මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර ගල්බෝරේ මැදියමේ නිඳි නැතිව තෙත් කරමි මා මේ පත් ඉරු තවමත්. නෑ සිතුම් නැවතුමක් නවතිනා තැනින් යලි යලිත් දළු දානවා විනා. ඔබ විසල් නෙත් කැළුම් අවදිව තබයි මා සිතුම් තවමත්. මට මා කවුදැයි කියා දුන්නේ ඔබයි; ඔබයි මා පෙරමඟ පහන් තරුවත්; පියවරක් ගානේ පෙනෙන සුභ ලකුණත්. මොහොතක් මොහොතක් ගානේ ඔබ ගැන ම මා මැවූ ඒ මවුවත් සිතුවිලි කුසුමන් අසල පැරදුනාදෝ ...
සිහින දකින්නා ගල්බෝරේ පලා යන්නටමේ නපුරු සිහිනයෙන්මේ ලොවේ තනිවීසිටිමි මා අවදියෙන්මේ නිහඬ බවකිලිටි කරන්නටකිසිවෙකුත් නැතනන් දොඩවන්න;කවුරුද, මෙහි කුමක් කරන්නේදකිසිවෙකු නැත ප්‍රශ්ණ කරන්නට;මගේ ලෝකයයි,මං විතරමයි.අතරමං වී ඇත්නම් මාසොයාගන්න,නමුත් මාහටනැවත එන්නට යැයිඇවිටිලි නොකරන්න.හිඳගන්න මා පසෙකින්එවිට ඔබ හැඳිනගනු ඇතමා මෙහි නිතරපැමිණෙන්නේ කිමද,මාගේ සිහින දිවයිනටපිහිනා යන්නට හේතුව.ඒ කිසිවක් නැතත්ඔබ හද අත්ලටමා ආත්මයේ ස්පර්ශයඋණුහුමට දැනෙනු ඇත.බාගදා හැකිවේවිඅප දෙදෙනාටමමේ සිහින දිවයිනෙහිඑකට අතරමං වන්නට. ...
එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට... ගල්බෝරේ හිඳී නම් මා නෙතු අවදියෙන් ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න හිඳී නම් මා නිදිවැදී ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට.සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම් ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම් ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි මා කොහේ සිටියත් නැතත් ඔය හිතේ කොහේ හෝ අඳුුරු ...
වෙන කාටවත් නෙමෙයි තියා ගත්තේ ඔබටමයි ගල්බෝරේ සඳ එලිය සේ සුදුම නිකැලැල් සිතුම් කිසිදාක ඉටු නොවුණු නොයිඳුල් පැතුම් හීනයක් වාගේම මේ සොඳුරු හැඟුම් වෙන කාටවත් නෙමෙයි තියා ගත්තේ ඔබටමයි හිමිදිරියෙ ළහිරු කෙඳි මා ඇහැරවාවී තවම නිදි නෙතු දිහා මං බලා ඉන්නම් ඒ ලොවින් පිබිදිලා මගෙ ලොවට ආවොතින් මං මගේ තුති පඬුරු මුව මත්තෙ තබන්නම් සේද කෙහෙ රැලිවලින් කිතිකවනවානම්ඔබේ සුව උකුල මත මං නිදාගන්නම්'ආදරෙයි' කියූ විට නෙතු වසිනවානම් ...
කොළඹ අහස කළුවරයි. ගල්බෝරේ බස් බාගේ තෙරපි තෙරපිකෝච්චියේ පැද්දි පැද්දිදවස ගානෙ අපි යනවාකොළඹ වන්දනාවේ.හීන දුන්නාට ජීවිතයටපාට දුන්නෑ කවදාවත්.ඒ හීන පොදි බැඳන්,හෝල්ට් එකේ ඉස්ටේසමෙකන්තෝරුවෙ වැඩපලේපාසලේ පන්තියේමේ කොළඹ අහස යට,හෙවනක් හොයාගෙනඇවිදිනව තාමත්.දූවිලි හුළඟින් පිරුනටයන්න බෑ මට ගමටඅතැර මේ නගරය;ජීවිතයෙන් වෙන්වී ගියඉහල පහල හුස්මගන්නපුංචි පුංචි මතකයන්හැමතැනම තැවරිලා.දඬුකෝඩු උන් එක්කකිරිකෝඩු කලවමේබස්බාගේ තෙරපි තෙරපිකෝච්චියේ පැද්දි පැද්දිඅපි වාගේ උන් ඒවීකොළඹ වන්දනාවේ.මේ... කොළඹ නගරයි,කොයි තරම් දුන්නාදඒ තරම් උදුරාගත්පපුවක් නැති පොලීකාරයා. .
