හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර දසත සැරිසර වහකෝට්ටේ, වාසල කෝට්ටේ හා වසකෝට්ටේ නමින් උඩරැටියන් හැඳින්වූ වහකෝට්ටේ ග්‍රාමය වර්තමානයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ සුප්‍රසිද්ධ ජන වන්දනා ස්ථානයක් වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය නිසාය. මෙම ග්‍රාමයට වහකෝට්ටේ නාමය ලැබීම හා සම්බන්ධ ජනප්‍රවාදයන් හා ජනශ්රැති කීපයකි. තම සැමියාගේ මරණයෙන් කම්පනයට පත්වූ බිසවක් කොට්ටය යට තබාගත් වස බීමෙන් දිවි නසාගත් යන අරුතෙන් වසකෝට්ටේ හෙවත් වහකෝට්ටේ වූ බව එක් ජනප්රවාදයකි. එසේම රජවාසලට ඇතුළු ...
පානම්පත්තුවේ මහා පුද බිම වූ රෝහණයේ මහ වෙහෙර - ලාහුගල මඟුල් මහා විහාරය දසත සැරිසර රුහුණු, පිහිටි, මායා යන ත්‍රී සිංහලයට අනුව රුහුණු රටට අයත් වූ සුන්දර පානම් පත්තුවේ, රෝහණයේ පාලකයන් මෙන්ම බොහෝ රජදරුවන් ඓතිහාසික සිද්ධස්ථාන රැසක් පිහිටවූ බවට ඉතිහාසගත මූලාශ්‍ර සාක්ෂි දරයි.මහාවංසයේ රූණු මහා වෙහෙර ලෙසද, පූජාවලියේ රුහුණු මහා විහාරය ලෙසද, සමකාලීන සෙල්ලිපිවල රූණ වෙහෙර නමින්ද, ජනශ්රැති හා ජනප්‍රවාදයන්හි මඟුල් මහා විහාරය නමින්ද හඳුන්වනු ලැබූ රුහුණේ මහා විහාරය වූ ලාහුගල මඟුල් මහා විහාරය පානම් ...
සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ හස්තිකුච්ඡි විහාරය දසත සැරිසර සිහලවත්ථුවේ ඇත්කුස විහාරය නමින්ද සෙල්ලිපි වල අතිකු(චි)ය විහාරය නමින්ද විසිද්ධිමගෙහි හස්ථිකුච්චි විහාරය නමින්ද,හත්ථවනගල්ල විහාර වංශයේ හත්තවනගල්ල නමින්ද සදහන් වන හස්තිකුච්ඡි විහාරය ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සටහන් කළ වන්දනීය වූ පූජා භූමියකි. සියවස් කිහිපයක් පුරා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන හස්තිකුච්ඡි විහාරය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස දක්වා වූ දීර්ඝ කාල පරාසයකට අයත් වූ සෙල්ලිපි එකම ...
ගැමුණු සොහොයුරු තිස්ස කුමරුන් රැකවරණ ලද සොඳුරු පුදබිම - දෙමටමල් මහ වෙහෙර දසත සැරිසර අස්වැද්දූ වෙල් ලක්ෂය යන අරුතින් "වෙල්ලස්ස" යැයි නම් ලද දුටුගැමුණු රජුගේ මහා සංග්රාමයන්ට බත සැපයූ සුන්දර කෙත්වතු යායක් මැද ඉදිවූ දෙමටමල් විහාරය ශ්‍රේෂ්ඨ නරපතියන් රැසකගේ පා පහස ලද ඵෙතිහාසික පුදබිමකි.පාලි මහාවංසයට අනුව"දමිට්ඨාවල විහාරය" නමින්ද, කාවන්තිස්ස රජදවස "ගමට්ඨවාලි විහාරය" නමින්ද හඳුන්වනු ලැබූ දෙමටමල් විහාරයට නම් ලැබීම පිළිබඳ ජනප්‍රවාද හා පුරාවෘත්තයන් කිහිපයකි.ක්‍රි .පූ. 03 වන ශතවර්ෂයේ අනුරාධපුරයේ සිට රුහුණු රටට පළාගිය දෙවනපෑතිස් ...
