බ්ලොග් සහ අපාය පිටවාන ඇතැමෙකුට ජීවිතය අපායකි. තවකෙකුට සුර ලොවකි. ජීවිතය අපායක් හෝ සුරලොවක් වන්නේ ඒ ඒ පුද්ගලයා එය දෙස බලන ආකාරය අනුවය.. කෙසේ වුවත් අතිශය දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය අපායකට හෝ සුර ලොවකට සම කරනුයේ ඒ වචනවල නිසි අරුත බිඳකින් හෝ තේරුම් නොගෙන බවනම් කිව මනාය.. හිටි හැටියේම ලිනක්ස් අමතක වී අපාය හා දිව්‍ය ලෝකය මතක් වීමට මට වූ අලකලංචිය කුමක්දැයි ඔබට ...
උබුන්ටු භාවිතා කරමු (Ubuntu Guide) 01 පිටවාන "ලිනක්ස් මුල සිටම" ලිපි පෙල දැං ගොඩක් දුර ගිහින් නිසා, මම හිතුව ලිනක්ස් පාවිච්චි කරන්න උත්තේජනයක් ලබා දෙන්න.. මේ ලිපි පෙල ගොඩක් දුරට ඉලක්ක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයව. ඒ අතරිනුත් 50%ක් විතර පාවිච්චි කරන්නේ Ubuntu linux නිසා අපි මේක උබුන්ටු පාවිච්චි කරන අයට ආධාරකයක් විදිහට තමයි පෙල ගස්වන්නෙ. එතකොට තව දෙයක්, ලිනක්ස් මුලසිටම ලිපි පෙල නවතින්නෙ නෑ.. ඒකත් ...
ලිනක්ස් මුල සිටම 19 කොටස පිටවාන ලිනක්ස් මුල සිටම 19 කොටස.ලිනක්ස් මුල සිටම දැන් ගොඩක් දුර ඇවිත් නේද? මේ ලියන තරමටම කියවනවද කියලත් වෙලාවකට සැකයි.. ඒත් ලියන එකනම් දිගටම තියෙයි. මේක තව ටිකක් දුරට ඇදගෙන ගිහින් වෙන වෙන් වැදගත් මාතෘකා වලටත් යොමුවෙන්න අදහසක් තියෙනවා.. කෝකටත් කලින් අපි කලින් ලිපියෙ නව්ත්තපු තැනින් ඉදිරියට යමු..අපි මේ කතා කරන්න යන දේවල් System එකට කෙලින්ම බලපාන දේවල් නිසා පොඩ්ඩක් පරිස්සමින් ...
උබුන්ටු භාවිතා කරමු (Ubuntu Guide) 02 කොටස. පිටවාන අද අපි බලන්න යන්නේ උබුන්ටු වල Software Center කියන ගැජට් එක ගැන.. මුලින්ම මේක ගැන කියන්න හිතුවෙ වෙන නිතරම නිතරම මේක පාවිච්චි කරන්න වෙන භාණ්ඩයක් නිසා. මේක by default OS එකත් එක්ක හම්බ වෙන එකක්.මේක ගොඩාක් User Friendly විදිහට හදල තියෙන එක නම් අවිවාදයෙන්ම පිළිගන්න ඕන. මෙන්න මෙහෙමයි ඕක ඉස් ඉස්සර වෙලාම ගත්තම පේන විදිහ..අනේ මන්දා මේ වගේ එකක් ගැන ...
ලිනක්ස් මුල සිටම 18 කොටස පිටවාන ඔන්න අදනම් ගොඩක්ම ගොඩාක් වැදගත් මාතෘකාවකට තමයි අපි අතගහන්න හදන්නේ.. මේකට Init and Runlevels කියල සුද්දගෙ භාෂාවෙන් කිව්වට මටනම් සින්හල එකක් ගලපගන්න තේරෙන්නෙ නෑ. කොහොමහරි කමක් නෑ අපි මේ කතාකරන්න හදන්නේ System එකේ ක්‍රියාකාරීත්වයට සම්බන්ද දෙයක්.. කතා කරගෙන යද්දි හොදට තේරෙයි..පහුගිය ටිකේම ලිපි දැම්මෙත් නෑනෙ.. එව්වත් අල්ලන්න දැං ඩබල් එකේ ලියන්න වෙලා..දැන් මගෙ සෞඛ්‍යය තත්වයත් යහපත් අතට හැරිල තියෙන නිසා ...