පෙමින් බැඳුනෙමි ජීවිතයට... ගල්බෝරේ මා පයට තණනිල්ලඅඳුරු කුස මා හිසටසඳ බඳුන හලාලූකසුන් සුණු වැස්සකින්මුළු අහස හැඩිවෙලා;දවස දිග අයාලේඔහේ ගිය තනිහිතත්මගේ ලඟ නැවතිලා;මේ අහසයිමං විතරයි.පාළු බිඳුණු නිවහනපෙනේ ඈත ඉමකිසිවෙක් නොයන මඟකැලෑ වල් වැදී ගිය;නිහඬබව බිඳිනසිහින් දිය පහරක්කිසිවක් නොඅසාමා හා දොඩමළු වන;කඩා වැටෙන තරුවක්පෙනේ ක්ෂතිජයේඑය පරයා නැඟෙනඅලුත් තරු සහසක්.සඳ කලා බැස ගියදයලි නැඟෙනු ඇත පුරසඳගෙවී ගිය පසු හේමන්තයනව දළු සලා නැඟනු ඇත වසන්තය.තවමත් මා අතඇත ජීවිතය ...
පොත් මගේ ආදරවන්තිය. ගල්බෝරේ තාමත් ඒ සුවඳ මතකයිහමුවූ මුල්ම දිනයේ.ඔබව හිමිකරගන්නවින්ද දුක් කෙතරම්පොත්: මගේ ආදරවන්තිය.ඔබව තේරුම් ගන්නකංඉවසුවා ඔබ සෙනෙහෙන්.මගේ දාඩිය වතුරින්තෙත් වුනා ඔබෙ මුදුපත්පොත්: මගේ ආදරවන්තිය.ඉරි කෑලි තරු ලකුණුකැත කලාට ඔබෙ පිටුඔබේ සීරීමක් දැක්කත්කලබල වුනා මට මතකයිපොත්: මගේ ආදරවන්තිය.සඳ රේණුවක් දිගේඅකුරින් අකුර අමුණනමේ සෞම්‍ය රාත්රියේඇදගෙන මා සුරතින්කිනම් මිටියාවතක මාඅතරමං කරාවිදදන්නේ කවුරුන්දපොත්: මගේ ආදරවන්තිය. ...
ජීවිතය අඬගසයි... ගල්බෝරේ මේ එදා මේසයයිඔබ+මගේ නම් කෙටුවමේ කැලලි සාක්කියිඇඟිලි තුඩු හඳුනනා.මේ රවුම් බංකුවයිදකිනතුරු ඔබ ඈතමා දෙපය ගිමන් හලසේපාලිකා මල් තවමසිපිනවා ඇති පොළොව.මේ එදා ස්ටේසමයිඅප දෙදෙන වෙන්ව ගියදිනෙක යලි හමුවන්නමගේ සිත පෙම් කෙරුව.මේ එදා කවියයිඔබ නමින් මා ලියුවදිවමතුරක් මෙන් මාමතකයෙන් මිමිණුවවචනයෙන් වචනය අදහද තන්තු පාරවන.මේ එදා නගරයයිඔබව මා මුණ ගැසුවජීවිතය වෙනුවෙන්තවම අප යුද වදිනනුඹ මගේ මතකයන්තැවරුණු තැන් හැම තැනමමං තවම එතනමයිනොදන්නෙමි ඔබ කොහිදනෙත් ...
