බුක්ෆෙයාර් ආතල් වල්පල් මේ දවස් වල හැමෝම කතාවෙන කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවන කොටසේ ජෙහාන් කියනවා මෙහෙම කතාවක්."සුපර්මාකට් වලින් බඩු ගන්න එක වෙනම ආතල් එකක් බං..දැන් උඹ හිතපං.. අපිට කොහෙද ඔය පොඩි කාලෙ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහේම කප කප යන්න පුළුවන් වෙන්නෙ?....මං දැකල තියෙනව සමහර එවුන් එහෙම යන අතරෙ.... බ්ර්බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....ගාල කටින් සද්දෙකුත් දානව. අනිත් එක උඹ හිතපං.. අපිට ...
නාමල් මලේ ඕවා ඉතින් නෝමල් අනේ වල්පල් අපේ ගෙවල් පැත්තේ හෙණ මැරෑටි කොල්ලෙක් හිටියා.මුගේ වැඩේම උගෙම මල්ලිට හැම වෙලේම නක්කලේ දාන එක, කෝචොක් දාන එක, ගහන එක.ඉතින් මල්ලි දුවගෙන දුවගෙන ගිහින් හැම වෙලේම අම්මගේ ඇඟේ තමා එල්ලෙන්නෙ. "අනේ අම්මේ, අයියා මට ගහනවනේ" කිය කිය. ඉතින් මේ මැරෑටි කොලුවට මල්ලිව පේන්න බෑ. අම්මව පේන්නත් බෑ. ඇයි, මූ බයයි මල්ලිගේ කේලං අහලා අම්මා මූට අම්බානට නෙළයි කියල.ඉතින් මූ අම්මා ...
පිං කරන්න එපා වල්පල් පින කියන සංකල්පය සමාන වෙන්නේ මනෝමූලික ගනුදෙනුවකට. පින බලාගෙන යම් දෙයක් කරන කෙනා බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකටවත් වඩා කවදා හෝ අර මනුස්සයාගෙ බඩගින්න නිවන්න නිසා තමා නැති කරගත්ත කෑම එක හරි මිල මුදල හරි වගේ දෙතුන් ගුණයක් තමන්ට ලැබේවිය කියන අදහස මත ඉඳගෙන. ...
සියවැනි සටහන : අඳුර වල්පල් අන්ධකාරය දසත පැතිරී ඇත. මහා කැලයක් මැද නිමක් නොපෙනන පාළු පාරක මිනිසෙක් ගමන් කරමින් සිටියි. ඔහු ඉදිරියට පය තබන්නේ හැඟීමක් දැනීමක් නැත්තෙකු සේය. කිසිදු අරමුණකින්වත්, විඩාවකින්වත් තොරවය ඔහු ඉදිරියට ඇදෙන්නේ.ඔහු කොපමණ වේලාවක් ඇවිද ගියාදැයි ඔහුවත් නොදනියි.ගමනාන්තය !ඉදිරියේ දිස් වන්නේ ගුප්ත බවින් වෙළී ගිය විශාල නිවසකි.ඔහු නිවසට ඇතුළු විය යුතුය. ඔහුට එසේ නොකර සිටීමට තේරීමක් නැත.නිවසට ඇතුළුවන ඔහු දකින්නේ කුඩා පිරිමි ...
සිංහල බෞද්ධ බුර්කා වල්පල් අරාබි ජාතික ගැහැණු බුර්කා/නිකාබ් ඇඳගෙන කට්ට අව්වේ මූදෙ බැහැලා නානවා දැක්කම සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදිච්ච බොහෝමයක් පින්වත්තු..."අනේ මොන කරුමයක්ද බං මේ මුන් ගෙවන්නේ? මොන ජීවිතද මේ?""පිරිමින්ට හොඳයි ඕන විදියකට යන්න.. ගෑණුන්ට තමා නරක""පුදුම අසාධාරණයක්නෙ මේක. පව් ඒ ගෑණු""මෙච්චර අලුත් ලෝකයක් මෙහෙම ගෑණුන්ට වෙනස් කම් කරනවද? ගොන් යක්කු""හිතේ වනචරකමනෙ.. ඒකනෙ ඔක්කොටම මුල. ඒකනෙ බලෙන් ගෑණුන්ගෙ ඇඟල්වල් ඔහොම වහන්නෙ"..."අතීතයේ ගොන් මගුල් ඔලුවෙ තියාගෙන ...
දන්ත ධාතුව සහ මොනාලිසා වල්පල් මා කුඩා හුජ්ජා කොලුවෙකු සන්දියේ ඉතා හොඳ බෞද්ධයන් වූ මගේ දෙමාපියන් විසින් මගේ ආදරණීයම නෑදෑයා වූ නුවර ලොකු අම්මාව හමු වීමට යන මුවාවෙන් මා කැටුව නුවර ගියේ ය. ගමන අතර මගදී මේ යන්නේ ලොකු අම්මා හමු වීමටම නොවන වග මට වටහා ගත හැකි වූයේ අපේ අම්මා සියල්ලටම පෙර කට ඉස්සර කර ගත් නිසා ය."නුවර ගිහිං දළදා මාලිගාවවත් වැන්දේ නැත්නම් වැඩක් ...
වෙනසට බය මිනිස්සු වල්පල් ලාංකීය සමාජය,සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........ඒ අයත් තමන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මිනිස්සු කියල පිළිගන්න ලෑස්ති නෑ...........තමන් ජීවත් වෙන සමාජයේ ගණිකාවන් ඉන්නවාය කියල පිළිගන්න ලෑස්ති නෑ...........ඒ මිනිස්සුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සුය කියල පිළිගන්න ලෑස්ති නෑ...........සංක්‍රාණ්ති ලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........ඒ අයටත් තමාට වගේම අයිතීන් තියෙනව කියල පිළිගන්න ලෑස්ති නෑ...........තරුණ තරුණියන්ට ආදරය කරන්න තියෙන නිදහස පිළිගන්න ලෑස්ති නෑ...........ජීවිතය විඳින්නට මිසක ...
මාර ඉස්කෝලෙ මාර පුත්තු වල්පල් නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි."...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන ...
අංකල් වල්පල් දැන් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුරුදු වෙලා හිටියට ඉස්සර මම ෆිල්ම්ස් බැලුවේ ගෙවල් ලඟ තිබ්බ DVD ශොප් එකෙන් රෙන්ට් එකට අරගෙන.ඩීවීඩී කඩේ හිටියේ අංකල් කෙනෙක්. මම අංකල්ව හඳුනගද්දි අංකල්ට වයස පනස් පහක් විතර ඇති. මට වයස මං හිතන්නෙ දහහතරක් පහලවක් විතර වෙන්න ඇති මතක විදියට.ආ.. අමතක වුනා. අංකල්ගෙන් මුලින්ම ගත්තේ DVD නෙමේ. සීටී තැටි. පස්සෙ තමා DVD වලට මාරු ...