මේ සතියේ කවි අහස Cyberpanhinda 01. අරුමය මං කපලා ඔප දාලා හැඩ කරපු මගෙ මැණික වෙනකෙකුගෙ මුද්දක වැඩ දාපු හැටි -ධනුෂ්ක ලංකා පුර- 02 .නොරිකො සං අසාපන් ! තමබොචි සොහොන යට තනිකමට හුරුවෙච්ච හදවතක් ඇති නමුත් හීතළට ගල් වෙච්ච පෙම්බරිට නොකියාම ඇවිත් සොහොනට වෙච්ච පෙම්වතකි මමත් ප්‍රේමයෙන් ආතුර වෙච්ච සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න තතමි පැදුරේ නුඹට ළංවෙලා වැතිරෙන්න හීන මැව්වට නුඹත් එක්ක මහ දුර ...
”ආ…. බිම්බෝ” යෂෝදර සිහිනය.දසවන කොටස. Cyberpanhinda බිම්බා ආයතනය තුලට යන විටත් දිනිති ඇතුළු මිතුරියන් එහි පැමින සිටියහ. ”ආ…. බිම්බෝ” කටකාර මදුරංග කෑ ගැසුවේ සිය මිතුරන් කොහිදැයි බිම්බා විමසිලිමත් වෙද්දීය. ”ගුඩ් මෝර්නින්” සැමට පොදු ආමන්ත්‍රනයක් යොදා ගනිමින් ඔවුන් වෙත ගිය බිම්බා අත රැදි ෆයිල් කවරයෙන් සිය වමත සගවා ගත්තී මුදුගිල්ලෙහි වූ මඟුල් මුදුව අන් අයගේ දෑසින් වසන් කරන්නට සමත් විය. ”මොකෝ අද […] ...
ආත්මිය ස්නේහය කෙටිකතාව Cyberpanhinda ඔබව හමු උනේ මට අහම්බෙන් . සූරිච් ගුවන්තොටුපලේදි මා කෝපන්හාගන් යන්නත් නුඹ ලන්කාවට යන්නත් ගුවන් ගමන් කාලය එනතුරු හිටපුදෙපැයක කාලයෙදි සරසවියෙ මගේ ලැබැඳිම සොයුරාත් කාලයක් එකට හිටි ජීවිතෙ හුඟක් දුක සැප බෙදාගත් හොඳම යහළුව ..ඒ ආදරණීය නුඹ … ඔලූවට ටොක්කක් වැදුනම මට උන්න පුටුවෙන් නැගිටුනා .එච්චර හපන් කමක් කලෙ මොකාද කියල බලන්න මේ නන්නාඳුනන රටක […] ...
ඇස් තෙත් කළ මතක 01 Cyberpanhinda උඳුවප් මතකය වැව්ගම්පත්තුව අහස දෙවනක් කරමින් උදුවප් අනෝරා මහවැසි ඇද හැලෙයි. මේ උඳුවප් මාසය හැමදාමත් තෙත් ය. ඒ මෝසම නිසා ය. වසර ගණනක් දුර අතීතයක සිට මගේ සිත ද උඳුවප් මහේ දී තෙත් වෙයි. එහෙත් ඒ මෝසම නිසා නොවෙයි. ඒ අව්‍යාජ ගැමි මිනිසෙකු ගේ මතකයක් අදත් හිත අස්සේ ගැඹුරින් රැුඳී ඇති නිසා ය. දරාගත නොහැකි […] ...
ගේය පද සාහිත්‍යයේ අනංග සලකුණ Cyberpanhinda ‘‘මින්දද හීසර වැදී සැලෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනව ද’’ පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයෙන මෙම ගීතයේ ආරම්භය ශ්‍රවනය කළ පමණින් අපේ සිත් තුලට ආරම්මණය වන එක් සුවිශේෂී චරිතයක් වෙයි. හේ නමින් මින්දද ය. මල්සරා ය. නැතහොත් අනංගයා ය. එදා මෙදා තුර බිහි වූ බොහෝමයක් ගේය පද බන්ධන තුළට නොමැතිව ම බැරි මෙකී මින්දද නැතහොත් […] ...
