අළුත් මිතුරියක් - (ii-කොටස) තරු මිතුරෝ “ජිම් ! !”හසාරා විමතියෙන් එයම ප්රතිරාවය කළාය.“ඔව්, ජිම්.... ජිම් මර්බෙට් මහත්මයා.... එයා තමයිලු මෙහේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා. ඒ වගේම අපේ නේවාසිකාගාර බලාගන්නෙත් එයා....”නමුත් එකවිටම යමක් මතක්වූවාක් මෙන් දැරිය කතාව මොහොතක් නතර කළාය. “ඒක නෙවෙයි..., මම ෆියෝනා ස්ටෝන්ස්. ඔයා...?” ඈ සුරත හසාරා වෙත දිගු කළාය. “මම හසාරා සුවිමාලි.”අතට අත දෙමින් හසාරා පැවසුවාය. “හසාරා සුවිමාලි !! ”ෆියෝනා විමතියෙන් එයම ප්රතිරාවය කළාය. ...
ආයුබෝවන් ! තරු මිතුරෝ මා දයාබර පාඨකය, ඔබ මා ද, මා ඔබ ද නොහඳුනන දිනෙක අපි මෙසේ හමුවී සිටින්නෙමු.... සැප දුක් නොවිමසූ නමුදු පවසන්නට බොහෝ දේ අප දෙදෙනාටම ඇතුවා නොඅනුමානය. එ නමුදු ඔබට විරාමයක් දී මා හඬ අවදි කරන්නෙමි. මින් ඉදිරියට මා ඔබට පවසන්නට යන්නේ කථාන්දරයකි.... සැබැවින්ම කිවහොත් අනාගත ලොවක් පිලිබඳ කථාන්දරයකි..... ඒ අනාගත ලොව තුල ජීවත් වන අපූරු, පුංචි මිතුරන් සය දෙනෙක් මේ ...
පෘථිවි ආගමනය - (v-කොටස) තරු මිතුරෝ කහ-තැඹිලි පැහැ තුරු මුදුන් මතින් සන්ධ්‍යා හිරු කිරණ නුබ ගැබ සිසාරා පැතිර ගොස් තිබුණි. විටින් විට වලාකුළු වියන් යටින් කැදලි කරා ඇදෙනා සියොතුන් ඒ මත අලංකාර රටා මැවීය. සිහින් මන්ද මාරුතයෝ ගත දැවටෙමින් ජනිත කලේ ප්‍රබොධමත් බවකි. නිශා යාමය එළඹීමට ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් බැව් සිහිපත් කරන්නට මෙන් රැහැයියන්ගේ නිනොනවතින නාදය වා තලය සිසාර පැතිර යාම ඇරඹී තිබුණි. වියළි ...
හැඳින්වීම තරු මිතුරෝ මේ කථාව ඇරඹෙන්නේ අනාගතයෙනි, ඒ කවදා ද, කොතැනකදී ද යන්න තීරණය කිරීම කාලයට බාරය. කෙසේ වුවද මෙය පෘථිවියේ නව යුගයක සමාජ, සංස්කෘතිමය පැතිකඩ පිලිබිඹු කරන්නකි. මේ යුගයේ මිනිසාට සිහිනයක් වූ බොහෝ දෑ ඉටුවූ යුගයක් පිලිබඳ ගතු කියන්නකි.මේ අනාගත ලොවෙහි වූ එක්තරා පාසලක සිසු සිසුවියන් කණ්ඩායමක් මින් ඉදිරියට දිගහැරෙන කථාවට පාදක වී තිබේ. නමුත් කථාවට පෙරාතුව වෙනස් වූ ලෝකය පිලිබඳව ඔබ ...
අපූරු පාසලේ පළමු දිනය - (i-කොටස) තරු මිතුරෝ තමාට නින්ද ගියාදෝ, නොගියාදෝ යි සැකයකින් යුතුව වෙනදාටත් වඩා වේලාසනින් හසාරා අවදි වූවාය. එදින කවදාදැයි සිහිපත් වෙත්ම සිරුර පුරා දිවගිය ප්‍රබෝධවත් හැඟීම ඇගේ නිදිමත ක්ෂණයකින් පළවා හැරියේය. මුව දොවා ගැනීමට, කුටියෙන් නික්මී කොරිඩෝව වෙත පා තබනවාත් සමගම ඇගේ දෑස් මත සිත්තම් වූවේ නානකාමරය පිහිටි ඉසව්වේ සිට සිය කුටියට පියමනිනා ෆියෝනාගේ රුවයි. ඇය අවදිව ඇත්තේ තමාටත් පෙරාතුවයි."සුභ උදෑසනක් ! ඊයේ ...
