ක්‍රිස්තියානි/කතෝලික මිත්‍යාව. (1 කොටස) (අ)සම්මත සටහන් කිතු දහම යනු බිලියන 2.2 මිනිසුන් විසින් අදහනු ලබන ලෝකයේ වැඩිම අනුගාමික පිරිසක් සතු විශාලතම ආගමයි. සර්වබලධාරී මැවුම්කාර දේව සංකල්පය මත ඇති විශ්වාසය පදනම් කොට දෙවියන්වහන්සේ, ජේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ හෙවත් ශුද්ධවූ ත්‍රීත්වය යන චරිත මූලික කොටගෙන ඒ වටා ක්‍රිස්තියානි ආගම ගොඬනැගී ඇත. ක්‍රිස්තියානි අනුගාමිකයින් විසින් දේව අනුභාවය ඇතුව ලියන ලදැයි විශ්වාස කෙරෙන ‘ශුද්ධ වූ බයිබලය’ නම් ග්රන්ථයෙහි සඳහන් ...
හෙළයෙක් වීම; ආඩම්බරයි තේරුමක් නැතිව! (අ)සම්මත සටහන් ඕන් එක්තරා රටක රජතුමෙක් හිටියලු හරිය. මේ රජතුමා ශාකසාරමය දූම පානයක් දාගෙන සඳට සැතැප්මක් තියාගෙන, රැවුල කරකව කරකව සඳලු තලේ සක්මන් කොර කොර ඉන්නකොට (සිතන්ඩකෝ මාළිගාව තියෙන්නේ සීගිරිය වගේ පර්වතයක් උඩ කියලා) පොරට ඈතම ඈත මේ ඩොටේ පෙනුනලු ගොයියෝ ටිකක් ගොයම් හිටවනවා. වැවයි පන්සලයි ගමයි දාබැයි වගේ ඊලඟට දැක්කලු වැවේ මාළු අල්ල අල්ල ඉන්න ධීවරයෝ ටිකක්. ඊට ටිකක් මෙහායින් වෙන්ඩ, ...
කිම් කාර්ඩෑශියන්ගේ ගේ රෝස පාට ජංගිය ඇඳගත් අනෝමා ජනාදරී (අ)සම්මත සටහන් කලාකරුවන් මුලීකව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියැයි බ්ලොග්කරු විශ්වාස කරයි. තමන්ගේ කලා හැකියාව මතම රඳා පවතින්නන් ජනප්‍රියතාව මතම රඳා පවතින්නන්. හොලිවූඩයේ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොබර් ඩී නීරෝ, එංගලන්තයේ එල්ටන් ජෝන්, ලංකාවේ ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වැන්නන් අයිතිවන්නේ පළමු කාණ්ඩයටය. මෙම කාණ්ඩයේ කලාකරුවන්ගේ කලා හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ගේ ජීවන චක්‍රය (life cycle) බොහෝ විට වයසින් ස්වායක්ත වේ. එනිසා ඔවුන් වයස් ගත ...
පෝය සහ ඉරිදා දිනවල ටියුෂන් පන්ති තහනම් කරනු ! (අ)සම්මත සටහන් වර්තමානයට වඩා අපේ රට, අපේ ආගම, අපේ සංස්කෘතිය සහ අපටම ආවේණික වෙච්චි සදාචාරාත්මක ගුණවගාව සෝදාපාළුවට ලක් වීමේ තර්ජනයට ලක් වුන කාලයක් තවත් නැති තරම්. ඉතින් මේ අවාසනාවන්ත තත්වයෙන් අපේ මව් රට බේරා ගැනීමට නිසා ‘ජාතියේ පිනට උපන් වීර පුතුන්ගේ සංගමය’ වන අපි විශේෂ පරීක්ෂණ මාලාවක් දියත් කලා මෙහි අග මුල හොයා ගැනීමේ අරමුණින්. නොකා නොබී දිවා රෑ නොබලා නිදිවර්ජිතව පර්යේෂණ ...
අහෝ ගප්පියා නොදිටි මොක්පුර (අ)සම්මත සටහන් අන්තර්ජාලය හරහා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුන ගප්පියා ගැන නොදන්න තරුණයෙක්/තරුණියක් ඇත්තේම නැති තරම්ය. එනිසා ගප්පියා ගැන කෙටි හෝ හැඳින්වීමක් කිරීමට බ්ලොග්කරු අදහස් කරන්නේ නැත. තෙවසරකට පෙර YouTube වෙබ් අඩවිය හරහා තම පළවෙනි වීඩියෝව ඉදිරිපත් කල ගප්පියාගේ වීඩියෝ නැරඹූ පිරිස දැනටම 4,118,998 කි. ඔහුගේ YouTube Channel එක Follow කරන පිරිස මෙම සටහන පලකෙරෙන මොහොත වන විට 30,220 කි. ...
