උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? අන්වර් මනතුංග සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද එනවිටම ලංකාවේ අන්තවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන ඝෝෂාව සමාජය තුල තීව්ර කරයි. මෙය දැන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙන අදිසි ප්‍රයාමයකි. මවිතය දනවන කරුණ නම් මේ පසුපස සිටින්නේ කවුදැයි මේ දක්වා කිසිවෙකු විමසා නොබැලීමයි. මීට වසර ගණනාවකට ප්‍රථම සිංහල අළුත් අවුරුදු සමයේදී අන්තවාදීන් විසින් නෝලිමිට් ටොෆියක පලහිලව්වක් විශාල ඝෝෂාවකට නැගුවා ඔබට දැන් අමතකවී ඇති ...
ඩිලන්ත විතානගේ මුස්ලිම් හිතවතුන්ට තම දුක කියයි! අන්වර් මනතුංග අප විසින් මෙම වෙබ්අඩවිය තුල “ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී!” යන උදෘතයෙන් පුවතක් පලකළා. එයින් අප බොදුබලසේනා සංවිධානයට අත්වී තිබෙන වත්මන් ඉරණම සහ ඩිලන්ත විතානගේ පත්වී තිබෙන දුක්ඛිත තත්වය හෙළිකලා. අප එම පුවත පලකලේ හුදෙක් ඩිලන්ත විතානගේ මහතා කෙරෙහි අනුකම්පාවෙන් බව පැවසිය යුතුයි. ඇත්තටම ඔහුට ආදරය කරන මිතුරෙකු සිටීනම් මේ පුවත බැලු පසුව ඔහුට මුදලින් ආධාර කරනු ...
ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී! අන්වර් මනතුංග බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක යැයි කියාගන්නා ඩිලන්ත විතානගේ නම් තැනැත්තා ජීවත් වීමේ මගක් නැතිව ටියුෂන් දීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙනවා. වත්මන් යහපාලනය යටතේ යනඑන මං නැතිව තිබෙන බොදුබලසේනා සංවිධානයට කලින් ලැබුණු සියළුම ආධාර නැති වී තිබෙන බවට වාර්තා වෙනවා. මේ නිසා සංවිධානයේ එදිනෙදා කටයුතු මෙන්ම පනස් ගණනකට අධික ඥානසාර හිමිට එරෙහිව ඇති නඩු ප්‍රමාණයට වියදම් කිරීමටද මුදල් සොයා ගැනීම ...
දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දීලා! අන්වර් මනතුංග මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසියේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා. 20 හැවිරිදි බේරුවල.ෆාතිමා ෆස්ලා, තම සැමියාට වධ දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව ට, පොලිස්පති ට පැමිණිලි කරමින් මෙසේ කියා සිටි. ‘‘ රහ්මාන්, අවු: 24යි. කම්කරු. මා ගේ සැමියා වේ. 2016.10.12 වන දින බේරුවල, එගොඩවත්ත පාරේදි, පිරිසක් මා ගේ සැමියාව අල්ලා, බේරුවල පොලීසියට කථා කර ගෙන්වා ...
බොරලැස්ගමුව මස්ජිදයට ප්‍රහාරයක්! අන්වර් මනතුංග ඊයේ රාත්‍රියේ බොරලැස්ගමුව මස්ජිදයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දෙදෙනෙකු විසින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මෙහිදී පල්ලිය තුල තිබුණු ෆෑන් එකකට සහ වෝටර් කූලරයකට අලාභහානි සිදුව තිබෙනවා. අසන නවතා තිබුණු ත්‍රිරෝධ රථයකටද අලාභ හානි සිදුවී ඇත. ප්‍රහාරය සිදුකළ අය විසින් මස්ජිදයේ පිටත දොරටුවද කඩා දමා ඇති බවටය් වාර්තා වෙන්නේ. මෙහිදී ප්‍රහාරයට පැමිණි එක්පුද්ගලයෙකුගේ ඔරලෝසුව බිමවැටී හමුවී තිබෙනවා. පොලිසිය උත්සාහ ...