යෂෝදර සිහිනය. අටවන කොටස. Cyberpanhinda ”මේ ඇඳට හරි යන බෙඩ් ෂීට්ස් නම් නැති වෙයි” රාත්‍රී අහාරයෙන් පසු උඩුමහලට පැමිණි බිම්බා කිවේ මෙම යුගල යහන නිවසට අළුත් එකක් බැවිනි. තමාද කිසි දිනෙක යුගල යහනක් පාවිච්චි නොකර තිබූ බැවින් තමාගේ බඩු අතරද මෙයට ගැලපෙන ඇතිරිලි නොමැති වග ඇය දැන උන්නාය. ”දැනට තියන විදියට ඇරේන්ජ් කර ගන්න බිම්බී, අපි වීකෙන්ඩ් එකේ හොඳ ෂොපින් පාරක් දාලා […] ...
දෙලොවක අපි Cyberpanhinda එය ඇදහිය නොහැකි රාත්‍රියකි. මා නැවත නැවතත් සිහිනයක අතර මංව ඇඳ මත දැඟලුවෙමි. මගේ ඇඹරිල්ලට කෑ කසන ඇඳේ චිරි චිරි අදෝනාව මට ඇහුනේ නැත. එය ඇසුනා වී නම් මා තව දුරටත් මේ දුක්බර සිහිනයේ නැවත සිටින්නේ නැත. මා නින්දෙන් ඇහැරෙනු ඇත. ඈ කවුරු ද? සුදු රෙදි දහස් ගණනක් අතරින් ගැහැණියක් අත වනනු මට පෙනිණි. මට […] ...
ආන්දෝලනයට තුඩුදුන් ළමා අපචාර සිදුවීම්පෙලක් ගැන වැදගත් සිනමාපටයක් Spotlight —————————- Cyberpanhinda ඇතැම් සංස්කෘතීන් තුළ කලාකරුවාට ඇති නිදහස, ඔවුන් එය සමාජ සුබසෙත සදහා යොදාගන්නා ආකාරය සහ සමහර අතිශය මතභේදාත්මක නිර්මාණ පවා සමාජය විසින් බාරගන්නා ශිෂ්ඨ සම්පන්න ආකාරය පිලිබද කියා පාන කදිම නිදසුනකි Spotlight සිනමාපටය සහ ඒ ඇසුරෙන් හටගත් වාතාවරණය. මේ වනවිට සම්මාන රැුසකින් පිදුම් ලබා ඇති Spotlight සිනමාපටයට පසුබිම් වන්නේ ඇමෙරිකාවේ එක්තරා පලාතක කතෝලික පූජකවරුන් පිරිසක් විසින් […] ...
පරිණත යාත්‍රිකයෝ සහ නුපුරුදු පිහිණුම්කරුවෝ Cyberpanhinda අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බැණීමත් එක්තරා විදියක රැල්ලක්. ඒ කියන්නෙ මුළු ලෝකෙම යන්නෙ රැල්ලට. අපිට වැඩක් කරන්න ඕනෙනම් රැල්ල ස්පර්ශ නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව.මේක කවියට, සංගීතයට, රංගනයට, චිත්‍ර මූර්තිවලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම කිව්වම ඉවුම්පිහුම් ඉගැන්වීමත්, ඒ ලෙවල් විභාගෙට […] ...
විචාර Cyberpanhinda වික්ටෝරියානු වස්ත්‍ර ගැලවූ සාහිත්යවේදියාක්ලිපර්ඞ් චැටර්ලි ආදිපාදවරයා පළමුවන ලෝක යුද්ධයට සම්බන්ධ වන්නේ ස්වකීය තරුණ බිරිඳ නිවසේ සිටියදී ය. නමුත් අවාසනාවන්ත අයුරින් යුද්ධයේ දී තුවාල ලබන ඔහු අංශභාග රෝගියෙක් බවට පත්වෙයි. ඔහුගේ ලිංගික ශක්තිය දුබලව යයි. මේ හේතුවෙන් ක්ලිපර්ඞ්ගේ තරුණ බිරිඳවන කොන්ස්ටන්ට් රේඞ් නැතහොත් කොනී ට ස්වකීය ලිංගික ආශාවන් මුදුන්පමුණුවා ගැනීමේ හැකියාව ගිලිහී යයි. ඉන්පසු ඇය එය සපුරාගැනීම සඳහා කලිපර්ඞ්ගේ වත්තෙහි මුරකරුවා ...
