චීත්තයක් වෙන්න එපා යකෝ වල්පල් "චීත්තයක් වෙන්න එපා යකෝ"ඕපදූප කියන හරි 'ගෑණු වැඩ' කියල සම්මත වෙච්චි වැඩ කරන හරි පිරිමින්ට ඔහොම කියනව අහල ඇති.මේ කතාව පිරිමින් විසින් පිරිමින්ට විතරක් නෙමේ, ගැහැණුන් විසින්ම පිරිමින්ටත් කියනව.මේකෙන් කියවෙන්නෙ ඕපදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය, පිරිමියෙක් වෙලත් (ඒ කියන්නෙ සාපපේක්ෂව පහත් ඒ ගෑණු ලක්ෂණය නැති කෙනෙක් වෙලා ඉපදිලත්) ඒ ලක්ෂණය තියෙන 'ගෑණියෙක්' වගේ හැසිරෙන්න ලැජ්ජ නැද්ද කියන එක.ගැහැණියක් මේවගේ කතාවක් ...
දරුවන්ට නොගහා හොඳ පුරවැසියන් බිහි කරන්න පුළුවන්ද? වල්පල් පළවෙනි දේ,"මාව අම්මලා හැදුවේ ගහලාය. මම හොඳය. එනිසා ළමයින්ට ගහන එක හොඳය"කියන සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා දරුවන්ට ශාරීරිකව වද දීමේ හොඳ නරක ගැන කතා කරන්න නම්. මොකද ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට අනුව තමා හොඳ කෙනෙක් තමා. ඕක මේ සටහන කියවන අයියලට අක්කලට විතරක් නෙමේ. බඩේ බෝම්බයක් බැඳගෙන තමාව පුපුරගන්න හදන ඉස්ලාම් අන්තවාදියටත් පොදුයි. එනිසා ඒ සූත්‍රය පැත්තකින් තියමු මුලින්ම.මෙතන ...
දිව්‍යලෝකයේ wifi නැත්තෙ ඇයි? වල්පල් හැම ආගමකම දිව්‍යලෝක නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ කාල වල තමන් ‘සැප’ කියල හිතන් හිටිය දේවල් අතිශෝක්තියෙන් දැක්වීම මඟින්. ඒ නිසා ඔය ඒ ඒ කාලවල සැපවල් වර්තමානයට ගෙනත් දැම්මම ඒවායේ තියෙන මැජික් ගතිය නැති වෙලා යනවා. එතන තියෙන්නෙ ආගමිකයන් නොදකින නොගැලපීමක්. උදාහරණයකට ක්‍රිස්තියානි දිව්‍යලෝකය (ස්වර්ගය) ගමු. ක්‍රිස්තියානි දිව්‍යලෝකය තියෙන්නේ සදාකාලයටම. ඇතුළු වුනොත් ඇතුල් වුනාම තමයි. ආයෙ ඒමක් නෑ. තමාගෙ ප්‍රියයන් ...
කෙටිම ආදර කතාව වල්පල් "පැටියො මම ඔයාට මුළු ලෝකෙටම වඩා ආදරෙයි, හැම දේකටම වඩා... අපිව වෙන් කරන්න කාටවත් බෑ කෙල්ලෙ.. දැන් එහෙනම් පරිස්සමින් ගෙදර යන්න මගෙ පණ. ආ.. පොඩ්ඩක් ඉන්න. ඊළඟ දවසෙ හම්බෙන්න එද්දි මතක් කරල ඔයාගෙ කේන්දර කොපිය අරන් එන්න හරිද? අපේ අම්මගෙන් වදේ ඕක ගේන්න කියල ගැලපෙනවද කියල බලන්න. බායි කෙල්ලෙ.. අයි ලව් යූ" ඔන්න ඔහොමයි වෙන්නෙ.. ...
මේ වචන වලින් ප්‍රවේසම් වන්න වල්පල් ".....ලේ, අධ්‍යාපනය, නිදහස, සිංහල, දෙමළ, දරුවා, හාමුදුරුවො, දේශය, මව්රට, රණවිරුවා...."සමහර වචන අස්සේ හැංගිලා තියෙනවා අපි නොහිතන තරමේ 'බරක්' ඔය වගේ වචන තමයි කපටින් යොදාගන්නේ සාමාන්‍යය මිනිස්සුන්ගේ චින්තනය පාලනය කරන්න.. හෘද සාක්ෂිය තමාට ඕන විදියට නටවන්න. උදාහරණයක් ගමු. "අද හවස දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් නිසා පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට" ඔය තියෙන්නෙ නිවුස් එකක් ලියන්න පුළුවන් විදියක්. ඔය නිවුස් එකම ...
සිංහලබෞද්ධයාගේ හෙළුව වල්පල් උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්‍රසාද හම්බෙනව කියලඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට ...
කතරගම යද්දි කට වරද්දගන්න එපා ! වල්පල් කතරගම වන්දනාවේ යමින් හිටි බස් එකක් ත්‍රීවීල් එකක ගැටිල මාරක රිය අනතුරක් වුනාය කියල නිවුස් වල දැක්කා. ඒ එක්කම මට මතක් වුනේ මම කතරගම ගිය අන්තිම වතාවෙ ඔය වගේම අනතුරක් ගැන මගේ නැන්දා කියපු දෙයක් "කතරගම යද්දි කට වරද්ද ගන්න හොඳ නෑ.. අනිවාර්යෙන් ඔය කට්ටිය කට වරද්දගන්න ඇති ඔහොම දෙයක් වෙන්න" මට ඒ කතාව ඇහුනම මතක් වුනේ ඔය කාරණාව ගැන ...
