කාලෙකින්.... සිංහලෙන් අපි ආයෙත් වෙලාවක් ලැබුනා බ්ලොග් එකට අතක් දාන්න. ගෙවුන දවස්වල කෙළවරක් නැතිව වැඩ තිබුනත් බ්ලොග් එක අමතක වුනේනෑ. ඒත් කාලය ගැන ප්රශ්නයක් තිබුනා නිසා වැඩේ අතෑරල දැම්මා.අද එනකොට මම දැක්කා මේක කියවන්න තවත් කට්ටිය එක් රොක් වෙලා ඉන්නවා කියලා. ඉතින් මට ඇත්තටම සතුටකුත් ආවා. වෙනදවගේ මගේ යාළුවන්ගේ බ්ලොග් සයිට්ටු වලට ඔලුව දාන්න බැරිවුන එකට සමාව ඉල්ලනවා. ඉස්සරහට මට තියෙන නිදහස පොඩ්ඩක් ...
වාද භේද සිංහලෙන් අපි මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩාක් දවසකට කලින්. කොහොම හරි කමක් නෑ මේ අවුරුද්ද ගෙවිල ඊළඟ අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා කියන්න ලැබුන එකවත් මදෑ.හරියටම අවුරුදු 4කට කලින් මුළු ලංකාවම උඩුයටිකුරු වුනා. කවුරුත් ආදරේට සුන්දරයි, ලස්සනයි කියල කිව්වට එදායින් පස්සේ ඒදේට එහෙම කියන්නත් කට්ටිය බයවුනා. ඇත්තටම කවුරුවත් නොහිතපු විදියට සිද්ධ වුන දේවල් දැක්කාම බය වෙන එකත් සාධාරණයි. ඇති ඇති තවත් වර්ණනා ඕනේ නෑනේ ...
ආයෙත් මං........ සිංහලෙන් අපි ඇති යාන්තං ඉක්මනට එන්න වාසනාව ලැබුනා. මගේ මොනිටර් එක ලැබුනා. දැන් භාණ්ඩේ වැඩ එළකිරි වගේ. මේ දවස් ටිකේ මට හරියට වැඩ ටිකත් කරගන්න බැරිවුනා. අර ෆෝකසින් අවුල් ගිය මොනිටර් එක මට දුන්න වදයක් හැබෑට. සමාවෙන්න ඕනේ කට්ටියගේ බ්ලොග් හරියට කියවන්න බැරි වුන එකට. ඔන්න මං ආයෙත් ඔෆීෂියල් විදියට ආවා හොඳේ. ...
කොරේ පිටට මරේ......... සිංහලෙන් අපි කොරේ පිටට මරේ කියල කථාවට කිව්වට මොකද අදනම් මට වුනේ ඒ වගේ වැඩක්. අද දවස විවේක සුවෙන් ගතකරන්න කියල හිතාගෙන හිටියේ. ඉතින් ටිකක් දවල් වෙලා නැගිටල උදේට කාල පත්තරේ බලන්න ගත්ත විතරයි ගෙදරට ආවා කට්ටියක්. ආවෙත් විශේෂ හේතුවක් නිසා ඒ මොකද දන්නවාද. එයාලගේ කම්පියුටර් එක හදන්න ගෙනල්ලා ටිකක් කල්. එහෙම ගෙනාවේ එයාලගේ කම්පියුටර් එක ෆෝමැට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදාගන්න ...
නිදි නෑ සිංහලෙන් අපි අද මහ චාටර් දවසක්. හවස මහ සද්දෙට ගොරවගෙන ආවට පොළොව හරියට තෙමෙන්නවත් වැස්සේ නෑ. අර සමහරු කියන්නේ සද්දේ තිබුනට වැඩ නෑ කියල. අන්න ඒ වගේ සීන් කෝන් එකක් තමයි අද වැස්සටත් වුනේ. සද්දෙයි වැඩයි ගැන කථා කරනකොට ඇදිලා එන්න හදන්නේ මම වැඩිය කථා කරන්න අකමැතිම මාතෘකාව ගැන. වෙන මොකවත් නෙමෙයි දේශපාලනය. අපේ නම ඇහෙනකොටත් බෝරින්ග් වගේ. ඒවුනාට අද කොල්ලා පොඩි ...