තාත්තා ඩූන් ඇන්ඩ් පුතා ඩූන් අලුත් කාර් ලෝකේ සාමාන්‍යයෙන් වෙන දේ තමයි තාත්තලා පිළිවෙළකට ජීවත් වෙන්න හදනකොට පුත්තු පිස්සු නටන එක. කලාතුරකින් ඕකෙ අනික් පැත්ත වෙන වෙලාවලුත් තියනවා. අප්පා කරපු දේ නොකරන පුතා ගැන අපේ ජන ව්‍යවහාරේ මොනවා තිබ්බත් සමහර වෙලාවට තාත්තලා කරපු දේවල් පුත්තු නොකරන තරමට හොඳයි. හැබැයි තාත්තා කරපු හොඳ දේවල් ඊට වඩා දුරකට ගෙනියන්න පුළුවන් වෙන පුත්‍රයින්ට තමයි 'අතිජාත පුත්‍ර' කියලා කියන්නේ... එතකොට පුතා ...
හඳ මාමා Mitsubishi Lancer Evo X MR එකේ යතේ, අපෙ මාමා Subaru Impreza WRX STi එකේ යතේ අලුත් කාර් 1992 ඉඳන්ම හඳ මාමයි අපෙ මාමයි මරාගත්තා. 2016 දී හඳ මාමාගේ කාර් එක ඉතිහාස පොතේ පිටුවක් අස්සේ හිරවුණා. වලිය නැතුව දැන් අපට පාළුයි පාළුයි වගේ!Mitusbishi Evo එක කියන්නේ මම කාලෙක ඉඳලා ගන්න ආසාවෙන් හිටපු කාර් එකක්. ඕක ෆැන්ටසියක් විදිහට තියනකල් මාරම ජොලි. එතකොට ඉතිං ලාවට හරි ආත්ම ගරුත්වයක් ඇතුව ගහලා තිබුණු ස්පොයිලර් එකක් දැක්ක ගමන් ලාන්සර්ද? ඊවෝද? ඔරිජිනල්ද? කන්වර්ෂන්ද? වගේ ...
හයිවේ නෙවේ දාපන් ඕක වැවේ (ලෑන්ඩ් රෝවර් ඉස්ටෝරිය) අලුත් කාර් ලෑන්ඩ් රෝවර් අයිතිකාරයන්ගෙන් ලෑන්ඩ්රෝවර් ගැන අහන්න යන එක නිකං ආත්තම්මලාගෙන් කොන්ඩ කැවුම් හදන හැටි අහනවා වගේ සීන් එකක්. ඒ කියන්නේ දැනුම, පණ්ඩිතකම, දුක, ආදරය, අතීතය ගැන වේදනාව, ඇසූ පිරූ තැන් ඇති බව සහ සංසාර ගමනේ කම්කටොළු වගේ සේරම දේවල් ඔය දෙගොල්ලන්ගෙන්ම අහගන්න පුළුවන්.හැබැයි කොන්ඩ කැවුම් වල වරදක් කිව්වොත් ආත්තම්මා දූපිය මෙතනිං කියලා නිකං ඉඳී. හැබැයි ලෑන්ඩ් රෝවර් කාරයන්ට ලෑන්ඩ් ...
දේ සී මී රෝලින් අලුත් කාර් බස් ගැමුණු ස්ට්‍රයික් කරපු දවසට, කෝච්චි ඩ්‍රයිවර්ලා බීලා ගුටිකාපු දවසට, ධීවරයෝ මලපැනලා බෝට්ටු රේල් පාරට ගෙනාපු දවසට, සහ මේ වගේ තවත් කාලකන්නි දවස් වලට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් කියවෙන වාක්‍යයක් තියනවා."මරුටියක් වත් තිබුණනං...!"කවුරුහරි යාන්තමට ඔලුව උස්සගෙන එනවා වගේ පෙනුණාම, සතියකට පාරක් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කනවා දැක්කාම, ගෙදරට හාමුදුරුවෝ වඩම්මලා දානයක් එහෙම දුන්නාම ඒ මනුස්සයාගේ හිතවත්තු සාමාන්‍යයෙන් කියන වාක්‍යයක් තියනවා."දැන් ...
ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප්! අලුත් කාර් මම කවදාවත් ඕෆ් රෝඩ් වාහන ගැන එච්චර උනන්දු වුණු කෙනෙක් නෙමෙයි. මම මගේ මුළු ජීවිතයම මෙතෙක් ගෙවුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ. ආවේ ගියේ වැඩි හරියක් ගාලු පාරේ. ඉතින් ඉස්කෝල වෙලාවට, ඔෆිස් වෙලාවට, උද්ඝෝෂණ වෙලාවට, ඇමතිලා යන වෙලාවට, මගුල් තියන වෙලාවට, පෙරහැර යන වෙලාවට, වේල් කරත්ත යන වෙලාවට, බක්කි කරත්ත යන වෙලාවට, බූමිතෙල් කරත්ත යන වෙලාවට, වාහන එළවන හරක් යන වෙලාවට වගේ ...
