මාටිං අයියා මගේ හෝබෝ කතා මාටිං අයියාට ඉස්කෝලේ යන්නට තරම් වයසක් නැත. ඒ නිසා මාටිං අයියා යන්නේ මොට්ටසෝරි ය. මාටිං අයියා මොට්ටසෝරි යන්නේ ඒ තරම් විසාල කැමැත්තකින් නොවේය. උදෙන්ම මොට්ටසෝරි යන්නට අවදිවීමට සිදුවීම පිළිබඳ මාටිං අයියාට වැඩි පැහැදීමක් නම් නැත. වදෙන්පොරෙන් ඇහැරව ගන්නා මාටිං අයියා කිරි වීදුරුව කටේ ගසන තුරු හාන්සි පුටුව උඩ හෙළුකොප්පරයෙන් නිදයි. කිරි වීදුරුවේ අමා රසය දිව වැටිච්ච හැටියේම මාටිං අයියාගේ සියලු ...
දං පඳුරට ආ රැහැයියා මගේ හෝබෝ කතා හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම යුධ වදින්නට වුයේ ගෙදර ඈයින් සමඟය. ඒවා සොඳුරු සහ අඳුරු සටන් ය. සමහර අවස්ථාවල ඒ සටන් වලින් දෙපාර්ශවයම දිනයි. නමුත් සමහර විටෙක දෙපාර්ශවයම පරාජය වෙයි. හොබෝටික්කාට කවදාවත් උපාධියක් ගන්නට, ලොකු රස්සාවල් කිරීමට හෝ සල්ලි හම්බ කරන්නට හෝ කාර් එකක් ගන්නට ගෙයක් හදන්නට පවුල් වෙන්නට වගේ ...
ශේක්ස්පියර් මගේ හෝබෝ කතා ශේක්ස්පියර් තනිකරම මුරණ්ඩු ඩෑල් එකකි. හෙනම ලොකු සීන් එකේ සිටිය ද අහිංසකයින්ට ශේක්ස්පියර්ගෙන් කිසිම කරදරයක් නැත. උඩ කරණම්, බිම කරණම් ඇතුලු සියලු වර්ගයේ ජිම්නාස්ටික් සහ සර්කස් කිරීමට උපන් හපන්කමක් ඇති ශේක්ස්පියර් ඉඳහිට බෙල්ල උලුක්කු වෙන පිමි නොපනින්නේ ද නොවේ. ශේක්ස්පියර් කන්නට ආසාම කඩල ය. නැතිනං ගස්ලබුය. නිස්කලංකයේ සිටින විට කොහේ හෝ මුල්ලකට වී හැලහොල්මනක් නැතිව ඉන්නා ශේක්ස්පියරයා කවුරුන් හෝ අහලින් ...
සන් වූ කොන්ග් හෙවත් රජ වානර මගේ හෝබෝ කතා පුංචි සන්දියේ මට ලැබුණු ලස්සන වර්ණ පිරුණු ඇබිත්තං අකුරු තිබුණු සිංහලයට පරිවර්තිත අමාඵලය කියන චීන කාටුන් පොතෙන් තමයි මට මුල්වරට සන් වූ කොන්ග්ව මුණගැහෙන්නේ. පොතේ එයාගේ නම සිංහලයට පෙරළලා තිබුණේ වානර වික්‍රම කියලයි. ඉතින් එදා වගේම අදටත් හැමදාටමත් සන් වූ කොන්ග් මට වානර වික්රමම තමයි. ඔයා කැමතිම සුපිරි වීරයා කවුද කියලා කෙනෙක් මගෙන් අහන හැම වාරයකදීම මගේ හිතට එන්නෙ සුපර් ...
දාලිත්සෝවත : ජාදුමානි මගේ හෝබෝ කතා මං ජාදුමානි. ඉපදුණේ ඔරිස්සා ප්‍රාන්තෙ. ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයක් තමයි ඔරිස්සා කියන්නෙ. මගේ ගම භන්ජාපාලි. ඒක පුංචි ගමක්. මං හීන කුලේ. ගාන්ධි ජී නම් කිව්වෙ අපි හරිජනයො කියලා. හරිජන කියන්නෙ දෙයියොන්ගෙ ළමයි කියන එකයි. මං නං දන්නෙ නෑ අපි මොන දෙයියන්ගෙ ළමයින් ද කියන්න. සමහරවිට ඒ ගාන්ධි ජී ගේ දෙයියො වෙන්ඩ ඇති. මං දන්නෙ නෑ ඒ දෙයියො මොනතරම් සාධාරණයි ද කියන්න. ...
