පොලීසිය හා අයුතු ජනරාශි සිව්වැනි මානය fourth dimension ඇඹිලිපිටියේ බිග් ගර්ල් පාටියකට බිග් බෝයිලා කඩාවැදී කල ජංජාලයක් ගැන පුවත් අසන්නට ලැබුනි. පොලීසිය යනු නීතිය රකින ආයතනයකි. පොලිස්කාරයන්ට පොලු රැගෙන ගම්වාසීන් පහර දෙන්නට ගියහොත් පොලීසියේ ඕ අයි සී ට සිය නිළධාරීන් රාජකාරි සදහා යැවිය නොහැකි වනු ඇත. පොලිස්කාරයා යනු නීතිය රකින නිළධාරියාය. පොලීසිය නැති සමාජයක් ගැන සිතීමද උගහට වන්නේ එසේය.එහෙත් පොලිස් නිළ ඇදුම ලාගත් ඕනෑම කෙනෙක් සිතන්නෙ තමන් නීතිය ...
සිවුරට නීති එපාද සිව්වැනි මානය fourth dimension බුද්ධාගම නම් වූ ළමයා බලාකියා ගන්නේ රජය නම්වූ භාරකරුවෙකි.මේ ළමයාට නීති රීති දැමීම ගැන කතාබහක් ඇතිවී තිබේ.නීතිරීති නැතිව ළමයෙක් බලාගන්නේ කෙසේද .මේ ළමයා වල්මත්වීමට ඉඩ ඇත.මෙම නීති රජයේ උවමනාවට හැදූ ඒවා නොව ආගමික නායකයන්ගේ උවමනාවට හැදූ ඒවායි ඇත්තෙන්ම ඔවුහු දීර්ඝකාලයක් තිස්සේ මෙම ඉල්ලීම කලහ.ඔවුන්ට එම ඉල්ලීම කරන්නට සිදුවුනේ භික්ෂූන්ගේ නොමනා හැසිරීම නිසාය. ඇත්තෙන්ම ඔළුවට අතහේදුවත් සාදු සාදු කියා කියන ජනතවාක් ...
මාතලන්ගේ ආන්ඩුවට උපදෙසක් සිව්වැනි මානය fourth dimension මාතලන් එක්තරා බ්ලොග් එකක මෙසේ අදහස් දක්වා ඇත. ඒ ගැන ගුනදොස් කීම නොව ඔහුගේ අදහස්වල අපූර්වත්වය පෙන්වාදීම මෙහි අරමුණයි.ඔහු වරෙක 80 ජූලි වර්ජනයේදී 40 000 කට රැකියා අහිමිකිරීමද සාධාරණීකරනය කලේ එසේ නොකලා නම් වර්ජන එක පිට එක පැමින රට අවුල් වන බවය.ඔහු කියන මේ දේ බලන්න.ආයෝජන ඒවීය ජනාධිපතිවරුන් දෙන්නෙක් ඉන්න රටකට. නිව්ස් බලන ඕන එකෙක් හිතන්නේ ජනාධිපති මහින්දය කියලා. ඊයේ ...
වැදගත්ම පුවතට අඩුම මාධ්‍ය අවධානය සිව්වැනි මානය fourth dimension වැදගත්ම පුවතකට ලැබී ඇත්තේ ඉතා අඩු සැලකිල්ලකි. ජාත්‍යාන්තර මාධ්‍යවල ද එසේමය. දේශීය මාධ්‍යවල සැලකිල්ල ගැන කියන්න දෙයක් නැත. කුමක්ද මේ පුවත. සවුදි අරාබිය සිරියාවේ ග්‍රවුන්ඩ් ඇටෑක් එකක් පටන් ගැනීමයි.මෙය ලෝක යුද්ධයක් දක්වා ඇදී යාමටත් ඇතැම්විට මානව සංහතියම මිහිමතින් තුරන්වී යාමටත් ඉඩ ඇති පුවතකි.සවුදි අරාබිය තවත් රටවල් 20 ක් සමග කරන මේ මෙහෙයුම පිටුපස ඇමරිකාව සිටින බව නොරහසකි. දැනටමත් රුසියාව සමග ...
