ට්‍රෝජන් යුද්ධය සහ පශ්චාත් යුධ සමය ; නන්දිකඩාල් සිට ලියමි. මගේ හෝබෝ කතා ලෝකයේ ප්‍රසිද්ධම යුද්ධ අතරින් ට්‍රෝජන් යුද්ධයට හිමි වන්නේ එක්තරා ආකාරයක මායාවී සහ විභූතිමත් පිළිගැනීමක්. ඔයාලා කවුරුත් අහලා ඇතිනේ ට්‍රෝජන් අස්වයා ගැන. වසර දහයක් පුරාම ග්‍රීකයින් මොන සෙල්ලම් දැම්මත්, ට්‍රෝජන්වරුන්ව මුහුණට මුහුණ සටන් කරලා පරාජය කරන්න බැරිවෙනවා. ඔඩිසියස් කියන සටකපට රණශූරයා කපටි සැලැස්මක් හදලා ගරිල්ලා ක්‍රමයට තමයි අන්තිමට මේ මහා ට්‍රෝජන් යුද්ධය අවසාන කරන්නේ.එතකොට දැන් මේ ට්‍රෝජන් යුද්ධය ඇත්තටම සිද්ධ වුණු ...
සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (iii) මගේ හෝබෝ කතා *ඕං මුලින්ම කිව්වා මේකෙ බරසාර විචාරයක් එහෙම නෑ. රජ වානරයාගේ අපරදිගට ගිය ගමනේ දී සිද්ධ වුණු සිද්ධි ගැන විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතන්දර කියවන්නන් සඳහා පමණයි! මායා මුගුරත් හොරාකාගත්තු රජ වානරයා කලින්ටත් වඩා එක එක මගෝඩි නටන්න පටන්ගත්තා. අර අපි පොඩි කාලෙ පන්තියේ දඟ ළමයි ගැන ටීචර්ට පැමිණිලි කරනවා වගේ මේ අමරණීය මැර වානරයා ගැන වටපිටාවේ කට්ටියම දෙව්ලොව විසූ ජේඩ් ...
අත්තම්මාගේ රස කතා - කාබෙරියන් දැකීම මගේ හෝබෝ කතා පාන්දර හතරේ කණිසමට අවදි වෙන අත්තම්මා මල්ලීට බත් ගෙඩියක් බඳින්නට හොදි මාළු උයයි. මාළු තුනක්වත් බතට නොතිබ්බෝතින් එදාට අත්තම්මාගේ හිතට හොඳ මදිය. අපි පැය ගාණකට උයන ටික ඕ පැය බාගෙකින් පමණ උයා අහවර කරයි. සමහරදාක ඈ උයන්නේ දර ලිපේ ය.අම්මාගේ ගෝරියෙන් බේරෙන්නට බැරිකමට ඈ දැන් වැඩිපුර උයන්නේ ගෑස් ලිපේය. ගෙදර කවුරුකවුරුත් නිදා සිටින අල්ලපනල්ලේ පහළ මඩුවෙන් දර අදින්නට යාම නිසා ...
ඇතීනාට එරෙහිව ඇතීනා මගේ හෝබෝ කතා අතීතය වත්මන් ඇසින් විමසීම විටෙක කාල විරෝධී යැයි කෙනෙකු සිතන්නට පුළුවන. නුමුත් වත්මන ගොඩනැගුනුයේ අතීතය මතින්,අතීතය අතික්‍රමණය කොට, අතීතයෙන් උගෙන හෝ ඊට ප්‍රති විරෝධය පාමිනි. වත්මනෙහි යමක් ගොඩනැගී ඇත්ද එහි පාදම අතීතයෙන් අපට විමසා දැන ගත හැකි වනු ඇත. වත්මන් කාන්තාව සහ ඈ සෙවූ, සොයා යන පුද්ගල නිදහස අතීතයෙහි එය කෙසේ වීද යන්න මත තීරණය වනවා යැයි මා සිතන්නේද මේ ...
මිත්‍යාව අතීත ඇසින් මගේ හෝබෝ කතා මිත්‍යා කතාන්තර පිළිබඳ විග්රහයේදී සාමාන්‍ය පාඨක සමාජය තුලට සම්ප්‍රේෂණය වී තිබෙන අදහස වනුයේ ඒවා හුදු අසත්‍ය කතාන්තර බවයි. එවිට අපට නැගෙන ඊළඟ ප්රශ්නය වන්නේ මිත්‍යා කතාන්තර කී පැරැණ්නන් මේ කතාන්තර සැබැවින්ම විශ්වාස කළාද යන්නයි. මේ ගැටළුව විසඳා ගැනීමට මේ පෝස්ටුවෙන් අපි පැරැණ්නන් මිත්‍යා කතාන්තර පිළිබඳ දැරූ අදහස් සහ ඒවාට කළ විවේචනත් විශ්ලේෂණත් පිලිබඳව ග්‍රීක සහ රෝමානු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ලුහුඬින් ...
අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති ii මගේ හෝබෝ කතා හනේ දෙයියනේ එහෙම කාලයක්...... මඳ සිනාවකින් මුව සරසාගෙන අත්තම්මා කුස්සියේ එහෙට මෙහෙට යමින් හොද්දට අඩුමකුඩුම එක් කරයි. ඇගේ ඉවිල්ල එකම රහකි. අපි ඒ රහ හොද්දකින් අරගනු බොරුවකි. ලෝක යුද්දෙ කාලෙ, කෑම හිඟයක් ආවා. අපේ ගෙදර තිබුණා හාල් මිටියකුයි, මුං ඇට මිටියකුයි, කව්පි මිටියකුයි. අපේ තාත්තා හැම එකෙන්ම හුණ්ඩුව ගානේ සේරෝම ගමේ මිනිස්සුන්ට බෙදා දුන්නා. ඉතින් අපට කෑම නැතිවුණා. මන් හුඟ ...
අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති i මගේ හෝබෝ කතා අත්තම්මාගේ පැරණි මතකයන් මිල කළ නොහැකිය. ඒ කාලෙ පුතේ හැතැම්ම හයටම බස් එකේ ගන්නෙ සත හයයි. ඈ අතීත සිදුවීම් සිහි කරන්නේ කුස්සියේ පොල් මිරිකන ගමන්ය. ඒ කාලෙ ආණ්ඩුවේ බස් තිබුණේ නෑ. කොම්පැනි බස් තමයි තිබුණේ. එක කොම්පැනි බස් ජාතියක් තිවුණා 'පුෂ්ප උයන් බස්' කියලා. තව එකක් තිවුණා 'මව්ලානා බස්' කියලා. ඉස්කෝලෙ යන ළමයි බස් එක එනකම් බලාගෙන ඉන්නවා. ඒත් හුඟක් ...
සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (ii කොටස) මගේ හෝබෝ කතා සුබෝධි සෘෂිවරයාව කෝප කරවීම නිසා, ආරාමයෙන් පිටමං කරපු අපේ සන් වූ කොන්ග් හෙවත් රජ වානරයා ආපිට තමන්ගේ වානර රාජධානිය වෙත යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සෙ තමන්ගේ රාජධානිය කරා ආපහු ලඟා වෙන සන් වූ කොන්ග් දැනගන්නවා එයාගේ රාජධානියට සහ වැසියන්ට විපතක් ලඟා වෙලා ඇති වග. රජ වානර නැති අල්ලපනල්ලේ බොහොම භයානක රාක්ෂයෙක් වානර රාජධානිය යටත් කරගෙන. මේ රාක්ෂයත් ...
සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (ii කොටස) මගේ හෝබෝ කතා සුබෝධි සෘෂිවරයාව කෝප කරවීම නිසා, ආරාමයෙන් පිටමං කරපු අපේ සන් වූ කොන්ග් හෙවත් රජ වානරයා ආපිට තමන්ගේ වානර රාජධානිය වෙත යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සෙ තමන්ගේ රාජධානිය කරා ආපහු ලඟා වෙන සන් වූ කොන්ග් දැනගන්නවා එයාගේ රාජධානියට සහ වැසියන්ට විපතක් ලඟා වෙලා ඇති වග. රජ වානර නැති අල්ලපනල්ලේ බොහොම භයානක රාක්ෂයෙක් වානර රාජධානිය යටත් කරගෙන. මේ රාක්ෂයත් ...
සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (ii කොටස) මගේ හෝබෝ කතා සුබෝධි සෘෂිවරයාව කෝප කරවීම නිසා, ආරාමයෙන් පිටමං කරපු අපේ සන් වූ කොන්ග් හෙවත් රජ වානරයා ආපිට තමන්ගේ වානර රාජධානිය වෙත යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සෙ තමන්ගේ රාජධානිය කරා ආපහු ලඟා වෙන සන් වූ කොන්ග් දැනගන්නවා එයාගේ රාජධානියට සහ වැසියන්ට විපතක් ලඟා වෙලා ඇති වග. රජ වානර නැති අල්ලපනල්ලේ බොහොම භයානක රාක්ෂයෙක් වානර රාජධානිය යටත් කරගෙන. මේ රාක්ෂයත් ...
