සූරියා ගේ දිනපොත (Suriya\'s diary) (http://suriyagedinapotha.blogspot.com/) Latest Posts Most Popular Posts
ඔබ අා පසු (අවුරුදු පැතුම) සූරියා ගේ දිනපොත (Suriya\'s diary) උදෑසන හිරු එලිය, දම් පාට හැන්දෑව රන් කිරණ වෙස් අරන් තේක්ක ගස් අතු පතර රන් පතින් සැරසුවේ ඔඛ අා පසුයි. වැරදිලා අා මගක හති වැටුනු ජීවිතේ අාපසු හැරෙන්නට සැරසුණුම මොහොතේ ඔබ අැව්ත් නැවතුනා මගෙ නෙතේ. හමුවීම අපේ අහම්බයක්මද නැතිනම් මේ ඉරණමද කවුද මට පහදන්නේ මොකද ඔබ නෑ මේ කිසිත් දන්නේ ජීවිතේ කිසිදාක නොලැබුනු ලැබුනු හැම විටකදිත් මග හැරුනු හැම තැනම ...
මග හැරුනු තැන් සූරියා ගේ දිනපොත (Suriya\'s diary) වම් පස කුණු කානුවේ බල්ලන් පැහැරූ තැනම බක්කියේ පාන් කෑලි අහුලන සැරව ගලන තුවාලැති දුප්පත් හිඟන්නා දකුණු පස මාවතේ තාර ගැලවෙන වේගයෙන් විත් මා ළඟ නැවතුනු හයිබ්රිඩ් කාරයෙන් එබී බැලුවා සිනාසී නටාෂා එදා මං ආපහු එනකොට හුඟාක් රෑ වුනා දුම්වැටිය ගෙවිලා කටත් පිච්චුනු මට මග ඇරුනේ බස් එක විතරමද... ...
ඔබ කොහෙද සූරියා ගේ දිනපොත (Suriya\'s diary) පනටත් වඩා ආදරෙයි සත්තයි හැමදාමත් ඈ කනට කෙඳුරුවත් ඔහුගේ කවුලුව අසල අසුනේ හිඳ මහා ගෝට්ටිය මැද නගරේ ඇසුනා මටත් ඒ හඬ රිය සෙමින් ඇදුනා වැහි අඳුර මැද්දේ මඩ වතුර ඉහිරමින් මග දෙපස ඒ අවසරෙන් සීතලට කිටි කිටියේ තෙරපුනා ඒ දෙහද වැහි බිංදු බේරෙන වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ අප උන් හිටි තැනක්වත් නෑ දැන් හොයා ගන්න ...
යලි පැරදුනු නුඹ (අවසන් වරට) සූරියා ගේ දිනපොත (Suriya\'s diary) අහස රත් පැහැ සිතුවමින් සරසද්දි මල හිරු ඇවිත් අඳුර පිරි නිහැඬියාව බින්දා එකම එක වෙඩි හඬක් කියන්නට නොහැකිව සිත තුලම සිරවූ නුඹෙ සුසුමේ උණුසුම ලුණු මිශු මුහුදු සුළඟට මුසු කලේ මොන හිතකින්ද මුහුද අද්දර නැංගුරම් ලා තිබූ කාටදෝ අයිති ඔරුවක සමු අරන් තිබුනා ඔබ සදහටම කාටවත් රිදුනෙ නෑ කවුරුවත් ඇඬුවෙ නෑ කුහුල දනවන පුවත් මැවුනා පමණයි ...
මේ ඔබම ද සූරියා ගේ දිනපොත (Suriya\'s diary) මේ ඔබමද මේ ඔබමද කී වරක් නම් ඔබ දෙස බලන්නද හිත දැවෙනවා දහස් වරක් නෑ වෙන්න බෑ මේ ඔබ නෙවෙයි ඒත් ඇස් අැදෙන්නේ ඔබ දෙසටමයි හොඳටම දන්නවා මේ ඔබ නොවන බව එ්ත් හැඩහුරු කම් පේනවා මැවෙනවා අතීතය ඇස් දෙක ඉදිරියේ හැර යන්නත් ලෝබයි මෙතනින් ආයේ කවදා දකින්නද මේ රුවවත් කවදා ලං වෙන්නද මේ තරම්වත් මේ ඔබමද මේ ඔබමද නෑ වෙන්න ...
මුතු පලඳනාව සූරියා ගේ දිනපොත (Suriya\'s diary) නොනැවතී ඔබ යන්න මා දිහා නොබලා හරියට වරදක් කලා සේ මා ඒකට කමක් නෑ ආදරයක් ද මිතුදමක්ද නොදනිමි තවම මම ඒත් ලං වුනු තරම අප දුක බෙදා ගන්න හිත හදාගන්න මං කියපු හැමදේම අද රස කතාවන් ඔබෙ මිතුරියන් අතර ඒත් මතකද කඳුලු පිරි දෑසින් ඔබ මට කී කතා මගෙ උරහිසේ මුව තියාගෙන ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන ඒ ඔක්කොමත් ...
