කළු හිස්වැසුමක් ලූ කළු හැදගත් මිනිසාගේ අභිරහස The Mystery of the Black Hat Man සිතක සටහන් මම සාමාන්‍යයෙන් අද්භූත, තාර්කිකව පැහැදිලි කළ නොහැකි දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන අයෙකු නොවේ. කෙසේ වුවත් මා මේ සිදුවීම සඳහන් කරන්නේ ඉතාම පුද්ගලික මට්ටමෙන් මට සමීප වීමත් ඉන්පසුව ඒ ගැන යම් යම් අවස්ථාවල අසන්නට ලැබීමත් නිසා. 2015 ජූනි මාසය වන විට ඒ වන විට රෝගාතුරව සිටි මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වුනා. එසේ වුවත් ඊට මාස 4කට පෙර රෝගී ...
ජෝන්ස්ටවුන්හිදී මරණයට පත් මාක්ස්වාදී උතෝපියාව The Marxist Utopia that died in Jonestown සිතක සටහන් වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් ...
ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna සිතක සටහන් කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්. ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු 27 ක ශිෂ්‍යයෙක් වශයෙන් 1965 දී ලන්ඩන් සරසවියට ඉදිරිපත් කළ මුද්‍රිත පිටු 562 ක් සහිත නිබන්ධනය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna මා කියවීමට පෙළඹවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා බැඳුනු සුවිශේෂ ...
බෞද්ධයන්ට වන අකටයුතුකම් ගැන සෙවීමට වියට්නාමයට ගිය ලාංකික දෙමළ ඇංග්ලිකානුවා Ceylonese Tamil Anglican who spoke for the Vietnamese Buddhists සිතක සටහන් සෑහෙන කලක් ප්‍රංශ යටත් විජිතයක් ව පැවති ඉන්දුචීනය නොහොත් වියට්නාමය නිදහස ලබන්නේ 1954 ඩියන් බියන් ෆූ සටනේදී ප්‍රංශ යටත් විජිත හමුදාවන් හෝ චිමිං ගේ අනුශාසකත්වයෙන් හා සෙන්පති ගියැප්ගේ නායකත්වය යටතේ වූ වියට්මිං නොහොත් වියට්නාම් ජාතිකවාදී හමුදාවන් අතින් දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟයි. 1954 ජිනීවා සම්මුතියෙන් රටේ උතුරු කොටස හෝ චි මිං යටතේ වාමාංශික ජාතිකවාදී රාජ්‍යයක් වෙද්දී දකුණු කොටස ඇමරිකානු හා ප්‍රංශ ...
ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck සිතක සටහන් මා කියවීමට හුරුවූ කාලයේ එනම් 1989 දී පමණ ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවතක් අදත් මගේ මතකයේ නොමැකී රැඳි තිබෙනවා. චිත්‍රපටයක වීඩියෝ පටයකින් උපුටා ගත් අපැහැදිලි ඡායාරූප කිහිපයකුත් සමඟ ලංකාවේ රූගත කළ, ලාංකික නළු නිළියන්ද චරිත නිරූපණය කළ “ මිනී කන්නන්ගේ දේශය“ නමින් දිවයින පුවත්පත හැඳින්වූ සිනමා පටයක් පිළිබඳවයි ඒ මුල් පිටුව. දිවයින පුවත්පත එවක එජාප රජයට එරෙහි වාමාංශික ජාතිකවාදී ...
ඔබට Other Side of Midnight මතකද ? Can you remember Other side of Midnight ? සිතක සටහන් ඉහත ප්රශ්නය නැගුවොත් සිඩ්නි ෂෙල්ඩන්ගේ එනම් ජනප්‍රිය නවකතාව මතකයට නැගෙනු ඇති. අනපේක්ෂිත අවසානයක් (plot twist) තිබීම එම නවකතාව මතකයේ රැඳීමට ප්‍රධාන හේතුවක්. වරක් (සන්ඩේ ටයිම්ස් කතෘ) සිංහ රත්නතුංග, එස් බී දිසානායක මහතාව සිරගෙට යැවීමට හේතුවූ නඩු තීන්දුව හැඳින්වූයේ අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් සිදුවීමක් ලෙසයි. එනම් අධිකරණයේ එවකට ප්‍රබලයෙක් ඒ මහතාට වරද පිළිගත්තොත් නිදහස් කරන බවට පොරොන්දුවක් දී නොමඟ යවා ඔහුව ...
ලෝකයේ වඩාත්ම බියජනක චිත්‍රපටය නැරඹීමි The Scariest Horror Film in the World සිතක සටහන් උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ බිල්බෝඩ් පුවරුව මා දකින්නේ බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාව පසු කර යද්දීය. එය දුටු වනම ඒ සඳහා ආභාශය ලබා ඇත්තේ කොතනින්දැයි නිච්චියක් ලැබිණි. මගේ අනුමානය සනාථ වූයේ පසුව "බන්ධනය" චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය යූ ටියුබ් ඔස්සේ නැරඹීමෙනි. ඒ අනුව "බන්ධනය" යනු විලියම් පීටර් බ්ලැටීගේ ජනප්‍රිය භීෂණාත්මක නවකතාව ඇසුරින් විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කරන ලද 1973 දී තිරගතවූ ...