මහින්ද රාජපක්ෂ සිව්වැනි මානය fourth dimension මහින්ද රාජපක්ෂ යනු මේ රටේ දේශපාලන සංකේතයක් බවට පත් වූ දේශපාලකයෙකි. ඊට ප්‍රධාන හේතුව යුධ ජයග්‍රහනය ම නොවේ. දිගුකලක සිට වමට බර දේශීයත්වය අගය කරන ජාතිකවාදී නැඹුරුවකි. ඒ සදහා නායකත්වය සැපයුවේ මහින්දය. මහින්ද යනු කපටි දේශපාලනඥයෙකි. කපටිකම දේශපාලනයට අවශ්‍ය ය. ඇත්තෙන්ම ඔය දේශපාලනඥයන් කිසිම කෙනෙක් ඔවුන් ව්‍යාජ ලෙස පෙනී සිටින ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් සැබෑ ජීවිතයක් ඇත. ඔවුහු දේශීයත්වය වෙනුවෙන් ...
එක්නැලිගොඩ වීරයෙක්ද ද්‍රෝහියෙක්ද සිව්වැනි මානය fourth dimension අපේ දොස්තර මහතාගේ කොමෙන්න්ට් එකක් දැක මෙය ලියන්නට සිත් විය. එක්නැලිගොඩ මහතා ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසී ඇත. ඒ මහතා විජාතික බලවේගවල අවශ්‍යතාවය ඉටු කළ බවට චෝදනා කෙරේ. මෙය බටහිර කුමන්ත්‍රණයක් බවට සැක නැත.එක්නැලිගොඩ මේ බටහිර කුමන්ත්රනයේ රගපෑ භූමිකාව කෙබදුද යන්න විමසා බැලිය යුතු වෙයි.මෙය කියවාගෙන යන ඔබ ගේ සිතේ ඇදෙන චිත්‍රය මම දනිමි. ඔබ අසා ඇති එක්නැලිගොඩයෙකු ඔබට මතක් වනු ...
ඉන්දික තොටවත්ත සිව්වැනි මානය fourth dimension 50% සම්භාවිතාවයට ඔට්ටු අල්ලමින් සාත්තර කීම ලංකාවේ අනාදිමත් කාලයක් සිට සිදුවන්නකි. යම් සාත්තරයක් හරිගිය විට ඔහු ඉසිවරයෙක් වේ. ඔහු ඉන් පසු කියන අනෙක් සාත්තර වැරදීම අවුලක් නැත. 50% සම්භාවිතාවය නිසා එක්කො හරි යයි නැත්නම් වරදියි. සමහර සාත්තරකාරයන් බොරු කීමට පෙර සාමාන්‍ය දැනුමක්වත් ලබාගැනීමට ප්‍රවේසම් වී නැත. නවසීලන්තය ලෝක කුසලානය දිනීම, රන්ජන්ට ලෝක සම්මාන ලැබීම වැනි අනාවැනි උදාහරන වේ. එක්කෝ සිය ...
ජාතික ගීය දෙබසින්ම ගැයීම දෙපැත්තේම අන්තවාදීන්ට පරාජයකි. සිව්වැනි මානය fourth dimension සර් අයිවෝ ජෙනින්ග්ස් ගේ බිරිදගේ උපන් දිනය දා ජාතික ගීය භාෂා දෙකින්ම ගායනා කර ඇත.දෙමළ ගීය ඇසූ මට එහි කිසිම වෙනසක් නොදැනුනි. තනුවද සංගීතයද එකමය.මෙයට සිංහල ජාතිවාදීන් විරුද්ධවීම පුදුමයකි. එංගල් ඊළම් නමින් මෙම ගීය ගායනා කිරීමේ සූදානමක් පැවති බවත් ශ්‍රී ලංකා තායේ යනුවෙන් ගායනා කරන මට්ටමට දෙමළ ජනයා පැමිනීම මොන තරම් ඉදිරි පියවරක්දඋතුරේ දෙමළ ජනයාගේ ඉඩම් නිදහස් කර දෙමළ සිරකරුවන්ද ...