මගේ සිතුවිලි සූරියා ගේ දිනපොත (Suriya\'s diary) මේ මගේ සිතුවිලි ගැන ය. ඒවා බොහෝ විට කිසිම කමකට නැති ඒවා ය. මා එය දැන ගත්තේ බොහෝ දෙනා බොහෝ වාරයක් මට ඒ බව පැවසූ නිසා ය. මා සිතා සිටියේ මම ඉතා උසස් සිතුවිලි ඇති පොරක් බව ය. (දැන ප්රසිද්ධියේ කීමට බිය වුවද මට තවමත් එසේ සිතෙයි) එනිසාම මම මට සිතෙන දේ නොපැකිලව කියන්නට කරන්නට පුරුදු වී සිටියෙමි. එහෙත් දැන් ...
වෙනස් නොවෙන මිනිස්සු - 02 සූරියා ගේ දිනපොත (Suriya\'s diary) සර්.. ටැක්සි... කොහෙට හරි යන්නද සර්... ත්රි රෝද රථ රියදුරා මා සමග බොහෝ කුලුපග ලීලාවෙන් කතා කලද ඔහුගේ දෙනෙත යොමුවී ඇත්තේ වෙනතකය. සමනලීගේ හිසේ සිට දෙපතුල දක්වා දිවෙන ඒ ගොරහැඩි ඇස් ඔහුට මගෙන් සඟවන්නට නොහැකිය. මෙය මට ඉතා හුරු පුරුදු සෙල්ලමකි. සමනලී හමුවූ දා පටන් අප ආ ගිය තැන් වලදී බොහෝ මිනිසුන් එලෙස හැසිරෙනු මා දැක ඇත. එවන් සිදුවීම් නිසා ...
වෙනස් නොවෙන මිනිස්සු - 01 සූරියා ගේ දිනපොත (Suriya\'s diary) ඔයා ඉස්සර වගේ නෙමෙයි අනේ දැන්... හරියට වෙනස් වෙලා... ඒ දැන් මාසයක වගේ කාලයක ඉඳන් නිතරම සමනලීගෙන් මට අහන්න ලැබෙන නෝක්කාඩුවකි. හම්ම්...ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා.... කතාව මගහරින්න වගේ මම හිනා වෙලා එහෙම කිව්වට මේ කතාවට හේතු වුනු සිදුවීම අදම කතා කරල විසඳ ගන්න ඇත්නම් කියල නොහිතුනාම නෙවෙයි. ඇත්තටම මට එයාට කියන්න ඕන උනේ වෙන දෙයක්. මං නෙමෙයි සමනලී ඔයා තමයි ...
අයේ ලියනවද නැද්ද? සූරියා ගේ දිනපොත (Suriya\'s diary) පහුගිය දවස් වල සුරියාගේ හිතේ නිතර ඇතිවුනු සිතිවිල්ලක්... ලියන්න නම් ඕන තරම් දේ් තියෙනවා. ඒත් ඉතිං ලියන්න ගත්තම වක්කඩ කැඩුව වගේ අතොරක් නැතිව හිතට ගලා ගෙන එන ඒ හැමදේම ලියන්නත් බැහැනෙ... මොකද අපේ ජීවිතේ අනිත් හැමදෙයකදි වගේම ලියන එකේදිත් සමාජය විසින් පිළිගත් සම්ප්රදායන්ට නීති රීති වලට අනුව තමයි ඒක කරන්න වෙන්නේ. සූරියා හිතන විදිහට නම්, ඒක හරියට තමන් විසින්ම හදාගත්ත ...
සූරියා ගේ දිනපොත සූරියා ගේ දිනපොත (Suriya\'s diary) මේක සූරියා ගේ දිනපොත. ඒ නිසා මේකෙ ලියන්නෙ සූරියාට ඕන දේවල් විතරයි. හැබැයි සුරියා හිතෙන හැමදේම මේකේ ලියන්නෙත් නැහැ. ඒ සුරියගේ හැටි. සුරියා තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකයේ කියූ සහ ලියූ සියල්ලට වඩා නොකියූ සහ නොලියූ දේ බොහෝ වැඩියි කියන එක. මේ කතාව කිව්වේ කවුද කියල නම් සූරියා ට මතක නැහැ. කොහොම වුනත් වක්කඩ කැඩුව වගේ එන සිතිවිලි වලින් ...
පිලිතුරක් සූරියා ගේ දිනපොත (Suriya\'s diary) කහ පාට හැන්දෑව හරි මූසලයි පෙර වාගෙ දම් පාට නෑ මා ගාව ඔබ උන්නු මතකය දුකයි අපි ආයෙ හමු වෙන්නෙ නෑ පාළුවේ මාව තියලා නොකියාම ඔබ වෙන් වුනා. වේදනා අැයිද සැදුවේ