රැඩිකල් කවි ලියන හැටි වල්පල් අද කියන්න යන්නෙ රැඩිකල් කවි ලියන විදිහ.. ඔව් යකෝ, එහෙම කවි ජාතියකුත් තියෙනවා.. ලියන විදියකුත් තියෙනව.. රැඩිකල් කවියෙක් වෙන්න ඕන නං කට වහගෙන අහගං..කී පොයින්ට්ස් දෙක තුනයි තියෙන්නෙ.. අල්ලගත්තොත් හරි.. වැඩේ ගොඩ.හ්ම්හු.. හරි... පටන් ගමු අද පාඩම.."රැඩිකල් කවි ලියනා ආකාරය"මුලින්ම අර එළිසමය, මාත්‍රාද මොනවද ඒවා.. අලංකාර යෙදීම් අරවා මේවා ඔක්කොම අමතක කරන්න ඕන, ඔව් බං මමත් ඒව මොනවද කියල දන්නෑ.. ...
මාලිංග වල්පල් ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට ක්‍රිකට් ගහන මිනිස්සු හෙවත් ක්‍රිකට් කණ්ඩායම) තමාගේ රස්සාව තුළ සාර්ථක වෙද්දි අපි ඔහුට/ඔවුන්ට ආදරය කරන්න ගන්නවා. මොකද ඔවුන් අපේ රට නියෝජනය කරද්දි ඔවුන් ලබන ජයග්‍රහණ අපත් ලබන ජයග්‍රහණ නිසා. ඔවුන් ජයග්‍රහණ ලබද්දි අපේ රටට කීර්තියක් ලැබෙන නිසා.ඇත්ත. ඒත් ඒ මොනව වුනත්, බොටම් ...
ජාතිවාදීන් ගාව ලේ ගඳයි ! වල්පල් සෝම හාමුදුරුවො තිබ්බ ටයිම් බෝම්බය තමයි සෝම හාමුදුරුවන්ගේම මරණින් අවුරුද්දකට පස්සෙ ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයේදි පුපුරලා ගියේ. නානසාර වගේ කුණුහරප කිය කිය බයිලා නොගැහුවත් සෝම හාමුදුරුවන් අතින් පවා දැන හෝ නොදැන පෝෂණය වුනේ එකම ආකෘතියක චින්තනයක්. එකම දේ නානසාරට වඩා ශිෂ්ඨ විදියට ඊටත් වඩා සාර්ථකව සෝම හාමුදුරුවෝ ඒ චින්තනය සමාජ ගත කල එක. සමාජ ගත කලාට වඩා එතකනුත් සමාජයේ තිබ්බ ඒ ...
ජීවිතය කියන්නෙ ෆේස් බුක් නෙමෙයි වල්පල් ෆේස් බුක් එක.. එහෙම නැත්නම් මුහුණු පොත..අපි හැමෝගෙම වගේ ජීවිත වල කොටසක් වෙලා.ඒත්, අපි මොහොතකට කල්පනා කරල බැලුවද අපි උදේ ඉඳන් හවස් වෙනකල් ෆේස් බුක් එකේ ඉඳං මොනවද කරන්නෙ කියලමං කතා කරන්නෙ ගෑණු පිරිමි මල් පලතුරු ශෙයාර් කරන්න ෆේස් බුක් එන අයවත්, තමා කන කෑම එක.. යන ට්‍රිප් එක ෆොටෝ ගහල දාන්න ෆේස් බුක් එන අයවත් නෙමේමං කතා කරන්නෙ දවස ...
හාමුදුරුවො බණ ටෝකින්ග් වල්පල් අද පෝයභික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස.ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්රාසය තමා මේක.ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම.ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා ...
වමනය කල වරදට පාසලෙන් දොට්ට වල්පල් මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය."මොකක්ද අර?..""අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි."ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා..""මොකක්.....?""ඔව්""මොකක්ද හරියටම වුනේ?""ඔය ඉස්කෝලෙ යද්දි ...
අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින් වල්පල් ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල.ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, ...
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට වල්පල් විනේ කටින උන්විනේ කටින උන් තරහක් නොකියාමකනේ කොහොඹ මිරිකනවා හැමදාමගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේමවනේ නැතිව උන්වනේ නැතිව උන් දුක දන්නේ කෝමගමේ ගැටව් කරබාගෙන උන්නාටවිසේ නැග්ග නාකිත් පිළ උඩ රෑටනෙළා ගනින් යැයි කප්රුක පිදුවාටඉණේ රෙද්දමයි හිටියේ හරහාටළැමේ කිරට මොරගානා පැටියන්ටඅනේ කවුද ඉන්නේ වේලක් දෙන්ටළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ටවරෙව් මහතුනේ කුණු කය වළදන්ටප්රදීපා ධර්මදාස කියන්නේ ලංකාවේ ගායිකාවන්ගෙන් මම වැඩියෙන්ම ප්‍රිය කරන හඬට ...
කොන්ද කෙළින් තියෙන (ලැජ්ජ නැති) ජනතාව වල්පල් හේල්සිරිලංකාව කියල රටක ඉන්නව මිනිස්සු සෙට් එකක්. ඒ මිනිස්සු සමාජයක් විදියට, එහෙම නැත්නම් පුද්ගලයන් විදියට තමන්ගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් වුනාම.. අපහසුතාවයක් වුනාම මෙන්න මෙහෙමයි ටෝක් දෙන්නෙ..........."මේ හැම දේටම මුල ඔය කාලකණ්ණි දේශපාලකයො තමා.. ඕකුන් තමා මේ රට කන්නෙ""අනේ දෙයියනේ උල්කාපාතයක්වත් වැටිලා ඔය දෙසිය විසිපහ ඉන්න පාර්ලිමෙන්තුව විනාස වෙලා යන්නෙ නැති හැටි !""පාර්ලිමෙන්තුව ගිණි තියනවා නම් පෙට්‍රල් ගැලුමක් දෙනවා මගේ ...
සංගක්කාර ඡන්දේ ඉල්ලනවා?..හුකෑස් ! වල්පල් මං ආසයි සංගක්කාර ඡන්දේ ඉල්ලනවා නම්. ඉල්ලනවට විතරක් නෙමේ, ඉල්ලලා දිනනවා නම්. අපි නිකන් හිතමු ඇත්තට හරි බොරුවට හරි සංගක්කාර දකුණු කකුළ පෙරට තියල අවංක සිතින් මේක හදනවා කියලා වැඩේ බාර ගත්තා කියල. ඔන්න දැන් සංගා දිනලා.. දැන් ඌ තමා පොර ! දියසේන කුමාරයා සේ සුදු පරවියෙක් වගේ සුදට සුදේ බැබළි බැබළි ඔක්කොටම ඉහළින් ලංකාවෙ කොඩියත් අතට අරගෙන "..අයි ඈම් ...
බුදුන්ගේ ඇත්ත රූපය මොන වගේද? වල්පල් යම් රූපයකින් බුදුන්ගේ හරි ජේසුස්ගේ හරි රූපය විකෘති වෙනවාය කියලා චෝදනා කරනවා නම් එතනදි අහන්න වෙන ප්රශ්නය තමයි එහෙනම් විකෘති නොවූ ප්‍රකෘති රූපය මොකක්ද කියන එක.ඒ කාලයේ බණ කිව්ව ගෞතම බුදුන්ගේ සැබෑ රූපය මොන වගේද කියල හිතුවොත් මැදිවයසේ.. ඒ කියන්නේ අවුරුදු පනහක හැටක, තලත්තෑනි වෙච්චි, බාගෙට වැවුන සුදු රැවුලක් තියෙන, අව්වට අවපැහැ ගැන්වුන සමක් තියෙන, කුදු වෙච්චි, වයසට යමින් ...
ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන වල්පල් ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. 'ආගම' යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.'ආගම' යන ...
