කැකිල්ලේ රජුගේ පුරෝහිතයන් සහ වියත්මග උපදේශකයන් අතර සම්බන්ධයක් තිබේද? Ian\'s Den ඉයන්ගේ අඩවිය ප්‍රශ්ණ විසඳීමට හාස්‍යජනක විසඳුම් සහ තීන්දු තීරණ දුන් කැකිල්ලේ රජු ගැන පුරාවෘත්ත අපි අසා ඇත්තෙමු. එම ගණයටම වැටෙන කැකිල්ලේ රජ්ජුරුවන් සහ උපදෙස් දෙන්නන් අදත් ඇති බවට කොරෝනා වසංගතය පාලනය කිරීමට සැපයෙන 'වියත්මග' විසඳුම් ගැන සිතා බැලීමෙන් පැහැදිලිවේ. ප්‍රශ්ණයකට විසඳුම් දිය යුත්තේ එම විසඳුමෙන් ඊට වඩා බැරැරුම් ප්‍රශ්ණයක් ඇතිකරවන ලෙස නොවන බව ඔබට මට තේරුණාට ඔවුන්ට එය එසේ නොවේ.පහුගිය දින වල ...
නොදැනුවත් පාලකයන්ගේ තීරණ නිසා දුක්විඳිනා මහජනයා Lockdown Vs Curfew Ian\'s Den ඉයන්ගේ අඩවිය Lockdown Vs Curfewවේගයෙන් පැතිරෙන වසංගත රෝග වැලැක්වීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පාලනය වැනි හේතු නිසා ප්‍රාන්ත ආණ්ඩු හෝ මධ්‍යම ආණ්ඩු Lockdown ක්‍රමය භාවිතා කරයි. එහි බොහෝ විට 1- 4 දක්වා මට්ටම පවතී.ලංකාවේ රජය හෝ එයට උපදෙස් දෙන වියතුන්ට මේ ක්‍රමය ගැන වැටහීමක් තියෙනවාදැයි සැකයක් උපදී. එමනිසා ඔවුන් ක්‍රියාත්මක කලේ ඔවුන්ට පුරුදු ඇඳිරි නීති ක්‍රමයයි. Lockdown ක්‍රමයේදී අද සිදුවුනා වැනි විශාල පිරිසක් ...
රැකියාව වගකීම සහ කැක්කුම (passion) Ian\'s Den ඉයන්ගේ අඩවිය දේවානී ජයතිලක මහත්මියකඩොලාන පරිසරයක් රැක ගැණීමට දේශපාලන අධිකාරිය සමඟ ගම්පහ වන ජීවී නිලධාරිණී දේවානී ජයතිලක මහත්මිය තනිවම සටන් වදින වීඩියෝවේ අන්තර්ගතය ගැන බොහෝ අදහස් ෆේස්බුක් හරහා පළවී ඇත. මෙතුමිය ඒ ගැන කැක්කුමකින් අවේගශීලීව කථාකිරීමත් අන් බොහෝ රජයේ සේවකයින් දේශපාලන අධිකාරියේ සුවච කීකරු ගැත්තන් වීම ගැන කථා වුනත් මේ වෙනසට හේතුව කුමක් විය හැකිද යන්න ගැන කථා වී තිබුණේ අඩු වශයෙනි.බටහිර ...
අන්ද්‍රා ප්‍රදේශ් ඉංගිරිස් Ian\'s Den ඉයන්ගේ අඩවිය YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා අන්ද්‍රා ප්‍රදේශ් වල නව මහ ඇමති ලෙස පත්වූ YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා එම ප්‍රාන්තයේ පාසැල්වල උගන්වන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දීමට යෝජනා කර ඇත. පළමුව එම ප්‍රාන්තයේ ඇති පාසැල් 15,000 ක එක වසරේ සිට හය වසර දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම පටන් ගැනීමට යෝජනා කර ඇති අතර ආවුරුදු තුනකින් ඉතිරි වසර පන්ති වලටත් එය ...
අවුරුදු 71 ක් රටකරපු අය එපා Ian\'s Den ඉයන්ගේ අඩවිය අවුරුදු 71 ක් රටකරපු අය එපාමෙය අද සමහර අයට දේශපාලන පාඨයකි. බොහෝ දෙනෙක් වඩා නොසිතා එය අනුමත කරති. රට හැදීමට අවශ්‍ය වන්නේ ක්රමයේ වෙනසක් මිස පුද්ගලයින්ගේ වෙනසක් යන්න වටහා ගැනීම ඔවුන්ට අපහසුය. රට අසාර්ථක වීමට බලපාන විශාලම සාධකය හැමදේම නිකන් ලබා ගැනීමට බලා සිටින ජනතාව බව තේරුම් ගැනීම එම ජනතාවටම අපහසු වීම පුදුමයක් නොවේ. අද වනවිට රටේ විශාලම වියදම් වන්නේ ...