අත්තම්මාගේ රස කතා - ඉඩම් ගැනිල්ල මගේ හෝබෝ කතා එන පොසොන් පෝයට අත්තම්මාගේ වයස අනූවකි. ඈ උපන්නේ 1926 පොසොන් පෝය දවසක බව ඕ කියයි. ඒ නිසා ඈ උපන්දිනය සමරන්නේ සෑම වසරකම පොසොන් පොහොය දවසටය. පොසොන් පොහොය යෙදෙන්නේ කවදාටද එදාට ඇගේ උපන්දිනය සැමරීමට අපි කවුරුත් පාහේ පුරුදුව සිටිමු. ජර්මනියේ වෙසෙන මාමාට නම් මෙය උභතෝකෝටික ගැටළුවකි.අපේ කැලැන්ඩරයේ පොසොන් පෝය පෙන්වූවාට ජර්මනියේ එසේ නැත. ඒ නිසා පොසොන් මාසයේ මුල සිටම හෙතෙම අත්තම්මාගේ ...
සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (i කොටස) මගේ හෝබෝ කතා මීට කලින් බ්ලොග් පෝස්ටුවක අපි සන් වූ කොන්ග් කියන්නෙ කවුද, එයා මොන වගේ කෙනෙක්ද කියලා කතා කලානේ. අද මම කියන්න හදන්නේ සන් වූ කොන්ග් කියන චරිතය වටා ගෙතුණු ඒ අපූරු කතාවයි. හැබැයි ඉතින් මේ පුත්තරයාගේ කතාව නම් ටිකක් දිගයි. මොකද මෙයාගෙ කැරැට්ටුව එයිතරම් හොඳ නෑ. මෙයා කලොත් මොකාක් හරි මගෝඩි වැඩක් තමයි කරන්නෙ.ඉතින් ඒ නිසා සන් වූ කොන්ග්ගේ කතාව කොටස් ...
මිත්‍යාවක් කියන්නෙ ඇත්තක්ද! මගේ හෝබෝ කතා "මිත්‍යාවක් කියන්නෙ මොකද්ද?""බොරු කතාවක්නේ!"අපිට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි ඒ. ඒත් ඔය කියන තරම් ඒ පිළිතුර සරලව දෙන්න පුළුවන්ද අපට.... මිත්‍යාව, එහෙමත් නැත්නම් myth කියන ඉංග්‍රීසි වචනයේ ඔරිජින් එක "Muthos" (මුතොස්) කියන ග්‍රීක වචනයයි. මේ වචනයට මුලින්ම ලොකු අර්ථයක් ගැබ් වෙලා තිබුණේ නැහැ. ඉන් සරලවම අදහස් කෙරුණේ Speech (කථනය) යන්න පමණයි. නමුත් කලකට පසු Muthos යන්නෙහි අරුත තරමක් පුළුල් වුණා. ...
සෙන් කතා ii මගේ හෝබෝ කතා මෙයිජි යුගයේ (1868-1912) සිටි නන්-ඉන් නම් එක්තරා විශිෂ්ට සෙන් ගුරුවරයෙකු මුණගැසීමට වරක් සුදු ජාතික මහාචාර්යවරයෙක් පැමිණියේය. සෙන් බුදුදහම පිළිබඳ ප්‍රශ්න කරමින් වාදයකට එලැඹීම මහාචාර්යවරයාගේ අරමුණ විය.කිසිත් නොදොඩා මහාචාර්යවරයාව පිළිගත් සෙන් ගුරුවරයා ඔහු වෙනුවෙන් තේ පිලියෙල කලේය. මහාචාර්යවරයා ඉදිරිපිට තැබූ බඳුන පිරෙන තෙක් තේ වත් කළ සෙන් ගුරුවරයා, බඳුන පිරුණු පසුවද දිගටම ඊට තේ වත් කළේය. මෙය තවදුරටත් බලා ඉවසාගත නොහී ...