අමතක නොවන රාත්‍රියක් - (ii-කොටස) තරු මිතුරෝ "ඒක මේ.... එක්තරා ආකාරයක ට්‍රාන්ස්මිටර් එකක්. ඔයා දන්නවනේ.... සම්ප්‍රේෂක. අර.... ගුවන්විදුලි තරංග විසුරුවා හරින්න ගන්නේ...."පිරිමි ළමයා උද්යෝගය මුසු වූ කලබලයෙන් කියාගෙන ගියේය. හසාරා එය දන්නා බව හැඟවීමට හිස සැලුවාය."ඔයා කියන්න හදන්නේ ඔයා හොයන්නේ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂකයක් කියලා නම්, මට කියන්න වෙන්නේ ඔයාට හරියට බොරුවක් වත් ගොතා ගන්න තේරෙන්නේ නෑ කියලයි. මොකද ඒ වගේ දෙයක් හොයනවා නම් ඔයා යන්න ඕනේ ...
අමතක නොවන රාත්‍රියක් - (iii-කොටස) තරු මිතුරෝ එය සැබෑවක් බව පසක් කරමින් කොරිඩෝව හරහා පැමිණෙන්නෙකුගේ පියවර හඬක් ඔවුනට ශ්‍රවණය විය. එහි රිද්මයෙන්ම පැමිණෙන්නේ කවරෙකුදැයි වටහා ගැනීමට අපහසු වූයේ නැත."ජිම් ! !"දෙදෙනාගේම මුවින් එකවිට හඬ පිටවිය."ආ.... නෑ...."හසාරාගේ අවධානය වහා ඉහලට යොමු විය. රාත්‍රී දහයෙන් පසුවත් ඈ තම කුටියේ විදුලි බුබුල දල්වා තිබුණාය !ජිම් සෑම දිනකම රාත්‍රියේ මෙසේ ගමන් ගන්නා බව නේවාසික සිසුන්ට අළුත් දෙයක් නොවේ. නමුත් ඇතිවූ ...
අළුත් මිතුරියක් - (i-කොටස) තරු මිතුරෝ සියල්ලටම ප්‍රථමයෙන් ඇගේ දෑසට සිත්තම් වූයේ ගේට්ටුව අසලින් ආරම්භ වී ඈතින් වූ ගොඩනැගිලි දක්වා දිවෙන පුළුල් මාවතකි. මනා ලෙස නඩත්තු කරන ලද මල් පැල එහි දෙපස සීමා සනිටුහන් කල අතර, බැසයන හිරුගේ ආලෝකය වැදී ඒවා දිළිසුම් දෙමින් පැවතුණි. මාවත දෙපසත්, පාසල් භූමියේත් තැනින් තැන මනා සෙවණින් යුතු සුවිසල් වෘක්ෂයන් වූ අතර ඒවා පාමුල බංකු තබා තිබුණි. විදුහල් බිම ජන ...
පෘථිවි ආගමනය - (iv-කොටස) තරු මිතුරෝ "මං මේක විතරක් අතේ අරන් යන්නම්.... අනික් බෑග් ටික අපි එහෙනම් ඉස්කෝලෙට යවමු."අදාල ගමනාන්තය පවසන ලදුව, සිෆ් වරයා ඔවුන්ගෙන් නික්ම යන්නට වූ අතර පියා සහ දැරිය යාත්‍රාංගනය පසක වූ ගොඩනැගිල්ල වෙත පියවර එසවූහ.ස්වයංක්‍රීය පිරික්සුම් දොරටු පසු කරමින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි ඔවුන්ගේ දර්ශණ පථයට හසු වූයේ ඉදිරියෙන් ඇදී යන මහාමාර්ගයයි. දෙපසටම රථ වාහන ගමන් කල හැකි සේ තනා තිබූ එහි එක් ...
අපූරු පාසලේ පළමු දිනය - (ii-කොටස) තරු මිතුරෝ "තරු රටා පාසල් ජාලයේ අනෙකුත් පාසල් වලට වඩා තරමක් වෙනස්, සුවිශේෂී පාසලක් විදිහට සැජිටේරියස් පාසල හඳුන්වන්න පුළුවන්. ඉන් ප්‍රධානම දේ තමයි 'ශිෂ්‍ය රුචිකත්වය' ට මුල් තැන දෙන ඉගැන්වීම් ක්‍රමවේදයක් මෙහි භාවිත කිරීම. මේ ක්‍රමයේදී ශිෂ්‍යයාට පාසල් පරිපාලනයෙන් ලබාදෙන කාලසටහනට අනුගතව විෂයන් ඉගෙනගන්නවා වෙනුවට තමන් කැමති වේලාවකදී කැමති විෂයයක් හැදෑරීමේ අවස්ථාව ලබා දෙනවා. සෑම වාරයක් ආරම්භයේදීම එම වාරයට අදාල විෂයන් ...
රාත්‍රී ලුහුබැඳීමක් තරු මිතුරෝ සිව් මිතුරන්ගේ විවාදයෙන් අනතුරුව තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. පැහැබර කාළගුණයෙන් යුත් එම දින කිහිපයේදී ජිම්ගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නොකඩවා සිදු කෙරුණු අතර පාසලේ අධ්‍යයන කටයුතුද වෙනසකින් තොරව ගලා ගියේය. මේ කාලය තුලදී කිසියම් හෝඩුවාවක් වත් නොලත් හෙයින් ට්‍රාන්ස්මිටරය පිලිබඳ උනන්දුව සිව් මිතුරන්ගේ සිත් තුලින් මොහොතකට ඉවත්ව ගොස් තිබුණි. මේ වන විට විෂයයන් බොහොමයක ප්‍රගති පරීක්ෂණ ආරම්භ ...
පෘථිවි ආගමනය - ( iii-කොටස) තරු මිතුරෝ සැබැවින්ම එය ප්‍රියජනක සන්ධ්‍යාවක් විය. නීල වර්ණ නුබ කුස වසාගෙන පැතිරී තිබුණු වලාවන් අහස් තලයම තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි. එක් අන්තයක වූ පුළුල් ගොඩනැගිල්ලක් සහ ඒ හා සම්බන්ධව නිමවා තිබූ සුවිසල් තාප්පයකින් වටවූ විශාල බිම් කඩ මත, තැනින් තැන නවත්වා තිබූ විවිධාකාර හැඩයන්ගෙන් හා විවිධාකාර ප්‍රමාණයන්ගෙන් යුත් අභ්‍යවකාශ යානාවන් බැසයන හිරුගේ රශ්මිය වැදී දිළිසුම් දෙමින් පැවතුණි. විටින් විට ඒවා ...
පෘථිවි ආගමනය - (ii- කොටස) තරු මිතුරෝ දැරියගේ අවධානය කවුළුව වෙතින් බැහැරව තමා ඉදිරියෙන් වූ පුළුල් තිරය වෙත යොමුවිය. කෙමෙන් චලනය වන නීල වර්ණ පෘථිවියේ සහ අයිස් යුගයෙන් පසු දැනට ඉතිරි වී ඇති එකම ගොඩබිම් තලයේ දර්ශනය දෙස ඈ ඇසිපිය නොහෙලා බලා සිටියාය."තාප ආවරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා..."ඇගේ අවධානය බිඳී ගියේ යාන්ත්‍රික ගැහැණු කටහඬකින් ඇසුණු පණිවිඩයක් නිසාය. මේ වන විට ඔවුන් රැගත් යානය පෘථිවි වායුගෝලය හරහා යෑම ...
පෘථිවි ආගමනය - (i- කොටස) තරු මිතුරෝ සැබැවින්ම, එය නවමු අත්දැකීමකි. "සමපාත යන්ත්‍රය" හරහා ඈ විශ්වයේ මේ තරම් දුරක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. තාරකා විද්‍යාඥයන් විසින් "හැත්තෑ නව වෙනි ග්‍රහලොව" ලෙස හඳින්වූ ඇගේ මව් ග්‍රහලොවේදී නම් වරක් "අයිස් ග්‍රහයා" වෙත යෑමටද, තවත් වරක් "වාමන ග්‍රහලොවේ" විද්‍යාගාර වෙත යෑමටද ඇය එය භාවිතා කර තිබුණි. එම ගමන් වලදී නම් ඇය එතරම් විශ්මයකටත්, චකිතයකටත් පත් නොවූයේ මව් ග්‍රහලොවේ සිට නුබ ...
ෆියෝනාගේ හෙලිදරව්ව - (ii-කොටස) තරු මිතුරෝ "අයියෝ චමිල.... වැදගත් දෙයක් කියන්නකෝ...." "ඇයි ඒක වැදගත් නැද්ද? වහලේ උඩට කොහොමද 'ගැමන්' කෙනෙක් ගියේ කියන එක?" "එයා වහලේ තියෙන වීදුරු කවුළුවක් පාවිච්චි කරන්න ඇති.... විහිළු නතර කරලා කියන්නකෝ ඔයාට කුළුණක් හරි, ඇන්ටනාවක් හරි පේනවද කියලා...." ජෙරමිගේ දෑස තවමත් රැඳී ඇත්තේ සියත රැඳි උපකරණයේ තිරයේ ය. චමිල තමා සිටි තැනින් මදක් ඉදිරියට ඇවිද ගියේය. "මෙහෙයුම සම්පූර්ණයි. ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ ...
