ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna සිතක සටහන් කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්. ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු 27 ක ශිෂ්‍යයෙක් වශයෙන් 1965 දී ලන්ඩන් සරසවියට ඉදිරිපත් කළ මුද්‍රිත පිටු 562 ක් සහිත නිබන්ධනය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna මා කියවීමට පෙළඹවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා බැඳුනු සුවිශේෂ ...
රහස් ඔත්තු සේවා පිලිබඳ ප්‍රබන්ධ සාහිත්‍ය නව මානයකට රැගෙන ගිය Tinker Taylor Soldier Spy සිතක සටහන් අද අප මෙන්ම ඔත්තු සේවාද සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන ඇතැම් වචන පවා හඳුන්වා දුන් රහස් ඔත්තු සේවා පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයේ මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යයේද හොඳම නවකතාවක් ලෙස සැලකෙන ජෝන් ල කාරේ ගේ Tinker Taylor Soldier Spy ගැන විචාරය කිරීමට පළමුව එය බිහිවූ පසුබිම ගැන සලකා බලමු. 1950 සහ 1960 දශකවල MI6 ලෙස ජනප්‍රියව හැඳින්වෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය (Secret Intelligence Service ...
ලාංකික සයිබර් අවකාශයේ ශත 50 හමුදාව - The 50 cent Army of Sri Lankan Social Media සිතක සටහන් “ශත පනහේ හමුදාව“ ගැන මුලින්ම මාව දැනුවත් කළේ උවිඳු කුරුකුලසූරිය. ඒ කළම්බු ටෙලිග්රාෆ් අඩවියේ ඇතැම් නිර්නාමික කොමෙන්ට්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන උදාහරණයක් ලෙසයි. මොකක්ද මේ ශත පනහේ හමුදාව ? කොමියුනිස්ට් චීනය අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ සමාජ ජාලද පැතිර යාමට පටන් ගත්තා. සමාජ ජාල ඔස්සේ ආණ්ඩු විරෝධය වීමේ අවදානම ගැන වැටහීමක් තිබූ චීන බලධාරීන් විසින්මු මුදල් ගෙවා එම සමාජ ජාලවල ජනතා අදහස් ...
ආචාර්ය නලින් ද සිල්වාගේ “ඩැමස්කස් මෝමන්ට්“ එක සිතක සටහන් බයිබලයේ නව ගිවිසුමේ “අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා“ (Acts) පොතේ සඳහන් සුවිශේෂී චරිතයක් වන්නේ සුළු ආසියාවේ (වර්තමාන තුර්කියේ) තාර්සස්හි උපත ලැබූ දැඩි යුදෙව් ආගමික මතධාරියෙක් වන සාවුල්ය. කිතුණු දහම යුදෙව්වරුන් අතර පැතිර යාම සාවුල්ගේ දැඩි විරෝධයට හේතුවේ . එම නිසා රෝම යුදා ප්‍රාන්තයේ එම නව ආගම පැතිරීම වැළැක්වීමට ඔහු ක්‍රියාකාරීව මැදිහත්වන්නේ කිතුණු ශාන්තුවරයෙක් ලෙස සැලකෙන ස්තේපන් තුමා ගල් ගසා මරණයට පත් කිරීමට හා ...
බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ විසින් චෙල්වනායකම්ව “මෝසස්“ කෙනෙක් ලෙස හැඳින්වූයේද ? Did Bishop Lakshman Wickremasinghe call Chelva a " Moses" ? සිතක සටහන් ආචාර්ය නලින් ද සිල්වාගේ ප්රභාකරන්ගේ බාප්පලා මස්සිනාලා පොතේ හෝ ඔහු විසින් 1990 දශකයේ දිවයින පුවත්පතට සැපයූ ලිපිවල හෝ එන එක් කරුණක් දිගටම මගේ මතකයේ රැඳී තිබේ. එනම් ලංකාවේ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාරයේ සමාරම්භකයා ලෙස සැලකෙන එස් ජේ වී චෙල්වනායකම් මහතාගේ අවමඟුලේදී. ලංකාවේ ඇංග්ලිකන් පල්ලියේ කැපී පෙනෙන චරිතයක් වූ කුරුණෑගල බිෂොප් තැන්පත් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් කතාවක් පවත්වමින් “ තම ජනතාව පොරොන්දු දේශයට ...
ජෝන්ස්ටවුන්හිදී මරණයට පත් මාක්ස්වාදී උතෝපියාව The Marxist Utopia that died in Jonestown සිතක සටහන් වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් පවා ...