ඥානසාර හිමි පැමිණෙන කුලියාපිටිය අන්තවාදී රැස්වීමට එරෙහිව පිරිසක් පොලීසි යයි! අන්වර් මනතුංග බොදුබලසේනා ලේකම්ග ලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් පැවැත්වීමට නියමිත සම්බන්ධව මුස්ලිම් පිරිසක් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කුලියාපිටිය ජුම්මා පල්ලියේ 10 දෙනෙකු විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ලබන අගෝස්තු 10 වනදා කුලියාපිටිය විහාරස්ථානයකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණාසාර හිමියන් සහභාගී වන වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම වැඩසටහන ආගමික එකකැයි පෙන්වා ඒ තුලින් ජාතිවාදය ඉස්මතු වන ක්‍රියාකාරකම් සිදුකිරීමට අර අදින බවට වාර්තා වෙනවා. ...
සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න අන්වර් මනතුංග එක්කෝ ඇය තම නොබෙල් ත්‍යාගය වහාම ආපසු දිය යුතුය. නැතිනම් එය ඇගෙන් ගත යුතුය. ‘බුරුමයේ ප්රජාතන්තවාදී නායිකාව’ යැයි අතීතයේ හරසරින් හැඳින්වූ ඇය, තවදුරටත් එම ගෞරව නාමය සඳහා තබා, නොබෙල් ත්‍යාගයක් ළඟ තබාගැනීමටවත් කිසිසේත්ම සුදුසු කෙනෙක් නොවේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ගෙන් ජනතාව මහා දේවල් හෝ ප්රාතිහාර්ය බලාපොරොත්තු නොවෙති. ඒ, දේශපාලනයේ සාමාන්‍ය භාවිතාව තුළ එය දූෂිත යාන්ත්‍රණයක් වන බවට පවතින සදාතනික සත්‍යය සහ අත්දැකීම් ...
අහෝ! ජාතිවාදීන්ට දණනමා හමුදා පාලක ජුන්ටාවට රූකඩයක් වූ සුඛී! අන්වර් මනතුංග මේ වන විට 72 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස හඳුන්වයි. ඇයට පෙර හමුදා පාලනය විසින් ඇතිකළ නීතියක් නිසා රටේ පාලක ධූරය නීතියෙන් ලැබිය නොහැකි තත්වයක් පැවතියද දේශපාලන නූල් සුත්තරයක් මගින් ඇය තමාවෙත පාලන බලය ආරෝපනය කරගෙන ඇත. වත්මන් මියන්මාරයේ රක්ඛින් ප්‍රාන්තයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ඇය පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාව සෑහීමට ...
කාන්තාවට නායකත්ව/අධිකාරී තනතුරකට පිවිසීමට ඉස්ලාමයෙන් අනුමැතිය තිබේද? අන්වර් මනතුංග ඉස්ලාමය තුල කාන්තාවන්ට ඔවුන් අවශ්‍ය සුදුසුකම් දරා සිටී නම්, නායකත්ව හෝ අධිකාරීත්ව තනතුරක් දැරීමට අවසර තිබේ. නමුත් සමහර දේ පුරුෂයන්ට පමණක් සීමා කර ඇත. එනම් ඉස්ලාමීය නැමදුමකදී නායකත්වය දීම, හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී තනතුරු වැනි කටයුතු පුරුෂයන්ට පමණක් සීමා කර ඇත. ඒ මන්ද යන්නට බාහිර හේතු ඕනෑ තරම් ගතහැකි නිසා ඒ සම්බන්ධව මෙම ලිපියෙහි සාකච්ඡා නොකරමු. නමුත් සමහර විද්වතුන් මුහම්මද් නබි ...
පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා” අන්වර් මනතුංග පලස්තීන වැසියන්ට මෙම වසර ආරම්භ වුයේ අශුභදායක පුවතක් සමගය. ඒ ඔවුන්ගේ ඉමහත් ආදරයට පාත්රවූ ග්‍රීක මෙල්කයිට් අගරදගුරු හිලේරියන් කපූචි අගරදගුරු තුමා Archbishop Hilarion Capucci අවුරුදු 94 ක් ආයු වලඳා රෝමයේදී අභාවප්‍රාප්ත වු පුවත සැලවීමයි. එතුමා පලස්තීන වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැපකළ අගරදරුගු තුමෙකි. දේවධර්මයේ අනුහස තම තම ජීවිතයට ලබාගත් එතුමා පලස්තීන වැසියන් පාගාගෙන පීඩාවට පත්කරන ඊශ්රායෙලයට විරුද්ධව එඩිතරව අරගල ...
