ජාතිකත්වය යනු කුනුහරැපයක්ද? සම්මා දිට්ඨි ශ්‍රී ලංකාව නිදහස ලබා මේවන විට දශක හතකට ආසන්න කාලයක් ගත වී ඇත. මෙයින් අඩකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ දරැනු සන්නද්ධ ගැටුම් මැදයි. දකුනේ මෙන්ම උතුරේද ඇතිවූ ගැටුම් හේතුවෙන් ජාතියට අහිමි වූ ජීවිත ප්රරමාණය ගණනය කල යුත්තේ දහස් ගණන් වලින් නොව ලක්ෂ ගණන් වලිනි. අහිමි වූ ධනය සහ උදාවිය හැකිව තිබූ අවස්ථාවන් කිසිදා ගණනය කිරීමේ හැකියාවක් පවා නැත. ...
ගෝත්‍රිකත්වය, වර්ගිකත්වය, ජාතිකත්වය යනු එකම අර්ථයක් ඇති ක්‍රියාවලීන්ද? සම්මා දිට්ඨි බෞද්ධ දර්ශණයට අනුව මිනිසාට ලෝකය ඥාණනය කල හැකි මූලික ක්‍රම දෙකක් ඇත. පලමු වැන්න ලක්ෂණ ලෙස දැකීමයි. දෙවැන්න කෘත්‍යය හෙවත් කාර්යය නොඑසේ නම් ක්‍රියාවන් ලෙස ලෝකය දැකීමයි. ලක්ෂණ යනු පංචේනද්රියට ගෝචරවන සංජානයන් ඇසුරෙන් මනස උපකාර කරගෙන සකස්කර ගන්නා සංකල්පීය දැනුමයි. මෙය ඉන්ද්රිය ප්‍රත්‍යයක්ෂ ඥාණය ලෙසද හැඳින්විය හැක. (මනසද ඉන්ද්‍රියකි) කෘත්‍යය හෙවත් කාර්යය යනු මෙම මූලික ලක්ෂණ ඇසුරෙන් මනස විසින් සකස්කර ...
4. ලෝකයේ පරම සත්‍යයන් නැත. සම්මා දිට්ඨි බුදු දහම සහ බෞද්ධ ආගම අතර බෙදීමට පදනම වන්නෙ පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය ලෙස දක්වන සත්‍යයන් දෙකයි. මේ බෙදීම සහ එහි ඇති වැදගත්කම පිලිබඳව කතා කල යුතු බොහෝ දේ ඇතත්, අප බොහෝ විට කතා නොකරන, අවදානයට ලක් නොවන ඉතා වැදගත් සත්‍යයක් ද මෙහි ඇත. එනම් බුදු දහම අනුව මහා සත්‍යයක්, ඒකීය සත්‍යයක් හෝ පරම සත්‍යයක් නැති බවයි. බුදු දහමට ...
මේ මගේ අදහසයි. සම්මා දිට්ඨි ‘සම්මා දිට්ඨි’ කියන බ්ලොග් එකත්, ඒ නමින්ම නම් කල ෆේස් බුක් ගිනුමත් ආරම්භ කලේ යම් අරමුණක් එක්ක. ඒක දේශපාලන වැඩක්. ඒ වැඩේ ගැන පුරසාරම් කියනවට වඩා නලින්ද සිල්වා මහතා ඒ විවේචන බාරගත් ආකාරය ගැන සතුටු වෙනව.‘සම්මා දිට්ඨි’ කියන නම මේකට දැම්මෙ මම විස්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ලෝකය දකින්න සුදුසු දැක්මක් එම සංකල්පයෙ තියෙන නිසා. නමුත් ඒක බෞද්ධ ආගම ප්‍රචාරය ...