ලොක්කෙක් වුනේ නැත්නම් සොරි තමයි සිව්වැනි මානය fourth dimension සෙනසුරාදා දවස ගතවුනේ පොල් අහුලන්නටය.හොරුන් විසින් නොකඩා ඉතිරිකල පොල් ටික කඩාගැනීමට කෙකිවලින් පොල් කඩන්නා ආවේ සෙනසුරාදාය. පොල් ඇහිලීම අමාරු වැඩක් නොවුනත් මහ එපා කරපු වැඩකි. පොල් කඩන්නන් යනු වදවීගෙන යන ජනකොට්ටාසයක් නිසාත් වතුවැඩවලට කුලීකරුවන් සොයාගැනීමේ අපහසුවත් නිසා අපටද ශ්‍රමය කැපකෙරීමට සිදුවේ.ආර්ථිකය ගැන මොනවා කීවත් කුලීවැඩකට එකෙක් සොයාගැනීමත් දුෂ්කරය. තව කල් යනවිට ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවේ. එක්ටා ගිවිසුම අවශ්‍යය.අප සිටින ඉසව්වට ...
ජාති ආගම් වාද වලට රාජකීය විසදුමක් සිව්වැනි මානය fourth dimension හිටපු ජනාධිපතිතුමිය මා අප්‍රිය කරන දේශපාලන චරිතයකි. එහෙත් ඇය කල අගනා ප්‍රකාශයක් නිසා ඇය ගැන යමක් කීමට සිතේ. චන්ද්‍රිකා මහත්මිය මෙරට ජනාධිපතිව සිටි යුගයේ එක්තරා අපූරු වැඩකට අත ගැසුවාය. ඒ පාසල් සුද්ද කිරීමය. මෙය නම් හිතන තරම් ලේසි නැත. පාසල්වාදය යනු එක්තරා කුලවාදයකි. අපේ සමාජය උපතේ සිටම බෙදුම්වාදීය. අප ගේ බෙදීම් සිහිවනවිට සිනහවත් කෝපයත් ලැජ්ජාවත් දුකත් එකවිටම පහල වේ.විදුහල්පතිවරු හොරාකන ...
අළුත් පක්ෂයක් එයිද සිව්වැනි මානය fourth dimension මහින්ද මහතාට ජනවාරි 8 ට පෙර රටේ විශාල ජනබලයක් තිබිනි. මේ ජනබලය ගොඩනැගුනේ මාධ්‍ය බලය,රාජ්‍ය බලය ආදී හැම බලයක්ම යොදාගෙනය. මහින්ද යනු කිසියම් ගූඪබවක් සහිත අද්භූත පුරුෂයෙකු බව උදේ හවා මහමග තිබෙන දැවැන්ත කටවුට් දුටු හුදී ජනයාට සිතෙන පරිසරයක් තිබිනි.මහින්දගේ සහෝදරයන් හා දරුවන්ගේ නම් කියන්නට සතුරෝද බියවූහ. ඒ වෙනුවට බීප් බීප් කියවුනි. සියල්ලෝම දැවැන්ත ප්රතිරූප විය.ජනවාරි 8 වෙනිදා මේ මහා ...
කුමාර් ගුනරත්නම් හා ඊනියා වම්මු සිව්වැනි මානය fourth dimension කුමාර් ගුනරත්නම් දේශපාලන මාතෘකාවක් වී තිබේ. ඇත්තෙන්ම මෙම වාසනාවන්ත රජයට සුළු හෝ අභියෝගයක් කරන දෙතුන් දෙනාගෙන් ඔහුද කෙනෙකි. රජය වාසනාවන්තය කීවේ ශ්රීලනිපය හා ජවිපෙ මෙල්ල කර ගත් බැවිනි. වෙන කිසිදු රජයකට වඩා වේගවත් ගමනක් යාමට මෙම රජයට ලැබුන ආශිර්වාදයකි.ජේ ආර්ට හොද දේශපාලන දැක්මක් තිබුනද ඉන්දියාවත් ශ්‍රීලනිපයත් ජවිපයත් ඔහුගේ කකුලෙන් ඇද්ද නිසා අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ලගා විය නොහැකි විය. කඩාකප්පල්කාරී ...