ප්‍රොස්ට් සහ සෙන්නා - ගිනි කන්දක් ළඟ හිම කන්දක් අලුත් කාර් 1994 අවුරුද්දේ මැයි පළවෙනිදා, ඉතාලියේ Santerno නදිය අසබඩ තියෙන Imola ධාවන පථයේදී Formula One විශ්වය සදහටම අනික් පැත්තට කැරකුණා.ඒ තමයි 1994 San Marino Grand Prix තරගාවලිය තිබුණු දවස්. කොහොම වුණත් තරගාවලිය පුරාම අඳුරු හෙවනැල්ලක් වැටිලා තිබුණා. අප්‍රේල් 30 වෙනිදා සුදුසුකම් ලැබීමේ වටයක් අතරමැදදී Roland Ratzenberger ගේ කාර් එක ධාවන පථයෙන් පිට පැනලා පයට කිලෝමීටර් තුන්සිය ගාණක වේගෙන් Villeneuve Corner එක ...
ෆෝමියුලා සාගරේ රජවෙන්න යන මොරටුව කැම්පස් එකේ මෝරු අලුත් කාර් අතීතය ගැන පුස්ටෝක් දෙන රටක අනාගතය මගේ ගමෙන්ම උපත ලැබීම කියාගන්න බැරි සතුටක්! මම ලංකාවේ ව්ශ්ව විද්‍යාල පද්ධතිය ගැන සත පහකට විශ්වාස කරන්නේ නැති කෙනෙක්. මේක ගොඩක් අදාළ වෙන්නේ කලා පීඨවලට. කලා පීඨ ගැන මම අත්දැකීමෙන් දන්න නිසා මම හැමතිස්සෙම කියන්නේ ඕවා වහලා දැම්මොත් පාඩු වෙන්නේ ඒ රූට්වල දුවන බස්කාරයින්ට විතරයි කියලා. කොහොම වෙතත් ලංකාවේ අනික් පීඨ බහුතරයකුත් මීට වඩා ...
වයිපරෙත් ඩිවෝස් වුණා බ්‍රෝ! අලුත් කාර් අසූ ගණන්වල සහ අනූ ගණන්වල මුල අවධියේ දරුවන්ට වයිපර් එකක් කියන්නේ වාහනවල වීදුරුවේ වතුර ඉවත් කරන උපාංගයකට වඩා අපරාධ කාරයන්ට රම්පෙට පොරි හැලෙන්න නෙළන කාර් එකක්. ඒ 'වයිපර්' ටීවී සීරීස් එක නිසා.වයිපර් ටීවී සීරීස් එක ලංකාවේ විකාශය වුණු කාලය මොකක්ද කියන එක මට හරියට මතක නැහැ. මගේ මතකයේ හැටියට ඒක විකාශය වුණේ ITN එකේ (මම වැරදි නම් මාව නිවැරදි කරන්න). ...
අබාත් අප්පුහාමිලාගේ පියට්ටුවා මහතා ආගිය අතක් නැත. සොයාදෙන්න. අලුත් කාර් ෆියට් කිව්වහම ලෝකේ අනික් රටවල මිනිස්සුන්ට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට 127 Coupe එක සහ 124 Sport Spider එක වගේ වාහන. එහෙම නැත්නම් අලුත් Punto හරි Panda හරි වගේ වාහන (මයික්‍රෝ එකේ ගොබ්බයා නෙමෙයි. ෆියට් එකේ පැන්ඩා). අපේ රටේ ෆියට් කියපු ගමන් බොහෝ වෙලාවට අනික් පැත්තට හම්බවෙන්නේ එකම එක උත්තරයයි. "ආආආආආආආආආ.... බග් පියට්!" ඊට පස්සේ, ඒ උත්තරේ විස්තෘතයක් විදිහට මෙන්න මේ ...
Ford GT40 හෙවත් කාර් ලෝකේ සබඳ පබිලිස් සීන් එක අලුත් කාර් අපි කාගේත් යාළුවෝ නෑදෑයෝ අතරේ ඉන්නවා මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරනකල් නින්ද යන්නේ නැති එකෙක්. සාමාන්‍ය පන්තියේ එවුන් අල්ලපු ගෙදර එකාට වලක් කපලා සැනසෙන අතරේ හෙන්රි ෆෝඩ් II (ඔරිජිනල් හෙන්රි ෆෝඩ් ගේ මුණුබුරා සහ එඩ්සල් ෆෝඩ් ගේ පුතා) වගේ දැවැන්ත හාදයෝ කරන්නේ එන්සෝ ෆෙරාරි වගේ දැවැන්තයන්ට වල කපලා සැනසෙන එකයි. දැන් මම මෙහෙම කියපු ගමන් ෆෝඩ් ෆෑන්ස් ලා ගේ දත්සෙට් ...