අත්තම්මාගේ රස කතා - පැටිකිරිය මගේ හෝබෝ කතා අත්තම්මා එහෙමටයි කියා පන්සල් යන්නේ නැත. සිල් ගන්න යන්නේද නැත. ඒ මොකොදැයි කියා විමසූ විට ඕ අපූරු උත්තරයක් දෙයි. මට බෑ බං ඔය බණ මඩු වල ඉඳගෙන ඔයි එක එක නාකි ගෑණු උන්ගේ ලේලිලාටයි බෑණලාටයි අහලපහළ ගෙවල් වල ඉන්න ගෑණුන්ටයි දිගෑරගෙන දෙස් තියනවා අහන්න. ඔයි ටික අහගන්ට මං පන්සල් යන්ට ඕනෙය... හවසට හැමදාම අත්තම්මා බුදු පහනත්, පත්තිනි මෑණියන්ට සහ වෙනත් ...
දිඹුල් කොළ, ආන්ජලෝ සහ පීනස් අමාරුව මගේ හෝබෝ කතා කොරන්ට රස්සාවක් නැතුව ගොඩ වෙදකමක් පටන් ගත්තා හෙම නොවෙයි ඕං. අද කතාව ඇස් වලටයි හිත් වලටයි වැලඳුණු පීනස් අමාරුව සුව කොරන දිඹුල් කොල ගැනයි, ආයුබොවං! මීට ශතවර්ෂ ගණනාවකට පෙර පටන් මිනිසා චිත්‍ර කලාව සහ මූර්ති කලාව සිය නිර්මාණශීලී චින්තනය පරිවහනය කරන්නාවූ මාධ්‍යයයක් ලෙස භාවිත කරනවා. මානව රූප ප්‍රතිනිර්මාණය මේ කලාවේ විශේෂ තැනක් ගන්නවා. මානව රූප සිතුවම් කිරීමේදී සහ මූර්ති නිර්මාණයේදී ...
හදවත් ආමාන මගේ හෝබෝ කතා දුම්රිය කියන්නෙ කුඩා කාලයේ පටන්ම මට අධි යථාර්ථවාදී හැඟීම් සමුදායක් ගෙන ආපු විස්මකාරකයක්. ලා කොළ පාට තණ පිට්ටනියක් වසා පැතිරුණ දිලිසෙන සූර්යය පැනල ඇස් නිලංකාර කරද්දි ඒ දිහා ගුවන් යානයේ ඉඳන් බලද්දි මට දැනුණ හැඟීමටත්, නියොන් ලයිට්, උච්චම ශබ්දයෙන් වාදනය වෙන විලාප-ලව් සිංදු, තෙලිඟු ෆිල්ම්වල ඉන්න නළුවො වගේ කඩවසම් රියදුරු තරුණයන් එක්ක පියාඹන බස් රථවල යමින් මම ලබන ආස්වාදයටත්, ...
හෝබෝ ටික්කාගේ කාරුණික නිවේදනය ! මගේ හෝබෝ කතා ඉඳහිට බ්ලොග් ලිවීමේ කලාවේ පිකාසිනිය වන හොබෝ ටික්කා හා හා පුරා කියා 2024 වසරට අප්ඩේට් එකක් ලියන්නේ කාලාන්තරාවේ ආගමනය ගැනය. අලුතින් ඉංගිරිස් කවි පොතක් ද ප්රකාශනය කර ඇතත් ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට සිතුවෙමි. පහුගිය පැන්ඩෙමික් සමයේ පටන් එහෙටමෙහෙට වෙමින් ලියූ කාල විද්‍යා ප්‍රබන්ධය කාලාන්තරාව නමින් එළි දකින්නේ අලුත් මුහුණුවරකිනි. කතාන්තරය පිළිබඳව යම් අදහසක් ගැනීමට කතාවේ කොටස් කිහිපයක් මේ බ්ලොග් ...
හයිඩ්රිල්ලා වත්ත මගේ හෝබෝ කතා හයිඩ්රිල්ලා වත්තේ ප්ලේටියා නැන්දා මොන තරම් වේගෙකින් සාරියාගෙ නාහෙ ඉස්සරහින් පීනගෙන ගියා ද කිව්වොත්, ඔහේ ඈලිමෑලිකමේ ඈනුම් යව යවා හිටපු සාරියා වල්ගෙ ලෙස්සල ගිහින් පරණ වෙච්චි මාළු කෑම පල්පයක් උඩට තකස් ගාලා ඇදගෙන වැටුණා.“යකෝ…. මේ මොන… බ්ලොබ්….බ්ලොබ්….” වැටුණු හදිස්සියට හුස්ම ගන්න අමතක වෙලා සාරියගෙ කරමල් අස්සට වතුර ගියා. මේ යෝදි මේ මද්දහන්කරේ දැති මෝරෙක් ආවේස වෙලා වගේ හතිමුණින් දාගෙන ...
