - ඇරඹුම“මගෙ නම මහත්තයො සිරිපාල. හැදුනෙ වැඩුනෙ බොරැල්ලෙ කඩකෑලි යට”ඒ සිරිපාලගේ කටහඬයි. දැන් තලතුනා වියෙහි පසුවන ඔහු තනිකඩයෙකි. ඇතැම් දින වල සවසට ජිනා කොලුවා අත කාලේ බෝතලයක් ගෙන්නා ගන්නා ඔහු එයත් රැගෙන වරාය පේන තෙක්මානයේ ඔහුගේ හුරුපුරුදු ඉසව්වට සැපත් වෙයි.“මං එදා ඉඳලම ආසයි මූදට. අපිත් නිකං රැලි අස්සෙ හැංගිලා එන පෙණ වගේ. මට දැං මේ ජීවිතේ සැපයි.. ...
විමලෙයි පෙරියපුල්ලෙයි මුහුදයි රස්තියාදුකාර පුරවැසියා 1 විමලේ සහ පෙරියපුල්ලේ “ කෝම අරි ඉන්දියන් බෝඩරේ පයින්න ඕනෙ විමලෙ අයිය” පෙරියපුල්ලේ නොසැලකිල්ලෙන් මෙන් දැල විසිකරමින් විමලේට පවසන්නට විය. ජලතලයේ වැදී ඔහුගේ වචන ඔහේ පාවී යන්නට විය . ඈත අහසේ කොනක ඉර බැසයමින් තිබූ අතර විමලෙ අයියා අනන්තය දෙස නෙත් යොමා, දැල්වෙමින් තිබූ බීඩියෙන් දුම් ගුලියක් පිටකළේය. “ඔව් බං, මේ වතුරත් වෙඩිබේත් ගඳද මන්ද. අනික බලපන් මාලු, උං ...
පෙරහැර , තාක්ෂනය සහ තාක්ෂණික වහළුන්(perahara , Thechnology and Technological Slaves) රස්තියාදුකාර පුරවැසියා කෝච්චි කතා අංක 6පෙරහැර , තාක්ෂනය සහ තාක්ෂණික වහළුන්(perahara , Thechnology and Technological Slaves)බොයිල් කරන ලොරියක් ඇතුලෙ...ගෑණු අයගෙ ඕපදුප...පිරිමි අයගෙ බර සාකච්ඡා...මේ හැමදේම පෙරහැරක් බලන්න යන්න...ඒ පනහෙ දශකෙ...වලවල් තිබුණු පාරවල්...සරදියෙල්....ගැස්සි ගැස්සි යන ලොරි කබල්...බිම එලපු පැදුරක්...හැලප වට්ටියක්...අග්ගලා බෝල ටිකක්....ඉඟුරු දාපු තේ පෝච්චියක්...මේ හැමදේම පෙරහැරක් බලන්න යන්න...“ආං පුතේ දළදා හාමුදුරුවො”...“අප්පේ ගිනිබෝල වල ලස්සණ”...“අර වෙස් නැට්ටුවො”...“අම්මෝ ඇතාගෙ තේජස”...ඒ ඉස්සර...සී සී ඩී සෙන
මම දැක්ක සීගිරිය රස්තියාදුකාර පුරවැසියා ඊයේ මං සීගිරි ගියාcoral painter photoshop cs6 පාවිච්චි කරල ඇන්දෙ..
දෙවියන් අප අතරමයි ! - මට හමුවුණු මිනිසුන් 2 කොටස රස්තියාදුකාර පුරවැසියා මිනිසුන් මිනිසත්කම ඡායාරෑපය ගූගල් වෙතින්. හිමිකම් ඡායාරෑප ශිල්පියා සතුයි.මම අද කියන්න යන්නේ කතා දෙකක්. අපි අතරේම ඉන්න මිනිසුන් කොට්ටාශයක් පිළිබඳව.මිනිස්සු ඔවුන්ව විවිධ නම් වලින් හඳුන්වනව. බොහෝ මිනිස්සු ඔවුන්ව හඳුන්වන්නේ රණ විරුවන් කියල. එහෙම උනත් මේ හැඳින්වීමෙන් අපගමනය වෙච්ච සමාජයේ මධ්‍යමපාන්තික උගත් කියල සම්මත (ගොඩක් දුරට මම දැකපු විදියට) සමහරක් මිනිස්සු මොවුන්ව හඳුන්වනව "ආමි කාරයා" වගේ නමකිනුත්; අර ග්රාමාරක්ෂක මහත්වරුන්ට ගම්බට්ටන් ...