අමතක නොවන රාත්‍රියක් - (i-කොටස) තරු මිතුරෝ සිත සතුටින් පවතින විට කාලය වේගයෙන් ගලා යන බැව් සපථ කරමින් තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. මේ කාලය තුලදී තම පන්තියේ මෙන්ම ඉහල ශ්‍රේණිවලද සිසු සිසුවියන් බොහෝ දෙනෙකු දැන හඳුනා ගැනීමට හසාරාට අවස්ථාව උදාවිය. සුහදශීලී මෙන්ම නිහතමානී දැරියක් වූ ඈ සියල්ලන්ගේම ගෞරවයද නිතැතින්ම හිමිකර ගත්තාය. නමුත් මෙහිදී ද ඈ අකමැතිම දෙය වූයේ සියල්ලන්ම තමාට 'කුමරිය' කියා ආමන්ත්‍රණය ...
අළුත් මිතුරියක් - (iv-කොටස) තරු මිතුරෝ "ආ.... ඔව්.... න්.... නෑ.... නෑ.... තමුන්ලට ඒ කථාව අදාල නෑ....."පියවි සිහියට එළඹෙමින් ජිම් පැවසුවේ දැඩි හඬිනි."මට දැන් යන්න වෙනවා.... වැඩ ගොඩක් තියෙනවා.... ගැහැණු ළමයින්ගේ නාන කාමර මේ කොරිඩෝවේ කෙළවරම තියෙනවා.... පාඩම් කාමරය පහළ තට්ටුවේ තියෙනවා.... ඒ වගේම තමයි මතක තියාගන්න, මේ නේවාසිකාගාරයේ විනය ගැන මං බොහොම තදින් හොයා බලනවා...."හේ පැවසුවේ හසාරා වෙත වැඩි අවධානය යොමු කරමිනි. ඈ කිසිවක් පවසන්නටත් ...
ප්‍රධාන ඇන්ටනාව බලා.... තරු මිතුරෝ එළඹුණු ඉරිදා දිනය ජෙරමිට නම් බොහෝ කාර්යබහුල වී තිබුණි. ප්‍රධාන පරිගණකයේ දත්ත ගබඩා හා සම්බන්ධ වී, ට්‍රාන්ස්මිටරය පිළිබඳව තොරතුරු සෙවීමට දවසින් වැඩි කාලයක් මිඩංගු කර සිටි හේ කෙතරම් අපහසු වුවද එය විකේතනය කිරීමේ කාර්යයටද අතගසා සිටියේය. දිනය පුරා විවේක සුවයෙන් පසුවූ චමිල; ආහාර අනුභව කිරීමේ වේලාවල් මතක් කර දෙමින් සිය මිතුරාට මහත් සහයක් දැක්වූ අතර ඒවා නොතකා සිටින විටදී ...
පාගමනක් තරු මිතුරෝ සිය ප්‍රථම පාසල් දිනය ආරම්භයේදී තරමක චකිතයක් හසාරාගේ සිත තුල තිබුණද දිනය ගෙවී යද්දී එය යටපත් කරමින් ප්‍රීතිය මුසු හැඟීම් පෙළක් නැගී එන්නට විය. එම හැඟීම් පෙළ දෙගුණ තෙගුණ වූයේ පාසල අවසන් කිරීමට තවත් හෝරාවක් පමණ තිබියදී ගුරුවරිය ඉදිරිපත් කල අපූරු අදහසක් නිසාවෙනි."මොකද කියන්නේ.... අපි ටිකක් ඇවිදින්න යමුද?"සිසුහු එක හඬින් එයට කැමැත්ත ප්‍රකාශ කළහ. මුළු උදය වරුවේම ජිම් සමග ...
ක්ෂුද්‍ර ට්‍රාන්ස්මිටරය තරු මිතුරෝ "මේ වගේ උපාංග පොදුවේ හඳුන්වන්නේ 'ටී.පී.ඒ.එස්. ට්‍රාන්ස්මිටර්ස්', ඒ කියන්නේ 'තාප බලගැන්වුම් ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂක' ( Thermal Powered Analog Signal Transmitter) කියලයි"උදෑසන ආහාරයෙන් අනතුරුව නැවත කුටියට එක්වී සිටි මිතුරන් අමතමින් ජෙරමි පැවසීය. සුපුරුදු ලෙස හේ පරිගණකය ඉදිරිපස හිඳ සිටි අතර ඔහුගේ දෙපසින් හසාරා සහ චමිල අසුන් ගෙන සිටියහ. "මේක ඔත්තු බැලීමේ උපකරණයක්.... නමුත්, බය වෙන්න දෙයක් නැහැ. දැනට මම මේ උපකරණය ...