උපාසක ගෙදර නසරානියා - Nissan GT-R අලුත් කාර් ඔන්න එකමත් එක කාලෙක පිටිසරබද ගම්මානෙක උපාසක ගෙදරක් තිබුණා. මේ ගෙදර මිනිස්සු ඕන වෙලාවක බැලුවොත් පන්සලේ. ඒ වගේම කාටවත් බොරු සද්ද දැමිලි, රණ්ඩු කිරිලි මෙයාලගේ නෑ. ගමේ කවුරුත් කිව්වේ මෙයාලා හරි හොඳ මිනිස්සු කියලා තමා. මෙයාලට ඉපදුණු දරුවොත් මෙයාලා වගේම හරිම සන්සුන්, පාඩුවේ ඉන්න, මදුරුවෙක් වත් නොමරන මිනිස්සු. ඉඳලා හිටලා පොඩ්ඩක් දඟලපු කොල්ලෙක් කෙල්ලෙක් හිටියත් මෙයාලා ඒ ගැන වැඩිය පිටට ...
ජූනි 12 වෙනිදා ඔබ්සර්වර් එක්ක Torque & Throttle එනවා! අලුත් කාර් මෙන්න කාර් සහ බයික් පිස්සුව තියෙන අයට කන්න හිතෙන ආරංචියක්! Torque & Throttle සඟරාවේ මුද්‍රිත පිටපත් පළවෙනි වතාවට මේ සති අන්තයේ, ඒ කියන්නේ ජූනි 12 වෙනිදා Sunday Observer පත්තරේ එක්ක නොමිලේ දෙන්න යනවා. ඒ නිසා ඉරිදා උදේම ගිහින් ඔබ්සර්වර් එක ගන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් ලංකාවේ බොහොම තදට කාර් පිස්සුව තියන කෙනෙකුට Torque & Throttle කියන නම අමුතු දෙයක් නෙමෙයි. ...
ඔයාට Prii වුණාට අපිට Prii නෑ හරිද! (වාහන Models වලට නම් දාන හැටි...) අලුත් කාර් ලොතරැයි දැන්වීමක් දකින වාරයක් ගානේ අපේ මිනිස්සු ජොලියට කියන දෙයක් තමයි දැන් ලොතරැයි වලට දාන්න නම් නෑ කියන එක. මොකක් හරි හේතුවකට කොළඹ ඇවිත් ඇවිත් වැඩේ කරගන්න බැරුව මල පැනලා යන අහවල් වත්තේ රංජි අයියා ලොතරැයි කොම්පැනියක් ඉස්සරහින් 'අම්මට ...' කියලා බැනගෙන ගියොත් පහුවෙනිදා ඉඳන් 'කෝටි ගණන් තෑගි ගෙනෙන අම්මට ...' කියලා ලොතරැයියක් එනවා. තත්ත්වේ මේ වෙනකොට ඒ තරම්ම pathetic... ...
Mahindra e2o- කැතට අලුත් අරුතක් අලුත් කාර් ඔබ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කාර් ගැන ටිකක් විතර උනන්දු කෙනෙක් නම් Reva හෝ G-Wiz කියන නම් අහලා ඇති. 2009 අවුරුද්ද වෙනකල්ම සමස්තයක් විදිහටම අලෙවි වුණු ඔක්කොම මාදිලි එකතු කළාම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන ඉලෙක්ට්‍රික් කාර් එක (මේක ඇත්තටම යුරෝපයේ සහ ඇමරිකාවේ 'කාර්' කියන කැටගරියට වැටුණේ නැහැ) විදිහට තිබුණේ මේ Reva කාර් එකයි. 2001 සහ 2012 අතර මේ කාර් 4,600 ක් විතර ...
Ford Mustang EcoBoost- පිස්සුද හැටිද? අලුත් කාර් ඉස්සරලාම Ford Mustang EcoBoost කියන නම දැකපු හැටියේ මට හීල්ලුණා. Eco කෑල්ල ආපු ගමන් වාහනේක ෆන් එකෙන් දෙකෙන් පංගුවක් නැතිවෙනවා කියන එක තිත්ත ඇත්තක් බව කාර් පිස්සෝ දන්නවා. කොහොම වෙතත් ඔයාලා ikman.lk වගේ ලුහුඬු දැන්වීම් වෙබ් අඩවිවලට ගිහින් හරි ලහිපිට බලබලා හරි මං වගේම කාර් ගැන හූල්ලනවා නම්, සමහර විට Ford Mustang EcoBoost කියන නම ටිකක් හුරු ඇති. ඒ නිසා ...