කළු හිස්වැසුමක් ලූ කළු හැදගත් මිනිසාගේ අභිරහස The Mystery of the Black Hat Man සිතක සටහන් මම සාමාන්‍යයෙන් අද්භූත, තාර්කිකව පැහැදිලි කළ නොහැකි දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන අයෙකු නොවේ. කෙසේ වුවත් මා මේ සිදුවීම සඳහන් කරන්නේ ඉතාම පුද්ගලික මට්ටමෙන් මට සමීප වීමත් ඉන්පසුව ඒ ගැන යම් යම් අවස්ථාවල අසන්නට ලැබීමත් නිසා. 2015 ජූනි මාසය වන විට ඒ වන විට රෝගාතුරව සිටි මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වුනා. එසේ වුවත් ඊට මාස 4කට පෙර රෝගී ...
2001 ගැන මතකය Remembering 2001 සිතක සටහන් 1991 දී පමණ අපේ පාසලට අල්ලපු වත්තේ ඇති පාසලේ එම වසරේ මහපොළ සැනකෙළිය පවත්වන ලදී. ඒ වන විට පහේ ශිෂ්‍යත්ව විභාගයටවත් වාඩිඩී නොසිටි මම දැඩිව පොත් කියවීමට ඇබ්බැහිව සිටියෙමි. රොබින් හුඩ්, ග්‍රිම් කතාවලින් පටන්ගෙන සීයාගේ පොත් අල්මාරියේ තිබූ පැරණි ඉතිහාස පොත් දක්වා අසුවන හැමෙකක්ම කැවිලි කමින් කියවීම එකල මගේ විනෝදාංශයක් වීම. ඉදින් මේ මහපොළ සැනෙකෙලියට ගිය මගේත් මා කැටුව ගිය ...
වල්පොළ රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය“ What the Buddha Taught by by the Ven. Walpola Rahula සිතක සටහන් ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්, රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුනා. මා බෞද්ධයෙක් ලෙස කුඩා කල සිට හැදුනු වැඩුනු අයෙක් නොවන නිසා දැනටමත් බුදු දහම අදහන්නන් වෙත ලියවුනු බහුල වූ පොත් පත් කියවීමට මා තුළ වූයේ දැඩි කුසීත බවක්. මගේ මිතුරියක් වල්පොළ රාහුල හිමියන් විසින් රචිත What ...
පැරඩි කලාව Parodies සිතක සටහන් ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි. මෙවැනි වූ පැරඩි සඳහා යුරෝපයේ පුනුරුද යුගය දක්වාම ඉතිහාසයක් තිබේ. ප්රාංසුවා රාබේල් ගේ “ගාර්ගැන්ටුවා හා ෆැන්ටා ගෘෘවල්“ වැනි ප්‍රබන්ධ මේ ගණයට උදාහරණ ලෙස දැක්විය හැකිය. කෙසේ වුවත් 20 වන සියවසේ ඉංගිරිසි බසින් ප්‍රකට වූ පැරඩි සඟරා කිහිපයක් ගැන සඳහන් කිරීම වටී. මුලින්ම මතකයට නැගෙන්නේ 1950 දශකයේ පමණ ...
ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects සිතක සටහන් 2009 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතෙක් පැවති දෙමළ බෙදුම්වාදී අරගලය යටපත් කරන ලදී. ඒ සමඟම රට තුළ රජයේද අනුග්‍රහයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් පැන නැගිනි. සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමඟ මේ රැල්ල සමාජ ජාල හා බ්ලොග් අවකාශයටද දැනී තිබුනේය. මේ අතර රාවය පුවත්පතේ එවකට විවිධ සිංහල බ්ලොග් අඩවිවල ලිපි පළ කිරීමේ කොලමක් ...
යාපනයේ දෙමළ ජනතාවගේ ඉතිහාසය History of the Tamil People of Jaffna සිතක සටහන් යාපනය අර්ධද්වීපය පෘතුගීසි සමයේ පවා සිංහල බහුතරයක් සිටි ප්‍රදේශයක් බවත් එය දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශයක් බවට පත්වූයේ ලන්දේසි පාලන සමයේ ඔවුන් විසින් දුම්කොළ වගාවට ගෙන එනු ලැබූ දකුණු ඉන්දීය වැසියන් නිසා බව ආචාර්ය නලින් ද සිල්වා නිතරම පවසන කරුණක් - ඔහුට අනුව වෙල්ලාල නම් යාපනයේ ඉහළම කුලය බිහිවන්නේ මේ දුම්කොළ වගාවට ලන්දේසින් ගෙන් ආ පුද්ගලයන්ගෙන්. මේ වෙල්ලාලයන් විසින් එතෙක් යාපනයේ ...
