Untitled Post Monarathenna කෙටිම කෙටි කතාවක්----------------------------------මම හිතුවා...තවමත් එහෙමයි....ඉස්සර ඉඳන්ම හිතුවා....දැනටත් එහෙමයි...ඉස්සරහටත් එහෙමයි...හැම මොහොතක්ම ගෙවුණේ ඒ ගැනම හිත හිත..ඔව් ඇත්තටම ඒ ගැනම හිත හිත....'ඉතින් මොනවද ඔයා හිතුවේ...?''ඒක තමයි මොනවද මම හිතුවේ...?''මොනවද ඔයා හිතනවා කියන්නේ?...''එයාට ඕන ඕන වෙලාවට ගෙන්න ගන්න ගෑණු ඉන්නවා....''ඉතින් ඔයා දන්නවනේ ඒක...තව මොනද ඕක ගැන හිතන්න තියෙන්නේ...?''ඔව් ඉතින් මමත් යනවා,එනවා...,දන්නවා විතරක් නෙවෙයි මම ඒ ගැන දැන දැනත් යනවා....'හිතාගෙන හිතාගෙන ගියාම හිත බර ...
රාස්සයෙකුගේ උයනක Monarathenna සඳ කඩා වැටෙනතරු නිවා දැමෙනඑක දිනක් ඇතඅහස සුසුම් ලනරැයම ඉකිගසනකුසුමක් තනිව ඇතවේදනාවේ කටු සයන මත...-කලු මොණරි -
කවිය Monarathenna කවිය ජලය වැනිය,ගුණය..,විටෙක රසයක් නැති වූවදආත්මීය පිපාසයටකදිම වූ පානයකිකවිය...........කවිය සුළඟ වැනිය...සිසිලසය..,විටෙක උණුසුම් වූවදසීතල වුණු හැඟුමටකදිම වූ සැපතක්මයකවිය.........ජලයට සුළඟට හැඩයක් නැතිය..ජලය නිදහසේ ගලා ගෙන යන අතරසුළඟ හිතුමතේ හමා යන්නේමය....කවියක් වූ කලීද එසේමය.....-කලු මොණරි- ...
ජිවිතය තීරණය කරන සමාජ සිස්ටම් එක Monarathenna ලංකාවේ එක එක විදියේ සිස්ටම් තියෙනවා, ඒ හැම සිස්ටම් එකකටම අපිට අනුගත වෙන්න බැ තමයි, ඒත් සමහර නියම කරලා තියෙන දේවල් මඟ අැරලා යන්නත් බෑ. අපේ ජිවිතේ සමහර දේවල් අපිම තීරණය කරනවා කියලා හිතුවට සමහර දේවල් තීරණය කරන්නේ අර මම මුලින් කිව්ව අපිට මඟ අැරලා යන්න බැරි සිස්ටම්.සමහර වෙලාවට තරුණ ගෑණූ ළමයෙකුගේ අනාගතය තීරණය වෙන්නේ ඒ ගෑණූ ළමයගේ කන්‍යාභාවය මත, ...
අාදරණීය මුසන්ඩාස්... Monarathenna අද ලෝක මිහිතල දිනයයි... එහෙම කිව්ව ගමන්ම මට අපේ සීයව මතක් වුණා....අපි එයාට ආදරේට කිව්වේ 'චුච්චු' කියලා. නැත්නම් චුච්චු තාත්තා කියලා. ඒ නමින් සීයට කතා කරන්න ගත්තේ එයාගෙ වැඩිමල්ම මිනිබිරී, මමයි. ඒත් මගෙන් පස්සේ ඉපදුණ ඔක්කොම පොඩි උන් ටිකත් සීයට කතා කළේ චුච්චු තාත්තා කියලා... මේ ලෝක මිහිතල දිනයට අදාළ කතාවක් නෙවෙයි මම කියන්න යන්නේ කියලා සමහරු හිතන්න පුලුවන්... ...
