ණයගැති බාවයක අරුමය නයියාගේ නයි පහුගිය කාලේ පුරාම ගුරුවරුනගේ වැටුප් ප්‍රශ්නයක් නිසා අරගලයක් සිද්ධ වෙනවා. ගුරුවරුන් කියන්නේ මේ රටේ අනාගතය අභිවෘද්ධිය තීරණය කරන්න පුලුවන් ප්‍රධාන කණ්ඩායමක්. ඒකේ කතා දෙකක් නෑ. මේ කතාව ඒ ගැන නෙවෙයි. මෙන්න මේ තියන පින්තූරෙ ගැන. මං හිතන්නේ මේ පින්තූරේ කියවිලා තියෙන දේ ලංකාවේ හැමදාමත් තියන කුහක සහ හිඟන මානසිකත්වේ පිලිඹිබුවක්. මෙහේ උන් හැමදාම බලං ඉන්නේ තමන් තවකෙක් වෙනුවෙන් කරපු දෙයක් ...
මතක පද 1 - යදමින් බැඳ විලංගු ලා නයියාගේ නයි මේ ගෙවී යන කාලය ටිකක් වැඩ අධික කාලයක්.ඒ නිසා ලියන්නය කියලා එහෙමට අයිඩියාර් එකකුත් ඔලුවට එන්නේ නෑ.ඒ නිසා පොඩි මතක පද සීන් එකක් දාන්න හිතුනා. ඒ කියන්නේ නයියාගේ හිතේ ටිකක් විශේෂ ලෙස කාවැදිලා තියන ගීත කිහිපයක් ගැන එකින් එක කතා කරන්න. මේවා මතක පද වෙන්නේ කැමති සින්දු කියන අර්ථයෙන් නෙවී. කැමති සින්දු 10ක් තෝරගන්න එක නම් මේ කපේට කරන්න බැරි ...
හැම තැනම දුම(Epi 2) - මුල්ගල් නයියාගේ නයි <<පළමු කොටසටකඩ්ඩ හෝඩියේ අට වෙනි සහ නවවෙනි අකුරු එක ලඟ තියෙන්නෙ connection හැදීම සඳහාම බිහිවුනු විදියට. හුදකලාව ඉන්න H අකුරක් අල්ලපු වැටේ ඉන්න i අකුරත් එක්ක හාද වෙලා හැදෙන Hi එක කියන්නේ ලොකු connection එකක් වෙනුවෙන් තියන මුල්ගලේ අමුද්‍රව්‍ය. Facebook හදාගත්ත මුල්ම කාලේ දකුණු පැත්තෙන් චූටියට පේන ඕනෑම ලස්සන කෙලි මූණකට යවන request එකක් accept වෙලා පැය ගානක් යද්දි Hi ...
අපේ කොම්පීතර් ලැබ් එක නයියාගේ නයි පසුගිය දවසක දෙවන වතාවටත් හෝගානා පොකුණ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබුණි.සින්හල චිත්‍රපටයක් ඉතින් දෙවතාවක් බලන්නට හිත දෙනවා කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නොවේය.ගොඩක් සින්හල ෆිලුම් බලලා අවසානයේ හිතෙන්නේ මොන රෙද්දට බලන්න ආවාදැයි කියන කාලකන්නි හැගීම පමණක් නිසාය.ඒ අතින් හෝගානා පොකුණ අති සාර්ථක නිර්මාණයක් බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය.බඩ පැලෙනකල් හිනා වෙන්නට පුලුවන් දර්ශන මෙන්ම අපිටත් නොදැනී අපේ ඇසින් කදුලක් එලියට ගන්න ...
බුද්ධාගමෙහි ප්‍රමුඛතාව ? නයියාගේ නයි මේ ආණ්ඩුව පත්වුන දින සිට කියවෙන ප්‍රධාන දෙයක් තමයි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කියන කරුණ. 2016 ජනවාරි වල තමයි මේ ක්‍රියාවලියේ ආරම්බය සටහන් වෙන්නේ. ඒ 2015 දෙසැම්බර් වල පිහිටවපු මහජන අදහස් විමසීමේ කමිටුව (සාමාජිකයින් 20දෙනෙකුගෙන් සමන්විත ) තමන්ගේ කර්තව්‍යයන් නිල ලෙස ආරම්භ කිරීමත් සමග. මාස කිහිපයක් පුරා ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම තම කටයුතු පවත්වාගෙන ගිය මේ කමිටුව තම වාර්තාව ...
