තරු පහේ වීදි කෑම මගේ හෝබෝ කතා ඒ පූර්ව-කොරෝනා යුගය විය. ඒ, කඩෙන් කෑම සහ රස්තියාදු ගැසීම ඇති පදම් කළ හැකිවූ කාලයයි. පශ්චාත්-කොරෝනා සමයට හසුව ඔටලොං බස්සෙකු සේ බලාගත්තු අතේ බලාගෙන සිටින අතරේ මීට මාස කිහිපයකට පළමුව ගත් ඡායාරූප කිහිපයක් මතක මස්තකයට නැඟුණෙන් හෝබෝ ටික්කා ඒ ගැන පැරණි රසාංගයක් ලිවීමට තීරණය කළේය. හෝබෝ ටික්කාගේ "දං පඳුරට ආ රැහැයියා" කෙටිකතා පොත මුද්‍රණය වීම සහ ඊට ප්‍රශස්තම කෙටි ...
මාරියා මොරේව්නා සුන්දර රැජිණ මගේ හෝබෝ කතා පොඩි කාලෙ "රාජ කුමාරිකා" සෙල්ලම කරනකොට අම්මා අහනවා මගෙන්, මං ඔයාට "ඔල්ගා කුමරිය කියන්නද?" එහෙම නැත්නම් "ආන්නා කුමරිය කියන්නද" එහෙමත් නැතිනම් "මාෂෙන්කා" කියන්නද කියලා. දිග කොන්ඩයක් කියලා හිතාගෙන ඔළුවෙ ඔතා ගත්තු පරණ චීත්තෙ වනන ගමන් මම එතකොට උත්තර දෙනවා, "එපා, මට මාරියා මොරේව්නා කියලා කතා කරන්න..." කියලා. රුසියානු කතාන්තර ගොනුවේ එන මාරියා මොරේව්නා චරිතය හරිම අපූරු, වෙනස් චරිතයක්. කතාව කියවලා ...
මාටිං අයියා සහ ඩයිනෝසරයා මගේ හෝබෝ කතා කාලෙකින් ආයෙත් ආවා මේ පැත්තට. හෝබෝ ටික්කාගේ ජනප්‍රියම නළුවාත් අරගෙන තමයි ලැබුවා වූ අලුත් අවුරුද්ද කාටත් සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ආවෙ. කොහොමින් කොහොම හරි ආයෙ සති තුනකට සැරයක්වත් පෝස්ටුවක් දාන්න උපරිම උත්සාහ කරන්නම්. කට්ටියගේ බොක් පැත්තෙ නාවට සමා අවසර. අන්නක්කාට ලැජ්ජවක් ඇත්තේම නැත. එක වාරයක් මාටිං අයියාට ඩිස්කවරි චැනල් එක පෙන්නා අමාරුවේ වැටුණ සිද්ධියේ උණුසුම යන්නටත් පෙර ...
මල් කතා මගේ හෝබෝ කතා ග්‍රීක මිත්‍යා කතාන්තර මහා ගොන්නක් අතරේ අද මම කියන්න හදන්නෙ පොඩි මල් කතාවක්. ලෝකෙ තිබෙන ලස්සන මල් බිහිවුණේ කොහොමද කියලා පැරණි ග්‍රීකයින් විවිධ කතාන්තර ගොතා කිව්වා. අද මම ලියන්නෙ ඒ අතරින් එන කතාන්තර කිහිපයක්. ආදරවන්තයින්ගේ දිනයත් ළඟපාත එන නිසා පුංචි මල් කතාවක් කිව්වොත් ගැලපෙනවා කියලා හිතුණා. අනෙමොන් (Anemone)මේ මලේ නම බොහොම ප්‍රසිද්ධ ආල කතාවකට සෘජුවම සම්බන්ධ එකක්. ආලයට අධිපති වූ ...
මාටිං අයියා සහ ඩිස්කවරි චැනලය මගේ හෝබෝ කතා මාටිං අයියා ගෙදර ඉන්නා ඉස්තිරී පාර්ශවය ඒ හැටි මායිම් කරන්නේ නැත. උදේ හිට හවහා වන තුරුත්, හවහා සිට එළි වෙන තුරුත් නිවසේ සිටිනා ඉස්තිරී පාර්ශව සියල්ලම පාහේ, මාටිං අයියාට පංසලේ නායක හාමුදුරුවන්ට වාගේ ඇබිත්තකම්, මෙහෙකම්, උවටැන් කිරීමට පේවී සිටීමත්, නිවසේ මහාධිකරණයෙන් අපරාධ චෝදනා එල්ල වී සිරබත් කෑමට සිදුවන තත්වයන් හීදී අභියාචනාධිකරණ, ඔම්බුඩ්ස්මන් ආදී රාජකාරි කිරීමත් මීට හේතු වීමට ඉඩකඩ බොහෝය. ...