නගර දසුන් 1 රස්තියාදුකාර පුරවැසියා නගර දසුන් 1පොළදාට පෙර රාත්‍රිය ...coral painter හා photoshop cs6 යොදාගනිමිනි.
නාට්ටාමී 3 කොටස - මෝචරියේ ජෝගිය රස්තියාදුකාර පුරවැසියා "ආ මහත්තයො...!"සිරිපාල තම බුලත් කහට රැඳුනු දත් දෙපල පෙන්වා සිනාසෙයි."අඩේ නඩේෂන් දීපං මේ මහත්තයට බංකුවක්.." සිරිපාල අසල එළවලු ලෑල්ලේ අයිතිකරු වූ නඩේෂන් ට පවසයි. කුඩා මිටි බංකුවක් පසෙකින් තබන නඩේෂන්, විදුරු කෝප්පයකට ප්ලේන්ටි ස්වල්පයක් දමා මාහට පිරිනමයි."ඉඳන් බොන්ඩ ෂර්,,,"නඩේෂන් වූ කලී කාලවර්ණ සිරුරකට හිමිකම් කියූ මිටි මිනිසෙකි. තොග එළවලු ලෑල්ලක් කරන ඔහු අතීතයේ පටන්ම සිරිපාලගේ ගජ මිතුරෙකි. ඉක්මනින් කිපෙනසුළු කුකුල් ...
හුස්ම රස්තියාදුකාර පුරවැසියා ඒ මීට අවුරුදු අවුරුද්දකට විතර කලියෙන්. මේක සිද්ද උනේ මගේ යාලුවෙක් ට. උගේ නම මනුරංග. අපි විහිලුවට කිව්වෙ ...ම්බා කියල. උගේ විනොදාන්සෙ උනේ සති දෙහෙකට විතර සැරයක් ඔය කොහේ හරි බඩු පොට් එහෙකට රිංගන එක. ඒ වගේම ඔය මනුරංගය ජොයින්ට් පප්ප. ඒ වගේම ජාන වලින්ද මන්දා ආපු හරි ළාමක ලපටි පෙනුමක් තිබ්බ උට. අපේ අම්මල , පහළ ගෙදර ඇන්ටි , ...
මඩ නාගත් දරුවා - මට හමුවුණු මිනිසුන් 3 කොටස රස්තියාදුකාර පුරවැසියා මේ මෙගේ ජිවිතේ තුල හම්බු උණු තවත් අපූරු චරිතයක් ගැන කතාවක් . හැබැයි මේ පාර නම් ලියන්නේ පොඩි කොල්ලෙක් ගැන... "අපිට මාළුවෙක් ඕනේ..."හැමදාම අපේ ගෙවල් පාරෙ යද්දි මම අහන්න බලාපොරොත්තු වෙන වචන ටිකක් තියෙනව..."...අයියෙ අපිට මාළු නැද්ද?.... අපිට මාළුවෙක් ඕනේ... කෝ ඔයාලෑ අම්ම..."මම හැමදාම පාරෙ යනකොට ඈත තියාම මගෙ ලඟට දුවගෙන එන මේ පොඩි කොල්ල අහනව.."...කෝ ඔයා ජෑම් බෝතලයක් අරං ...