Registered ආගම නිසා මිථ්‍යාවන්ට කඩේ යාම නයියාගේ නයි වර්ථමානයේ ආගම් වල හැසිරීම පිලිබද සොයා බැලීම හරිම interesting කාරණයක් කියල හිතෙනවා.මේක ලන්කාව හා ලෝක මට්ටමෙන් සොයා බලන්න පුලුවන්නම් ඉතා වටින කාරණයක්.ඉස්සරහට මේ පිලිබද දීර්ඝ ලිපි පෙලක් ලියන්නයි නයියාගේ අදහස.ඒකට තවදුරටත් ආගමික සන්කල්ප ගැන දැණුම වැඩි දියුණු කරගෙන ඉන්න අවශ්‍යයි.නමුත් දැනට අපි දන්නා කරුණු වලින් මේ පවතින ලෝකයේ ආගමික භාවිතාව පිලිබද අදහසක් ගන්න එක ඒ තරම් අමාරු දෙයකුත් නෙවි.කොහොම නමුත් ...
හැම තැනම දුම - Episode 1 නයියාගේ නයි කොත්තු සින්ඩියෙන් ගැලවුනාට පස්සේ බ්ලොග් එක ලියන්න කම්මැලිම වෙලා ගියා, මිනිස්සු නැති තැනක ලියවෙන අකුරු තේරුමක් නෑ වගේ දැනුනු හින්දා. දැන් කොහොමටත් බ්ලොග් එක කුරුටු ගාන්න වෙලාව අඩුයි. මේ දවස් වල අම්බ වැස්ස නිසා ගෙදරට වෙලා හිටිය දවස් දෙකේදි මහා වැස්සේ හෝ හෝ සද්ද මැදදෑවෙ හිතට ආපු පුංචි කතන්දර කෑල්ලක් ෆෝන් එකෙන් අකුරු විදිහට අමුණන්න ගත්තා. වෙලාව හම්බෙන තරමින් බස් ...
නිවැරදිව Toi යමු නයියාගේ නයි ගිය සතියේ tripaක් ගොස් හදිසියෙන් සින්දුවක් කියන්නට ඕනෑ වූ අතර ඒ සදහා අතරමග තිබූ සුපිරි කඩයක wash room එක සොයා ගිය විට එහි තිබූ විස්තරාත්මක උපදෙස් මාලාව අපගේ මීලග ගොන් ආතල් නයා ලෙස මෙයින් ඉදිරිපත් කරමු...යන එන විට අතරමගදි-කන බොන විට කෑම ජාතිහදිස්සියේ set වියහැකි-කරුම ලෙඩක් අපි ලග ඇතිකිටි කිටියේ හිර කරගෙන-ඉහෙන් කනෙන් දාදිය පෙරදුවගෙනවිත් දොර ගාවට-දනි පනිගා දොර ඇරගෙනඇතුලට ...
මෙන්න අලුත් කෑල්ල, වරෙව් ආතල් ගන්න නයියාගේ නයි හෙන කාලෙකින් නයෙක් අරගෙන බ්ලොග් දොරෙන් ඇතුල් වන්නට ලැබුනේ නැත.ඒ කාලේ තුල රටේ හෙන හෙන සිද්ධි වී තිබෙන්නේය.නයියා නයි හාමිනේත් සමග එක ගෙදරකට වන්නට දගලමින් සිටින බැවින් මේ දවස් වල නයි අරින්නට තරම් ඉස් පාසුවක් නැත්තේය.ඒ අල්ල පනල්ලේ නව රජයේ අය වැය මෙව්වා එක පැමින හෙන ගාල ගෝට්ටි උද්ඝෝශන මැද සම්මත වුනේය,සුදු රෙදි කෑල්ල වෙනුවට වවුචරයක් ආවේය,අපේ දොස්තර දෙයියලා තමන්ගේ ...
ගැමුණු කෝලම නයියාගේ නයි පසු ගිය දවස් වල අපේ දුටු ගැමුණු මහ රජතුමා නැවත උපන්නේය.ඒ පසුගිය දවස්වල Fb එක පුරා කරක් ගැසූ චින්තනගේ video clip එකක් නිසාය.චින්තන ධර්මදාස මේ අදහස් දක්වා තිබුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මස විකාශයවූ වැඩසටහනකදීය.බුකියේ සාප කරමින්,හූල්ලමින් වටේ දුවනා හද්ද ගොන් මහින්දවාදී හා ජාතිවාදී page එකක admin කාරයා චින්තන සහබාගී වූ වැඩසටහන දැක තිබුනේ පසු ගිය දිනකය.ඒ admin කාරයා වැඩසටහනේ තත්පර ...