දුටුගැමුණු රජ දවස තැනූ නාමල් අංග රජමහ වෙහෙර... . දසත සැරිසර ස්වභාවිකව පිහිටි නා ගස් සමූහයක් ඇති බිම්කඩක නාමල් පෙති හැඩය අනුව විහාර අංගයන්ගෙන් සැදුම් ලද නිසාම "නාමල් අංග" නම් ලද මෙම ඵෙතිහාසික රජමහා විහාරය පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ග්‍රාමයේ ය.ක්‍රි.පූ.161-137යුගයේ රාජ්‍ය කළ දුටුගැමුණු රජු විසින් මෙම විහාරය කරවූ බව සදහන් වේ.මේ ආසන්නයේ පිහිටා ඇති ඵෙතිහාසික රිදී විහාරයට මහ පෙරහරින් බුදු පිළිමයක් වඩමවාගෙන පැමිණි දුටුගැමුණු රජු හා පිරිස මේ ස්ථානයේ ...
ආගමික සහජීවනයෙන් ඔප නැගුණු සෙල්මුවා නිමැවුම .. ..... නාලන්දා ගෙඩිගෙය..... දසත සැරිසර මාතලේ දිස්ත්‍රික්කය බොහෝ ඵෙතිහාසික ස්ථාන වලට උරුමකම් කියනු ලබන අපූරු ස්වභාව සෞන්දර්යාත්මක පරිසරයකින් සුසැදි සුන්දර ප්රදේශයකි.ලොව අටවන පුදුමය ලෙස සැලකෙන කුවේර රජදහන සීගිරිය ද , නොසිදෙන දිය බිදුවකින් තලියක් පුරවාලන්නට ශතවර්ෂ ගණනක් පුරා වෙහෙසෙන දඹුලු රජමහා වෙහෙර මෙන්ම සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ මාතලේ අළුවිහාරයද ආසන්නයේ ඵෙතිහාසික, වාස්තු විද්‍යාත්මක මෙන්ම ආගමික වටිනාකමක් සහිත අපූරු ශෛලමය නිර්මාණයක් විරාජමාන වේ.බෞද්ධ හා හින්දු ...
බ්‍රිතාන්‍ය රාජකීයයෙකුගේ සිහින මාළිගාව- ඇඩිසම් මන්දීරය.......... දසත සැරිසර වර්ෂ 1815 දී මුළු තුන් සිංහලයම යටත් කොට ගෙන සිය ධජය ලක් බිම මත ලෙළවූ බ්‍රිතාන්‍යයයින් විසින් ගොඩනැගූ නිර්මාණ හා ස්මාරක අදටත් මේ ධරණිතලය තුළ විරාජමාන වන්නේ වසර 133ක් වූ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලන සමය යළි යළිත් මෙනෙහි කරවමිනි .හපුතලේ නගරයට ආසන්නයේ ග්ලැනෝර් වතුයායට නුදුරුව තංගමලේ අභය භූමිය මධ්‍යයේ විරාජමාන වන, ප්‍රදේශවාසීන් "ගල් බංගලාව " නමින් හදුන්වන "ඇඩිසම් මන්දීරය " එවන් ...
ලොව පළමු දාගැබ ගිරිහඬු මහා සෑය.... දසත සැරිසර බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් ලෙස ස්ථූපය හදුන්වා දිය හැකිය.ස්ථූපයක් ගොඩනගන්නේ පූජනීයත්වයට පත්වූවන්ගේ ධාතු තැන්පත් කිරීමෙන් වන අතර එය තැනිය යුත්තේ කවුරුන් උදෙසාද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. බුදු, පසේබුදු, මහරහත්, සක්විතිරජ යන සිව් දෙනා වෙනුවෙන් පමණක් ස්ථූප ගොඩනගන ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ලැබූ තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ ...
බැහැර වී යයි කලක් කළ පව් වරක් වැන්දොත් මුල්ගිරේ...... දසත සැරිසර පාලි වංශකථාවන්හි 'සමුද්ද පබ්බත' නමින්ද සිංහල වංශකථාවන්හි 'මුහුදු ගිරි' නමින්ද සෙල් ලිපිවල 'මුහුන්ද් ගිරි' ලෙසද ජනශ්රැති හා ජනප්‍රවාදයන්හි ' මුල්ගිරිගල' ලෙසද හඳුන්වනු ලැබූ රෝහණ දේශයේ ප්‍රධාන සිද්ධස්ථානය වූ මුල්ගිරිගල රජමහා විහාරය 17වන ශතවර්ෂයේදී යුරෝපීයයන් විසින් ආදම්ගේ අළු තැන්පත් කොට ඇතැයි යන අදහසින් 'ඇඩම්බර්ග් ලෙසත් හැඳින්වූ බවට ඵෙතිහාසික මූලාශ්‍ර රාශියකි.මෙම පර්වතයේ පිහිටි විහාරයට මුල්ගිරිගල නම ලැබීම සම්බන්ධ ජනප්‍රවාදයන් බොහෝය.ඉන් එක් ...