චාල්ස් මැන්-සන් හා ෂැරන් ටේට් සිතක සටහන් ෂැරන් ටේට් 1960 දශකයේ මැද භාගය පමණ වන විට හොලිවුඩයට තරුණ පෝලන්ත ජාතික චිත්‍රපටය අධ්යක්ෂවරයෙක් සම්ප්‍රාප්ත වුනා - විචාරක සම්මානයට මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරයටද භාජනය වූ Knife in Water, Repulsion මෙන්ම භීෂණකාරි Rosemary's Baby වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු රෝමන් පොලාන්ස්කි. පොලාන්ස්කිගේ අතගත්තේ එවක හොලිවුඩයේ වාණිජමය චිත්‍රපටවල රඟපෑ ෂැරන් ටේට් නම් සුරූපී නිළියයි. ෂැරන් ටේට් නැගී එන නවක තරුවක් ලෙස විචාරක ...
ප්‍රදීප් මැතිව්ගේ පුරාවෘත්තය සිතක සටහන් මීට අවුරුදු 2කට විතර කලින් මම කියවපු නවකතාවක් යළි මතකයට ආවේ අපේ හිතමිතුරු කොකාගේ බුකි ස්ටේටසයක් නිසා - ඒ පොත තමයි ෂෙහාන් කරුණාතිලක ලියපු Chinaman: The Legend of Pradeep Maththew . ෂෙහාන් කරුණාතිලක නවකතාවේ පිටු කිහිපයක් කියවාගෙන යන විට එහි ප්‍රධාන චරිතය වන ඩබ්ලිව්.ජී කරුණාසේනගේ මුවඟට ෂෙහාන් මෙහෙම "සේල්ස් පිච්" එකක් නගනවා. "ඔබ කවදාවත් ක්‍රිකට් තරඟයක් නරඹා නැතිනම්, බැලුවත් එය ...
පික්චර් පිස්සුව සිතක සටහන් 21 වන සියවසේ මුල් භාගය පමණ වන තෙක් කුරුණෑගල නගරයේ තිබූ අවශේෂ සිනමා හල් වූ මොඩර්න්, නිව් සිනමා පසු කාලයක පාඩු ලබන මට්ටමේ පැවතිණි. මින් මොඩර්න් හි අවසන් කාලයේ පෙන්වූයේ සොෆට් කෝ පෝන් චිත්‍රපට පමණි. හිටපු විශේෂඥ වෛද්‍ය ජුපිටර් මූණමලේ මහතාට අයත් ජුපිටර් සිනමා ශාලාව තවමත් ක්‍රියාකාරි දැයි නොදනිමි. කුරුණෑගල ප්‍රධාන සිනමා ශාලා දෙක වූයේ කුරුණෑගල - නුවර පාර ...
කුරුණෑගල Asi House සිතක සටහන් මින් අවුරුදු 35 කට පමණ පෙර කුරණෑගල ක්රිස්ත්ර රජිඳු මුල් දෙව් මැඳුර ඉදිරිපිට කඩ පෙළියේ පැරණි පොත් සාප්පුවක් විය . Asi House නම් වූ එහි වැඩිපුරම තිබුනේ 1960 -70 දශකවල නිකුත් වූ ජනප්‍රිය ඉංග්‍රීසි ත්‍රිලර් නවකතා, සඟරා හා මාවල් ඩී සී කොමික්ස් යනාදියයි. පොත්පත් මිලට ගැනීම මෙන්ම සුළු මුදලකට පොත් බැහැර ගෙනයාමටද මෙහි හැකියාව තිබිණි. සෑහෙන කාලයක පටන් මගේ ...
සාම්ප්‍රදායික ආගමික සිනමාව උඩු යටිකුරු කළ Jesus Christ Superstar සිතක සටහන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ සිනමාත්මක නිරූපණයන් මුල් කාලයේ සිටම විවාදාත්මක බව රහසක් නොවේ. විසිවන සියවසේ මැද භාගයක් වෙන තෙක්ම බටහිර සමාජය මූලිකවම කිතුණු ආගමට නැඹුරුවක් දක්වන පිරිස බහුතරයක් වූ බැවින් ජේසුස්වහන්සේ සෙලිලොයිඩ් පටයේ නිරූපණය කිරීමේදී අධ්යක්ෂවරු සහ නලුවන් බෙහෙවින් ප්‍රවේශම් වුනා. උදාහරණයක් ලෙස 1950 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ චාර්ල්ටන් හෙස්ටන් රඟන විලියම් වයිලර්ගේ "බෙන් හර්" චිත්‍රපටයේ ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණ නොපෙන්වා සිරුර පමණක් ...