නයියාගෙ කෙටි කථාව - වතුර බෝතලය නයියාගේ නයි සුදුපැහැති Honda FIT රථයක් බසය පසු කරන්නට තැත් කරන්නේ දැන් බොහෝ වෙලාවක සිටය.බම්බලපිටියේ පටන්ම ඇති දැඩි මාර්ග තදබදය තුල සෙමින් සෙමින් පැයක පමණ වේලාවක් තිස්සේ ගෑටූ රථයට දැන් ඇති ලොකුම අභිප්‍රාය මාතර කොළඹ බස් රථයට ඉස්සර කරගන්නා එකය.නමුත් බස් රියදුරා නොවේ එයට ඉඩ දෙන්නේ.ඉකමනින් ගමන් කිරීම සදහා ලක්ෂ ගානක් වැය කරලා හැමෝම ලොකු ලොකු කාර් ගත්තත්, පාරට දරන්න බැරි තරම් ...
විජයාවතරණය 2k17 - කෙටි කතාව නයියාගේ නයි රුවල් නැව ලතාවකට සමුද්‍ර දිය මත උස්පහත් වේ. නැවේ සිදුවන ලාලිත්‍යමය චලිතය නැව් වැසියන්ට ආශ්වාදයක් ගෙන නොම එන බව උන්ගේ විඩාපත් මුහුණු වලින් පෙනේ. මහා ගිනි මද්දහනක අහස්කුස අරක් ගත් සූර්ය දෙවියන් තම චණ්ඩ දින කිරණ නැව් වැසියන් මත පතිත කරනුයේ කිසිඳු අනුකම්පාවකින් තොරවය. ඒ චණ්ඩ කිරණෙන් ඔවුන් මුදා ගැනීමට සමත් කුඩා වළා රොදක්වත් අහස්කුස තුල නොතිබූ බැවින් මුලු ගුවන් ...
නයි ගැටයාගේ කවි-1, රැස් විහිදෙන පින්වන්තී නයියාගේ නයි මේක හෙන කාලෙකට උඩදී ලියවුනු කවි පෙලක් වන්නේය.ඒ කියන්නේ මේක ලියවෙන්නේ නයියා A/L කොරන කාලයේදීය.ඒ කියන්නේ 2008 දීය.මීට කලිනුත් කියා ඇති පරිදි නයියාගේ හිත ඇදී ගිය කෙලි පොඩ්ඩක් ඒකාලෙ A/L tuition class එකේ සිටියේය.ඒකිගේ මූනට කතා කර ගැනීමට කොන්දක් නොතිබූ අසරණ නයියා කොලේ හිතට එන බොලද වදන් කවි වලට පෙරලීමය.එසේ පබැදුණු කවි පුස්තකය පසුගිය වසර 5 පුරා තිබුණේනයි කෑල්ල ලගය(ඒ ...
පොත් අස්සේ වල බහිමු... නයියාගේ නයි ලොකු අකුරු ප්‍රින්ට් කරපුරවුම් කර ඇති T එක ඇදලා පාට ගිය හිර ඩෙනිම කකුල් දෙකටම අන්දලාකන් දෙකට ඇබ ගහන්සින්දු ලෝකෙක හිරවෙමින්fb,viber chat තුල වල බහින ගමන්154ක නැගලාඇවිත් බහින්න...කකුල් කඩිත්තුව හැදෙනකල්ඇවිද ඇවිද බලන්නහැමදාම බලනලස්සන සූටි නන්ගිල දිහා නෙවීදහසක් අදහස්,මතවාදසිතුවිලි,කතන්දර හිර කරන් දිලිසෙමින් ඉන්න පොත් ගොන්න දිහාඑක පොතක්වත් ගන්නපිටු අතර සිරවන්නතවත් ඇත්තේ සතියයි..... ...
අවුරුදු 17 කතා නැත..වැල බැලුවොත් දඩුවම් දෙනු නයියාගේ නයි මීට සති කිහිපයකට කලින් රටම කම්පා කල අපරාධ සිද්ධියකට සැකකරුවෙක් වශයෙන් අවුරුදු 17ක කොලු ගැටයෙක් අත්අඩන්ගුවට ගැනින.රටටම කුණු ආතල් සැපයූ මාද්‍ය සන්දර්ශන කිහිපයකින් අනතුරුව යන්තම් සාපරාධී අපරාධ චෝදනාවෙන් ගැලවීමට කොල්ලාට හැකිවිය.කොල්ලා ඒ අපරාධ චෝදනාවෙන් මිදුනද මුලු මහත් රටේම වාසනාවට ඒකා කල වෙන ලොකු අපරාධ සීන් එකක් එලි කරගැනීමට පොලෝසියට හැකිවිය.ඒ, කොලුවා තම කොම්පීතරයේ ගබඩා කර තිබූ වැල සම්බාරයක් සොයාගැනීමත් සමගය.රටේ ...
