සමාජ මාධ්‍ය වලට වහල් වීම. නෙතින් දුටු ලොව සමාජ මාධ්‍ය කිව්වම ඔළුවට එන්නේ facebook එක තමයි. Twitter, youtube, instagram, tiktok උනත් සමාජ මාධ්‍ය තමයි. හැම එකම ආරම්භය හරිම සරල සහ අහිංසක අරමුණක් උනාට කාලයක් යනකොට වෙළඳ දැන්වීම් රිංගා ගත්තාම තනිකර අවුලක් වෙනවා. කොටසක් ඉන්නවා like හිඟා කනවා. Like ගන්න ඕන ජරාවක් හදලා share කරනවා. මේවාට පුරුදු වෙන අය වෙනම උප සංස්කෘතියක් වගේ. වෙනම භාෂාවන් වචන විතරක් නෙවෙයි හිතන ...
ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර නෙතින් දුටු ලොව ගොඩක් මිනිස්සු තම තමන්ගේ අතේ තියෙන ගානට වැඩියෙන් දුරකථන මිලදී ගැනීමට වියදම් කරනවා. එහෙම කරලා ලොකු ෆෝන් එකක් අරන් එකෙන් කරන්නේ මොනවද? facebook වගේ social media එකකට යනවා ෆොටෝ ගහනවා නැත්නම් youtube එකේ video එකක් බලනවා. ඉඳල හිටලා එකෙක් ඉන්නවා game ගහන්නම ෆෝන් ගන්න අය. තව කොටසක් ඉන්නවා තමන්ගේ තත්වේ පෙන්නන්න සමාජේ කැපී පේන්න, මම පෝසත් කියල පෙන්නන්න අතේ සල්ලි ...
සල්ලිකාර මෝඩයෝ - ( whats inside ) නෙතින් දුටු ලොව යු ටියුබ් එකේ මම බලන බොහොම සීමිත චැනල් වලින් එකක් තමයි wahts inside කියන්නේ. මේකේ කරන්නේ විකුනන්න තියෙන බඩු කෑලි කෑලි වලට ගලවලා පෙන්නන එක. පොඩි කාලේ ඉඳන් මගේ තියෙන පිස්සුවත් ඕක තමයි. මොකක් හරි අමුතු ගැජට් එකක් හම්බුනොත් ඒක ගලවලා ඇතුලේ තියෙන විදිය සහ වැඩ කරන විදිය බලන්න මට පිස්සුවක් තියෙනවා. කොහොම හරි මේ චැනල් එක කරන්නේ තාත්තෙක් සහ ...
මාර්ග නීති කෝලම නෙතින් දුටු ලොව ප්‍රමුඛතා මංතීරු නීතියට පින් සිද්ද වෙන්න වෙනදට විනාඩි තිහෙන් එන ගමන අද පැය එකහමාරකුයි විනාඩි තිහකට පස්සේ යන්තම් ඔෆිස් එකට ආව. සමහරු එද්දී දහය පහු උනා. පුදුම සතුටක් දැනෙන්නේ. බස් එකේ මම හිත හිත ආවේ ලංකාවේ දේශපාලනේ විතරක් නෙවෙයි උඩ ඉන්න තීරණ ගන්න රජයේ නිලධාරිනුත් ගොන් හරක් කියල හිත හිත. සමහර විට ටික දවසක් යද්දී මේකට පුරුදු වෙලා ආයිත් ට්‍රැෆික් ...
ත්‍රිමාණ දෘෂ්ටි මායා. (3D Optical Illusions) නෙතින් දුටු ලොව මේ පින්තූරෙ මම මුලින් දැක්කෙ 1995 වගේ කාලෙදි. මම පොඩියි. හැමෝම කිව්ව ලස්සන බුදු රූපයක් පේනව කියල. ඒත් මට පෙනුනෙම නෑ. අවුරුදු ගානක් තිස්සෙ මම මේ පින්තූරයක් දැක්ක ගමන් අැස් පිය නොහෙලා බලන් ඉන්නව දැන් පෙනේවි දැන් පෙනේවි කියල. සමහරු කිව්ව පව් කාරයොන්ට පේන්නෙ නෑ කියල. මේ විදියට අවුරුදු විස්සකට පස්සෙ ඔන්න මට පෙනුනා මේ දෘෂ්ටි මායාව මගේ ලැප්ටොප් එකෙන් ...
තැපෑලයි මමයි නෙතින් දුටු ලොව ලංකාවේ තැපැල් සේවය හා මා අතර ඇත්තේ එක්තරා විදියක ජන්මාන්තර වෛරයක් බව මට දැන් දැන් තේරෙන්නට පටන් ගෙන තියෙන්නේ. ලියුම් මාමා ගැන අමිහිරි අත්දැකීම් මගේ පාසල් ජිවිතේ 6 වසර දක්වා දිගු අතීතයක් තියෙනවා. දකුණු පළාතේ ඉපදුනු මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝල දෙක තුනකට ඉල්ලුම් කරලා ගෙදරට වෙලා හිටිය ජොලියේ. අපේ ඉස්කෝලේ 5 වසරෙන් ඉවරයි. ඉතින් 6 වසරට යන්න වෙන ...