මම පෙරේදා සාත්තරයක් අසන්නට ගියෙමි සිව්වැනි මානය fourth dimension මම පෙරේදා සාත්තරයක් අසන්නට ගියෙමි. 100% ක් ම පට්ටපල් බොරුය. එහෙත් මා ඒ ගැන වෙනත් අය සමග කී විට ඔවුන් කියන්නෙ මට සාත්තරය කියවුන බවයි. මේ සාත්තර කීම් බොරු රගපෑම් ද .නැතිනම් යම් ගුප්ත පැත්තක් ඇද්ද කියා මට දෙගිඩියාවකි.මට කලක සිට තිබූ ආශාවක්නම් මේවා ගැන විද්‍යාත්මක පර්යේශනයක් කිරීමයි. පුනරුත්පත්තියද ඊට අයත්ය. මේ ආශාව යලි මතුවුනේ පෙරේදා අසන්නට ගිය සාත්තරයෙනි. ...
හැම ගමකටම ජනාධිපතිකෙනෙක් සිව්වැනි මානය fourth dimension අදටත් ඉන්දියාවට වඩා ලංකාවේ ආයෝජනය කරන්න මිනිස්සු කැමතියි. පසුගිය වසර 9 දී වුනේ බොහෝ අයෝජකයන්ට හම්බන්තොට අයෝජනය කරනවානම් රජ පුතාගේ අනුග්‍රහයෙන් සියළුම පහසුකමුත් වෙන දිහාක කරනවානම් කප්පම් ගෙවීමුත් කරන්න සිදුවීම. කොළඹ දකුණු වරායේ අයෝජනයෙන් සිංගප්පූරු වරාය හිමිකරුවන් ඉවත්වුනා. ඒකට හේතුව මිලියන 500 ක ගතමන්ට් එක ගෙවන්න එකඟ නොවීම. //මේ ඉයන් වෙනත් බ්ලොග් එකක දැමූ කොමෙන්ටුවකි. මේ කතාව ඇත්තනම් ලංකාවේ හැම ...
ඉන්දියාව සමග ගිවිසුම හොදද නරකද සිව්වැනි මානය fourth dimension අනෙක් සියළු කතා පැත්තකින්ම තියමු. ගිවිසුමට එරෙහිව නගන තර්කවලින්ම පටන් ගනිමු. 125,000 කට කරන වැඩේ රු 25,000 කට ඉන්දියන්කාරයන් ඇවිත් කරන බවත් අපේ වෘත්තියවේදීන් ට කෙලවෙන බවත් කියයි.ඇත්තටම එහෙම වෙනවානම් අපේ ජීවන වියදම අඩුවේ. වෘත්තියවේදීන් වෙනුවෙන් අප විශාල ජීවන බරක් දැරිය යුත්තේ ඇයි. වෘත්තියවේදීන් මේ තරගයට මුහුන දෙනවානම් හොදය. අනෙක් අතට වෘත්තියවේදීන් වෙනුවෙන් කරන ආයෝජනය සමාජයක ලෙස ප්‍රතිඵලදායකද .අපගේ බදු ...
ගීත තුනක් සිව්වැනි මානය fourth dimension ගීත තුනක් අල්ලගෙන ලොකු ඝෝෂාවක් යනු පෙනේ. මම නම් මෙම ගීත තුනටම සවන් දුන්නේ නැත. අනෙක මෙම ගීත වලින් මා ඔළුව අවුල් කරගන්නේ නැත.මට වෙන වැඩ ඇති බැවිනි. ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ගී ගැයූ දා සමහරු හඩා වැලපුනේ ලෝකෙ පෙරලුනා සේය. එහෙත් සියල්ල සදාකාලික නැත. අපට හුරුපුරුදු වූ හඩ හැර යම් ගීයක් ගැයීමට වෙන හඩවල් නැද්ද මම නම් ගීයක් රස විදින විට ...