විද්‍යා ප්‍රබන්ධ | කාල | 04 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර මගේ හෝබෝ කතා *පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල" තාරා විස්මයෙන් දෙබැම ඉහළට එසැවූවාය. “මට නම් හිතෙන්නෙ මෙච්චර කාලයක් ඔයා ඉඳලා තියෙන්නෙ ශිශිරතාරක නින්දක. මෙයාව දන්නෙ නැද්ද? මෙයා තමයි සුපිරි විද්‍යාඥ බ්‍රයන් කොරෙයා. දශක ගානක් තිස්සේ ඌරන්ගෙන්, වවුලන්ගෙන් බෝවෙන කොරෝනා වයිරස්වලට ස්ථීර ඖෂධයක් හොයා ගත්තු කෙනා.”“ඉතින්?”“ඉතින් එයා අන්තිමේදී අපට හෙම්බිරිස්සාවක්වත් හැදෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙන විදිහේ වැක්සීන් එකක් හැදුවා.... ...
ළැම පෙන්වා ළය සඟවන ළඳුන් මගේ හෝබෝ කතා ශ්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතු ද නැද්ද කියන එක ලොකු සමාජ කතාබහකට සහ විවාදයකට තුඩු දෙන කාරණාවක්. නීත්‍යානුකූල නොවුනත් ලංකාවේ ගණිකා ව්‍යාපාරය සිදු කෙරෙන බව කවුරුත් දන්නවා. දැනට ලංකාවේ ගණිකාවන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා හරියටම කියන්න ඒ පිළිබඳ කිසිම විදිහක නිවැරදි සංගණනයක් සිද්ධ වෙලා නැහැ. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ 2014 වසරේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ ...
විද්‍යා ප්‍රබන්ධ | කාල | 01 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර මගේ හෝබෝ කතා සටහන : පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල" කන්නාඩියෙහි වූ සිය පිළිබිඹුව දෙස කාල මොහොතක් නතර වී බැලුවේය. දැනටමත් ඔහු සංගීත කණ්ඩායමේ පුහුණු වාරයට ප්‍රමාදය. තව විනාඩි කිහිපයක් ප්‍රමාද වීමේ ඇති වෙනසක් ඔහුට පෙනුණේ නැත. දීර්ඝ වර්ෂා දින නිසා වාතය දියෙන් තෙතබරි වූ මේස් කකුලක් වැනිය. දැන් සති දෙකක පටන් එක දිගට හැලෙන වර්ෂාව නිසා සංගීත කණ්ඩායමේ ...
විද්‍යා ප්‍රබන්ධ | කාල | 02 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර මගේ හෝබෝ කතා අවසාන පඩි කිහිපය බහින විට හදිසියේම කිසිවක් මුහුණෙහි දැවටුණෙන් කාල දෑස් පියාගෙන මුහුණ පිස දැම්මේය. කැබලි කැබලි මුහුණ පුරා ඇලුණු එය මකුළු දැලකි. නාසය, කන සහ කෙස් අතර ද කබායේ ද පැටලී ඇලුණු මකුළු දැල ඉවත් කරමින්ම කාල බරැති දොර තල්ලු කළේය. කිසිවකු විසින් පාවිච්චි නොකරන හදිසි පිට වීමේ දොරටුව වේදනාත්මක හඬක් නංවමින් විවර වූයේය. වෙනදාට කුඩා කහ පැහැති ...
සම්බෝලයාගේ කොරෝනා දිනපොත මගේ හෝබෝ කතා අද කුරුමානං අප්පුහාමිලාගේ දොන් ඉඟුරු පාට සම්බෝලයා වන මාගේ ජීවිතය මේ කොරෝනාව නිසා එහෙම් පිටින්ම බකල් වී ඇත්තේය. ලොකුම වදය වන්නේ ගෙදර ඈයින් වැඩට යන්නේ නැතිව ගේ අස්සට වී උඩ බලාගෙන සිටීමය. උදේ හතහමාරෙන් පස්සේ මගේම වෙන සැපට සැප සෝපාව ගෙදර දෝණියැන්දා බද්දට අරගෙනය. දවසම ඒ යෝදි මගේ සෝපාවේ දපා වැටී ස්මාට් ෆෝන් එක දිහා කට බලියාගෙන ඉන්නවා හැරෙන්නට ...