කෝච්චි කතා (train talks) රස්තියාදුකාර පුරවැසියා රස්තියාදුකාරය හැමදාම තමන්ගේ එදිනෙදා ගමන් වලට පාවිච්චි කරන්නෙ කෝච්චිය. පොඩි කොල්ලෙක් විදිහට කෝච්චියේ ගමන පටන් ගත්තු රස්තියාදුකාරයට අවුරුදු ගානක් සමාජයේ ඇතිවුණු නැතිවුනු ගොඩක් දේවල් දකින්න ලැබුණ. හැමදාම උදේටත් හවසටත් ෆුට්බෝර්ඩ් එකට සැපත් වෙන රස්තියාදුකාරයා සමහරක් දවසට හුලං පාරක් වැදී වැදී මිනිස්සුන්ගේ හැසිරීම පොඩ්ඩක් බලං ඉන්නව. මේ ඒ වගේ දැක්ක දේවල් කීපයක්.ඕන් ජාතිවාදේ නෙවේ... මොලේ ඇතුව කියෝල තෙරුන්ගන්න...කවියක් වගේ කියවන්නත් එපා...2006ත් ...
මකුළුවා සහ කෝච්චිය රස්තියාදුකාර පුරවැසියා මගෙ ජිවිතේ ගෙවෙන ජරාම පැය එකහමාර එදත් වෙනද වගේම ගෙවෙන්න ගන්නව ...කෝච්චිය කොළඹ ඉඳන් පාදුක්කට ටිකෙන් ටික ලංවෙන්න ගන්නව ...සෙනග පිරිල ; තෙරපිල තෙරපිල , පිස්සු වැටෙන තරං රස්නයක් දෝරෙගලන පෙට්ටි හය ඇතුලෙ මිනිස්සු හැමදාම කරන සටන අදත් ඒ විදිහටම කරනව ...."ඇයි දෙයියනේ මෙච්චර කරුමයක් ?" මම මගෙන්ම අහගන්නව ....."මචං ටකරං වදියි බලාගෙන!" ෆුට් බෝර්ඩ් එක ගාව හිටන් ඉන්න , ...
ඇරඹුම 1.0 රස්තියාදුකාර පුරවැසියා මට හිතුන හැමදාම ගෙවෙන ජිවිතේ ඇතුලෙ වෙච්චි සිද්ධි ටිකක් වචන වලට හරවන්න.මේක මට ඊයේ වෙච්ච දෙයක්...ඔන්න අපේ ගෙදර ගෑස්සෙක ඉවර වෙලා. අම්මත් ඉස්කෝලෙ ගිහිං. දරලිප පත්තු කරන්න තියෙන කම්මැලිකම හින්ද, මං තීරණය කොළා ලඟපාත තියෙන සඳසිරි අයියගෙ හෝටලේට ගිහිං තේ එකක් හෙම බීල, උදේටත් කාල එන්න. මං ඉතින් පාරදිගේ යනව. ඉස්කෝලෙ හරියේදි මොකෙක්ද එකෙක් 'මාමේ මාමේ' ගානව. මං හැරිල බැලුව.අම්මටසිරි ...
කෙටියෙන් යථාර්ථය රස්තියාදුකාර පුරවැසියා මහණෙනි,යමෙක් ධර්මය දකී ද හේ පටිච්චසමුප්පාදය දකියි.යමෙක් පටිච්චසමුප්පාදය දකී ද හේ මා දකියි.දකින්න.. අවිද්‍යාව නිසයි සංස්කාර හටගන්නේ...සංස්කාර නිසයි විඥානය(සිත) හටගන්නේ...සංස්කාර කියන්නේ මොනවද?... ඒ තමයි ඉපදීමට හේතු...feelings..thoughts..actions...කෙටියෙන් අටලෝදහමින් සිදුවන ධන රින දේවල්....හරි...දැන් මේවා ඇතිවීමට හේතුව මොකක්ද?... ඔව්...අවිද්‍යාව... අවිද්‍යාව කියන්නේ මොකක්ද?....අවිද්‍යාව තමයි දුක... දුකට හේතුව...දුක නැති කිරිම...දුක නැති කිරීමේ මාර්ගය නොදැනිම,නොතේරීම....එහෙනම් මුලින්ම අපි හොයාගන්න ඕනේ අවිද්‍යා