සත්යෝදයේ සිට භික්ෂුවකගේ උරුමය දක්වා සිතක සටහන් අබෞද්ධයෙකු වශයෙන් බුදු දහම ගැන මුල් වරට පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට මා හට උපකාරී වූයේ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ What the Buddha Taught පොත් පිංචයි. එසේ වුවත් එම පොතේ එතුමා දැක්වූ අදහස් අනගාරික ධර්මපාලතුමා චිකාගෝවේ දැක්වූ අදහස් මෙන්ම සිය සැබෑම අදහස් නිරූපණය නොවන්නේදැයි කුකුසක් ඇති වූයේ එතුමා පසුකාලීනව සිදු කරන ලද පුවත්පත් සාකච්ඡා ආදිය කියවීම නිසාය. 1956 පෙරළියට පවා උත්තේජයක් ...
උපන්දින ඡායාරූප තුළින් මතුවූ මරණයේ සෙවණැල්ල Shadow of Death seen through the Lenses of Birthday Photography සිතක සටහන් මා පළමුවරට මේ ඡායාරූප දුටුවේ මීට වසර 25කට පමණ පෙර නිව්ස්වීක් සඟරාවකිනුයි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ "අවසන් විසඳුම" ගැන අසා තිබුනත් යුරෝපීය යුදෙව්වන් මුහුණ දුන් ඛේදවාචකය එතරම් ප්‍රබල ආකාරයකින් මා ඊට පෙර දැක තිබුනේ නැහැ. ස්පීල්බර්ග් ෂීන්ඩ්ලර්ස් ලිස්ට් නිර්මාණය කරන්නටද පෙර දුටු මේ ඡායාරූප හොලෝකෝස්ට් ගැන නොමැකෙන මතකයක් මා තුළ රැඳවීමට සමත් වුනා. වීදි කොනක කුසගින්නේ මිය යමින් සිටින කුඩා දැරියක් ඒ ...
ඉන්දිරා ගාන්ධි හා මොරාජි දේසායි Indira Gandhi and Moraji Desai සිතක සටහන් මෙම සටහන මුල් වරට පළ කෙරෙන්නේ ෆේස්බුක් සමූහයක 2015 ජනවාරි 14 දිනය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණයෙන් සතියකට පමණ පසුවය. 1971 ඉන්දීය මහ මැතිවරණයෙන් පත්වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය ඥාති සංග්‍රහය, ජනතා අයිතිවාසිකම් සීමා කිරීමට හා දූෂණයට මුල් තැනක් දී කටයුතු කළේය . ඇගේ බාල පුතුණුවන් වූ සංජේ ගාන්ධිගේ ක්‍රියාකලාපය නීතිය ඉක්මවා යමින් රට වැසියන් පීඩාවට පත් කළේ ය. මෙහි ...
නලින් ද සිල්වා අපේ ජිවිත බේරු හැටි සිතක සටහන් අප සරසවියට ඇතුළුවූයේ ආන්දෝලනාත්මක සමන්ත සිසුවාගේ ඝාතනයෙන් මාස කිහිපයකට පසුවයි. ඒ වන විට රටේ පැවති තත්ත්වය ගැන මූලික හැඳින්වීමක් දෙනවා නම් අද මෙන්ම එජාප ආණ්ඩුවක් පැවති අතර විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරයක් කලේ සෝමවංශ අමරසිංහ හා විමල් වීරවංශ යටතේ දැඩි ජාතිකවාදී ස්වරූපයක් ගත් ජනතා විමුක්ති පෙරමුණ. සරසවිවල අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මූලිකව හැසිරෙව්වේ සමාජවාදී ශීෂ්‍ය ව්‍යාපාරය ඔස්සේ ජවිපෙ විසින්. ඔවුන්ව හැඳින්වූයේ "පොදු සිසුන්" ...
යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965) සිතක සටහන් ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලදැයි සැලකිය හැකි ඉතාම අසාර්ථක ඡායානුවාදයක් පමණයි. පසුකාලයේ මෙම කෘතියේ සම්පූර්ණ ඉංගිලිසි පරිවර්තනය ලැබුනත් එහි විසාලත්වය නිසාම කියවීමට සිත් දුන්නේ නැහැ. එම නිසා නවකතාවේ විස්තර කියවූයේ අන්තර්ජාලයෙන්. එය සැලකෙන්නේ ලෝක සාහිත්‍යෙය් විශිෂ්ඨතම කෘතියක් ලෙසයි. මෙම කෘතිය ...
රොබට් මුගාබේ හා ඉයන් ස්මිත් සිතක සටහන් රොබට් මුගාබේ මියගොස් ඇතැයි යන ආරංචිය බොහෝ සිම්බාබ්වේ වැසියන්ට අස්වැසිල්ලක් වනු ඇත. 1965 ඒකපාර්ශ්වියකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කරමින් රොඩේෂියා ජනරජය ප්‍රකාශයට පත් කළ ඉයන් ඩග්ලස් ස්මිත් තරම්වත් රොබට් මුගාබේ යහපත් පාලකයෙක් නොවීය. සුදු වර්ගවාදියෙකු වූ ඉයන් ස්මිත් යටතේ කළු ජනතාව සිටියාට වඩා රොබට් මුගාබේ යටතේ දුක්විඳිමට ලැබිනි. 1980 දශකයේ මුල් භාගයේ තමාට විරුද්ධව කැරලි ගැසූ සිට සටන් සගයා වූ ...