SMS ජනාධිපතිවරු එපා වල්පල් ස්ථානය - පොලීසියදිනය - මීට මාස කිහිපයකට පෙරවෙලාව - දහවල් 1:30 ට පමණ-----පොලිස් නිලධාරි මහතා - තමුන් දන්නවද තමුන්ට අද මෙතනට එන්න කියල තියෙන්නෙ ඇයි කියල?තරුණයා - ඔව්..පොලිස් නිලධාරි මහතා - දන්නව නම් කියන්න බලන්නතරුණයා - මම මෙයාට කෝල් කරලා බැන්නේ නෑ.. මම මෙයාට කිව්වෙ..මැදිවියේ පසුවන ගැහැණිය - මොකද බැන්නෙ නැත්තෙ? ඔයා මට තර්ජනය කලා. මම නොකරපු වැරැද්දකටතරුණයා - තර්ජනය ...
උඹ සිංහල අවුරුද්ද සමරනව නේද? වල්පල් සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්,..තවත් දවසක්." සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?"මගේ මිත්‍රයෙක් මගෙන් අහනවඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්..මගේ මිතුරා මගෙන් "උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?" කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා.සිංහල අවුරුදු සමය ! ජනවාරි පළමුදා නව අවුරුදු උදාව.. ...
බුදුපිළිමේ බලේ වල්පල් අපේ ගමේ පන්සලට පොඩ්ඩක් එහායින් පොරවල් සෙට් එකක් පටන් ගත්තා යාතිකා මධ්‍යස්තානයක්.අර යොහෝවාද මොකක්ද කියන්නෙ. අන්න එහෙම කට්ටියක්. (දැන් මගෙන් අහන්න එපා ඇයි උන් ඔතනම ඕක පටන් ගත්තෙ කියල. වැස්සකටවත් පන්සලකට පල්ලියකට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්චි මට ඕවා කොහෙ තිබ්බත් එකයි)දවසින් දවස ඕකට එකා දෙන්නා ගානේ සෙනඟ වැඩිවෙන්න ගත්තා ගමේ අයට නොදැනිම.මාසයක් දෙකක් යද්දි පූජාවට, යාතිකා සීන් වලට එහෙම සහභාගිවෙන්න ...
අනෝමා, නදීෂා සහ සනී ලියෝන් වල්පල් අනෝමා ගැන නිහිංසා ලියල තිබ්බ සටහනක් කියවන්න ලැබුනාසටහන අවසානයේ නිහිංසා ඉතුරු කරල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්, නිගමනයක් වෙනුවටනිගමනයක් වෙනුවට ප්‍රශ්නාර්ථයක් !මම ඒකට කැමතියි.මට හිතෙන්නේ මිනිස්සුන්ව කියවන්න උත්සාහ කරනවට වඩා මිනිස්සු සමාජයට ඇති කරන බලපෑම කියවන්න උත්සාහ කරන එක සාධාරණයි කියල.මොකද, මනුස්ස ජීවිතයක් කියන දේ ඒ තරම්ම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඉස්සරහා ඒ කියවීම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අනෝමා කියන චරිතය කතාබහට ලක් වෙන්නේ ...
පව් අසරණයො වල්පල් සමහර අය හිතන් ඉන්නවාබුදුදහම කියන්නේතමා දකින දේ පාලනය කිරීමය කියලනමුත් බුදුදහම කියන්නේ තමා දකින දේපාලනය කිරීම නොවතමාගේ සිත පාලනය කරගන්න එකයසිත දමනය කරගන්න එකය කියලඒගොල්ලන්ට තේරෙන්නෙ නැහැසිත පාලනය කරගන්නව වෙනුවටඒ ගොල්ලො කරන්න හදන්නෙඇහැට පේන දේ පාලනය කරන එකඒක බුදුදහමේ ක්‍රමය නෙමේතලෙයිබාන් ක්‍රමය කියලඒගොල්ලො දන්නෙ නැහැහිතේ තියෙන වනචරකමපාලනය කරගන්න බැරි නිසාඒගොල්ලො හදන්නේඇහැ දකින දේ පාලනය කරන්නගෑණුන්ගෙ කකුල්කලවාබුරිවහන්න දඟලනවාතමාගෙ වනචරකමටතමා තුළම තියෙනබය ...
මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා වල්පල් විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය. පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය වෙලා නැති නිසා. දරුවෙක්ගේ මනසට ලොව පුරා වැඩිහිටියන් තමන්ගේ ඔලුවල ...
අනිත්‍යය ; ඔච්චරම අවුල්ද? වල්පල් හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති. සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්. හැමදේම අනිත්‍යය බව ඇත්ත. ...
චෙස්ටර් ගැන කතාවක් නොවේ වල්පල් දැන් මෙහෙමයි කතාව.චෙස්ටර් මැරුනනේ.මට නම් අවංකවම මේ මරණය දැනුනා.ලින්කින් පාර්ක්ලගේ hybrid theory ඇල්බම් එකේ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම චෙස්ටර්ගේ නිර්මාණ රසවින්දා.කලාකරුවන්ගේ මරණ අතරින් මයිකල් ජැක්සන් මැරුණයින් පස්සේ දැනුනේ චෙස්ටර්ගේ මරණය.මට වගේම සෑහෙන දෙනෙක්ට මේ සිද්ධිය ඔය විදියටම දැනෙන්න ඇති.ලංකාවෙ වගේම මුළු ලෝකයේම රසික රසිකාවියන්ට.ඔය මරණයත් එක්කම හැම මගුලකටම දෙපැත්තට බෙදිලා නටන බුකිවාසීන් ආයේ නටන්න ගත්තා.පිරිසක් මේ මරණය ගැන ...
බලු පැටව් සහ වසු පැටව් වල්පල් පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා.බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ]එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ගෙදරට.බලු පැටව් දෙන්නා නිවුන්නු(ලු) [එකට ...
ආත්මඝාතය වල්පල් සියදිවි නසා ගත් අය තේරුම් ගැනීමට කාලය නාස්ති නොකරන්න. ඒ සඳහා ඔබට දී තිබූ කාලය අවසන්ය! ඔවුන්ගේ ජීවිත තුල ඔබ අසමත්ය. දුක් සුසුම් වලින් පිරුන ජීවිතයක් දෙස බැලීමට නොහැරවූ ඇස් මලකුණක් වෙත නොහරවන්න. ඔබ පමා වැඩිය. සත්‍යය මිය ගොස්ය. ලොව සියලු දරා ගැනීම් සීමා සහිතය. ඔබ ජීවත් වූ ලෝකයේ ඔවුන්ට මැරෙන්නට තරම් අසරණකමක් දැනුනා නම්, තේරුම් ගත යුත්තේ මියගිය ඔවුන් ...
සයිමාගේ කෙටි-නවකතාව වල්පල් මගේ මතකය නිවැරදි නම් වල්පල් බ්ලොගයේ මගේ හැර වෙනකුගේ ලියවිලි මින්පෙර පලකොට නැත. එසේ පලකිරීමට මා අදහස් කරගෙන සිටියේද නැත. නමුත් මා ඉතා අගයකරන මිතුරෙකු ලියන සයිමා ගේ බ්ලොගයේ පලවූ මෙම නිර්මාණය කියවූ විගස මෙම කෙටි-නවකතාව මගේ බ්ලොගයේ පලකිරීමට ආශාවක් ආවේ නිතැතින්මය. ඒ තරම්ම මෙම නිර්මාණය මා සිත්ගත් නිසාය. වල්පල් කියවීමට මෙහි ගොඩවැදෙන අතලොස්සක් වූ පාඨකයින්ට කියවීම උදෙසා සයිමාගේ අවසරයකින් ...
ලුවිස් සී.කේ ව එල්ලා මැරීමට පෙර වල්පල් ලුවිස් සී.කේ ට එල්ල වුන ලිංගික විෂමාචාර චෝදනා වලින් පසු නොවැ.18 පැවැත්වීමට නියමිතව තිබූ “Night of Too Many Stars: America Unites for Autism Programs,” වැඩසටහනින් ලුවිස් සී.කේ ව ඉවත් කොට තිබේ. FX Networks සහ FX Productions සමාගම් ලුවිස් සී.කේ සමඟ ඇති සියලු සබඳකම් නවතා ඇත. ලුවිස්ගේ කලමණාකරණ කටයුතු බාරව සිටි Arts Entertainment සමාගම ඔහුව සේවාදායක බවින් ඉවත් කොට තිබේ. ...
මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද? වල්පල් දින කිහිපයකට පෙර සයිබර් සමූහයක අසා තිබූ පැනයක් දුටුවෙමි. "ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් මෙගා නාට්‍යය විකාශය කිරීම තහනම් කල යුතුද?" අදහස් දක්වා තිබූ පිරිසෙන් බහුතරයක් දෙනා කියා තිබුනේ මෙගා නාට්‍යය ලංකාවේ තහනම් කරනවාට තමන් එක පයින් කැමති බවත් එය ඉතා හොඳ වැඩක් බවත්ය. *** මීට මාසයකට හෝ දෙකකට පමණ පෙර රජය විසින් වෙසක් දින තොරණ්, ඔලු බක්කන් නැටීම වැනි දේ ...
ආදරය විඳවන මිනිස්සු වල්පල් අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය.ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය.සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය.ඒ මිනිස් සිතකට දැනෙනා ආදරය ප්‍රකාශ කිරීමේ නිදහස ලිංගිකත්වය ...
සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ ! වල්පල් සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?කෙනෙක් තමාගේ ...
ආදම් සහ ඒවගෙන් අහල කියපන් වල්පල් දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියලඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු ...
එයාර් හොස්ටර්ස්ලාගේ ලොකු කම ! වල්පල් "ඔය ලංකාවේ ෆ්ලයිට් වල එයාර් හොස්ටර්ස්ලා හිතන් ඉන්නේ උන් ලෝකෙට ලොක්කො කියල. ඒත් කරන්නේ මහ ලොකු වැඩක් යැ? ප්ලේන් එක ඇතුලේ වේටර් කං කර කර එනවා ලොකු සීන් දාන්න. සුද්දො ආවම දෙන්නෙ දෙකට නැමිලා. ඔය හම්බකරන සල්ලි මහරෑට කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් ගෑණුන්ට හොයන්න පුළුවන්" මේ ටික කාලයකට කලින් සයිබරයේ මම දැක්ක අදහසක්. එවෙලාවෙ ඒ ගැන මම පළකරපු අදහස ...
රණබිම ඔස්සේ නන්දිකඩාල් නොකියවමි වල්පල් "මම මේ දවස් වල රණබිම ඔස්සේ නන්දිකඩාල් පොත කියවනව"අපි හතර දෙනාගේ දුම් වැටි වලින් එන දුම් ගුලි අස්සෙන් එහෙම කිව්වේ වැඩ කරන තැන මගේ යාලුවන්ගෙන් කෙනෙක්."ලස්සනට විස්තර කරල තියෙනව යුද්ධේ අන්තිම කාලේ හමුදාව ගහපු මිෂන් ගැන..""ඔව්.. ඕක ආවෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනය කාලෙ නේද? මාරෙට විකිණුනා ඔය පොත"ඒ මමය."ඒකෙ මාර ස්ටෝරිලු නේද තියෙන්නේ? එකම තැන දවස් ගණන් ඉස්සරහටවත් පස්සටවත් යන්න ...
සුමඩුර ඩර්ම දේශනා ! වල්පල් "අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න"ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය.සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය. බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණාත්මකව බලන්නට උගන්වන දර්ශනයක් සුමදුර විදියට දෙසන්නේ කොහොමද? චතුරාර්ය සත්‍යය තාලෙට ගය ගයා නට නටා කියනවාවත්ද?එකත් අතකට සුමදුර ධර්ම දේශනා කිව්වාම බණ්ඩාට මතක් වුනේ දැන් ...
ආදරයෙන් හැමිනෙමු වල්පල් ඉංග්‍රීසි භාෂාවේ එන "I slept with him/her" කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් "මම ඇය/ඔහු එක්ක නිදාගත්තා" කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන "making love" කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ. එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with him/her කියන එකෙයි we made ...