සුංගාවිල මුස්ලිම් මිනිස්සු මහා කැලයට යට වූ සෝමාවති චෛත්‍යය සොයාගත් හැටි! අන්වර් මනතුංග පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය 1940 වසරේදී තම පියා ඇතුළු ඥාතීන් පිරිසක් විසින් සොයා ගනු ලැබූ බව සුංගාවිල පුරාණගම පදිංචි එස්.එල් මොහිදීන් බාබා (90) මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් මව්බිම ට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ මොහිදීන් බාබා මහතා මෙසේද කීය. ඒ කාලයේ අපේ ඥාතීන් පදිංචිව සිටියේ සුංගාවිල පුරාණ ගමේ. දෙසීයක් විතරවූ ඒ පිරිස පොල් අතු සෙවිලි කළ නිවාස 40 ක ජීවත් ...
හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! අන්වර් මනතුංග මුස්ලිම් විරෝධී භීතිකා වාදීන්ට තමන්ගේ පච ප්‍රචාරණය පවත්වාගෙන යාමට කිසියම් පුවත් මූලයක් අවශ්‍යය. දැන් ඒකට අළුත්ම එකක් ඇවිත් තිබේ. ඒ තිසර පටයේ වඳ බෙහෙත් දැමීමයි. මෙම පච ප්‍රචාරකයන් කලක් තිස්සේම මෙම වඳ බෙහෙත් සංකල්පය මුස්ලිම්වරුන්ට එරෙහිව සමාජය තුල ප්‍රචාරණය කළ එකකි. විශේෂයෙන්ම මුස්ලිම් වෛද්‍යවරුන්ට එරෙහිව, මුස්ලිම් හෝටල් වලට එරෙහිව මෙම පච ප්‍රචාරණය දියත් කරන ලදී. අළුත්ම ප්‍රවණතාවයට පාදක වුනේ ලංකාදීප ...
කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 3 වන කොටස අල් කුර්ආන් 5: 33 අන්වර් මනතුංග මෙයට පෙර අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 193 හා 216 වැනි වැකි පිළිබඳ විවේචකයින් විසින් ඉදිරිපත් කොට තිබු වැරදි අර්ථකතනයන් පිළිබඳ නිවැරදි විග්රහයන් ඉදිරිපත් කළෙමු. පස්වන පරිච්ඡේදයේ 33 වන වැකියට පෙර ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා ව්‍යාපාරිකයින් විසින් විකෘති කොට අර්ථ දක්වා ඇති අල් කුර්ආන් වැනි විස්සක් පමණ තිබුණ ද එම වැකි පිළිබඳ විවේචන ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ දක්නට නොමැති හෙයින් මෙම වැකිය ...
හමේ පාට නිසා රස්සාව අහිමිවු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික කත! අන්වර් මනතුංග තමන්ගේ සමේ පැහැය හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් රැකියාවට නොගැනීමේ පුවතක් “ඩේලිමේල් ඕස්ට්‍රේලියා” පුවත් සේවය වාර්තා කර තිබුණා. මෙම සිදුවීමට ලක්වූ තරුණිය පවසන්නේ තමාගේ සමේ පැහැය (දුඹූරු) හා ඉන්දියානුවෙක් (මම ශ්‍රී ලාංකිකයෙකු වුවත්) වගේ යැයි පැවසූ මෙම ආයතනය සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රතික්ෂේප කළ බවයි. මෙය සිඩ්නි නුවර දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් බවයි සඳහන් වන්නේ. මෙම තරුණියගේ සිදුවීම සමාජ ජාලා ඔස්සේ ...
අහසේ පාවෙනවැයි කියා බැතිමතුන් රවටන්නේ මෙහෙමයි! (VIDEO) අන්වර් මනතුංග ඇදහිය නොහැකි ප්රාතිහාර්යයන් පාන ආගමික නායකයින් සිටිනවා. අතීතයේ මෙන් නොව එවන් සිදුවීම්වල සත්‍ය අසත්‍ය බව ප්‍රශ්ණ කරන පිරිස් අද වන විට බහුල යි. අහසෙහි පාවෙන බව පවසමින් ප්රාතිහාර්යය පානා එවන් පුද්ගලයින් පිළිබඳව ද නිරන්තරයෙන් වාර්තාවන අතර එය විශ්මිත ප්රාතිහාර්යයක් නොව බොරුකාරයින් විසින් කරන රැවටීමක් බව හෙළිකරන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා. එම වීඩියෝව පහතින් The post අහසේ පාවෙනවැයි කියා බැතිමතුන් රවටන්නේ ...