විද්‍යා ප්‍රබන්ධ | කාල | 03 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර මගේ හෝබෝ කතා පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල" කාල කිසිවක් නොකියා තරුණිය පසුපස ගමන් කළේය. මේ කිසි ලෙසකත් චීන-ලන්තෑරුම් වීදිය නොවන වග කාලට විශ්වාසය. කොටින්ම කිවහොත් මේ සීරෝ 100 ප්‍රදේශය ද විය නොහැකිය.“මං තාරා...” තරුණිය හදිසියේ මතක් වූවා මෙන් කාල වෙත සුරත පෑවාය. “මාව බේරගත්තට ස්තූතියි.”තමා පෙරළා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතාගත නුහුනු කාල බෙල්ල කසමින් හිස ...
වසංගතය – එක් නපුරු සුරංඟනා කතාවක් මගේ හෝබෝ කතා එකෝමත් එක කාලයක දැවන්ත කඳු වළල්ලක් මැද්දේ අමුතු සුරංඟනා නගරයක් තිබ්බා. ඒ නගරයට කවුරුත් කිව්වේ යකඩ නගරය කියලයි. මේ නගරය වට වෙලා තිබුණේ විශාල, උස් යකඩ පවුරකින්. නගරයට ඇතුල්වෙන්න තිබ්බ හැම දොරටුවක්ම විශාල යකඩ දම්වැල් දාලා වසා තිබුණා. යකඩ කටකලියා විස්සක් ඇඳපු යකඩ අශ්වයින් විසිදෙනෙක් හෝරාවක් පුරා වෙහෙස වෙලා තමයි මේ යකඩ දොරටු ඇරගන්න පුළුවන් වෙන්නේ. මේ යකඩ නගරයේ ...
න්‍යෂ්ටික බෝම්බ ඩිටෙක්ටරයට හසුවුණු නිල් තල්මසුන්ගේ ගායනාව මගේ හෝබෝ කතා තල්මසුන් ගැන කතා කරද්දි මගේ මතක නොස්ටැල්ජියාව එක පිම්මෙම ගිහින් නතර වෙන්නෙ හර්මන් මෙල්විල් විසින් රචනා කරපු, සිරිල් සී පෙරේරා පරිවර්තනය කළ “මෝබිඩික්” කෘතිය අද්දර. ” මට ඉස්මායිල් කියන්න.” කතාව පටන්ගන්නෙ ඒ විදිහට. ඊට පස්සෙ අපි ඉස්මායිල් එක්ක යෝධ තල්මසුන් යාත්‍රා කරන සමුදුරු ඔස්සේ රුවල් නැවක නැඟිලා මෝබිඩික් හෙවත් ධවල තල්මසා සොයන ගමනට එකතුවෙනවා.“ඈත මුහුදුවල වෙසෙන අද්භූත, අස්වාභාවික, ආශ්චර්යමත් ...
ලිලිත්ගේ අභිනිෂ්ක්‍රමණය සහ ස්ත්‍රිය යක්ෂාරෝපිත කිරීම – ලිපිය I මගේ හෝබෝ කතා ඕ හරිත වර්ණ දිලිසුම් ඇස් ඇත්තීය. ස්වර්ණ වර්ණ මුහුලැත්තීය. ඕ මුල්ම ගැහැනිය ය. ආදම්ගේ මුල් බිරිඳ ය. ඕ නිදහස සොයා ඒදන් උයන අතැර අඳුර වැළඳගත්තීය. සහස්වස් ගෙවමින් එකලාව මිහිමත සරන්නීය. ලිලිත් කියන්නෙ කවුද කියල අන්තර්ජාලයෙන් සොයා බැලුවොත් ඕනෙම කෙනෙක්ට පහසුවෙන්ම එළඹෙන්න පුළුවන් නිගමනය තමයි ලිලිත් කියන්නෙ යක්ෂණියක් කියන එක. ඇය පිරිමින් මුලා කරන්නියක්, පොළඹවා ගන්නියක්, මන්තරකාරියක්, එසේත් නැතිනම් කුඩා ...
චීන නරි මගේ හෝබෝ කතා ලබු කිරිබත් කාපු නරි හාමිගේ පටන් ගමරාළගේ දෝණියැන්දාව සහේට ගන්න ආපු නරි නයිදෙත්, මිදි කඩාගන්න බැරිවුණු ඊසොප්ගේ නරිහාමි ගැනත්, ඒ විතරක්ය, සුවාදීන රූපවාහිනියේ ගියපු සුදු පුංචා පප්ට් ශෝ එකේ හිටපු 'එක පොතකට බුක් නම් පොත් දෙකට දෙබුක්' කියපු නරිහාමි ගැනත් හැමෝටම මතක ඇතිනේ. ඔය සේරෝමලා අපට ලංකාවේ පාරතොටේ මුණුගැහෙන නරි නෙව. ඉතින් මීට වඩා ටිකක් වෙනස් නරි ටිකක් ගැන තමයි ...