බලාපොරොත්තු සහ ජිවිතය Monarathenna 'මිනිස්සුන්ට ජිවත් වෙන්න තියෙන්න ඕනා මූලිකම කාරණා කියලා අපි ස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නේ ආහාර,නිවාස,ජලය,සහ අැඳුම් පැළඳුම් ගැන. ඒත් ජිවත් වෙන්න උවමනා ඒ දේවල් වලට වඩා අපිට ජිවත් වෙන්න ඕනම කරුණූ ගැන අපි ගිය ස්කෝලේ පොත් පත් වල තිබ්බේ නැ තමයි. ඒත් ඉබේම අපිව පුහුණූවකින් තොරවම අපි තවත් දේකට පුරුදු වුණා. ඒ තමයි ජිවත් වෙන්න අපිට බලාපොරොත්තු ඕනා කියන දේ..කවුරු ...
ඕ ලෙවල් කෙල්ලගේ ජනාධිපති හීනය...! Monarathenna පොඩි කාලේ මොන්ටිසෝරියේ අපිට උගන්වපු ටීචර් හරියට නිකන් ඉන්ද්‍රානි පෙරේරා වගේමයි. ඉතින්... මම ඉස්සර ටීචර් ගේ මූණටම ඕක බැරි බැරි ගාතේ කියනවා කියලා ටීචර් දැනටත් පාරේ දි මුණ ගැහුණමත් මට කියනවා. පොඩි කාලේ මේ ටීචර් පාට ගැන පාඩම උගන්වනකොට තැඹිලි ගෙඩිය තැඹිලි පාටෙන් පාට කරලා කිව්වා, 'පුතේ මේ තියෙන්නේ තැඹිලි ගෙඩියක්. එතකොට මේක පාට කරලා තියෙන්නේ තැඹිලි පාටෙන්..'ඊළඟට පොල් ගෙඩියෙ ...
අරගලය වෙනමම තියෙනවා Monarathenna අරගලය වෙනමම තියෙනවාමිනිස්සු වෙනමම ඉන්නවා..බොහෝ කාලයක් තිස්සේ හෝ ගානා පොකුණ සිනමා පටය නරඹන්නට සිත් වූවද ඊට වෙන් කර ගත හැකි කාලයක් මා සතු නොවීය...නමුත් අවසානයේදී ඊයේ මම එය නැරඹුෙවෙමි. ප්‍රථමයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත..එනම් මම චිත්‍රපටි විචාරකයෙකුවත්,සියල්ල දත් පණ්ඩිතයෙකුවත් නොවන්නෙමි. අවසන් වරට සිනමා පටයක් පිළිබඳව මා මෙලෙස මූහුණු පොතේ අකුරු කෙරුවේ 'බොරදිය පොකුණ' ගැනය.මේ සටහන තබන මොහොත වනවිට බොහෝ ...
කූල් කරපු ගුරාමි - පවර් කට් කතාවක්...! Monarathenna දැන් මේ විනාඩි දහයකට කරන්ට් කපලා අපේ කට්ටිය මැරෙන්න හැදුවත් මට මතකයි ඉස්සර අපි පොඩි කාලේ දවසට පැය දෙකක් කරන්ට් කපනවා. ඒ චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ. රෑ 8 ඉදන් 10 වෙනකම් කරන්ට් නෑ. අපි ඉතින් ලාම්පු එළියෙන් හරි ඉටි පන්දන් එළියෙන් හරි තමයි ඒ පැය දෙකේ කාලය ගත කළේ. ඇත්තටම ඒ කලුවරේ ලාම්පු එළියෙන් ගත කරපු පැය ගාණ හරිම සුන්දරයි. ...
පොඩි උන්ගෙ ලොකු වැඩ Monarathenna 'රටේ ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා බලන් ඉදලා මොකාක් හරි කතාවක් ලියලා..එහෙමත් නැත්නම් ලියපු එකක් කියවලා මේ බුකියේ උඩටයි යටටයි යන මට මේ අකුරු ටික බුකියේ බිත්තියේ කෙටුවේ නැත්නම් මහා අඩුවක් දෝ මන්දා කියලා මට දැනුනා...රටේ දේශපාලනයට මොන විදියකින් කණ කොකා හැඬලුවත් මිනිස්සු දෙපැත්තකට බෙදිලා මරාගන්න වෙලාවක රටේ එකමුතු කම සහයෝගය මතුකර පෙන්වන දේ තමයි ක්‍රීඩාව කියන්නේ... ඉවසීම සහ පරාජය ...