Limits of Love නොහොත් රිචඩ් ද සොයිසා ගැන රජීව විජේසිංහගේ සැමරුම සිතක සටහන් මීට වසර නවයකට පමණ පෙර කුරුණෑගල ප්‍රකට පොත්හලකදී අහම්බෙන් මගේ නෙත ගැටුනේ රිචඩ් ද සොයිසාගේ මුහුණේ විශාල ඡායාරූපයකින් යුතු කවරයක් සහිත පොතක් - කතුවරයා වූයේ මහාචාර්ය රජීව විජේසිංහ. රිචඩ් ද සොයිසා සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ කුතුහලය නිසාම එම නවකතාව මිලට ගත්තත් එහි පෙරවදනේම රජීව සඳහන් කරන්නේ නවකතාවේ ප්‍රධාන චරිතය රිචඩ් ද සොයිසා මත ගොඩනැගුනත් සැබවින්ම තවත් සත්‍ය චරිත කිහිපයක සංකලනයක් බවයි. ...
Three Body Problem සිතක සටහන් මම විද්‍යා ප්‍රබන්ධ කතාවල රසිකයෙක් නොවෙයි. ළමා වියේ කියවූ 2001 සිංහල පරිවර්තනය හා ආතර් සී ක්ලාක්ගේ පාරාදීසයේ උල්පත් වැනි ප්‍රබන්ධ කිහිපයකට මගේ කියවීම සීමා වනවා. එය මා සොයා ගෙන කියවන genre එකක් ද නොවේ. එසේ තිබියදී බැරැක් ඔබාමාගේ සිට මුහුණු පොතේ යහළුවන් කිහිප දෙනෙකු දක්වා ඉහළින්ම නිර්දේශ කළ මෙම විද්‍යා ප්‍රබන්ධ නවකතාව මා කියවන්නේ හුදු විද්‍යා ප්‍රබන්ධයකට වඩා යමක් ...
මා දුටු භීම සමය The Reign of Terror That I Saw සිතක සටහන් භීම සමය යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙනුයේ ප්රංස විප්ලව සමයේ 1793 සැප්තැම්බර් සිට 1794 ජූලි දක්වා වාමාංශික රැඩිකල් ජැකොබින් පාර්ශ්වයේ මූලිකයන් වුනු මැක්සිම්ලියෑං රොබෙස්පියේර් හා ලුයී අන්තොයින් දි සේන්ට් ජස්ට් යන දෙමිතුරන් හා අනෙකුත් සගයන් විසින් වඩාත් මධ්‍යස්ථ මතධාරී ජිරොන්දවරුන්ට එරෙහිව ගෙන යන ලද භීෂණකාරී වැඩපිළිවෙලයි. මේ කාලය තුළදී “විප්ලවයේ සතුරන්“ ලෙස දහස් ගණනක් ගිලොටිනයට දිවි පූජා කරනවා. කෙසේ වුවත් ලංකාවට සාපේක්ෂව ...
සමාරා හි හමුවීම The Appointment in Samarra සිතක සටහන් “ බැග්ඩෑඩයේ වෙළෙන්දෙක් තම සේවකයාව ආහාර පාන මිළදී ගැනීම සඳහා වෙළඳපොළට යැවීය. එහෙත් මඳ වේලාවකින් සේවකයා සුදුමැලිවී බියෙන් වෙව්ලමින් ආපසු පැමිණ මෙසේ පැවසීය; “ ස්වාමිනී, මා වෙළඳ පොළේ සිටින විට කිසියම් කාන්තාවක් මගේ ඇගේ හැපුනා - මා ඇය දෙස ආපසු හැරී බැලූ විට මා දුටුවේ ඒ මරණය බවයි. ඇය මා දෙස බලා තර්ජනාත්මක හැඟවීමක් දැක්වූවා. දැන් ඔබේ අසු මට ලබා ...
කමාන්ඩර් බොන්ඩ් තුළින් දුටු ඉයන් ෆ්ලෙමින්ගේ ලෝකය සිතක සටහන් මා නැරඹූ පළමු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගයි හැමිල්ටන් අධ්‍යක්ෂණය කළ ඩොක්ට නෝ බව දැන් යාන්තමින් මතකය. ඒ නැරඹුවේ 1980 දශකයේ අග භාගයේදී නැවත තිරගත කිරීමක් ලෙසින්. එදා මෙදා තුර නිකුත්වූ සෑම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක්ම නරඹා ඇති හා ජේම්ස් බොන්ඩ් නවකතා මාලාවේ පොත් වැඩි ගණනක් කියවා ඇති බොන්ඩ් රසිකයෙක් ලෙස මේ චරිතයේ නිර්මාතෘ ඉයන් ෆ්ලෙමින් ගැනද යමක් සඳහන් කිරීමට කැමතියි.ඉයන් ෆ්ලෙමින් ...
Salem's Lot සිතක සටහන් “ඩ්රැකියුලා 20 වැනි සියවසට ගෙනාවොත් මොනව වේවිද?“ ප්‍රකට නවකතාකරු ස්ටීවන් කිං ව සිය බිරිඳ තබීතා ගෙන් අසන්නේ රාත්‍රී භෝජනය අතරතුර. “අපොයි මිනිහ නිව්යෝක් ගිහින් අර ඇට්ලන්ටාවේ මාග්‍රට් මිචල් ( ගෝන් විත් ද වින්ඩ් කතෘ) වගේ වාහනයකට යට වෙලා මැරිල යයි“ තබීතා පවසන්නේ විහිළුවක් ලෙසයි. කෙසේ වුවත් මේ අදහස ස්ටීවන් කිංගේ සිතේ බලපවත්වනවා. ‘ හොඳයි, මිනිහ නිව්යෝක් යන්නෙ නැතිව නව ...
Raging Bull (1980) සිතක සටහන් 1970 දශකයේ හොලිවුඩ් සිනමාවේ නව පරපුරේ ප්‍රමුඛතම අධ්යක්ෂකවයෙක් වූ මාර්ටින් ස්කොසෙසි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “ ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය නිසා. එහෙත් 1970 දශකයේ අගභාගය වන විට ඔහු සිය පුද්ගලික ජීවිතයේ අසාර්ථකත්වයන් නිසා දැඩි ලෙස කොකේන් මත්ද්‍රව්‍යට අබ්බැහිව සිටියා. අවසානයේ අභ්‍යන්තර රුධිර ගලනය නිසා ඔහු රෝහල් ගතවන්නේ සිය ඇදුම රෝගය සඳහා ගන්නා ඖෂධ කොකේන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් දැඩිලෙස රෝගාතුරව. මරණයේ ඉස්මත්තේ සිටින ...
MTV ආගමනය සිතක සටහන් මා ළමා විය ගත කළ 1980 දශකයේ අගභාගයේ කුරුණෑගල ප්රෙද්ශයෙට නැරඹීමට ලැබුනේ ශ්‍රී ලංකා රූපවාහිනිය පමණි. එවක තාත්තා සමඟ නැරඹූ ඒ ටීම්, වී, මයාමි වයිස්, මැගයිවර් වැනි ටී වී සීරිස් අදත් මතකයට නැගේ. 1988 -89 භීෂණ සමයේ වුවද රූපවාහිනියේ මේ බටහිර සීරිස් අඩු වූයේ නැත. එවක මට නැරඹීමට නොලැබුනේ “වඩාත් සුදුසු වැඩිහිටියන්ට“ ලෙස විකාශය වූ “ධනවත් බලවත් කැරිංටන් පවුලේ ...
Sleepwalking In To An Apocalypse: The Gathering Storm Of Sinhalese – Muslim Strife සිතක සටහන් අන්වර්ථ නාමයකින් කළම්බු ටෙලිග්රාෆ් වෙබ් පුවත්පතට පහත ලිපිය ලියන ලද්දේ 2013 ජනවාරි මාසයේය - එහි මා එවකට පැමිණි ඇතැම් නිගමන සත්‍ය නොවන බව පසුව වැටහුන නමුත් 2014 ජූනි මාසයේ ලිපියේ මූලික කරුණ අවාසනාවන්ත ලෙස සත්‍යයක් බවට පත් විය (චාල්ස් ඩිකන්ස්ගේ මුල් කාලීන් අනවර්ථ නාමයෙන් ලියන ලද මුල් ලිපියේ ලින්කුව https://www.colombotelegraph.com/index.php/sleepwalking-in-to-an-apocalypse-the-gathering-storm-of-sinhalese-muslim-strife/ )Sleepwalking In To An Apocalypse: The Gathering Storm Of Sinhalese ...