මගේ බ්ලොග් එකේ අකමැතිම පොස්ට් එකක්. පිටවාන අප පසුපස හඹා එන්නෝ.තමුන්ගෙ බ්ලොග් එකට හඹා එන්නෝ Follwers වැඩි වෙනවට කවුද අකමැති.. ඒත් කැමති උනත් අකමැති උනත් අපි පසුපස හඹා එන අයත් ඉන්නවා "පින්, පව්" කියල කට්ටියකුත්. මේ අය අපේ කැමැත්ත අකමැත්ත ගනන් ගන්නෙ නෑ.. මගේ පස්සෙ උනත් මෙයාල එනව.ඉතින් මේ දවස්වල මම අර දෙවෙනියට කිව්ව කට්ටිය මගෙ පස්සෙ හෝ ගාල පන්නනවා.. මම ඇත්තටම මේ බ්ලොග් එක ලියන්නෙ ශල්‍යකර්මයකට ...
ලිනක්ස් මුල සිටම 17 කොටස. පිටවාන අද අපි root User Account එක ගැන තව ටිකක් වැඩි දුර කතා කරන්නයි හදන්නේ. User management ගැන ගිය පාර ටිකක් කතා කරාට මම Group management ගැන ස්කිප් කරා. ඩෙස්ක්ටොප් කම්පුටර් වල වැඩිය පාවිච්චි කරන්න ඔන වෙන්නෙ නැති නිසා. අපි Networking වලට අත ගහපු වෙලාවක ඒවත් ඉගෙන ගනිමු..අද කතාව පටන් ගන්න කලින් පොඩි දෙයක් කියල ඉන්නම්. මම site එකට එන අයගෙ ...
ලිනක්ස් මුල සිටම 16 කොටස පිටවාන අපේ කට්ටියට දැං නම් ලිනක්ස් සම්බන්දව සෑහෙන්න තරමේ දැනුමක් ලැබිල ඇති කියල මම උපකල්පනය කරනවා.. දැං දැං ලැබෙන ප්‍රතිචාර අඩු වෙන ගතියක් පේන්නෙ කට්ටියට මේවා තේරෙන්නේ නැති මට්ටමට ඇවිත්ද කියලත් වෙලාවකට සැක හිතෙනවා.. මෙහෙමයි වින්ඩොස් OS දාගෙන අවාරෙට අඹ වැටෙනවා වගේ ලිනක්ස් වලින් ලොග් වෙනවනම් මේ ලියන ඒව ඔහේ කියවගෙන විතරක් යනවනම් තේරුමක් නෑ කොල්ලනේ.. පීනන්න ඕන නම් එන්න ඇවිත් ...
ලිනක්ස් මුල සිටම 15 කොටස පිටවාන අපි මේ වෙනකොට dpkg සහ rpm කට්ටිය ගැන කතා කරපු නිසා වැදගත් දෙයක් ගැන කතා කරන්න පුලුවන්.. ඒක මම මෙහෙම පටන් ගන්නම්.. මේ කියන කතාව හොදටම තේරෙන්න නම් ලිනක්ස් වල rpm එකක් හරි .deb එකක් හරි download කරල දාන්න උත්සාහ කරල තියෙන්න ඕන.. කොහොමද නිකන් චුයින්ගම් එකක් කටේ දාගත්ත වගේනේ.. ඔන්න A කියල එකක් දාන්න ගියාම ඌ කියනව මට B,C,D, ...
ලිනක්ස් මුල සිටම 14 කොටස පිටවාන හුඟ දවසකින් අද තමයි ජංජාලෙ පැත්තෙ ආවෙත්..අපිට ඉතිං තව වෙන වෙන වැඩත් කප්පරක් තියෙනවනේ.. කාලෙකින් හරි කමක් නෑ.. නවත්තපු තැනින් අද පටන්ගනිමු.. ටාර් බෝලෙ කට්ටිය කොහොම දාගත්තද දන්නෙ නෑ.. අද නම් ලේසි දේවල් ටිකක් කියල දෙන්න හදන්නේ..Package Managers භාවිතා කරල කොහොමද ලේසි විදිහට වැඩ කරගන්නෙ කියල බලමු..මොනවද මේ Package Manager කියල කියන්නේ..ඒකත් එක software application එකක්. එයාට software අරගෙන installs ...