වැඩකට නැති බර ඔසවාගෙන යන්නෝ Ian\'s Den ඉයන්ගේ අඩවිය විශාල බරක් ඔසවාගෙන යන අයෙක් ෆේස්බුක් එකේ හෝ බ්ලොග් ලියන අය අතර එතරම් නොවූවත් සමාජයේ බොහෝ දෙනෙක් විශාල බරක් ඔළුව උඩ තියාගෙන යන අය වගේ ජීවත් වෙන් බව දැක තියෙනවාද? පාර තොටේදී දකින මැදි වියේ අය ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඔවුන් බොහෝ දෙනෙක්ගේ මුහුණු වලින් පිළිඹිබු වන්නේ විශාල ප්‍රශ්ණ කන්දරාවක් දරාගෙන සිටින අය වගේ ද?ඇත්තටම බොහෝ දෙනෙක් විශාල බරක් ...
ගෙදර එනතුරු Ian\'s Den ඉයන්ගේ අඩවිය පාවී දුරක සිට ඉර අවරට යන්නාරෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නාබෑවී ඉවසීම මක, තරහක් එන්නා ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නාගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා මේ කවි පේලියේ තව කවි හතර පහක් තියෙනව. සත්වයකුගේ සිතිවිලි හරිම තාත්ත්වික විදිහට ලියපු කවි පේලියක්. ලියල තියෙන්නේ ...
ඇත්තටම දැක්කද? 2 Ian\'s Den ඉයන්ගේ අඩවිය කහපාට ගවුමකින් සැරසුන යුවතියක් ඇත්තටම දැක්කද? 1කලින් ලියපු 'ඇත්තටම දැක්කද?' පෝස්ට් එක මතකනෙ. මතක නැත්තම් ලින්ක් එක උඩ තියෙනවා. අද දෙවෙනි කොටස.අපි හැමෝම දකින රූප වලට ආසා කරනවා ඒ වගේම සමහර දකින රූප වලට තදින් බැඳෙනවා. තවත් රූප වලට අපි අකමැතියි. ඒ නිසා ද්වේශ කරණවා. ඒ වුණාට, අපි කවදාවත්ම අපේ ශරීරයට පිටින් තියෙන රූපයක් හෝ පිටින් ඇහෙන සද්දයක් හෝ ...
පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද? Ian\'s Den ඉයන්ගේ අඩවිය නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන ...
මේක ලැබුණොත් නම් ඔක්කොම හරි Ian\'s Den ඉයන්ගේ අඩවිය දුවල හති අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ ජීවිතේම සතුටෙන් ඉන්න පුළුවන් කියල හැඟීමක් තමයි අපිව ලඟම තිබෙන ඉලක්කෙට දුවවන්නේ. ඒත් එහෙම වෙනවද? පහේ ශිෂ්‍යත්වය සමත් වුනොත් ඔක්කොම ප්‍රශ්ණ විසඳෙයි කියල අවුරුදු දහයක ළමයෙක් හිතනවා. එහෙත් සමත් වුණායින් පසුව තිබෙන ප්‍රීතිය ටික ...
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට Ian\'s Den ඉයන්ගේ අඩවිය Dear Cupid, next time hit both බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහසට වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා. මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි. එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා ...
සහල් ආචාර්යය පල්ලෙවත්ත ගමලාරලාගේ ඩඩ්ලි යූනුස් තුමාට නොබෙල් ත්‍යාගය ලබා දිය යුතුයි. Ian\'s Den ඉයන්ගේ අඩවිය ක්ෂුද්‍ර ණය ක්‍රමය (microfinance) ලෝකෙට හඳුන්වා දුන්නේ ඉහල පින්තූරයේ සිටින බංගලා දේශයේ මහාචාර්යය මොහොමඩ් යූනුස්. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වුණත්, ඒ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබෙල් ත්‍යාග කමිටුව වගේ අය මේ ක්‍රමය ගැන සොයා බලා එයින් සිදුවෙන විශාල ආර්ථික වාසිය ගැන සොයාගත්තත්, එයින් සිදුවෙන හානි ගැන සොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පොලොන්නරුවෙන් බිහිවුණ ශ්‍රෙෂ්ඨ උගතෙක් වන සහල්ආචාර්යය ඩඩ්ලි ...
නිදීගෙ පන්චතන්තරේ Ian\'s Den ඉයන්ගේ අඩවිය නිමල් දිසානායක තමන්ගේ ජීවිතයේ අත්දැකීම් සමඟ ලියන නිදීගෙ පන්චතන්තරේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්න දේවල් සහ පුළුවන් නම් අත්හදා බලන්න දේවල් බොහොමයක් තියෙනවා. ඒවගේම එකකට එකක් නොදෙවෙනි පෝස්ට් සියයක් පමණ ඔහු ලියා තිබෙනවා. සුමානයකට අඩුම ගණනෙ එක පෝස්ට් එකක්වත් එහි පලවෙනවා.ඒවයින් ප්‍රයෝජනයක් ගන්න ඒ බ්ලොග් එක අන් අය අතර බෙදාගන්න කියල මෙහෙම ඔහු ඉල්ලීමක් කරල තියෙනවා."මා ලියන ‘පංච තන්තරේ’ හැකිතාක් වැඩි පිරිසක් කියවනවාට ...