3. අශෝකගේ බුද්ධාගම- බෞද්ධ ආගම සහ නිර් ආගමික බුදු දහම සම්මා දිට්ඨි ඕනෑම සංස්කෘතියක් බිහිවන්නේ විවිධ වූ අන්‍යයතා සහිතවයි. මිනිසා සත්ව ලෝකයෙන් වෙන්ව ඇරඹු සංස්කෘතික පරිනාමයට විවිධ හේතු තිබිය හැක. වසර පුරා හිරැට නිරාවරනය වූ විවෘත අහසක අසිරිය විඳින ආසියානුවාට අසීමිත අවකාශය සහ එහි වෙනස්වීම් හොඳින් දැනේ. නමුත් පොලොවේ ඇති වන පරිසර වෙනස්කම් සීමිත බැවින් කාලය ඔවුන්ට හොඳින් දැනෙන දෙයක් නොවේ. අඳුරැ අහසට හුරැවූ යුරෝපීයයා දකින අවකාශය සීමිත වුවත් ඝෘතු විපර්යාස බහුල ...
2-පශ්චාත් නූතන ආගම- බුද්ධාගම සහ නිර්ආගමික බුදු දහම සම්මා දිට්ඨි යුරෝපයේ ඇතිවූ පොතස්තන්ත ආගමික ව්‍යයාපාරයට හේතු වූ චින්තන විප්ලවය පිලිබඳව මීට පෙර ලිපියේ සදහන්කර ඇත. ජනතාවගේ ලෞකික අධිකාරී බලය රාජ්‍යයට හිමි වීමත් කතොලික පල්ලියේ අධිකාරී බලය විවිධ පාර්ශව ඔස්සේ බෙදී යෑම ගැනත් එහි සඳහන් කර ඇත. නූතන ආගම යන සංකල්පය බිහි වන්නේ මේ යුගයටත් පසුවය.පොතෙස්තන්ත ව්‍යයපාරය කතොලික පල්ලියට එරෙහිව බිහිවූ ව්‍යයාපාරයක් මිස දෙවියන්ට එරෙහිවූ ව්‍යයාපාරයක් නොවීය. නමුත් පල්ලියේ නියාමනයෙන් මිදුනු ...
1.බෞද්ධ ආගම 1815 පසු බිහිවූ නූතන ආගමකි. -බුද්ධාගම සහ නිර්ආගමික බුදු දහම සම්මා දිට්ඨි බෞද්ධ ආගම විස්වාස කරන පිරිස මෙන්ම ආගම විස්වාස නොකරන නිර්ආගමික පිරිස් අතරද විවිධ සංවාද පසුගිය දිනවල දැකිය හැකිවිය. අප විසින් නලින්ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කල වියුක්ත සහ සංයුක්ත වශයෙන් සංකල්පීය දැනුම බෙදා ගැනීමෙන් කරන දේශපාලනය පදනමක් නැති බව පෙන්වා දීමෙන් පසු බුදු දහම සම්බන්ඳයෙන් ලිපි ගණනාවක් එක දිගටම ඔහු විසින් පලකර තිබුනි. සැබැවින්ම මෙය සියවසකට පෙර කල යුතුව තිබූ ...
හේතුව- ථලය සහ නලින් ද සිල්වාගේ අහේතුව සම්මා දිට්ඨි මිනිසා සත්ව ලෝකයෙන් වෙන්ව සුවිශාල පිමිමක් එක්වර පනින්නේ භාෂාව නම් වූ විධිමත් සංඥා පද්දතියක් නිර්මාණය කර ගැනීමෙනි. මේ දක්ෂතාවය නිසා මිනිසාට ජෛවීය ලෙස හිමිවූ සංකල්පීය දැනුම නිර්මාණය කර ගැනීමේ හැකියාව( ඥාණය) මෙන්ම එම දැනුම පවත්වාගෙන යාමේද සුවිශාල පරිවර්තනයක් සිදුවිය. විශාල සංකල්ප ප්‍රමානයක් භාෂා සංඥාමත රැස්කරගත හැකිවීම මෙයට හේතුවයි. මේ නිසා සංඥාවන් අතර වන සබඳතාවයන් (වෙනස්කම්/ සමානකම්) පහසුවෙන් හඳුනා ගැනීමට මිනිසාට ...