පාර දිගේ මගේ හෝබෝ කතා හෝබෝවා හැමදාමත් පාරට බහින්නේ තව ටිකකින් මැරෙයි කියලා හිතාගෙනය. තාර පාරේ කතන්දරේ ඒ තරමට භයංකාරය. ටිපර් පදින අයියලා හිතාගෙන ඉන්නේ එයාලා පදින්නේ ත්‍රීවීලර් කියාලාය. කන්ටේනර් අයියලාද එසේමය.එයාලාගේ ඉස්සරහා කෑල්ල පාරේ වමෙන් යනකොට පස්සාපැත්ත යන්නේ දකුණේය. හරවන්නේ කනේ වැලි ගාගෙනය. ට්‍රැපික් වෙලාවට මෙයාලා යන්නේ නැත්තේ පේමන්ට් එකේ විතරය. මෙයාලා පිටිපස්සෙන් සාටමොයිකලයක් වාගේ පැදගෙන යනවා නම් මාසෙකට ලොකු රක්ෂණ වාරිකයක් ගෙව්වාට පාඩු ...
මාටිං බබා මගේ හෝබෝ කතා *ළමායි, මගෙ අදහසක් තියනවා මාටිං අයියාගෙන් සෙමි ෆික්ෂන් (Semi-Fiction) ළමා කතාවක් ලියන්න. කස්ටියගෙ අදහස් වුවමනයි. මේ දිනවල මාටිං අයියා ඉවසීම ප්‍රගුණ කරන්නේය. ළඟකදී කොහෙදෝ සල්පිලකින් ඇරගෙන දුන් ඇතුලේ එළි පත්තු වෙන උල් උල් රබර් බෝලය මාටිං අයියාගේ නොයිවසිල්ලට හේතු වී තිබේ. උල් උල් රබර් බෝලය ගැන මාටිං අයියාට ඇත්තේ කුකුස මුසු ආශාවකි. එය බ්ම ගැසූ විට අපූරු නිල්, රතු, කොළ ...
ටයිම් ට්‍රැවලිං මගේ හෝබෝ කතා හෝබෝවාට අලුතෙන් අකුරු කොටන රස්සාවක් සැට් වෙලා. ඉතින් හෙනනනන.....වැඩ. හොයාගෙන, වවාගෙන වැඩ. ඉතින් පෝස්ටුව ලේට්.ඇත්තම කතාව හෝබෝටික්කාට ඔය ටයිම් ට්‍රැවලිං කතන්දර සෙට් වෙන්නෙම නෑ. මොකද, ඔයි කාලා තරණ කතා මග දුරක් යත්දී බලාගෙන ඉන්න එකාට අන්දෝසංසාරයක් නැතුව යනවා. සිය දිවි නසා ගන්න හිතෙනවා. නිකමට හරි කතාව බල බලා ඉද්දි මදුරුවෙක් කාපු තැනක් එහෙම කැසුවොත් කාරිය, ඔලුව උස්සලා බලද්දි මුලු කතාවම ...
පෙනිලෝපි මගේ හෝබෝ කතා පමා වී මුණ ගැසුණු රෝමියෝ ඒදන් උයනේ තද කොළ පැහැති පාසි වැවුණු තහනම් ගසට තද කරගෙන සිප ගත්තා පෙනිලෝපිව, ඔව් ඒ ආදරබර, භක්තිමත් ප්‍රියාවිය ඔඩිසියස්ගේ. කිසිවකුටත් දුනු දිය ඇදිය නොහී වූ යවන රට ඔඩිසියස්ගේ රණ දුන්න සේ නොනැවුණු පෙනිලෝපිගේ හදවත පමා වී මුණ ගැසුණු රෝමියෝ ලඟ ගැහෙන්නට වූ හඬ මකා දමන්නැයි ඈ කළ ඉල්ලීම නෑසුණා සේ සිටි හේරාට හොරෙන් සුකොමළ ...
ජපන් හොල්මන් මගේ හෝබෝ කතා ජපානය කියන්නේ හොල්මන් වලට ඉතාම ප්‍රසිද්ධ රටක්. එයාලා කොයිතරම් හොල්මන් වලට බයයිද කිව්වොත්, අපේ අයියලා එහෙ බර ගණන් වලට අපේ සිංහල වෙස් මූණු විකුණනවා ඒවායින් පෙරේතයෝ, භූතයෝ බය කරනවා කියලා. අත්දැකීමෙන් කියන්නෙ, කවුරු හරි කෙනෙක් මිය ගිය අපාතො එකක් අනික් ඒවාට වඩා ඉතාම අඩු මිලකට විදේශිකයින්ට විකුණන්න ජපානයේ බුදෝසංලා පුරුදු වෙලා ඉන්නවා. සමහරු නම් කපටිකමට කියන්නෙත් නෑ මේ කාමර වල ...