මම ගණිකාවක් නෙමේ; ලිංගික බඩුවක්. අවුල්ද? වල්පල් මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි. යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ.එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිට වත්මන දක්වාම; තවමත් ලෝකයේ ආර්ථිකය සහ පරිපාලනය සහමුළින්ම පාහේ ...
බඩුව වල්පල් "මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?"කාලයකට කලින් ඇහිච්ච කතාවක්.බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක් නැහැ.ලේ, ඇට, මස්, නහර වගේම සතුට, කඳුළ, ...
මොන ආගමද ඇත්ත? වල්පල් අල්ලා මිනිස්සුන් මැවීම ඇත්ත ය, මොහොමඩ් පියාඹන අශ්වයෙක්ගේ පිටේ ගිය එක ඇත්ත ය. මොහොමඩ්ට ගල් ගුහාවක දෙයියෝ කතා කල එක ඇත්තය.කුරානයේ තියෙන නිසා ඇත්තය.. ඒවා තේරුම් ගැනීමට විද්‍යාව තවම කුඩා වැඩිය... ජේසු ජලය වයින් කිරීම ඇත්තය..., අන්ධයෝ, කොරුන් සුව කල එක ඇත්තය.මැරිච්ච මිනිස්සු ආයෙම නැගිට්ටෙව්වා කියන එක ඇත්තයජේසුගේ අම්මා කන්යාවියක්ය කියන්නේ ඇත්තය.ජේසු මැරිලා ආයෙම ආවා කියන එක ඇත්තයබයිබලයේ තියෙන නිසා ...
ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ? වල්පල් යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?මම – ඇයි උඹ ළමයි හදන්නෙ?යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමාමම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ...
මොකක් කිව්වා? සංසෝදන? වල්පල් සබේ පිරිස වාඩි ගන්න තියෙනවා පුවතක් කියන්නකැමරා හොඳට මාන ගන්න පෑන් අරන් ලියා ගන්නඩිෂ් ඩිෂ් ටෙස්ටිං ටෙස්ටිං වන් ටූඅනේ ඔය මල්ලිත් වාඩි වෙන්නමූදු කරෙන් එහා දීපෙ සකල සිරින් පිරි පුරයකසිංදු කියන සුදු නෝනගෙ නාන පොටෝ ලීක් වෙලාබලන්නෙපෑ සුදු පාටට දිලිසෙන කිරිගරුඬ වගේකැරකිලා.. වන් ටූ ත්‍රී ෆෝමචං රතු පාටට බෝල බෝල ඉදුණු තක්කලී..මොකක් කිව්වා?සංසෝදන?ඒක ගැනයි දැන් කියන්නේ හිටිංකො බං වද නොදීමේ ...
සිවුරුකරුවෝද මනුෂ්‍යයෝය වල්පල් තරුණ හාමුදුරුනමක් තරුණියක්ව සිපගන්නවා වගේ පේන සිද්ධියක් ගැන වීඩියෝවක් ගැන සයිබරයේ කතා බහක් ඇති වෙලා තියෙනව දැක්කා. නමුත් වීඩියෝවේ පේන විදියට එතන මොකක්ද වෙන්නේ කියල පැහැදිළිව කියන්න බැහැ (මේ බ්ලොග් පෝස්ටුවත් එක්ක ඒ වීඩියෝවේ පල නොකරන්නේ ඒ නිසයි). මොක වුනත් මේ වීඩියෝව ගැන සයිබරයේ පලවෙලා තිබ්බ අදහස් නිසා මේ ටික ලියන්න තීරණය කලා.වීඩියෝවේ සිද්ධ වෙන්නේ මොක වුනත් ඔය වගේ සිදුවීම් ...
වතු සුද්ද කරන මිනීමරුවා වල්පල් අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි.ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි වත්තේ හරි බඩු මොනව හරි මිසිංග් ...
මොහොමඩ් වල්පල් මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු ...