කුණු කන්දෙන් පුපුරා ගිය අපේ කම. Vibheeshana Adaviya http://www.longbeachny.gov/vertical/Sites/%7BC3C1054A-3D3A-41B3-8896-814D00B86D2A%7D/uploads/bigstock-Beach-Volleyball-Silhouette-81799844_(1).jpgමීතොටමුල්ල කුණු කන්ද මේ සතියේ බයිට් එක වෙලා ය.සතියේ බයිට් එක කියලා කිව්වේ මේ ලබන ඉරිදා වෙන්නකොට අපිට මේ සියල්ලම අමතක වෙලා අලුත් බයිට් එකක් හපන්න ගන්නා නිසා ය.ඉතින් මේ මීතොටමුල්ල බයිට් එකේ රහ යන්න කලින්, කට්ටිය හපලා ඉවර කරන්න කලින් විභීෂණ ත් මේ ලෑස්ති වෙන්නේ එකට ලුණු ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරන්න ය.
PET SCAN එකක් ගත්තා වගේ නෙමේ Vibheeshana Adaviya දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ...
විශේෂ නිවේදනයයි.... Vibheeshana Adaviya අනෙකකාකර ප්‍රශ්න සහ වැඩ රාජකාරි නිසා විභීෂණ නොදැනුවත්වම බ්ලෝග අත ඇරී යාම හේතුවෙන් මේ වනවිට පැහැදිලි සයිබර් තර්ජනයකට ලක්වී ඇත. "ගුටි නොකා බ්ලෝග ලියාපිය" කියා ලිඛිතවම පණිවිඩයක් ලැබී ඇත.ඩිජිටල් අවකාශය ඇතුලේ ප්‍රසිද්ධියේ ගුටි කෑමට හෙවත් "සයිබර් ගුටි ප්‍රහාරයකට " ලක්වීමට තිබෙන බිය නිසාම විභීෂණ ගේ මේ සූදානම නැවත දේවාලයට වඩින්න ය.මකුළුවනේ, දැන් ඉතින් පලයව් වෙන තැනකට.ආපහු දේවාලේ වැඩ පටන් ගන්න ...
කුලියාපිටියේ සක්කිලි හැත්ත... Vibheeshana Adaviya සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි.මේ තියෙන්නේ අද(2016 මාර්තු 01 ) ...
ගණිකාවට අපහාස නොකරනු. Vibheeshana Adaviya යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.උන්නැහේ කට එහෙම ඇද කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.ගෙදර ඉන්න බැරි මොකක් හරි අමාරුවකට වත් , ෆැන්ටා බීලා හැදෙන පැඟිරි විසේටවත් නොව හරි හමන් වැදගත් රස්සාවක් කරගන්න හැකියාවක් නැති, සුදුසුකම් නැති හෝ කරන ...
දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක් Vibheeshana Adaviya නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.කතා කරන එකාගේ ෆෝන් නොම්මරේ වෙනුවට ඉස්කිරින් එකේ තිබ්බ වචනටික දැක්කාම විභීෂණ ට නිකම් අන්දුන් කුන්දුන් වුනා වගෙය.පැහැදිලි ...
ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා Vibheeshana Adaviya විභීෂණ බ්ලොග් එක පටන් ගත්තු කාලේ ඉඳන් පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා" බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව දැක්කේ අදය. බ්ලොග් වලින් අයින් වෙන්න ඌ හේතු දෙකක් දක්වා ඇත.එකක් වෙලාව නැති වීමය. එක නම් සහතික ඇත්ත විය යුතුය.මම දන්නා විදියට බ්ලොග් ලියන්න සාතිශය බහුතරය ඔය වැඩේ කරන්නේ එක්කෝ හොබී එකට ය. නැත්තන් ෆන් එකටය.එහෙම නොකර බොක්කෙන්ම ( ...
සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ? Vibheeshana Adaviya සිරි ලංකාව වනාහි අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.ආගමික අන්ධ භක්තිය කොයිතරම් දුරට රට වෙලාගෙන ද කියනවානම් ඒ ආගමික නීච වශීබන්ධනයට අහුවෙච්ච එවුන් හැසිරෙන්නේ හරියට අර හොලිවූඩ් වල හොරර්(HORROR) ෆිල්ම් වල ...