මේ රටේ තිබූ නරකම ආන්ඩුව මොකක්ද සිව්වැනි මානය fourth dimension මේ මම නිකම් ඉන්නවිට නිකමට සිතුන කල්පනාවකි. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවිට අගතිගාමී වීම වැලක්විය නොහැක. ඒ නිර්නායක සම්බන්ධවය. මම මෙහිදී සැලකිල්ලට ගන්න නිර්නායක මගේම ඒවා වේ. මෙහිදී 1947 ඩී එස් ගේ සිට වත්මන් ආන්ඩුව දක්වා සියළු ආන්ඩු සැලකිල්ලට ගැනේ.ඥාති සංග්රහයමාධ්ය මර්ධනයදරදඩු නීතිරජයේ ප්‍රතිපත්ති නිසා ජනතාවට සිදුවන පීඩනයනීතිය අවනීතිය වීමදූෂනයඅවපාලනය යන කාරනායි.සංවර්ධන දැක්මක් නොවීමමෙම නිර්නායක ඔස්සේ විවිධ ආන්ඩුවලට ලකුනු දුන්නෙමි.ඉහලම ලකුනු ...
නිදහස් සෞඛ්‍ය සේවයක් එපා සිව්වැනි මානය fourth dimension ට්‍රාන්සිල්වේනියා බ්ලොග් ලිපියට දැමූ කොමෙන්ටුව මේ මගේ පෞද්ගලික අත්දැකීමකි. මගේ පියා රාගම රෝහලට ඇතුලත් කලේ කිට්ටුම රෝහලේ නිසි ප්‍රතිකාරයක් නොකෙරන නිසාය.රාගම රෝහලේ තත්වය සාපේක්ෂව හොදය. එක පෝලිමක ගොස් අවසානයේ යලි වෙනත් පෝලිමකට හරවා යැවීම .යලි ආපසු එවීම ,ලියකියවිලි කාර්ය මන්ඩලය විසින් නැතිකර ඒවා මුල සිට සොයාගන්නා ලෙස දැණ්වීම,ටිකට් කපන්නට රෑවනතුරු සිටීමට සිදුවීම වැනි රෝහල්වල සාමාන්‍යයෙන් දුප්පතුන්ට දෙන දඩුවම් හැරුන විට ...
අලුත් හෙටක් සිව්වැනි මානය fourth dimension ඉන්ටනෙට් එකේ අපූරු මිනිසුන් සිටිති. සැබෑ ලෝකයේ දුටු පමනින් නමස්කාරයට බදුන් වන භික්ෂූන්ගේ වැරදි මෙහිදී විවේචනය වෙයි.භික්ෂූන් මතුනොව ඕනම ලොක්කෙක් සයිබරයට මායිම් නැත.සයිබරය තුලින් සමාජ සමානාත්මතාවයක් ඇතිවීදමටනම් සිතෙන්නේ ඒ එසේ බවයි.සයිබරයේ ලොක්කන් නැත. හැමෝම සමානය. එසේනම් එය සැබෑ ලෝකයෙන් වෙනස් වන්නේ ඇයිසයිබරයද ,බිම් මට්ටමද තම්මට්ටමද හරිඇත්තටම හරි සයිබරයයි. අප බිම් මට්ටමේදී වෙනස්කම් නිර්මානය කරගෙන සිටිමු.අපට අනෙකාගෙන් වෙනස් වීමට චාරීත්‍ර උවමනාය,සම්ප්‍රදායන් ...
හිලරිද බර්නිද සිව්වැනි මානය fourth dimension මා ඇමරිකානු පුරවැසියෙකු වී නම් මා ඡන්දය දෙන්නේ හිලරි ක්ලින්ටන් මහත්මියටයි. එහෙත් 2008 දී බැරැක් ඔබාමා සහ හිලරි අතර ප්‍රාථමික ඡන්ද විමසීම් වලදීනම් මා බැරැක් ඔබාමා මහතාට ඡන්දය දෙමි.ඊට හේතුව ඔහු කලු ජාතිකයෙක් වීම නිසාත් ඔහු යෝජනා කල වෙනස නිසාත්ය. මේ වෙනස යන්න ප්‍රායෝගික නැති බව දැනුනත් මම එම වචනයටද ප්‍රේම කරමි.නමුත් බර්නි හා හිලරි අතර තරගයේදී නම් තෝරාගැනීමක් නැත.දක්ශිනාංශයෙන් ...