කාන්තාවට නායකත්ව/අධිකාරී තනතුරකට පිවිසීමට ඉස්ලාමයෙන් අනුමැතිය තිබේද? අන්වර් මනතුංග ඉස්ලාමය තුල කාන්තාවන්ට ඔවුන් අවශ්‍ය සුදුසුකම් දරා සිටී නම්, නායකත්ව හෝ අධිකාරීත්ව තනතුරක් දැරීමට අවසර තිබේ. නමුත් සමහර දේ පුරුෂයන්ට පමණක් සීමා කර ඇත. එනම් ඉස්ලාමීය නැමදුමකදී නායකත්වය දීම, හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී තනතුරු වැනි කටයුතු පුරුෂයන්ට පමණක් සීමා කර ඇත. ඒ මන්ද යන්නට බාහිර හේතු ඕනෑ තරම් ගතහැකි නිසා ඒ සම්බන්ධව මෙම ලිපියෙහි සාකච්ඡා නොකරමු. නමුත් සමහර විද්වතුන් මුහම්මද් නබි ...
රොහින්ගා ප්රශ්නය ධ්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක් – ලයනල් බෝපගේ අන්වර් මනතුංග රොහින්ගානුවෝ ලෝකයේ පුරවැසි අයිතිය නොමැති විශාලතම ජනප්‍රජාව වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ජීවත් වන්නේ මියන්මාරයේ දුප්පත්ම ප්‍රාන්තයක් වන බටහිර වෙරළබඩ රහයින් ප්‍රාන්තයේයි. රෝහින්ගා බහුතරය මුස්ලිම් වන අතර ශතවර්ෂ ගණනාවක් පුරා බෞද්ධ මියන්මාරයේ වාසය කොට ඇත. රොහින්ගා ජනයා කථා කරන්නේ රොහින්ගා හෙවත් රුවයින්ගා නමැති උපභාෂාවකි. රහයින් ප්‍රාන්තයේ සහ මියන්මාරයේ කතා කරන උපභාෂාවන්ට වඩා මෙම උපභාෂාව වෙනස් ය. ඔවුන් රටේ නිල වශයෙන් ...
මුස්ලිම් ගුරුවරුන් පත්කළැයි කොලඹ ආනන්ද/නාලන්ද විදුහල් වලත් ජාතිවාදය අවුළුවන ලකුණු! අන්වර් මනතුංග කොලඹ ආනන්ද සහ නාලන්ද විදුහල් වලට මෑතකදී මුස්ලිම් ගුරුවරුන් කිහිපදෙනෙක් පත්කිරීම නිසා එහි සිටින ඇතැම් ගුරුභවතුන් පිරිසක් ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්තක යෙදී සිටින බවට වාර්තා වෙනවා. මේ සදහා ඔවුන් සිසුන්ව අවුස්සා සිසුන් තුලින් මුස්ලිම් විරෝධයක් මතුකර ගැනීමේ උත්සාහයක නියැලී සිටින බවට අපවෙත ලැබෙන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ සම්බන්ධව සිසුවෙකු තැබූ ෆේස්බුක් සටහනක් පාදක කරගනිමින් අන්තර්ජාල වෙබ්අඩවියක් වාර්තා කර තිබුණේ මෙසේයි ...
අත්පා අහිමිව ඉපදුනත් දිරියෙන් නැගිටි අච්මාඩ් සුල්කර්නයින්! අන්වර් මනතුංග ලෝකය ජයගැනීමට වෙහෙසන දිරිය මිනිසුන් ගැන මෙම පිටුවෙන් නිතරම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔවුන්ගේ ධෛර්යය හා කැපකිරීම් මඟින් අපේ ජීවිතයට ආදර්ශයක් ලබා ගැනීමටයි. සියදිවි නසා ගැනීම් අතින් ලෝකයේ පළමු ස්ථානය අපිට හිමි වී තිබීම සැබැවින්ම කනගාටුදායක තත්වයක්. ජීවත්වීමට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ තිබියදී නොලැබුණු පුංචිම පුංචි දෙයක් වෙනුවෙන් සිය දිවි නසාගන්නා පුද්ගලයන් සිටිනා අපේ රටේ මිනිසුන්ට අද අප කියන ...