අත්තම්මාගේ රස කතා - චණ්ඩි මගේ හෝබෝ කතා එක එක අටමගල් පස්සෙ හිත රෝන්දෙ දුවන්න ගත්තාම කොරන වැඩෙත් හරියට කොරාගන්න බැරි වෙනවානෙ...මේ ටිකේම ලියාගන්න නිදහසක් නෑ හිතට.ඕං දැං හරි. -මීට හෝබෝ-අද නිවාඩු දවසකි. නිවාඩු දවසට අත්තම්මා කලින් වැඩ අහවර කර පුටුවකට වෙයි. අත්තම්මාගෙන් කතන්දර ඇසීමට කදිම වෙලාවකි එය.අපි පොඩි කාලෙ ගංගොඩේ ගෙවල් තිබුණෙ ඈතින් ඈත. හුඟාක්ම ගෙවල් අහ තියෙන්නෙ කැලෑවල්. දවල් කාලෙට වගේ වගක් නැතිව කැලේ ඇවිද්දාට රෑට ...
තක්කාලි සහ බෝල්ට් ඇණ මගේ හෝබෝ කතා වේදිකා නාට්‍ය ගැන මුලින්ම හිතක් පහළ වුණේ බොහෝම පොඩි කාලේ, මගෙ හිතේ තුන හෝ හතර වසරේ ඉන්නකොට ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයේ පෙන්නපු සිංහබාහු බලන්න අම්මා මාව එක්කාගෙන ගියපු දවස් වලයි. ඊට පස්සෙ සිංහබාහු පස් හය වතාවක්ම බැලුවා. කොළඹ කැම්පස් එකේ නැට් හෝල් එකේ, පැය ගාණක් පෝලිමේ ඉඳලා තියෙනවා. ඉඩ මදිව, හිරවෙලා, තෙරපිලා. ඒත් අදටත් මට සිංහබාහු කියද්දි මට මතක් වෙන්නෙ මුල්ම ...
එතකොට ඔයා? මගේ හෝබෝ කතා මං වැඩියෙන්ම කැමති කට දැවිල්ලට ලුණු ඇඹුල් සහෝදරකමට ඉන්න රහ කොච්චි සම්බෝලයක් එක්ක සුදු බත් කන්න. මොන පාන්දර ජාමෙක උනත් ඒ වගේ සම්බෝලයක් බතක් අඹරනවාය කියන්නෙ ඉතින් අමාරු කාරියක් නෙමෙයි. යහමින් කොච්චි සම්බෝලෙ බතුත් එක්ක අනාගෙන කනකොට තමයි ඔන්න දත් ටික මැද්දට හිරවෙලා දිවක් තියනවා කියලා දැනෙන්නෙ. හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා කරන්න බැරිද කිව්වලු. කොහොමද ...
වසීලිස්සාගේ ඇටකටු උඩ බාබායිගා නැටීම මගේ හෝබෝ කතා ලිපිය ටිකක් දිග නිසා අකුරු පොඩියෙන් තිබ්බා හොඳේ. ලොකු අකුරු වුවමනා ඈයෝ සිටී නම් කියනවා හොඳයි! ජනප්‍රිය රුසියානු සුරංගනා කතාවලිය පුරාවටම අපට මුණගැහෙන නම් දෙකක් තමයි වසීලිස්සා සහ බාබායිගා යකින්න කියන්නේ. අපි ගොඩක්ම හඳුනන්නේ ලස්සන වසීලිස්සා (Vasilisa the Beautiful) වුණත් මේ කතා පුවත් අතර නුවණැති වසීලිස්සා (Vasilisa the Wise) කෙනෙකුත් ඉන්නවා. නමුත් නුවණැති වසීලිස්සාගේ කතාව ගොඩක් ප්‍රචලිත ගෙඹි කුමරිය නමින්. ...
මාටිං අයියාගේ ප්‍රථම ප්‍රේමය මගේ හෝබෝ කතා කාලෙකින් ලියන්ට බැරිවුණා කියහල්ලකො. ඒ තරමට වැඩ! කාලෙක ඉඳන් ලියන්න හිටපු දෙයක් ඔන්න අද ලියාගන්ට අවස්ථාව ලැබුණා.මාටිං අයියාගේ රසික රසිකාවියන්ට මතක ඇති නොවැ අර මාටිං අයියාගේ බෑග් එක ගේට්ටුව ලඟට ගෙනහල්ලා දෙන රෝස පාට කෙළි ඇබිත්ත. ඉතින් මේ කෙළි ඇබිත්ත ගැන ලඟකදී ඉඳන් මාටිං අයියාට හිතක් පහළ වෙලා. හැබැයි ඉතින් මේ ගැන කතා කරනවට මාටිං අයියාගේ වැඩි කැමැත්තක් එහෙම නැත. ...