පියා යනු දියණියගේ පළමු ආදරයයි Ian\'s Den ඉයන්ගේ අඩවිය Dad, daughter's first love දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව.අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික රටවල තරම් හොඳ නැහැ කියා උපකල්පනය කරනවා. ඒ රටවල් ගැන අත්දැකීම් තියෙන අය දන්නවා එහෙත් මෙහෙත් එහෙම වෙනසක් නැහැ කියලා. වයසක මව්පියන් මහළු නිවාස වලට හරින අය එහෙත් ඉන්නවා. දැන් ඒ අය මෙහෙත් ඉන්නවා. ඇත්තම ...
ඉන්දියාව සහ බහුතරය Ian\'s Den ඉයන්ගේ අඩවිය මහින්ද සහ 'නීතීඥ' නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච සිද්ධි ගැන විවිධාකාර මත පළවෙලා තිබුණත් ඒකෙන් ඇත්තටම වුන දේ මට පේන විදිහට ලියන්න හිතුණා. ඒකට හේතුව වැඩි දෙනෙක් ගේ විග්රහ වල මේ සිද්ධීන් වලට යටින් තියෙන geopolitics ගැන දක්වා තිබෙන අඩු අවධානය.කවුරු මොනව කිව්වත් ලංකාව ...
කියවලම බලන්න Ian\'s Den ඉයන්ගේ අඩවිය එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා. පැය තුනක් ගතවුණත් ඔවුනට එම සමීකරණය විසඳීමට හැකිවෙලා නැහැ. අවසානයයේ ඔවුන් තීරණය කරනවා මුළු Princeton University එකේම දක්ෂම සිසුවෙකු ලෙස සැලකූ වෙනත් සිසුවෙක්ගෙන් එය විසඳීමට උදව් ඉල්ලීමට. තුන්වන ලෝකයේ රටකින් විශ්ව ...
සිලෝන් ටකරන් බස් (CTB) Ian\'s Den ඉයන්ගේ අඩවිය ලංගම ලාංජනය තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක් කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය ...
ගයිඩ් වැඩක් Ian\'s Den ඉයන්ගේ අඩවිය සුධීක කිව්වයින් පස්සෙ ගයිඩ් වැඩේ නොකර ඉන්නත් හිතුව. ඒවුනාට සමහර ලිපි දැක්කම ඒව ප්‍රසිද්ධ නොකර ඉන්න අමාරුයි. මේ ලිපි දෙකම කියවන්න. ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා මිසක වෙන දෙයක උවමනාවක් තිබුන්නෑ. තමන්ගේ මිය ගිය පෙම්වතිය ගැන කියවමින් හිටියේ ඔහු අන්ධ භක්තිකයෙන් වගේ ප්‍රේමය අදහමින් ජිවිත් වෙනවා කියලායි මට හිතුනේ. කොහොමටවත් පුද්ගලයෙක්ව අතීතයෙන් අපේ ඉතිහාසයෙන් ගලවලා දාන්න බැහැනේ. මට ඔහුට කියන්න ...
වාහන හිමියන්ට ආදායම් බදු ලිපිගොනු Ian\'s Den ඉයන්ගේ අඩවිය ඇවිද්ද පය ලියන සුදීක පෝස්ට් එකක් ලියල තියෙනව බ්ලොග් ගයිඩ්ල ගැන. ඒකෙ කියන්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් කරන එක හරි නැහැ කියල. ඒක නිසා මොනව හරි ලියන්න දෙයක් ගැන හිතන්න වුණා. ලඟකදි ආදායම් බදු කොමසාරිස් විසින් කරන ලද ප්‍රකාශයක් සමහර බයියන් විසින් පුරුදු පරිදි විකෘති කරගෙන වාසි ගන්නව ෆේස්බුක් එකේ දැක්ක. ඒ ගැන පැහැදිලි කිරීමක් බයියන් නොවන ...
මරු බ්ලොග් එකක් Ian\'s Den ඉයන්ගේ අඩවිය පහසුවෙන් ගලා යන විදිහට ලියන එක අමුතුම දක්ෂකමක්. ඒවගේ ලියවිලි කියෙව්වට දිග වුණත් කියවීමේදී මහන්සියක් දැනෙන්නේ නැහැ. සමහර ලියවිලි කියෙව්වම සමහර විට ඒකෙ තිබ්බ දෙබස් මතක හිටිනව. එහෙම නැත්නම් කථාව මතක හිටිනව. ඊට අමතරව ලියවිල්ලෙ ආකෘතිය මතක හිටින ලියවිලි හරිම දුලබයි.මේ ලක්ෂණ දෙකම මට දැනිච්ච පෝස්ට් එකක් මෙතන තියෙනවා. ඉහත ලක්ෂණ දෙකම නැතිවුනත් කියවීමේ පහසුව සහිත පෝස්ට් කීපයක් තියෙන බ්ලොග් ...