ෆොක්ස්වැගන් ආයෙමත් යුරෝපය ජයගනී අලුත් කාර් යුරෝපයේ මෝටර් රථ වෙළඳපොළේ වැඩියෙන්ම අලෙවිවන රථවාහන සන්නාමය විදිහට පෙරමුණේ ඉන්න ෆොක්ස්වැගන් 2016 මුල් මාස 4 ත් සමත් වෙලා තියෙනවා. ෆොක්ස්වැගන් සමාගම මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ එයාලගේ ඩීසල් වාහනවල වායු විමෝචනය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණාටත් පස්සේ වීම විශේෂත්වයක්. මීට ටික කාලෙකට කලින් ෆොක්ස්වැගන් සමාගමේ ඩීසල් වාහන සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් මතුවුණා. ඒ එයාලගේ ඩීසල් වාහන, වායු විමෝචන පරීක්ෂණ හෙවත් දුම් ...
මිට්සුබිෂි අධ්යක්ෂ මණ්ඩලය නිසාන් යටතට? අලුත් කාර් අලුත් කාර් ලෝකයේ උණුසුම් පුවතක් ළඟදී වාර්තා වුණා. ඒ තමයි නිසාන් සමාගම මිට්සුබිෂි සමාගමේ 34% ක කොටස් මිලදීගන්න තීරණය කරලා තියන බව. මේත් එක්කම මිට්සුබිෂි සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ බලය නිසාන් සමාගමට හිමිවෙනවා.මේ ගනුදෙනුවේදී නිසාන් සමාගම කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක් (යෙන් බිලියන 237 ක්). මිට්සුබිෂි සමාගම මේ ළඟදී ලොකු ව්‍යපාරික අපකීර්තියකට ලක්වුණා. ඒ 1991 ඉඳන්ම එයාලා එයාලගේ වාහන ...
තායිලන්තයේ Rally කාර් අලුත් කාර් Rallying හෙවත් රැලි ධාවනය කියන්නේ බොහොම ජනප්‍රිය මෝටර් රථ ධාවන තරග වර්ගයක්. මේකේ විශේෂත්වය වෙන්නේ විශේෂ රේස් ට්‍රැක් එකක වෙනුවට දුෂ්කර පාරවල් වගේ තැන්වල වාහන ධාවනය කිරීමයි. මේවායේදී පාවිච්චි වෙන්නේ, ක්‍රියාකාරීත්වය වැඩිවෙන සහ තරගයට සුදුසු විදිහට මොඩිෆයි කරපු, සාමාන්‍ය පාරේ දුවන්න නීතියෙන් අවසර තියන (රෝඩ් ලීගල්) වාහන. සුබාරු ඉම්ප්රෙසා WRX සහ ලාන්සර් ඊවෝ කියන්නේ මේ වෙනුවෙන්ම හදපු, අපි බොහෝ දෙනෙක් ...
සුබාරු මවු සමාගමේ නම වෙනස්වෙයි අලුත් කාර් සුබාරු කියන්නේ අපි කවුරුත් දන්න කාර් බ්‍රෑන්ඩ් එකක්. නමුත් සුබාරු කාර් හදන මවු සමාගමේ නම ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් (Fuji Heavy Industries) බව දන්නේ බොහොම ටික දෙනයි. හැබැයි දැන් ඒ දැනුම වැඩකට නැති දැනුමක් වේවි. මොකද ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ නම සුබාරු කෝපරේෂන් (Subaru Corp.) කියලා වෙනස් කරන්න සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කරලා තියනවා.මේ ආරංචිය අපි බොහෝ දෙනෙක් දැනගත්තේ පහුගිය ...
Mitsubishi Evo X- සොඳුරු දඟකාරයාගේ නික්ම යාම අලුත් කාර් මම පාපොච්චාරණයකින් පටන් ගන්නම්. මම සීරියස් මිට්සුබිෂි ෆෑන් කෙනෙක්. මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක්. ඒ නිසා හැමදාමත් මිට්සුබිෂි ගැන පොඩි ආදරයක් මගේ හිතේ තිබුණා. ඒ ආදරය ක්‍රමයෙන් බරපතළ ලාලසාවක් බවට පෙරළුණේ Mituishi Evolution හෙවත් Evo නිසා. කවදාහරි Evo එකක් ගන්න හීනය මටත් තිබුණා. නමුත් 2007 ජපානේදී Evo X දියත් වෙනකොට මේ එන්නේ අවසන් Evo පරම්පරාව බව අපි දැනගෙන ...