බුකියට අහු වුනො...බේරගනියෝ.... Vibheeshana Adaviya අයියෝ...බෝගලේගම කවුරුත් නැද්දෝ...විභීෂණ බුකියට අහුවෙලෝ....උදේ හිටං රෑ වෙනකන්නිවනක් නැතෝ...මේක කුඩු ගහලා වගේ යකෝ...මහම මහා පිස්සුවක් යකෝ...ලැයික් කරනවා ශෙයා කරනවාවොචින් අරක කියනවාවොචින් මේක කියනවාෆීලින් මාවල්ස් කියනවාවිත් අරයා කියනවාවිත් මෙයා කියනවාබයියන්ට බනිනවාබයි රජ්ජුරුවොන්ගේ පතුරු අරිනවාට්රිපක් ගියොත් ගිය වෙලේ පටන් පට්ට රෑ ගෙදර ඇවිල්ලත් ෆොටෝ අප්ලෝඩ් කරනවාගිය ගිය තැන්වල මැප් එක ශෙයා කරනවාමොන මගුලක්ද යකෝ මේක...අන්තිමේ මහා රෑට වමනේ යන තරමටම එපා වුනාට ...
ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය. Vibheeshana Adaviya කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත. තාමත් හිතන් ඉන්නේ 2015ආණ්ඩු පෙරලිය අත්වැරැද්දකින් සිද්ධ වෙච්ච එකක් ය, තාමත් උන්ගේ ඒ හිකනලු රංචුව ට රටේ බහුතර බලය තියෙනවා ය ,උන්ට මේ ආණ්ඩුව උන්ට පෙරලන්න පුළුවන් කියලා ය. ඒ ...
අවුරුද්දේ අපි Vibheeshana Adaviya ටීවී එකේ නැකතට පන්සල් ගිය පු ලිප ගිනි මොලොවපුකෑම මේසේ හදපු කෑම කාපුගනුදෙනු කරපු තෙල් ගාපු ටීවී එකෙ රබන් ගහනව කවි කියනවා සින්දු කියනවා ඔලිඳ කෙලිනවාඑළුවන් කනවා බලන් හිටපු ඔස්තාර් ලාගෙන් බයිලා අහපු බුකියේ ජී අයි එෆ් (GIF) වලින්කඹ ඇදපුඅලියා ට ඇහැ තියපුකණා මුට්ටි බිඳපු රතිඤ්ඤා ත් පත්තු කරපුලිස්සන ගස් නැගපු එව්වයෙ ස්ක්‍රීන් ෂොට් අරන් කමෙන්ට් කරාපු අපි ------කියනවාලු මේකසූර්ය ...
උගත් මෝඩකම සමග නූගත් අමනකම Vibheeshana Adaviya "උසස් අධ්‍යාපනය" කියන මහා ලොකු මෙව්වා එක කරන කොල්ලෝ කෙල්ලෝ බහුතරය අමු මෝඩ රැලක් බවත් ධර්ම චක්කරේ අතේ ගහගෙන කාකි සූට් ඇඳන් ඉන්න එවුන් තනි පට්ට අමනයින් බවත් එදා ඉඳන් කරගෙන ආවා වගේම පෙරේදා කොළඹදී ත් ඔප්පු කරලා පෙන්න්නුව මේක කියෝන හැමෝම දන්නවා විය යුතුය.දුප්පත් අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ළමයි හදලා උන්ට උගනන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තියාගෙන බව ...
සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං Vibheeshana Adaviya අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද ...
මහා පාර මර උගුලක් කිරීම... Vibheeshana Adaviya මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.මේ රටෙත් ඒ දේ එහෙම්මමය.බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.ඒ කොහොම ...