Back to the basics පිටවාන හරියටම අවුරුදු 3ක් මාස 10ක් සහ දවස් 8 කට පස්සෙ..දුවල දුවල ආපහු මුලටම ආව. ඇල්බට් අයින්ස්ටයින්ද කොහෙද පොරක් කිව්වනෙ සරල රේඛාවක් උනත් අනන්තයට යනකන් දික් කරොත් ආයෙ පටන්ගත්ත තැනටම එනවා කියලා.. අන්න ඒ වගේ කියලත් හිතෙනව මේක.ආසන්නව ගත්තොත් අවුරුදු හතරක් කියමු. උසේන් බෝල්ට් 100 මීටර්ස් දිව්වා වගෙ මාත් දිව්වා අවුරුදු හතරක්.. ජොබ් කරා සල්ලි හෙව්වා.. ලව් කරා.. කසාද බැන්දා.. යකෝ ...
ජීවිතය වෙනුවට මරණය යදින මිනිසෙක්.. පිටවාන සාමාන්‍යයෙන් මම හින්දි චිත්‍රපට නරඹන්න ඒ තරම් කමති නෑ.ඒත් කලයක් ඇබ්බැහි වෙලා වගෙත් හිටියා,ඒ ඇබ්බැහියෙන් නරකකුත් වෙලා නෑ.මොකද යාන්තමට හින්දි තේරෙනවා.(ඒකත් ලොකු වාසියක් වෙලා තියෙනවා මගෙ අලුත් රස්සාවට,මොකද මම වැඩ කරන සමාගම ලොකේ ලොකුම රටේ වුනාට ඉන්දියන් අය ගොඩක් අපිත් එක්ක වැඩ කරන නිසා)කෝච්චිය පීලි පැන්න නේද? කමක් නෑ ආයිමත් මාතෘකාවට එමු.හින්දි සිනමාව එපා වෙන්න එක හේතුවක් වුනේ "ඉක්බිති සියල්ලෝ ...
අවාරෙට වැටෙන අඹ පිටවාන මේ බ්ලොග් එක පටන් ගත්ත දවස්වලනම් හෝ ගාල පොස්ට් වැටුනට මොකද දැන්නම් එහෙම නෑ කියන්න මමත් පිලිගන්නවා. ඒත් එකට සාධාරණ හේතු තියෙනවා. මේක පටන් ගද්දි මම ඉගෙනගන්නවා ඒ අතරෙ මට අසනීපවෙලා මාස දෙකක් විතර ඇඳට කොටු වෙන්න උනානෙ. කොහොම හරි ඒ එකතැන් වීමෙ ප්‍රතිඵලයක් තමයි මේ.. ඒකෙනුත් යමක් උනානෙ.. හැබැයි මේ වෙද්දි මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා.. පූර්ණ කාලින අධ්‍යාපනය ...
සම්මුඛ පරීක්ෂණ (වෙලාවකට ආතල්) පිටවාන මේ දවස්වලනම් අම්බානකට වැඩ. මොකද 19 අපේ අවසාන විභාගය පටන් ගන්නවා.. හිතන් හිටියන හොම්බෙන් යන්න දෙන්න නෝට් එකක් දෙකක් බැලුවම තමයි තේරෙන්නෙ වැඩේ කොච්චර අමාරුද කියලා.. ප්‍රොජෙක්ට්,ප්‍රසන්ටේශන්.... අරවා මෙව්වා අන්තිම අවුරුද්ද හින්දද මන්දා ඇට්ටිහැලෙන්න දෙනවා.. කොහොම හරි මේ ලිපිය මන් හිතන්නෙ මාසයක් විතර තිස්සෙ ලිව්වා පොඩ්ඩ පොඩ්ඩ.. අනේ කරුමෙක මහත අන්තිමට මගෙ අතින් ඩිලීට් උනා කොටසක්.. කොහොම කොහොම හරි මෙන්න ...
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ..... පිටවාන මා කුඩා අවදියෙහි අප නිවසෙහි රූපවාහිනියක් නොතිබිණි. මගේ දෙමව්පියන්ට එවැන්නක් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොතිබූ නිසා නොව අප සියල්ලන් සියලු වැඩ පසෙකලා එයටම ඇලී ගැලී සිටිනු ඇතැයි මගේ මවගේ විස්වාශය විය.මගේ මෑණියන් ගුරුවරියක් වූවාය. ඉගැන්වීම ඇයගෙ රැකියාවකට වඩා වගකීමක් ලෙස සැලකූ අතර අප කුඩා කල අපට හමු වූ ගුරුවරුන්ගෙන් 99%ක්ම වාගේ එයම අනුගමනය කළ අය වීම අප ලද භාග්‍යයක්ම විය ...