පොත් ප්‍රදර්ශණයයි මමයි. නෙතින් දුටු ලොව හැමෝම පොත් ප්‍රදර්ශණය ගැන ලියන එකේ මමත් ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ පණ ගියා. අායිත් නම් අන්තිම දවසේ යන්නේ නැහැ කියන පළවෙනිම පාඩම ගිය පළවෙනිම දවසේ ඉගෙන ගත්තා.ඊට පස්සේ හැම අවුරුද්දෙම ගියා විතරක් නෙවෙයි සතියට දවස් දෙක තුනක් ගිහිපු අවුරුදුත් තිබුන. හැබැයි ඉතින් ගත්ත පොතක් නම් නෑ. ...
පොඩි හාමුදුරුවරුන්ගේ පොඩි ශ්‍රමදානය නෙතින් දුටු ලොව ඊයේ හවස ඔෆිස් එකෙන් එද්දී දැකපු දෙයක් මේ. වැඩි විස්තර හොයල බලත්දී දැනගත්තේ නේපාලේ ඉදන් ලු ඇවිත් තියෙන්නේ. ඒ රටට යන්න නෙවෙයි මෙහෙම ඉන්නලු. සිංහල වචනයක් වත් බෑ. ඉංග්‍රීසිත් බෑ. අනේ මන්ද නොදන්නා රටකට ඇවිත් මේ පොඩි හාමුදුරුවරු පන්සලේ ගේට්ටුව ලග පොඩි ශ්‍රමදානයක්. පාරේ යන ඔක්කොම නැවතී නැවතී බලනවා. පන්සල කොහෙද කියන්න නම් බෑ දේශපාලනේ සම්බන්ධ වෙන නිසා. මාත් ...
කහ මලී නෙතින් දුටු ලොව අද උදේ මම ගෙදරින් එලියට එනකොට දැකපු දෙයක් මේ. මෙච්චර කල් මගේ ඇහැට අහුවෙන්නේ නැතුව තිබුනට අද අහු උනා. මොකක්ද මේ ? මට හිතා ගන්න බෑ..හිටවපු එකකුත් නෙවෙයි ඉබේ වැවිල. ලස්සන මල් පිපිලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ 'අබ' ගහක් කියල. අඹ නෙවෙයි අබ....! මටත් ඉන්න බැහැනේ. ගත්ත ෆොටෝ එකක්. මේක නම් ගත්තේ Lumia 535 එකෙන්. ...
බයිසිකල් ටයරය නෙතින් දුටු ලොව මේක උනේ දවසක් ඔෆිස් එකේ වැඩකට එලියට ගිය වෙලාවේ. බලන්න හොදට මොකක්ද අවුල කියල ඇත්තටම සාධාරණයි මෙයා. බලන් ඉන්න අපිට නොතේරුනාට බයිසිකල් ටයර් එකක් වෙන කොහොමද ගෙනියන්නේ? මේකත් ගත්තේ මගේ පොඩි ෆෝන් එකෙන්ම තමයි. සූම් කරන්න විදියක් තිබුනෙත් නැහැ. වාහනේ යන ගමන් වේගෙන් යන බයික් එකක් ෆොටෝ ගහන්න මගේ ෆෝන් එකට බැහැනේ. අපිට කොහෙන්ද ලොකු කැමරා ? ...
බස් හෝල්ට් එකේ අක්කා නෙතින් දුටු ලොව පරණ සිද්ධියක් මතක් වුනා පරණ ෆොටෝස් බලනකොට. මේක සිද්ධ උනේ 2013 අවුරුද්දේ. ඔෆීස් එකේ ඉදන් පාරේ එහාපැත්තෙ කඩේට ගියා මොකක්ද ගන්න ඕන වෙලා. කඩේ ළඟමයි බස් හෝල්ට් එකත් තිබුනේ. නිකමට වගේ මම බස් හෝල්ට් එකේ බෝර්ඩ් එක දිහා බලපු මට එක සැරේට හිතුනේ බෝර්ඩ් එකේ ඉන්නේ ඇත්තම කෙල්ලෙක් කියල. තප්පර කිහිපයක් ගියා මට ඇත්ත තේරුම් ගන්න. වට පිට බැලුව. කවුරුත් ...
පළමු ලිපිය නෙතින් දුටු ලොව බ්ලොග් එකක් ලියන්න ආසාව තිබුනේ පොඩි කලේ ඉඳන්. ගොඩක් කලකට ඉහතදී බ්ලොග් එකක් ලිව්වා. පෙර තිබුන කාර්යබහුල බව අඩු වෙලා තිබුන නිසාත් අලුතෙන් දෙයක් පටන් ගන්න ඕන කියල හිතුන නිසාත් ඔන්න අයිත් මම පරණ ජීවිතේට එන්න ඕන කියල හිතුව. නෙතින් දුටු ලෝකය කියල දැම්මේ එක දෙයකට කොටු නොවී එදිනෙදා ලෝකය ගැන හිතෙන අත්දකින දේවල් නිදහසේ ලියන්න ඕන නිසා. ...