නෙලුම් යාය ට ආවෙමු..පීනුවෙමු... Vibheeshana Adaviya ඔන්න ඉතින් අපිත් නෙලුම් යාය ට ආවේය.තෑගි බෝග වගේම සම්මානත් ගත්තේය.නාලක් ගුනවර්ධන වගේ සීනියර් බ්ලොගර් කෙනෙක් ගෙන් තෑගී ගන්න ලැබීම බොහොම සන්තෝස ජනකය. ඒ අවස්තාව විභීෂණ ට ඊයේ ලැබුනේය. ඒ හොඳම කාලින ලිපිවලට අදාලව තුන් වෙනි ස්ථානය ටය .ඊට අමතරව තවත් තෑගී ගොඩක්හම්බ වුනේය. ඔය මොනා වුනත් ඉතින් ලොවෙත් ලේඛකයෙක් නොවුණු විභීෂණ ට මේ හම්බවෙච්ච දේ ගැන බොහොම සන්තොසය .විභීෂණ ...
කේස් එකක් අවශ්‍ය නැති රළු දුරකථන 5ක් Vibheeshana Adaviya ස්මාර්ට් දුරකථන අපි වැඩියෙන් ම ආදරය කරන අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දුරකථනයක් මිල දී ගත්විට එය ආරක්ෂිතව තියාගන්න උපරිම උත්සහා කරනවා. ඒ අපි ඒ වෙනුවෙන් ගෙවන මිල නිසාම නොවේ ස්මාර්ට් දුරකථනයකින් කළ හැකි දේ බොහෝ නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. මෙවායේ ආරක්ෂාවට විවිධ කේස් සහ බෑග් වර්ග තිබෙනවා නමුත් සමහර දුරකථන වලට මේවා අවශය වෙන්නේ නෑ. ...
අලුත් කුණුහරුප Vibheeshana Adaviya කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?ගොඩක් දිග උත්තරයක්?තනි වචනේ උත්තරයක්?එහෙමත් නැත්තම් අමුම අමු කුණු හබ්බයක්?ඌ මොන උත්තරේ දුන්නත් අපිට වැඩක් නැත. විභීෂණ ට තේරෙන විදියට නම් "කුණු හරුපයක් " කියන්නේ හොඳ සිහිය පවතින ඕනෑම අවස්තාවක තමුන්ගේ රැලේ, කාන්ඩේ, පන්තියේ එවුන් එක්ක ...
සමාවෙන්න හංසි(2)... Vibheeshana Adaviya මෙතෙක් කතාව ....------------>සමාවෙන්න හංසි(1)...අද එතැන් සිට...ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?අන්න අන්න රවියා තුසිතයා එක්ක චැටක් දානවා...තුසිත යා ..කොහොමද?උඹ ඉතින් අපිව දැක්කා ට කතා කලේ නැහැනේ ..ඔෆිස් එකට දිව්වනේ...ෆුල් බිසී වගේ නේ ...දැන් කොහොමද බිස්නස් ? වැඩ එහෙම එනවා ද? අනේ සොරි රවී ...
සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි Vibheeshana Adaviya සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.බ්ලොග් අවකාශේ හැමෝම කතා කරන "සයිබර් අවකාශයෙන් බිමට ...
සමාවෙන්න හංසි(1)... Vibheeshana Adaviya ස්ටුඩියෝ එකේදී...================ (ඇති යන්තන් ඇතුලට ආවා...)හ්ම්ම්... ගුඩ් මෝනින් සර්..මොකක්ද වෙන්න ඕන ?(හම්මට හුඩු..කවුද බන් මේ ගිනි කිකිළි...හප්පා...ඇඟට හිරට මහලා කොටට ඇඳලා ..අම්මෝ..පිස්සුවෙත් උපරිම එක හැදෙනවා...)ආ මිස් ගුඩ් මොර්නින්ග්..මම මේ...මම මේ.. ( මල හුට්ටප්පරයි ..මෙකි දැකලා මම ආපු කාරණාවත් මතක නැතුව ගියානේ...)මම මේ..මම මේ...........ආ...මේ මම රේකොඩින් එහෙකට අවේ. මිස්ටර් රවින්ද්‍ර එක්ක තමයි කරන්නනේ.( ඇති යන්තන්..මතක් වුනා. තව පොඩ්ඩෙන් කලිසම ගලෝලා ඔලුවේ ...