යලි මට දෙන්න සොඳුරිය මා සෙනේ පිරූ... ගල්බෝරේ ඔබ රූ අමා මා නෙත පවස නිවූදවස දුරයි ඔබම ද මා පෙම් කෙරූනොයදිමි යලිත් සෙනෙහස නුඹෙ නමට පිදූ යලි මට දෙන්න සොඳුරිය මා සෙනේ පිරූ
සොඳුර මේ සියලු දෙය ඔබව හමු වූ දා පටන් ..... ගල්බෝරේ මීට පෙර ඇසුනාද සුළඟ කියනා රහස් කුසුම් පෙති ඉහිරුවා හිසට මගෙ වතාවක් පිටුව පෙරලං ගියා අමනාප නෑ තවත් සොඳුර මේ සියලු දෙය ඔබව හමු වූ දා පටන් ඔය නෙතින් මගේ සිත සිපගත්ත දා පටන් සඳ මවුන් මා ළඟින් තරු දරුවො පිරිවරං නින්ද මට දුන්නෙ නෑ තුන්යම ම ගෙවෙනකං කවි පෙලක් ලියන්නට ගෙවූවා මුළු රැයක් සොඳුර මේ සියලු දෙය ඔබව හමු ...
ආදරය නොදී මට දුන්නෙ ඇයි හදවතක්..... ගල්බෝරේ 21/12/2014පමා වූ අතීතය හිත අස්සෙ හිරකරන් සිත් රුහිරු තෙත් කලා පත් ඉරුව පෙඟෙනකං ජීවිතය මා නුඹෙන් ඉල්ලුවේ එක දෙයක් ආදරය නොදී මට දුන්නෙ ඇයි හදවතක් ඔබේ කවුළුව මත්තෙ පිනි කඳුළු බිංඳුවක් සුළඟ ගෙනැවිත් තැබූ මගෙ නෙතින් සොරාගත් ඔබ දිහා බලාගෙන ඈ ඉන්නවානම් සඳවතිය මගේ දුක ඈට ගොස් කියාපන් ආදරය නොකීවේ ආදරය නිසාවෙන් හැමදාම වෙන්ව ගිය තැන ඉන්නවා මං ඔබ යලිත් ...
කවුරුන්ද මා ගල්බෝරේ ඔබ මා සමඟ ගත කල දින මිනිත්තු කිහිපය මත මා කවුදැයි තීරණය කිරීමට ප්‍රථම බසින්න මාගේ සපත්තුවට හිරිවැටුණු දෙපා සනහාලූ; පිය මනින්න මා සමඟ ඒ අඳුරු මාවත්වල ගොරබිරම් වැස්සට ගුලිවෙන්නට තැනක් නොපෙනෙන. තනිවෙන්න මා සමඟ මුහුදු තෙර ගල්කුල මත; විඳිමු ඒ අරුණ හිරු කෙඳිති දෑස් පෙති පියාගෙන හරිම උණුසුම් නේද?ගිල්වන්න ඔය අත් මගේ අත් වැසුමට රළු කරගැට සඟවාලූ; දහඩියෙන් තෙත ...
තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්. ගල්බෝරේ ඉඳු නීල නෙතු කවුළු මා දෙසට හැරපියන් නින්ද නැති සිහිනයක ඔබ මාව සිරකරන් මේ සුවඳ ආදරය අයිති මා හට නම් තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්. හද මැදුර දොර අගුළු ඔබට හැර දමන්නට මේ වසත් කාලයයි ඔබ ඇවිත් නැහැ තවම සඳවතිය මා ළඟයි පියවරක් ගානේ ම මං නැතිව පාළුවක් නොදැනුනිද ඔය හිතට. සියක් මල් මියෙද්දෙන් හද පුදසුන මත්තේ නොපිදූ ...
හමුවනතුරු අප ආයෙත්... ගල්බෝරේ අවසන් දිනයේ අවසන් මොහොතේ ඔබට නොකියා යන්නට ගිය මා නැවත ඔබ ළඟට පිය නැංවූයේ කුමන ඉන්ද්රජාලයකින්දැයි මට තවමත් නොතේරේ. දෙනෙතින් සිනා පා ඔබෙන් සමුගැනීමට ගිය මගේ අත අල්ලා සුභ පැතූ ඔය දෑත අල්ලා ගත්තේ නැවත අතහරින්නට නම් නොවේ. ඔබ හා සිනාසී වචනයක් කතා කරන්නට දුටු සිහින කොතරම්ද; සැබෑ වූ ඒ සිහිනය මැද ඔබගේ ආදරය විඳින්නට මගෙ හිතේ ගැබ්බරව ඇති ...
