ප්රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා.... Theerthaya එදා අපි උන්නෙ ඉමක් නිමක් නැති ගමනක... ඔයාට මතකද? ඉසව්වක් ගැන නිනව්වක් නැතිව සුක්කානම හැරවුණු අත ඔහේ ඇදී ගිය ඒ සුන්දර දවස් ආයෙ කිසිම දවසක හමුනොවනු ඇත්ද? අපේ ආදරයේ ලස්සනම දවස්වල මතක දිගෑරෙන හැම මොහොතකම ඒ හැම හුස්මක් ගාණෙම වික්ටර් රත්නායකයන්ගෙ ගී හඬත් ඇහෙන්නට ගනීවි... මට විශ්වාසයි ඔයාටත් එහෙම ම වේවි... එදා ඒ ගීතය මුල් ම වරට සවන ගැටෙද්දි ...
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ Theerthaya සැළලිහිනියෝ උඹ දන්නෙ නෑපෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැසාගරය බඳු පෙම් ආදරය දැනුනොත්උඹ කූඩුවී ඉන්නෙ නෑවෙන කාටවත් හේම නොකියන් හොඳේමං උඹට රහසක් කියන්නම්මං ආදරේ කියන මට ආදරේ කරනකුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.වෙන කාටවත් හේම නොකියන් හොඳේමං උඹට රහසක් කියන්නම්අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිමදැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා.ගායනය - අමරා රණතුංගගී පද - අජන්තා රණසිංහසංගීතය - දයාරත්න රණතුංගඅපි උදාන ගී ...
මට අරුමෝසම් හුරු නෑ අම්මේ Theerthaya By Artist Hiroko Reaneyසඳගිරි පව්ව උසයි... කිඳුරා හරිම වසයි මං ගෙදර එන්න ආවා අම්මේ දොර අරින්න නුඹ විතරයි ඉන්නේ...රත්තරන් කියා කඩුතුඩ මං ඇණ ගත්තේ පපුවට නුඹ එපා කියද්දීමයි අම්මේ ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ...සල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර මට අරුමෝසම් හුරු නෑ අම්මේ නිය පහුරු වැදුණු හිත බලපන්නේ....ගායනය :- විශාරද ශානිකා සුමනසේකර පද රචනය :- රවී සිරිවර්ධන තනු ...
මේ පාළු සීත රාත්රියේ Theerthaya මේ පාළු සීත රාත්රියේකියා දෙන්න රහසින්ප්රේමය නම් කිමැයි කියා ....සංගීතය පිළිබඳ මා අසා ඇති හොඳ ම නිර්වචනයක් වන්නේ ‘‘ශ්රවණය කළ හැකි හැඟීම්" යන්න ය. අප රස විඳින බොහෝ ගීත එම වකවානුවේ හෝ එම මොහොතේ රස විඳින්නේ අප සිත් තුළ ඇති හැඟීම් සමුදායට අනුකූල වීම නිසාය. අපගේ ප්රියතම ගීත අතර එක් එක් මනෝභාවයන්ට උචිත ගීත කිහිපයක් ම තිබීම අරුමයක් නොවේ.මෙවන් පිවිසුමකින් ...
ඔබේ ආදරේ වරුසා වැහැලා Theerthaya ෙ‘‘අපි වැව ළඟට යමු.” මම පවසමි.‘‘ඔයා නම් හැඟුම් පොදියක්.. ෆැන්ටසි ලෝකයක්...” ඔබ හිනැහෙයි. ගොම්මන අන්ධකාරයට ඇරයුම් කරයි. නිස්කංලක මාවතක් ඔස්සේ රිය සක ඇදී යයි. කොහේ කොතැන ගිය ද කම් නැත. ඔබ මා අසල සිටින විට කිසිදු බියක් සිතට නොනැඟේ. එසේනම් නිරන්තරයෙන් මා පෙළන අනියත බිය කුමක්ද? ඔබ මවෙතින් අසනු ඇත. නිරුත්තර වෙමි.ආදරණීය පහන්,මා බිය වන්නේ ඔබට නොව මට ම ය. ...
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්.. Theerthaya ආදරණීය තාරා, මේ ජීවිතයේ අප පැතූ දේවලින් කොයිතරම් පුංචි ප්රමාණයක්ද අපට ලැබී තියෙන්නේ. ඔයානම් මට කියයි, "මොනවද ඔයාට අඩු, ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා, මං ඒකට අයිති නැහැ කියලා". ඒත් ..ජීවිතයේ තමන්ට තමන්ව ම හොයා ගන්න බැරි වුණු මිනිහෙක්ගේ ශෝකාන්තය ඔයාට වැටහෙන්නේ නැහැ. තමන් තුළ ම තමන් සමග ම අරගලයක යෙදෙන හිතක විලාපය කෛලාස පර්වත කූට දෙදරවන්න තරම් බලවත්. ...