තරිඳු මල්ලිගේ කථාව වල්පල් “අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?” හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය. කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි....මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම ...
අප්සරා වල්පල් ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත."බොන්නෙ නැද්ද?"මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.මම අමාරුවෙන් වචන ගලපමින් යමක් ...
කොටට ඇඳගෙන බණ ඇසීම වල්පල් ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය. (ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ) බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය. (ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ) සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන ...
එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න ! වල්පල් ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති ...
මචන්, මහින්ද අදහන්න එපා වල්පල් මචං..මම මේ ටික ලියන්නෙ උඹේ එක පෝස්ට් එකක් දැකල නෙමෙයි. කාලයක් තිස්සෙ උඹේ දැකපු හැසිරීම නිසා.දේශපාලකයෙක්ට හරි දේශපාලන පක්ෂයකට හරි කඩේ යන එක තේරුම් ගන්න පුළුවන්. ඒත්, දේශපාලකයෙක්ව පශ්චාත්භාගය ඉරාගෙන "අදහන" එක තේරුම් ගන්න බැහැ. ඒක වස කැතයි.ඒ කැත මහින්ද නෙමේ, රනිල්, මෛත්‍රී, අනුරලාව දෙවිවරු කරගෙන ඇදහෙව්වත් එකයි.උඹ බුදුන්ව හරි ජේසුස්ව හරි අල්ලාව හරි අදහනව නම් උඹ අදහන්නේ සංකල්පයක් මිසක, ...
කාලය මැවු වෙනසක අරුමේ වල්පල් යාලුවෝ..ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි... වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට ...
අල්ලා ඌරෝ මැව්වේ ඇයි? වල්පල් ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි.මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම සිටිනා බිලියන ගණනක ජන කොට්ඨාශයක් ආගම ...
හොඳටම රඟපාන්නෙ කව්ද? වල්පල් හොඳටම රඟපාන්නෙ කව්ද?දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ ...
ඉන්ටර්නැෂනල් ගොඩයො වල්පල් සාමාන්‍යය කටවහරින් "පොෂ්" සහ "ගොඩේ" කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ.. ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව "ගොඩේ" කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් "පොශ්" කියලා තමන්ව හදුන්වා ගන්න කණ්ඩායම විසින්, තමා "පොශ්" ය කියලා ඒ අය අදුන්ව ගන්න චර්යාව වෙන්කර හදුනා ගන්න අවශ්‍ය නිසා, තමන් "පොශ්" වෙද්දි තමන්ගේ චර්යාවෙන් පිට පිරිසව "ගොඩේ" කියලා හදුන්වනවා. ෆේස් බුක් එකේ ඉන්න උඹලා අපි වගේ "පොශ්" ...
~මුරලිගේ අයිතිය වෙනුවන්~ වල්පල් මුරලි මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් නෙමේ. ඇත්තම කියන්නම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ මම අකමැතිම ක්‍රීඩකයෙක් මුරලි.. නෑ... එහෙම නෙමේ.. ලංකාවෙ කණ්ඩායමෙන් මම අකමැතිම මනුස්සයෙක් මුරලි. මම සචින් තෙන්දුල්කාර්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම්ට කැමතියි වගේ, මුරලිට වඩා මම චමින්ද වාස්ට කැමතියි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවෙ කණ්ඩායම වෙනුවෙන් මෙච්චර කඩුළු ගත්ත, ලෝක පූජිත අග්‍රගන්‍ය ක්‍රීඩකයා වෙච්චි මුරලිට අකමැති ඇයි කියල. ඒක අකමැත්තක් කියල හඳුන්වනවට ...
දික්කසාදය ; ඔච්චරටම අවුල්ද? වල්පල් "මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න ...
නිමල් අයියා සහ ජාතිවාදය වල්පල් මම කලින් වැඩකරපු තැන හිටියා නිමල් අයියා කියල කෙනෙක්. (කාර්යාල සහායක කියන්නෙ. අන්න එහෙම කෙනෙක්)නිමල් අයියා ඔෆිස් එකේ හැමෝගෙම යාලුවෙක් වගේ. කන්න බොන්නෙ, යන්නෙ එන්නෙ, විහිලු කරන්නෙ අනිත් අයත් එක්ක එකටමයි.ඔහොම ඉද්දි නොහිතපු විදියට ඔෆිස් එකේ වෙනවා හොරකමක්. ඔය හොරකමට සමහරු සැකකරන්න ගන්නවා නිමල් අයියව.එතනදි මෙච්චර කාලයක් නිමල් අයියා හැමෝම එක්ක කෑම කන එක ගැන.. හිනා වෙන එක ගැන.. අපේම ...
බූට් කෑමේ නිවැරදි ක්‍රමය වල්පල් කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ?ගොඩක් අය වරද්දගන්න ...