ගැමුණු - තිස්ස පිළිමලුන් වී යුධ විකුම් පෑ බිම එකළු කළ යුදඟනා මහ වෙහෙර.............. දසත සැරිසර රුහුණු, මායා, පිහිටි යන ත්‍රී සිංහලයම එක්සේසත් කොට දිග් විජය නැංවූ මහා නරපතියාණන් වූ දුටුගැමුණු රජුගේ පටන් සිංහල රාජධානියේ අවසානය දක්වාම ජාතියට රණශූරයන් මෙන්ම විමුක්තිකාමීන් රැසක් දායාද කළ පුණ්‍යභූමියක් ලෙස හඳුන්වා දිය හැකි ඌව -වෙල්ලස්ස අතීතයේ රුහුණු රාජ්‍යයට අයත්ව තිබූ ප්රදේශයකි.හග්ගල කපොල්ලෙන් හමන සුළඟින් හූ හඬ පැතිරෙන හෙයින් හූවඝ නමින් හැඳින්වූ ප්‍රදේශය පසු කලෙක ඌව බවට පත්වූ බවට ඵෙතිහාසික මූලාශ්රයන් ...
සීතාවක රාජධානියේ දෙව් විමන... බැරැන්ඩි කෝවිල ... දසත සැරිසර කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා...යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා...මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුණා...ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා...පෘතුගීසින් වැනි බලවත් ජාතියක් සමඟ උරෙනුර ගැටෙමින් ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පාලනය කළ එකම සිංහල නරපතියා ලෙස සැලකෙන පළමු වන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුගේ ළමා කල රණශූරත්වය පිළිබඳ කියවෙන පෙර සඳහන් ගී ඛණ්ඩය කෝට්ටේ යුගයේ විසු වීර නරපතියෙකුගේ ...
අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන - බෙලිලෙන දසත සැරිසර කිතුල්ගල ඉංඔය වත්තේ රළු බොරළු කන්ද නගිමින් සැතපුම් ගණනක පා ගමනින් ගරා වැටුණු ගල්පඩි මතින් දුෂ්කර ගමනක් ගෙවා බෙලි ලෙනට ලඟා විය යුතුය.එය වසර දහස් ගණනකට එපිට දී අපගේ ආදිතම මුතුන්මිත්තන් ජීවත් වූ නිවහනක් විය. ලෙන් ද්වාරයෙන් ඉහළ සිට පෙණ විසුරුවමින් ඇද හැලෙනා කුඩා දිය ඇල්ල ඉතා සුන්දර දර්ශනයකි.අඩ සඳක් වන් ලෙන් දොර අතරින් පෙනෙන අඳුරු වනපෙතින් ගැවසී ගත් ගිරි ...
ධනකුවේරයකුගේ කතාව සැඟව ගත් මහා මැදුර රිච්මන්ඩ් කාසල්ස් මන්දීරය...... දසත සැරිසර පස් යොදුන් රට නමින් අතීතයේ දී හඳුන්වන ලද කළුතර, බොහෝ ප්රභූන්ට නිජබිම වූ ප්රදේශයකි.සුන්දර කළු ගං මිටියාවතේ ඉදිවූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මහා මන්දීරයක් හා එහි ජීවත් වුවන්ගේ ශෝචනීය කතා පුවත අදටත් කළු ගං තැනිතලාවේ ජීවත් වන්නන්ගේ මුවග තුඩ තුඩ පැතිර යන්නකි.එනම් දශක තුනක පමණ කාලයක් කළුතර විසූ ජනයාගේ දුක සැපට පිහිට වුූ උදාර නායකයෙකු මෙන්ම මහා ධනකුවේරයකු වූ මහමුදලි ...
පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල දසත සැරිසර නගිමින් බසිමින් දිවෙන රමණීය කඳු වැටියක පරිවාර කඳු හතකින් වට වූ ඵෙතිහාසික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත් ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථානයකි "අරිට්ඨ පබ්බත" හෙවත් "රිටිගල" කන්ද. මහාවංසය ආදි පුරාතන ඵෙතිහාසික ග්රන්ථයන්හි 'අරිට්ඨ පබ්බත' නමින්ද, ජනප්‍රවාදයන්හි 'රැකවරණ කන්ද' හා 'භයංකර කන්ද' නමින්ද හඳුන්වනු ලැබූ රිටිගල කන්ද හා සම්බන්ධ ජනශ්රැති හා ජනප්‍රවාදයන් රැසකි. මහාවංසයට අනුව රිටිගල කන්ද 'අරිට්ඨ ...