ChaT B oX Monarathenna හරි හතරැස් කොටුවකට හිර වෙලා අසීමීතව ගලා යනු හැකිද?ගෝලයක් වගේ ලෝකයක ඉන්න අපිහතරැස් කොටු අස්සේ ජිවිතේ හොයන්න පටන් අරන්බලාපොරොත්තු පොදි ගහන්න පටන් අරන්අයිතියක් නැති ජිවිතයක් අැතුළේ හරි හතරැස් කොටුවක් සින්නක්කරව පවරන්.... -කලු මොණරි- ...
ජිවිතයට ඉඩ දෙන්න... Monarathenna එක පාරක් ශිෂ්‍යත්වය ෆේල් වුනොත් අපිට ආයේ ඒ විභාගය කරන්න ජිවිතේ අවස්තාවක් දෙන්නේ නෑ...හැබැයි ඊට පස්සේ අපි ඕ-ලෙවල් ලියනවා, ඒකත් ස්කෝලෙන් කරන්න වෙන්නේ දෙපාරක් විතරයි....ඒ ලෙවලුත් එහෙමයි... ඒත් අපිට න්‍යායෙන් පිට ඕන තරම් වාරයක් විභාග වලට වාඩි වෙලා ලියන්න පුලුවන්, වෙලාවට තවමත් අපේ රටේ උපාධිය තියෙන මිනිහගෙන් අහන්නේ නෑ, 'මේ කීවෙනි පාර ලියලද පාස් වුනේ' කියලා...උපාධියක් තියෙනවා නම් මිනිහගේ අනාගතය ...
සුභානිගේ අම්මාගේ වයලීන වාදනය Monarathenna ඒ තමයි ජිවිතේ සුන්දරම කාලය. අපි හැමෝගෙම ජිවිත වල ලස්සණ ම කාලය. අපි හැමෝටම ඒ කාලේ තිබ්බ හීන එකම වගේ. එක වසරේ ඉන්නකොට අපිට දෙකේ පංතියට යනකම් ඉවසිල්ලක් තිබ්බේ නෑ. පැන්සලෙන් ලියන කාලය අහවර වෙලා පෑනෙන් ලියන කාලය එනකම් අපි හිටියේ නොඉවසිල්ලෙන්. මම හිතන්නේ අපේ වයසත් එක්කම අපේ හීන වල ප්‍රමාණය, දිග පළල, තීරණය වෙනවා. ඒ ඒ කාල වල අපේ ...
ඔටාරා සහ බලු ප්‍රේමය Monarathenna මිනිසා කියන්නේ මනසින් උසස් සත්වයෙක් කියන එකයි කියලා මම විතරක් නෙවෙයි හැමෝම දන්න දෙයක්, බොහෝ වෙලාවට මිනිසා සතා වී සතා මිනිසා වෙන තැන් නැතුවම නෙවෙයි, ඒත් හුඟ වෙලාවට මිනිස්සු අහලකවත් නැති මනු ගුණ බොහෝ සතුන් ළඟ තියෙන විත්තිය මම පෞද්ගලිකව පවා අත්විඳලා තියෙන දෙයක්..ඒත් මම මේ කියන්න යන්නේ ටිකක් විතර වෙනස් දෙයක්, ඒ තමයි මේ ලෝකේ ජිවත් වෙන්නේ අපි විතරක්මයි ...