ඉන්දුනීසියාවේ බුදු දහම Buddhism in Indonesia අන්වර් මනතුංග ඉන්දුනීසියාවේ බුදුදහමට දිගු ඉතිහාසයක් ඇති අතර එය ඉන්දුනීසියාවේ ආදි යුගයේ සිට එන ස්මාරක රාශියකි. බුද්ධාගම ඉන්දුනීසියාවේ නිල ආගම් හයෙන් එකක් ලෙස පිළිගනු ලැබේ. ඉස්ලාමය, ක්‍රිස්තියානි ආගම (ප්‍රොතෙස්තන්ත සහ කතෝලික), හින්දු ආගම සහ කොන්ෆියුසියානුවාදය අනෙකුත් ආගම් වේ. බුද්ධ ප්‍රතිමා විකිණීමට තිබෙන මුස්ලිම් වෙලදසැල් 2000 ජාතික සංගණනයට අනුව, ඉන්දුනීසියාවේ සමස්ත පුරවැසියන්ගෙන් 0.8% ක්ම බෞද්ධයන් වන අතර සංඛ්‍යාත්මකව ගත්කල මිලියන 1.7 ක් පමණ ...
අහෝ! ජාතිවාදීන්ට දණනමා හමුදා පාලක ජුන්ටාවට රූකඩයක් වූ සුඛී! අන්වර් මනතුංග මේ වන විට 72 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස හඳුන්වයි. ඇයට පෙර හමුදා පාලනය විසින් ඇතිකළ නීතියක් නිසා රටේ පාලක ධූරය නීතියෙන් ලැබිය නොහැකි තත්වයක් පැවතියද දේශපාලන නූල් සුත්තරයක් මගින් ඇය තමාවෙත පාලන බලය ආරෝපනය කරගෙන ඇත. වත්මන් මියන්මාරයේ රක්ඛින් ප්‍රාන්තයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ඇය පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාව සෑහීමට ...
සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න අන්වර් මනතුංග එක්කෝ ඇය තම නොබෙල් ත්‍යාගය වහාම ආපසු දිය යුතුය. නැතිනම් එය ඇගෙන් ගත යුතුය. ‘බුරුමයේ ප්රජාතන්තවාදී නායිකාව’ යැයි අතීතයේ හරසරින් හැඳින්වූ ඇය, තවදුරටත් එම ගෞරව නාමය සඳහා තබා, නොබෙල් ත්‍යාගයක් ළඟ තබාගැනීමටවත් කිසිසේත්ම සුදුසු කෙනෙක් නොවේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ගෙන් ජනතාව මහා දේවල් හෝ ප්රාතිහාර්ය බලාපොරොත්තු නොවෙති. ඒ, දේශපාලනයේ සාමාන්‍ය භාවිතාව තුළ එය දූෂිත යාන්ත්‍රණයක් වන බවට පවතින සදාතනික සත්‍යය සහ අත්දැකීම් ...
සුංගාවිල මුස්ලිම් මිනිස්සු මහා කැලයට යට වූ සෝමාවති චෛත්‍යය සොයාගත් හැටි! අන්වර් මනතුංග පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය 1940 වසරේදී තම පියා ඇතුළු ඥාතීන් පිරිසක් විසින් සොයා ගනු ලැබූ බව සුංගාවිල පුරාණගම පදිංචි එස්.එල් මොහිදීන් බාබා (90) මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් මව්බිම ට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ මොහිදීන් බාබා මහතා මෙසේද කීය. ඒ කාලයේ අපේ ඥාතීන් පදිංචිව සිටියේ සුංගාවිල පුරාණ ගමේ. දෙසීයක් විතරවූ ඒ පිරිස පොල් අතු සෙවිලි කළ නිවාස 40 ක ජීවත් ...
තිහාරියේ ප්‍රදීපාගාරය! තන්වීර් ඇකඩමිය අන්වර් මනතුංග මෙය වෙනස් ඉස්කෝලයකි. වෙනස් අධ්‍යාපන ආයතනයකි. වෙනස් අරමුණකින් පටන්ගත් තැනකි. වෙනස් විදියට හිතන මිනිසුන් වෙනස් දේවල් කළ යුතු කාලයකි මෙය. මුස්ලිම් විරෝධය ලොව පුරා රෝගයක් මෙන් පැතිරෙන්නේ කලෙක පටන්ය. කලෙක එය උත්සන්න වෙද්දී කලෙක යටපත් වෙයි. දැන් ටිකෙන් ටික ඉස්ලාම් විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී අපි ‘තන්වීර් ඇකඩමි’ වෙත ගියෙමු. නිට්ටඹුව තිහාරිය හන්දියෙන් මින්හාත් පාර දිගේ යද්දී තන්වීර් ඇකඩමිය හමුවෙයි. හවස් ...
ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! අන්වර් මනතුංග බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කර පිහිටවූ ශ්‍රී පාද ස්ථානය බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍යාගමික ජනයා අතර ද ප්‍රකට වන්නේ සිරිපා ගමන් මගෙහි වූ අපූර්වත්වය නිසාම විය යුතුය. අබු අබ්දුල්ලා මහමුත් හෙවත් ඉබන් බතූතා සිරිපා වැඳපුදා ගත්තේ ද එබැවින් විය යුතුය. ඔහු සිරිපා වැන්දේ ක්‍රි.ව 1342 දීය. ඔහුගේ සිරිපා ගමන අහම්බයක් නොවුණ ද කලක පටන් වූ සැලැසුමක ප්‍රතිඵලයක් ද ...
ලාංකික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය යනු කුමක්ද? අන්වර් මනතුංග විවාහය සම්බන්ධව ලංකාවේ තිබෙන එක් නීතියක් වන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියයි. මේ මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතියෙන්, සාමාන්‍ය විවාහ නීතියෙන් හා තේසවලාමේ නීතියෙන් වෙනස් වෙනවා. ඒකට හේතුව වන්නේ යම් පුද්ගලයෙක් ඉස්ලාම් ධර්මය අදහන කෙනෙක්ද යන්න මත එම පුද්ගලයා මුස්ලිම් විවාහ නීතිය බලපාන බැවිනි. අනෙකුත් උඩරට නීතිය බලපාන්නේ උඩරට ජනතාවට පමණි. තේසවලාම නීතිය බලපාන්නේ යාපනය ආශ්‍රිතව හින්දු ජනතාව වෙතයි. සාමාන්‍ය ...
ඥණසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ! – සුනන්ද දේශප්‍රියගේ ලිපියක් අන්වර් මනතුංග තහංචි මැද්දෙන්: ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරනමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ. ඉර්දි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ හැකි ඥනසාර ආශ්චර්යෙන් ගිනි කණ වැටුනු සිරිසේනයෝද වික්‍රමසිංහයෝද විජේදාසයෝද ...
බලය නැතත් ජනතාවට සේවය කරයි! මේ සිංහල ෆාරුක්! අන්වර් මනතුංග වර්තමානයේ දී මැති ඇමැතිවරයකු නොවුවද සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ජනතාව තවමත් හමුවන දේශපාලනඥයකු රුවන්වැල්ලේ සිටී. වාද භේදයකින් තොරව හැකි අයුරින් ජනතාවට යමක් කරදීම එකම අරමුණ කොට ගෙන සිය දේශපාලන ජීවිතයේ 53 වන වසර ගත කරන මෙම අපූරු දේශපාලනඥයා වනුයේ අල්හාඡ් යූ. එල්. එම්. ෆාරුක් මහතාය. දැනට 76 වන වියේ පසුවෙමින් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියද ජනතාවගෙන් ඔහුට බේරී සිටීමට නොහැකි ...
වස්ත්‍ර අඳින්නේ ඇයි? අන්වර් මනතුංග මම කටාර් රාජ්‍යයේ සේවය කරන කාලයේ දිනක් මම රාජ්‍ය ආයතනයක කිසියම් කටයුත්තක යෙදී සිටියෙමි. එම ආයතනයේ පරිපාලකයන් විසින් මා ඉදිරිපිටට කිසියම් පුද්ගලයෙකු පමුණුවා, ඔහුගේ වස්ත්‍රය ගැන උපදෙස් දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඔහු ඇඳ සිටියේ කොට කලිසමක් සහ උඩුකයට ස්කිනි වර්ගයේ වස්ත්‍රයක්. ඇත්ත වශයෙන් කටාර් රාජ්‍යයේ රාජ්‍ය ආයතන වලට මෙවැනි වස්ත්‍ර හැඳ ඒම තහනම්ය. මේ තරුණයා මා වෙත පැමිණි විට ...
හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! අන්වර් මනතුංග මුස්ලිම් විරෝධී භීතිකා වාදීන්ට තමන්ගේ පච ප්‍රචාරණය පවත්වාගෙන යාමට කිසියම් පුවත් මූලයක් අවශ්‍යය. දැන් ඒකට අළුත්ම එකක් ඇවිත් තිබේ. ඒ තිසර පටයේ වඳ බෙහෙත් දැමීමයි. මෙම පච ප්‍රචාරකයන් කලක් තිස්සේම මෙම වඳ බෙහෙත් සංකල්පය මුස්ලිම්වරුන්ට එරෙහිව සමාජය තුල ප්‍රචාරණය කළ එකකි. විශේෂයෙන්ම මුස්ලිම් වෛද්‍යවරුන්ට එරෙහිව, මුස්ලිම් හෝටල් වලට එරෙහිව මෙම පච ප්‍රචාරණය දියත් කරන ලදී. අළුත්ම ප්‍රවණතාවයට පාදක වුනේ ලංකාදීප ...
නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කරයි! අන්වර් මනතුංග යුරෝපා සංගමයේ සාමාජික රටක් වන නොර්වේ රාජ්‍යයේ ප්‍රධාන වෙළෙඳ සංගමය ඊශ්රායෙල භාන්ඩ වර්ජනය කිරීමට තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා. ඒ, ඊශ්‍රායලය දිගින් දිගටම පලස්තීනුවන්ට එරෙහිව සිදුකරන කෙණෙහෙළිකම්වලට විරෝධය දක්වමින් බවයි ඔවුන් පවසන්නේ මේ සම්බන්ධව පෙරමුණ ගෙන කටයුතු කරන නොර්වේ ඒකාබද්ධ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කළේ ඡන්ද විමසුමකින් පසුවය. එහිදී ඡන්ද 197 ක් වර්ජනයට එකඟ වූ අතර ඊට විරෝධය දක්වා සිටියේ ...
පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා” අන්වර් මනතුංග පලස්තීන වැසියන්ට මෙම වසර ආරම්භ වුයේ අශුභදායක පුවතක් සමගය. ඒ ඔවුන්ගේ ඉමහත් ආදරයට පාත්රවූ ග්‍රීක මෙල්කයිට් අගරදගුරු හිලේරියන් කපූචි අගරදගුරු තුමා Archbishop Hilarion Capucci අවුරුදු 94 ක් ආයු වලඳා රෝමයේදී අභාවප්‍රාප්ත වු පුවත සැලවීමයි. එතුමා පලස්තීන වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැපකළ අගරදරුගු තුමෙකි. දේවධර්මයේ අනුහස තම තම ජීවිතයට ලබාගත් එතුමා පලස්තීන වැසියන් පාගාගෙන පීඩාවට පත්කරන ඊශ්රායෙලයට විරුද්ධව එඩිතරව අරගල ...
උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? අන්වර් මනතුංග සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද එනවිටම ලංකාවේ අන්තවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන ඝෝෂාව සමාජය තුල තීව්ර කරයි. මෙය දැන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙන අදිසි ප්‍රයාමයකි. මවිතය දනවන කරුණ නම් මේ පසුපස සිටින්නේ කවුදැයි මේ දක්වා කිසිවෙකු විමසා නොබැලීමයි. මීට වසර ගණනාවකට ප්‍රථම සිංහල අළුත් අවුරුදු සමයේදී අන්තවාදීන් විසින් නෝලිමිට් ටොෆියක පලහිලව්වක් විශාල ඝෝෂාවකට නැගුවා ඔබට දැන් අමතකවී ඇති ...
අනෝමා ජිනාදරීට යථාර්තය අවබෝධ වන විට කෝච්චිය ගිහින්! අන්වර් මනතුංග කාලයක් අනෝමා ජිනාදරී කියන්නේ අපේ රටේ සම්භාව්‍ය කියන චිත්තරපටි කාරයන්ට වීර කාන්තා චරිතයක්. නමුත් දැන් ඇය කියන කතා වලට උන් ඔක්කොම මූණු හකුළුවා ගන්නවා. ඒ ඇයි? ජිනාදරී ඔය කියන සම්භාව්‍ය ඔස්තාර්ලගේ පටිරෝල් කරන්න පටන් ගැනීම නිසයි. ඇත්තෙන්ම මේ ඇත්තන්ම අපේ රටේ සිනමා රසිකයන් හිතාන ඉන්නෙ මහා කලාකාරයෝ කියලයි. ඉතිං මේ කලාබරුවන්ගේ හැබෑම තත්වෙ දන්නෙ නිළියෝ නොවැ. ඉතිං ඔන්න මම ජිනාදරීගෙ ...
දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී! අන්වර් මනතුංග දෙහිවල පිහිටි ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබන බෞද්ධ සිසුවියක් ලවා පාසලේ විදුහල්පතිනිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙහිවල අන්තවාදී ආගමික කල්ලියක් උත්සාහ දරා තිබෙනවා. මෙම පැමිණිල්ල නම් පාසැලේ සිසුවියන් 9 දෙනෙකු “යොහෝවාගේ සාක්ෂිකරුවෝ” නම් වූ ක්‍රිස්තියානි කංඩායමක් කිතුණු බවට පත්කර ඇති බවටයි. එම සිසුවිය පවසා තිබුණේ තමන්ටද මෙම ආගමට පැමිණෙන ලෙස බලකළ බවයි. මේ සම්බන්ධව ඇය චෝදනා කොට තිබුණේද ...