ඇස් තෙත් කළ මතක 02 Cyberpanhinda ගිහානිලා ගේ සැන්ටා සීයා ‘‘ඇස් තෙත් කෙරුව මතක’’ දහස් ගාණක් හිත අස්සෙන් කොලේට එබිකම් කරන්න හිත ඇතුලෙ පොරකන බ්‍රහස්පතින්දා රැයක මගේ ජංගමය කෑ ගහන්න පටන් ගන්නවා. මම ජංගමේ නිහඬ කරලා මගේ හඬ අවදිකරනවා. අනෙක් පැත්තෙ ඉන්නෙ මගේ මිතුරියක්. ඇය කොළඹ අහස යට ජීවිත හීන ගලපන යුවතියක්. ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ආදරණීය චරිතයක්. ‘‘මොකද කරන්නෙ’’ ඇය එහෙම […] ...
ආදරේ කරපු කාලේ හැංගි හැංගි බැදපු වෙස් එලිපිට නටන එක – අපි හඳුනන අපේ ආදරේ 8 වන කොටස. Cyberpanhinda බලාපොරොත්තු සමඟ සන්ද්‍යාව පැමිණියා. නෑ ඒ සන්ද්‍යාව අරන් මගේ පෙම්බරා පැමිණියා. අලුත් නෑදෑ දෙපාර්ශවය අතරේ මනාලියක් බලන්න පැමිණීමට අදාල බුලත් හෙප්පු චාරිත්‍ර කිසිවක් නොතිබුනත් ඒක බොහොම ආදර බර සන්ද්‍යාවක් උනා. සයුරුටත් මගේ අනාගත නැන්දමටත් මගේ අම්මගේ පෙරැත්ත කිරීමෙන් ගැලවිලා යන්න බැරි වීමෙන් රාත්‍රී ආහාරයත් අපේ නිවසින්ම සප්පායන් වෙන්න උනා. ආදරේ කරපු කාලේ හැංගි […] ...
“ඉතින් උඹ ඒ පාර මොකෝ….” – සමාලදිමි 9 වන කොටස Cyberpanhinda නුවන් හා තිසංක තිසංකගේ කාමරයේ මේසය දෙපස හිඳගෙන සිටියා. නුවන් තිසංකට යමක් පැහැදිලි කර තේරුම් කරවන්නට උත්සාහ කරවමින් සිටියා. “හරි හරි බං……එකම කතාව ආයෙ ආයෙ කියන්න තියා ගන්න එපා…..මට මතකයි….” “හ්ම්ම්ම්ම්…..” “ඉතින් උඹ ඒ පාර මොකෝ….” “මුකුත් නෑ……සර් ..මං මේ කියන්නේ සර්ගේම හොඳට…..ඒ කෙල්ල බයවෙලා ඉන්නේ හොදටම…..මට හිතෙන්නෙම මොකක් හරි පටලැවිල්ලක් වෙන්න ඇති කියල…..” “හරි හරී…..අපි බලමු……කෙල්ලව එවනවකෝ……” “ඕකේ සර්….” ...
සරා සඳ 29 කොටස – දිනුම හෝ පැරදුම කියන විකල්ප දෙකට වඩා දේවල් අපිට හම්බ වෙන්නේ නැද්ද ජීවිතේදී… Cyberpanhinda 10 pm My dearest God…..! . ගෙදර ආව නිසා මොනාහරි කියන්න හිතුණා…. අද කියන්නේ මං ගැන හොඳ ද…. . දන්නවද….. ගෙදර එකම ළමයා වුණු නිසාද මන්දා රණ්ඩු වෙලා ගුටි ඇණගෙන ගන්න දෙයක් මට කවදාවත්ම තිබිලා නෑනේ. අනික් අතට මට ලේසියෙන් දේකට ආසා හිතෙන්නෙත් නෑ…. කන්න ආස මොනාද ඇහුවාම මට කවදාවත් ඒකට දෙන්න උත්තරයක් නැහැ. අවුරුද්දට […] ...
හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන් Cyberpanhinda චමත්කාර වූ ප්‍රේමය තව තවත් ආනන්දනීය කරන්නට සමත් දෙයක් වෙතොත් ඒ වනාහී සොබා දහමයි. ප්‍රේමයේ මුදු සදුන් සිසිලස සොබා දමේ අපමණ සංසිද්දින්ගෙන් විකසිත ව තව තවත් හදවත් වලට අමාදියෙන් මෙන් සුව සදයි. ලොවේ කාටත් වඩා සෙනෙහෙන් මෙකී සොබා සොදුරු සිදුවීම් වින්දෝ ද ඒවායෙන් රසවත් වූවෝද පෙම්බර හදවත් ඇත්තෝම වෙයි. අත්වැල් පටලා පියවර මනිනා පෙම්වතුන් තරමට […] ...
2016 පළමු කවි අහස … Cyberpanhinda 01 .ආවර්ජනා………….…… විහාර මහා දේවියේ ගල් බංකුව උඩ ඇයත් සමගින් සැදෑ කලුවර විදිනකොට කමිසයේ උන් කූබියා මතක් කලේ ඇයව “කූබිච්චියෙක්වත් නගිනවට මං කැමති නෑ ” කියපු ඒකිගේ ඊරිසියාකාර ආදරේ, මට තේරුනේ පහුවෙලා……. පුස්තකාලේ කැන්ටිම දකිනකොට මතක් වෙන්නෙ බෙදාගෙන කාපු බත් පත “ටිකයි බඩගිනි එකක් ගන්න” මං එක්ක ඉන්නකොට වැඩිය එන්නැති ඇගේ බඩගින්න ඒකිගේ පිරිමැසුම් ආදරේ, […] ...
මේ සතියේ කවි අහස හයවන දිගහැරුම Cyberpanhinda මේ සතියේ කවි අහස 01 කවිය උඹ _________ කවිය… උඹ ඇයි ?… ගැඹුරේ… ගිල්වා… දමන්නේ,… ”මේ”… ජීවිතේම… අයාලේ… මහ පොළවට… කසුන් ලක්ප්‍රිය 02 නොරිකෝ ……. මලවුන්ගේ අවුරුදු දා මලගිය ඇත්තන් මග හැර කෝපි අවන්හල අසලට මම ආයෙත් එනවා… ඒ ආවම නොවැරදීම කබුකි නැටුම් බලන්න මං පරණ පුරුදු රඟහලටම නුඹත් එක්ක යනවා නුඹ එනතුරු මගේ ලොවට මලවුන්ගේ අවුරුදු දා සොහොන් බිමේ ...
අලුත් අලුයම……. Cyberpanhinda රෝස පාට හැන්දෑව වේගයෙන් කලු අඳුරු කළුවර විසින් ගිල ගනිමින් තිබේ. සමාගම් අවසාන ගිණුම් සකස් කරන අවසාන කාලපරිච්ඡේදයද නිමාවි ඇති බැවින් කාර්යාලයේ ඇතිවි ඇති කලබල නිසා හවස් වන තෙක් වැඩ කරන්න සිදුවීම නිසා මට මගේ කාර්යාල ප්‍රවාහන වෑන් රිය මග ඇරිනි. ප්‍රධාන ගණකාධිකාරි තැන ඔහුගේ උපැස් යුවළ යටින් බලන පුරුදු මනමාල බැල්ම පා ‘‘ඉතින් ළමයො […] ...
”තැන්ක්ස් මාලක” – යෂෝදර සිහිනය.සත්වන කොටස. Cyberpanhinda ”සර්, අද නම් කල්පනා ලොව මල් වනේ වගේ” එක් වරම ඇසි කටහඬින් මතක ආවර්ජනෙයෙන් මිදී පියා ගත් දෙනෙත් විවර කල වසන්ත දුටුවේ රිය කව්ළුවෙන් එබී තමා දෙස බලා හිදින මාලකවය. ”ආ.. මාලක, මම පොඩි කල්පනාවක හිටියේ.” ”මං ඒත් සර් ඇතුලේ නැතිකොට හිතුවා ආපිට ගිහින්ද කියලා, කෝල් එකක් ගන්න හදනකොටම තමයි කාර් එක දැක්කේ.” ”ඉතිං මාලක, අපි යමු ඇතුලට.” එසේ පැවසූ වසන්ත මාලක සමගින්ම අවන්හලේ එලිමහන් කොටසකට ...