බලු කිරි රහ වෝල්ස් අයිස් ක්‍රීම් Monarathenna අයිස් ක්‍රීම් කන්න ආස නැති පොඩි උන් ඉන්නවද මේ ලෝකේ. ඒක ආසාවකට වඩා පෙරේතකමක් කියලා කිව්වත් වැරදි නෑ.එතකොට මට අවුරුදු 7 යි වයස, ස්කූල් වෑන් එකේ වැඩිහරියක්ම ගියේ බාලිකා පාසලක ඉගෙන ගන්න ළමයි ටිකක්, පිරිමි ළමයි නම් දෙන්නෙක් තුන්දෙනෙක් වගේ හිටියේ. ඉස්සර ඉස්කෝලේ ඉවර වෙන්නේ 2.00ට. ඉතින් වෑන් එකට හයියෙන් දුවන් එන්නේ ජනේලේ අයින අල්ලගන්න වුණත් ඒ වෙනකොට බාලිකා රැජිණ ...
ගෑණු මිනිස්සු Monarathenna සංයමයෙන් යුතු ගැහැණියක් තමන් තුළගොඩනැගෙන්නේවත්ආවේගශීලීව පිරිමින් මෙලොව පවතින්නේවත් නැත....සියල්ල අභිරහසක් වූ කළ ගැහැණියද මිනිසාදහුදෙක් අභිරහස්ම වන්නෝය.එය අනාවරණය කරගැනීම එක්තරා විදිහක සාපරාධි ක්‍රියාවකි.ජෛව විද්‍යාත්මකව ගැහැණිය සහ පිරිමියාභෞතිකව වෙනස් වූවදමනෝ විද්‍යාත්මකව ඔවුනොවුන් සමාන වන්නෝය.-කලු මොණරි- ...
කොළඹට වැස්ස Monarathenna 'කොළඹට කවදද හෙමින් වැස්සක් වැස්සේ.............කොළඹට කවදද ළාවට අව්වක් පෑව්වේ........කොළඹ අහස කවදද ළාවට අඳුරු වුණේ........කොළඹ හරිම නපුරු ඒ නිසා වෙන්න ඕනා........'-කලු මොණරි-
සුවඳ Monarathenna 'සුවඳ සලන සුවඳ කුසුම්රාත්රියට රැඟුම් මවයිසිහිල උනන සඳ මඩලටපෙම් කෝලම් උතුරා යයිරැහැයියන්ගෙ හඬ සවනටවස් දඬු රා මිහිර සදයි.....ගී කියන්න බැරි බකුසුන්බුම්මාගෙන බලා හිඳියිගලන දියේ රිද්මෙට මම්නුඹෙ ළමැදේ රටා අඳියිඋතුරා යන පෙම් මදිරාදෙතොලට රස ගෙන වෑහෙයිඅත්තටු ලැබ දෑඟිලි නුඹෙගත පුරාම ඉගිලී යයිරාත්රියට ඇස් නැති බැව්සිත රහසේ මුකුලු කරයි...සුවඳ සොයමි මල් කෙමි වලමල් පොකුරක් තුරුලු කරන්...........'-කලු මොණරි- ...
මල් Monarathenna මල්නිල් පාට අහසමතසුදු පාට වියන් අැතගිනි ගහන මිහිමතට සෙවන සලසනු බැරියලෝකයම වට කරමහා සයුර හිනැහුනදජිවිතය සනහාලන්නදිය බිඳකට නොහැකි වියඉරි තැලුනු කතරකටපාට මල් කුමකටදසෙවන සලසාලන්නකොළ පාට ගස් නැතිව-කලු මොණරි- ...
මිනිස්සු ...! Monarathenna 'කොච්චර වැස්සත් සමහරු කියනවා පට්ට රස්නෙයි කියලා... ඒ උන්ගේ හිත අස්සේ ගින්දර තියෙන නිසා.... පිච්චිලා යන තරමට පායද්දි සමහරු කියනවා මාර COOL කියලා....ඒ නැව ගිලුනත් බෑන් චූන් කියලා හිතෙන සෙට් එක නිසා...ඒත් එක්කම.., පෑව්වත් රස්නයක් දැනෙන්නෙත් නැති... වැස්සටත් සීතලක් දැනෙන්නේ නැති... ගන්ධබ්බයොත් නැතුවම නෙවෙයි.........මිනිස්සු හරි වෙනස් කියන්නේ අන්න ඒ නිසයි...මිනිස්සු හරි අමුතුයි කියන්නේ අන්න ඒක නිසයි.....'-කලු මොණරි- ...