විදුසර,නලින්ද සිල්වා සහ අපි සම්මා දිට්ඨි අප මෙම සටහන් පෙළ ලිවීම ආරම්භ කරන ලද්දේ නලින්ද සිල්වා මහතාගේ අදහස් ගැන හෝ දේශපාලන මාතෘකා පිලිබඳව පමනක් හෝ කතා කිරීමේ අරමුණෙන් නොවේ. බෞද්ධ දර්ශණයට අනුව සියලුම මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයට පදනම වන්නේ පුද්ගලයාගේ දැක්මයි. සම්මා දිට්ඨිය ලෙස හදුන්වන්නේ මෙසේ ලෝකය දැකිය යුතු නිවැරදි දැක්මයි. මිනිසා තමන්ගේ ලෝක දැක්ම සකස්කර ගන්නේ ආත්මීය ලෙස වුවත් ඒ සඳහා හේතුවන සාමූහික මනුෂ්‍යය ක්‍රියාකාරීත්වය මගහැර යා ...
කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් සහ අසික්කිතකම අපේකම කරගත් නොදන්නෝ බුදුන් සම්මා දිට්ඨි මිනිසා සංස්කෘතික සත්වයෙකි. අන් බොහෝ සතුන් ජෛවීය ලෙස හිමිකරගත් හැකියාවන්ගෙන් තම ක්‍රියාකාරකම් මෙහෙයවා ගන්නා අතර මනුෂ්‍යයා ජෛවීය ලෙස හිමිවූ හැකියාවන්ට අමතරව සංස්කෘතිකව උරැම කරගන්නා දැනුම මගින්ද තම ක්‍රියාකාරකම් මෙහෙයවා ගනී. මෙය මනුෂ්‍යයා සතු සුවිශේෂී හැකියාවකි. මෙම දැනුම ජෛවීය ලෙස තවත් සත්වයෙකුට උරැම කරදිය නොහැක. සංස්කෘතික දැනුම නිර්මාණය හා පවත්වාගෙන යාම සාමූහික කාර්යයකි. ඒ සඳහා උපකාරවන්නේ සංඥාවන්ය.( බුදු දහමේ සංඥා ස්කංධය ...
බුදු දහම ඔලුවෙන් සිටවූ නලින්ද සිල්වාගේ බෞද්ධ චින්තනය-2- මිත්‍යයා දෘෂ්ඨිය සම්මා දිට්ඨි නලින් ද සිල්වා මහතා වියුක්ත සහ සංයුක්ත ලෙස සංකල්පීය දැනුම බෙදා ගනිමින් බොරැ සහ පට්ටපල් බොරැ ලෙස කරන ඇගයීම බෞද්ධ දර්ශනයේ පදනම සම්පූර්නයෙන් විකෘති කරන බව පෙර ලිපියෙන් අප පෙන්වා දී ඇත. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ මතවාදයක් ලෙස යම් අදහසක් සමාජගත කිරීමට උත්සාහ දැරෑ වියතෙකු ලෙස එතුමා ඉදිරිපත් කර ඇති අදහසක් විවේචනය කිරීමට පෙර වෙනත් මාර්ග ඔස්සේද එම අදහස තහවරැකර ...
බුදු දහම ඔලුවෙන් සිටවූ නලින්ද සිල්වාගේ බෞද්ධ චින්තනය-1 සම්මා දිට්ඨි නලින් ද සිල්වා මහතා මූලීකත්වය ගනිමින් 'ජාතිකත්වය' පිලිබඳව ගොඩ නගන ලද සංවාදය ශ්‍රී ලාංකීය දේශපාලනයෙහි තීරනාත්මක මතවාදයකි. මෙහිදී ඔහු තම මතවාදය හඳුන්වන්නේ බෞද්ධ, බුදු දහමට අනුකූල දර්ශනයක් ලෙසයි.එසේ වුවද සිල්වා මහතා ඉදිරිපත් කරන බොහෝ කරැනු බුදු දහමට පටහැනි සාවද්‍යය අදහස් බව පෙනී යයි. බුදු දහම අත නොතැබිය යුතු විෂයක් ලෙස හෝ නව නිරැක්ති, අර්ථදැක්වීම් නොකල යුතු විෂයක් ලෙස අපි විසින්ද ...