ඔබ නීල නෙතු ලඟ .... ගල්බෝරේ ඔබ නීල නෙතු ලඟ අසරණයි මා, මගේ කවිකම. උවම් සොයමි ද කොහේ වචන ද මගෙන් දුර ඈත විට. සුමිතුරු මගේ පන්හිඳ අවනත නෑ මට ම ද අකුරක් නෑ ලියන්නේ කුරුටු ගානවා විතරයි. නිඳිගන්නේ කොහොම, ඇසිපියා සයනයේ යුද වැදුනා පමණයි; සුසුම් ලෑවා විතරයි. නෑ හිතේ තරහක් හැංගුනාට සඳ කොමලිය සුදු වලා සේද‘තර සොරා යමි මේ අහසින් මගේ ම විශ්වයට ඈතට වසන්තයේ ...
ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම්..... ගල්බෝරේ ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම් මුදු රෝස කොපුල් පෙති සිපගතිමි සියවරක් ඔය නීල නෙත් කැළුම් යදින්නේ මාව නම් දුරින් ඇයි මේ තරම් ඉවසන්න බෑ තවත්. ඇසෙන හැම ගීයක් ම හද පතුල පෑරුවා මුළු රෑ ම නිඳි නැතිව හිත හිතා විඳෙව්වා මේ හීන එලි වෙන්නෙ කවර දින දෝ කියා අකීකරු සුසුමකින් පපුව ඇවිලී ගියා. අරමුණත් ගැන නොදැන ගෙවූ කල නිමාවී ...
මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර ගල්බෝරේ මැදියමේ නිඳි නැතිව තෙත් කරමි මා මේ පත් ඉරු තවමත්. නෑ සිතුම් නැවතුමක් නවතිනා තැනින් යලි යලිත් දළු දානවා විනා. ඔබ විසල් නෙත් කැළුම් අවදිව තබයි මා සිතුම් තවමත්. මට මා කවුදැයි කියා දුන්නේ ඔබයි; ඔබයි මා පෙරමඟ පහන් තරුවත්; පියවරක් ගානේ පෙනෙන සුභ ලකුණත්. මොහොතක් මොහොතක් ගානේ ඔබ ගැන ම මා මැවූ ඒ මවුවත් සිතුවිලි කුසුමන් අසල පැරදුනාදෝ ...
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ගල්බෝරේ හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා අතින් අත පටලා ඔහේ යන්නට හීන මවනා සංසාරයෙන් සංසාරයේ එක්ව ඉන්නට පැතුම් පතනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ඇස් කෙවෙනි රතුවන තුරා මා එන පෙර මග ම බලනා දහක් නෙත් අතරේ මගේ නෙතු බැල්ම යදිනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ගැහෙන හදවතට කන්දීඇහිරෙන්න පපුතුරේ ලංවී කතා කරන ඇස්වලට කිමිදී කියවන්න කිසිදා නොලියූ කවීහිතක් ඇතිදෝ මටත් ...
ඒ සංසාර ආදරය කවදා හෝ මා ලඟයි. ගල්බෝරේ එක් ආදරණීය බැල්මක් සතුටු කරනවාද පෙම්වත් හදවතක් කෙතරම් කල්ප කාලාන්තරයක් පුරා ලං කරගන්නට පෙරුම් පිරූ ඒ සංසාර ආදරය මා ලඟ කවදා හෝ නතරවන බව දැනෙයි දැන් දැන් නිසැකව ම. දහසක් නෙත් පසුකර නැවතුනේ ඔය නෙත් ලඟ ම යි. ඒ නීල නෙත් විලේ කිමිදෙන්නේ මා කවදා. ඔහේ ගියා මා මෙතෙක් කල් ගමන කුමක් දැයි නොදත්තෙම්; මාවත කුමක් දැයි නොදත්තෙම්; නැවතුම ...
ඔබ ම මා කවිය වී.... ගල්බෝරේ ඔබේ රුව වනන්නටමගේ කවිකම් මදී ඔබ ගැන ම කවි කුමට ඔබ ම මා කවිය වී.නුඹේ රුව සම කරන සිතුවමක් වනු බැරි ව සුදු කොලය මත වැතිර පැන්සලය මගෙ හඬයි. රළු පරළු මිනිරනින් ඇන්ද සිතුවම් කුමට ඔබ මගේ හදවතේ සිතුවමක් වී නිදයි. නුඹට ඇති සෙනේහය පවසන්න ලතවෙමින් නුඹේ සඳ උවන ලඟ පිළිරුවක් වී හිඳිම් වචනයෙන් කිලිටිකර කුමට මා කියනු එයඔබ අතර ...