පින සමග බද්ධ වූ පුද පූජා විලාසිතාව නයියාගේ නයි අද අපේ කථාව පුදපූජා විසින් අරක්ගත් පිං කිරීමේ කලාව ගැන. වර්ථමානය වෙද්දී බොහොමයක් අය තම බෞද්ධ වීම අර්ථදක්වාගෙන තිබෙන්නේ තම දෙමාපියන් බෞද්ධ ලෙස සඳහන් වීම නිසා උත්පත්තියෙන් තමන්ට ලැබෙන උරුමයක් ලෙස. ඉතින් මේ උත්පත්තියෙන් ලැබෙන ආගමික උරුමය කරේ තියාගෙන තමන් බෞද්ධයෙක් බව කියාගනිමින් උද්ධාමයට පත්වෙන්නේ පිංකම් කියලා ක්‍රියාවලියක් හා ඊටම බද්ධ වුනු පුදපූජා සමූහයක් පවත්වාගෙන යමින්.පොඩි කාලේ ඉගෙනගත්ත හැටියට තිසරණ ...
මාලඹේ උපාධි කඩය හා චරිත තුනක් නයියාගේ නයි මේ දිනවල ආයේ මාළඹේ හොර උපාධි කඩේ පිලිබද ආරෝව එලියට ගෙන අපේ campus සහෝදර ප්‍රජාව එලියට බැස තිබෙන්නේය.මේකේ උපාධි පාඨමාලා කිහිපයක්ම පැවැත්වෙන අතරේ වැඩිම ආන්දෝලනයට ලක්වන්නේ එයින් පිරිනමන දොස්තර උපාධිය ගැනය.ඒකට ලන්කාවේ වයිද්ය සභාවේ අනුමැතිය හිමිවී නැත්තේය.ඊට අනුබද්ධ ශික්ෂණ රෝහලක් නැත්තේය.තව තව හුටපට ඇති බැවින් මේ මෙඩිකල් කොලීජිය අවශ්‍ය කරන standard එකට ලගාවී නැත්තේය.කලකට පෙර රජරට වයිද්ය පාටමාලාවේත් මෙවැනි හුටපට ...
මෙතෙක් කල් ගුටි කෑ සැමට... නයියාගේ නයි ඊයේ දිනය ලාන්කීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේ සෙලවෙන්නට සැරටම පහර වැදුන දිනයක් වූයේය.ඉතිහාසය පුරා මර්ධනයෙන් ගිනියම් වෙමින් කිසිදා නිවී නොයමින් පවතින්නාවූ ඒ තරුණ ජවය නිසා අදටත් මෙරටේ නිදහස් අධ්‍යාපනය හුස්ම ගනිමින් තිබෙන්නේය.මර්ධනය හමුවේ සැලී ගිය අවස්ථා කොතෙකුත් තිබුනත් ඒ ජවයට තිත තබන්නට කිසිදු දුර්ධාන්ත පාලනයකට අවස්ථාව නොලැබුනේ හෙට උපදින දරුවන්ගේ වාසනාවටය.ඊයේ සිදුවූ ම්ලේච්ඡ පහරදීම බොහෝ දෙනා බලනුයේ තම දේශපාලන උපැස් යුවල ...
ඇගේ උපන් දිනට... නයියාගේ නයි මුළු දිනක වැඩ ගොන්නකර නිමා පැමිනෙද්දිගලන්නාවූ සැන්දෑවනොදේ මට සිසිලසක්දාහයෙන් ගත වෙලී යනකලදූලි මුසුකරන් හමනා සුළගදහදියෙන් යට කරන්නේ ගතටත් වඩා සිතමවාරු දී දෙපයටත් සිටතත්පැමිනෙද්දි දොරකඩටදොරෙන් අඩක් ඇරියාම එන්නේසිසිල් සිනා රැල්ලයි ඔබේ කිසිදාක පරණ නොවනාවෙහෙස නිවනා දිව ඔසුව වන් දෑස් ඉගි මරමින්මඉතින් ඒ දෑස් ඉපදුනඅද වගේ සුබ දිනක් ,නොවේ තවත් එක් දාතමක්... ...
මගේ ඇස මත නයියාගේ නයි අශෝකහදගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය, නයියාගේ ඇස මත චිත්රණය කලාවූ සිතුවම ගැනයි අද කථාව.මුලින්ම කියන්නට ඇත්තේ කාලෙකට පස්සෙ හොද film එකක් බැලීමේ අව්ස්ථාව හදයා අපිට උදාකර ඇති බවය.මොකද කියනවානම් අති බහුතරයක් සින්හල film බලා එකෙන් එලියට එද්දී දැනෙන කාලකන්නි මුස්පේන්තුකම,මොන රෙද්දකට මේක බැලුවද කියන හැගීම නයියාට let her cry බලා අවසන් කිරීමේදී ආවේ නැත.ඒ නිසාම ඒ ගැන වචනයක් දෙකක් ලියන්නට ...