ස්ටෝබෙරි ජෑම් සෑදීම මගේ හෝබෝ කතා *ඉතා බොහෝ කාලයකින් පෝස්ටුවක් නොදැම්මේ වෙලාව නොමැතිකම හින්ද කියල හිතුණත් ලියන්න වැදගත් දෙයක් ඔළුවට නාපු එකත් එක්තරා හේතුවක් වුණා කියලත් හිතෙනවා. පෝස්ටු දෙක තුනක්ම ලියලත් අන්තිම මොහොතේ ඩිලීට් කරලා දැම්මේ ඒකයි. මොන බයිලයක් ලිව්වත්, ලියන්න ඕනෙ වැදගත් බයිලයක් කියනවනෙ.අද පෝස්ටුව කතන්දරයක්. කතන්දරයෙ මුල වත් අග වත් නෙවෙයි, මැදින් මතුවෙන්න පුලුවන් එක් සිද්ධියක්. නිකමට කියවලා බලන්න, මේකෙ මුල මැද අග ගලපන්න ...
චිත්රානන්දෙන් බත් කෑම මගේ හෝබෝ කතා හා, කවුද චිත්‍රානන්ද කඩෙන් බත් කාලා තියෙන්නෙ? සමහරු නම් කාලා ඇති, සමහරු නැතිව ඇති, තවත් සමහරු උපන්තේකට කඩේ නම අහලවත් නැතිව ඇති. කොහොමින් කොහොම හරි හෝබෝවාට ලඟකදී චිත්‍රානන්දෙ ඩේලි කස්ටමර්ලා දෙන්නෙකුත් එක්ක කෑම කන්න යන්න පොටක් පෑදුණා. උදේ දහය විතර වෙනකම් කාලා නොහිටිය හින්දා, දවල්ටත් එක්කම කටට රහට බත් පොඩ්ඩක් කන්න හෝබෝවා අපායට උනත් යනවා ඕං!චිත්‍රානන්දෙ තියෙන්නෙ බෝ ගහ හන්දිය ...
මාටිං අයියාගේ කෑම වට්ටෝරුව මගේ හෝබෝ කතා මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ කොහාටද කියා හොයාගන්නට බැරිය.ඉස්මුරුත්තාවට කෑ ...
සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මුහුණත- 3 මගේ හෝබෝ කතා ලස්සන කිරි සුදු පාට වෙන්න කලින් අළුපාට අවලස්සන තාරා පැටියෙක් වෙලා හිටපු හංසයෙක්ගේ කතාව ඔයාලා අහලා ඇතිනෙ. අපේ මේ අවලස්සන තාරා පැටියා වගේ මුලින් ආසා නොහිතෙන, දුක හිතෙන, ඛේදාන්තයක් වෙලා තිබුණු සුරංගනා කතාවක් තමයි Little Mermaid හෙවත් පුංචි දිය කිඳුරියගේ කතාව. අපි අතරේ ජනප්‍රිය කතාවට අනුව නම් තමන් මහ මුහුදේදී දකින කඩවසම් කුමාරයෙක් එක්ක ආදරයෙන් වෙලෙන දිය කිඳුරියක්, මායාකාරියකගේ උදව්වෙන් ...
අත්තම්මාගේ රස කතා-ඉස්කෝලේ ගමන මගේ හෝබෝ කතා *ටික දොහකින් ලියන්නෙ. බැරි වුණා ලියන්න.කවුරුත් හොඳින් ඉන්නවාය කියලා හිතනවා. :)අපූරු බෑණෙකු වන අපගේ තාත්තාගේ දවසේ ලොකුම රාජකාරිය උදැහැනැක්කේම අත්තම්මාට කියවීමට මොකක් හෝ දවසේ පත්තරයක් උස්සාගෙන ඒමයි. අත්තම්මාද බෑණා පොඩ්ඩ ගෙන එන පත්තරය කියවන්නේ බොහෝම ඕනෑකමකිනි. රටේතොටේ දවසේ විස්තර ඕ අපට වඩා දනී. පත්තරය ඔඩොක්කුව මතට ගන්නා අත්තම්මා පත්තරයේ බර බලයි. එයි කාලේ සිළුමිණ පත්තරයක් සත පහයි, මට ඒ පත්තරේ ...