ජංගම දුරකතන තාක්ෂණය 03 පිටවාන පහු ගිය ලිපියෙන් නවත්තපු තැන ඉඳල අද ඉස්සරහට කතා කරගෙන යමු.Maritime Communicationනාවික කටයුතු සඳහා රේඩියෝ සංඛ්‍යාත පාවිච්චි කිරීම මේවා හොයාගත්ත කාලෙ ඉඳලම පැවතුනා.. කටහඬ එකතු කරල සංනිවේදනය කරන්න කලින් ඉඳලම මෝස් කෝඩ් එක පාවිච්චි කරගෙන පණිවුඩ හුවමාරුව පැවතුනා. මේවට සිස්ටම් Develop කරන්න ගිහින් අලුතින් හොයාගත්ත දේවල් සමස්තයක් විදිහට හැම Communication Field එකකම දියුණුවට හේතු උනා.GPS සහ චන්ද්‍රිකා තාක්ශනය කොච්චර දියුණු ...
ජංගම දුරකතන තාක්ෂණය 02 පිටවාන ඔන්න අද තමයි ටිකක් නිදහස් වෙලාවක් හම්බ උනේ.ඉතිං අපි නව්ත්තපු තැන ඉඳල ආයෙමත් පටන් ගනිමු.පිදුරුතලාගල ගිය ගමනත් මරේ මරු.. ලංකාවෙ උසම තැනට යන්න ලැබීමත් ජීවිතේ ලබපු ලොකු වාසනාවක්.ජාතික රූපවාහිනී,චැනල් අයි,ස්වර්ණවාහිනී,හිරු,ගෝල්ඩ්,සන්,සූර්යන්,ඒයාපෝට් ඒවියේශන් රේඩාර් සිස්ටම් එක වගේ ගොඩාක් වැදගත් තැන් බලන්න ලැබුනා.ඒක ගැන ඒ ඇති.දැන් ආයෙමත් අපේ ප්‍රධාන කතාවට බහිමු..අපි මොන මොන දේටත් පාවිච්චි කරන්න වෙන්නේ රේඩියෝ සංඛ්‍යාත.රේඩියෝ සංඛාත කියනකොට මේක කියවන ...
ජංගම දුරකතන තාක්ෂණය 01 පිටවාන හැමදාම එකම රාමුවකට කොටු වෙලා ඉන්නවට වඩා හොදයි නේද දවසින් දවස වෙනස් වෙනස් දේවල් ටිකකට අතගහන එක?ඉතින් මමත් හිතුවා මම ඉගෙනගත්ත දේවල් වලින් ටිකක් මගෙ බ්ලොග් එක අස්සටත් ඔහෙ ඔබල දාන්න.. ජංගම දුරකතන තාක්ෂණය කිව්ව ගමන් මොනවද ඇත්තටම ඔලුවට එන්නෙ? එක එක බහු බූත මතක් වෙනව නේ? මොබිටෙල්, ඩයලොග්, 2G, 3G, GSM, 4G.... CDMA.... HSDPA... තව අකුරු කීයක්නම් මෙතන දාන්න ...
පිටවාන පිටවාන ඔන්න කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකටත් ඉර පායලා.. පහු ගිය ටිකේම හුස්මක් කටක් නැතුව එක දිගට ඇදගෙන ගිය exame බරත් පැත්තකින් තිබ්බා.. ආයෙ ඉතින් එහෙම එකක් එනව කියල මතක් වෙන්නෙත් තව මාස තුනකින්.. එතකන් අපිටනම් වගේ වගක් නෑ..ලංකාවෙ උසස් අධ්‍යාපනය නම් කියල වැඩක් නෑ.. අපි දේශන වලට එන්නෙ අත්සන ගහන එක මූලිකම පරම පවිත්‍ර චේතනාව කරගෙන.. ඒ ආවත් ඉඳගත්ත ගමන් ...
සංවේගයෙන් දැනුම් දීමයි..! පිටවාන ගොඩාක් වෙලාවට මේ title එකෙන් එන්නෙ මරණ දැන්වීම් නම් තමයි.. මම මගේ බ්ලොග් එක මරල දාන්න නම් තාම තීරනය කරල නෑ..කොහොම උනත් ටික කාලයකට බ්ලොග් එක නිදි කරවන්න වෙනවා.. සමහරු කියන්න පුලුවන් දැං මාසයක් විතර තිස්සෙ බ්ලොග් එක තිබුනෙ මැරිල වගේ නිසා ඕක අමුතුවෙන් නිදි කරවන්න දෙයක් නෑ කියල.. හරි හරි කලබල වෙන්න දෙයක් නෑ, ඒ නිල නොවන විදිහට නේ..මම ...