ශ්‍රී ලංකන්ට ගුවන්යානා අරන් තියෙන්නේ මිනිස්සු ත්‍රීවිල් ගන්නවා වගේ! ඇමති කබීර්! (වීඩියෝ) අන්වර් මනතුංග ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අති විශාල පාඩුවක් සිදුවී ඇති බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ඔහු මේ බව හෙළිකළේ අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ දුෂණ සහ වංචා සෙවීමට යම් කාලයක් ගත වන බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අද පැහැදිළි කළා ඒ එම මාධ්‍ය හමුවේදී. The ...
මාතර හුණුකොටුව හංදියේ වසර 300 ක් පැරණි බෝගස කපා දමන්නේ මුස්ලිම්වරුන්ද? අන්වර් මනතුංග අන්තාවාදී වෙබ් අඩවි විසින් මාතර හුණුපිටිය හන්දිය බතුතා පාරේ පිහිටි බෝගසක් මුස්ලිම්වරුන් කපා දමන අයුරින් අන්තර්ජාලයේ අන්තවාදී වෙඩ් අඩවි සහ සමාජ ජාලා විසින් ප්‍රචාරය කරගෙන යමින් පවතිනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය අපි විමසුවා. පලමුව ඔවුන්ගේ පුවත පළකර අප කරුණු දක්වන්නට බලාපොරොත්තු වෙමු. උපුටාගැනීම මාතර බතුනා පාරේ හුණුකොටුව හංදියේ වැඩ සිටින වසර 300 ක් පැරණි බෝධීන් වහන්සේත් කපා දමන්ට සැරසේන අතර මෙි ...
බීමත්ව රිය පැදවූ ස්වීඩන් ඇමතිවරිය ඉල්ලා අස්වෙයි! අන්වර් මනතුංග නියමිත සීමාව ඉක්මවා මත්පැන් පානය කොට රිය පදවා පොලිසියට හසු වූ ස්වීඩනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. අයිඩා හඩ්සියාලික් ස්වීඩනයේ ලාබාලම ඇමතිවරියද වූවාය. විසි නව හැවිරිදි ඇය එරට අමාත්‍ය ධුරයකට පත් පළමු මුස්ලිම් කාන්තාවයි. බීමත්ව රිය පදවා පොලිසියට හසු වීම ඇය විසින් හඳුන්වනු ලැබුවේ ‘සිය ජීවිතයේ සිදු වූ බරපතළම අත්වැරැද්ද’ ලෙසයි. වයින් වීදුරු දෙකක් පානය ...
කොලඹ කෝටිපති භික්ෂුන් සුරසැප විදිද්දී ශාසනයේ උන්නතිය වෙනුවෙන් ගඩොල් කපන සැබෑ හිමිනමක්! Video අන්වර් මනතුංග බොදුබලසේනා ඇතුළු ඥානසාර හිමි වැනි අය බුද්ධ ශාසනය වෙනුවෙන් කිසිවක් කර නැති බවත් වසරකට භික්ෂුන් වහන්සේලා 3000ක් පමණ සිවුරු හැරයන් බවත් අප මෙම වෙබ්අඩවිය තුලින් කලින් වාර්තා කළා. නමුත් අපි අද මේ වාර්තා කරන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිය වෙනවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකරන ස්වාමින් වහන්සේ නමක් ගැනයි. ඒ ගල්ගමුව, කන්කානියාගම, වනිගසුරිය වත්තේ, ශ්‍රී සම්බෝධී විහාරයේ වැඩ වසන අමරවංශ හිමියන්. තම පාලනය යටතේ ...
තිහාරියේ ප්‍රදීපාගාරය! තන්වීර් ඇකඩමිය අන්වර් මනතුංග මෙය වෙනස් ඉස්කෝලයකි. වෙනස් අධ්‍යාපන ආයතනයකි. වෙනස් අරමුණකින් පටන්ගත් තැනකි. වෙනස් විදියට හිතන මිනිසුන් වෙනස් දේවල් කළ යුතු කාලයකි මෙය. මුස්ලිම් විරෝධය ලොව පුරා රෝගයක් මෙන් පැතිරෙන්නේ කලෙක පටන්ය. කලෙක එය උත්සන්න වෙද්දී කලෙක යටපත් වෙයි. දැන් ටිකෙන් ටික ඉස්ලාම් විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී අපි ‘තන්වීර් ඇකඩමි’ වෙත ගියෙමු. නිට්ටඹුව තිහාරිය හන්දියෙන් මින්හාත් පාර දිගේ යද්දී තන්වීර් ඇකඩමිය හමුවෙයි. හවස් ...