පිං මාළු වලේ කුසල් හාමිලාගේ සත්ව අවිහිංසාව (අ)සම්මත සටහන් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම නිමිති කොට ගෙන සංවිධානය කොට තිබුණු අවුරුදු උත්සවයකදී ප්‍රකට දේශපාලකයෙකු වන කබීර් හෂීම් මහතා විසින් අලියාට ඇහැ තැබීමේ තරඟයක් සඳහා සැබෑම අලියෙකු යොදාගත් අයුරු දැක්වෙන් ඡායාරූපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක් විය. අවුරුදු උත්සව ආශ්‍රිතව සුලබ ක්‍රීඩාවක් ලෙස සැලකෙන අලියාට ඇහැ තැබීම තරඟයේදී සාමාන්‍යයෙන් රූපමය වශයෙන් යොදාගන්නා ඇත් රූපයක් වෙනුවට සැබෑ අලියෙක් යොදා ගැනීම ...
බන්දු සමරසිංහ – තොට දැන් හිමි දඬුකඳ ය (අ)සම්මත සටහන් බන්දු සමරසිංහ විසින් කෙරුන පැමිණිල්ලකට අනුව බින්දු බෝතලේගම නම් වූ පුද්ගලයෙක්ව අත් අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කොට ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනාව නම් බන්දු සමරසිංහගේ අවසරයකින් තොරව ඔහුව අනුකරණය කරමින් සී.ඩී තැටි විකිණීම සහ රංගන කටයුතු වල යෙදීමය. ඇප ලබාගෙන උසාවියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ බින්දු බෝතලේගම පවසා සිටියේ බන්දු සමරසිංහ විසින් ඔහුව අනුගමනය කිරීමේ වරදට තමාට නඩු දමා ...
අපි – Rational ආගම්කාරයෝ (අ)සම්මත සටහන් අපි අපේ ආගම අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. අපි අපේ ආගම ගැන හදාරල, කියවල, හොයල බලල තමා තීරණය කලේ අපට උපතින් ලැබුන අපේ ආගම නිවැරදිම එක කියල. අපි Rational ආගම් කාරයෝ !! අපි තර්කානුකූලව හිතලයි තීරණය කලේ අපේ ආගම තමා ඇත්තම ආගම කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක ...
බින්දා නෙමේ බිඳුනා. කැඩුවා නෙමේ කැඩුනා. වැට්ටුවා නෙමේ වැටුනා (අ)සම්මත සටහන් එදිනෙදා ජීවිතයේදී එකිනෙකා අතින් සිදුවන අත්වැරදීම් සම්බන්ධව ඔවුනොවුන් ප්‍රතිචාර දක්වන විලාශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කෙටි සටහන ලියන්න අදහස් කලෙමි. එදිනෙදා ජීවිතයේදී තමාගේ ප්‍රියයන් අතින් සිදුවන අත්වැරදීම් ගැන කුපිතවීම දෙමාපියන්, දරුවන්, සැමියන්, බිරියන්, පෙම්වතුන්, පෙම්වතියන්, යහළු යෙහෙළියන්ගෙන් සිදුවන විශාල වැරැද්දක් කියන එකයි බ්ලොග්කරුගේ පුද්ගලික මතය. අත්වැරදීමක් යනු අප කාගෙ අතින් වුනත් සිදුවිය හැකි අනපේක්ෂිත වූ වැරැද්දක්. අත්වැරදීමක් සිදුවන්නේ බලාපොරොත්තු රහිත ...
Wedding වසංගතය ගැන (අ)සම්මත සටහන් එකිනෙකාගෙන් වෙනස් වූ ජීවන අරමුණු සහ වටිනාකම් වලින් යුත් මිනිසුන් එකම කෝවක දමා මැනීමට හෝ එකම ආකාරයකට හැඩගැස්වීමට උත්සාහ කිරීම ඵල රහිත දෙයක් වගේම සිදු නොවිය යුත්තක්. එහෙත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට දිනෙන් දින පත් වෙමින් තිබෙන අහිංසක මධ්‍යම පාන්තිකයින් දැන හෝ නොදැන ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙමින් තිබෙන සීග්‍ර ලෙස දැනටම පැතිර ඇති වසංගතයකට සමාජයෙන්ම ප්‍රතිරෝධයක් ඇති වීමට කාලය එලඹ ...
නිදහස් චින්තනය ; මනසේ යදම් හැර දා (අ)සම්මත සටහන් නිදහස් චින්තනය යනු යම් අදහසක් හෝ මතයක් ගොඩනඟා ගැනීමේදී ආධිපත්‍ය, සම්ප්රදාය, චාරිත්‍ර, සංස්කෘතිය සහ පොදු සම්මුතීන් වලින් ස්වාධීනව තර්කයෙන් සහ විචාරයෙන් තම අදහස් සහ මතවාදයන් ගොඩනඟා ගැනීමයි. නිදහස් චින්තකයින් විසින් ඔවුන් වෙත සත්‍යය යැයි ඉදිරිපත් කෙරෙන අදහස් තර්කයට සහ විචාරයට බඳුන් කිරීමෙන් පසුව පමණක් පිලිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම සිදුකරනු ලබයි. මොවුන් නිගමනයන් වලට එලඹීම සඳහා පදනම් කරගන්නේ විද්‍යාත්මක විමර්ශනය, තර්කානුකූල ...