සෙල්ලං ලෙල්ලං මගේ හෝබෝ කතා #කාලෙකට පස්සෙ වෙලාව පාන්දර හතරයි. අපි වගේ සිරිමත් මගෙ සකි පරපුරෙන් පැවත එන ළමයි ඒ තරම් පාන්දරින් නැගිටිනවද? නෑහ්. එහෙම නැගිටිනවා නම් ඒ නැගිටින්නෙ හන්දියට හරි කමක් නෑ ට්‍රිප් එකක් යනවනම් විතරමයි. ඔන්න ඉතින් සෙනසුරාදා පාන්දරම (ඔව් මිත්‍රවරුණි, සෙනසුරාද!) නැගිටගෙන නිදිමරගාතෙම ගිහින් වාහනේට නැගගත්තෙ අප්‍රතිහත ධෛර්යය කියන්නෙ මේකට වෙන්න ඇති කියලා හිතින් හිතාගෙන. පාන්දරම ඉදන් පාරට වෙලා ඉඳලා, වැස්සට ආයෙම ...
පුංචි දියකිඳුරිය සහ මහපොළොව දිග්විජය කිරීම මගේ හෝබෝ කතා මහ පොළොවෙ පය ගහන්න ඕනෙ නම් හුස්ම ගන්නත් ඇවිදින්නත් අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒ දෙකම බැරිව හිටපු පුංචි දිය කිඳුරිය මුහුදු පතුලෙ ඉන්න නපුරු මුහුදු මන්තරකාරියකගෙන් ඉල්ලා ගත්තු මැජික් පානයකින් තමන්ගේ යටිකය වරල වෙනුවට කකුල් දෙකක් ලබාගෙන එයාගෙ ආලවන්ත කුමාරයාව හොයාගෙන ගිය කතාව බොහෝ දෙනෙක් අහලා ඇති. මේ කතාන්තරයේ අනුවාදයන් දෙකක් තිබෙනවා. ඉන් එකක තිබෙන්නෙ ඛේදාන්තයක්, අනෙක් අනුවාදයට නම් සතුටුදායක ...
ලුණු දෙහි ආලය මගේ හෝබෝ කතා ගෙදරක බිත්ති කපරාදු කරලා සුදු පාටට ඔප කළාම ලස්සන වෙනවා වගේ කුස්සියේ කොහේහරි මුල්ලක ලුණුදෙහි බෝතලයක් නැත්නම් තුන් වේලම පාළුයි කියලා හිතෙන තරම් ලුණුදෙහි වලට රස වැටෙන්න පුළුවන්. ඉස්සර නම් අම්මා ලුණුදෙහි හැදුවේ ගෙදර වත්තෙ තිබුණු දෙහි ගස් වලින්.පෑවිල්ල කාලෙට කහ කුරුල්ලො රොත්තක් වහලා නිස්සද්දව ඉන්නවා වාගෙ කහම කහ පාට බෝල බෝල දෙහි ගෙඩි පොරෝගෙන ඉන්න දෙහි ගස් වලින් ...
අලි පස්න මගේ හෝබෝ කතා *මේ ටිකේ ලියනෝ දිණමින සෙනසුරාදා වයර් සහ අකුරු විශේෂාංග පිටුවට කොලමක්. ඒකෙ නම ඊ-කොලම. මාත් ඉතිම් කෝලමක්නෙ. ඔහෙ ලියාගෙන යනවා. ගිය සතියේ ලියාපු එක බ්ලොග් හොබෝ එකෙත් දාන්න හිතුවා. මේ පේජ් එකේ ලොකු පොරිය ගිය ටිකේ කොහෙද සවාරියක ගිය ටිකට පේජ් එකේ පොඩි අවුලක් වෙලා, වැරදිලාවත් පත්තරේ බලලා මේ ලියමනට යටින් තියෙන්නෙ වෙන නමක් කියලා රෙදි උස්සාන එහෙම එනෝ නෙවෙයි ...
සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මුහුණත-2 මගේ හෝබෝ කතා එකෝමත් එක කාලෙක ජීවත් වුණු හැමෝම බොහෝම සතුටින් අන්තිමේදි ජිවත් වුණා කියලා අපි අහලා තිබුණට ඒ කාලෙ හිටපු හැමෝගෙම ඉරණම ඔය කියන තරම් සුන්දර වෙලා තිබුණෙ නෑ. ග්‍රීම් සහෝදරයින්ගේ මැදිහත් වීමෙන් තමන්ගෙ අවාසනාවන්ත ඉරණම සතුටුදායක අවසානයක් ලෙස වෙනස් කරගත් කෙනෙක් තමයි Little Red Riding Hood හෙවත් පුංචි රතු හැට්ටකාරි.පුංචි රතු හැට්ටකාරිගේ අතීත අනුවාදයේ එයාවවත් එයාගෙ අත්තම්මාවත් බේරගන්න දර කපන්නෙක් එන්නෙ ...