බයිසිකලේ කාගෙ වාහනේද..??? Hotgozipp මම මේ කියන්න යන්නෙ මම 10 වසරෙ ඉගෙන ගන්න කාලෙ වෙච්ච රසවත් කතාවක් හරිය. රසවත් කතාවක් කිව්වට මොකද ඕක වෙච්චි දවසෙ අපිට හිනා වෙලා පණ නෑ. එහෙනම් අහගන්නකො කතාව, ඔන්න එදා 7 හෝ 8 වෙනි පීරියඩ් එක යන්නෙ දැන්, මේ වෙලාවට තියෙන්නෙ අපිට සිංහල. සිංහල පීරියඩ් එකට මාරු උනා විතරයි සර් එනකං ළමයි බර කතාව. සමහරු පන්තිය වටේ යනවා, ...
මේ තරම් සියුමැලිද කළුගල්... Hotgozipp මේ ලියන්න යන්නෙ නම් වල් පල් ටිකක් නම් නෙමෙයි ඕන්, ටිකක් එහෙමත් තමයි. ඒත් එහෙම්මමත් නෑ. කමක් නෑ කොයි එක උනත් වල් පල් නැත්තම් රහකුත් නෑ නෙව. මම මේ මෑතකදි ඉන්න ගමන් පට්ටම සිංදුවක් ඇහුව, ඒක මම යූටියුබ් එකෙන් අහල මූණු පොතටත් ෂෙයාර් කලා. ඒක කොච්චර ලස්සන සිංදුවක් උනත් ලයික් 2යි වැටුනෙ, එකක් මගෙන්. අනෙක මම දන්න කියන අක්ක කෙනෙක්ගෙන්. ...
පට්ට කෑල්ල හා ගොඩේ කෙල්ල... Hotgozipp මම කලින් දැම්මනෙව මේ තරම් සියුමැලිද කළුගල්.. කියල ලිපියක්. ඕකට මට ඕනෙ වුනා සාමාන්‍යයෙන් චාම් රූමත් තරුණියකගෙ පිංතූරයක්. සාමාන්‍යයෙන් මට නම් කොහේ ඉන්න කෙල්ලොන්ටත් වඩා ලංකාවෙ කෙල්ලො ලස්සනයි, ඒ වගේම කොහේටත් වඩා චාම් නෙව. මම ඉතින් sri lankan girls කියල ඉන්ටර්නෙට් එකේ සර්ච් කලා, මේ චවන දෙක තුනේ ඉතින් කැත අදහසක් නෑ නෙව, ඒත් මුල් පිංතූර 12 අතර පවා ...
සොඳුරු මිනිසාගේ නික්ම යාමට වසර පහයි... Hotgozipp මා ලබැඳි බ්ලොග් කාරියක වන සයුරි අක්කා ලියූ නිකොලායි ටෙස්ලා ගැන ලිපිය කියවූ විට මට එකපාරටම මතක් වුනේ අපේ රටේ හිටපු වැඩිය කවුරුවත් නොදන්නා ශ්‍රේෂ්ඨ මිනිසකු වන අමිත් මුනීන්ද්රදාසයන්ව. මම ඉතාමත්ම ගරු කරන පුද්ගලයෙක් තමයි ඔහු. මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී 41වැනි වියේදී එතුමා අප අතරින් සමුගත්තා, ඒ 2007වසරේ ජූනි මාසයේ 11 වෙනිදා ඊශ්‍රායලයේදීයි. එම මරණය ...
ගල්කිස්සෙ ආතල්... Hotgozipp හුඟ කාලෙකට පස්සෙ පෝස්ට් කෑල්ලක් ලියන්න ආවෙ, දන්නැද්ද ඉතිං.. මීට පස්සෙ නං දිගටම ලියන්න තමා කම්පනාව. මම මේ කියන්න කියල හැදුවෙ ගල්කිස්ස සම්බන්ධ පොඩි කතාවක්. මේක දැනට අවුරුදු හතරකට විතර කලිං වෙච්ච සිද්ධියක්. මෙන්න මේකයි කතාව. අපේ ඥාතිවෙන අයිය(මෙයාගෙ නම උදිත හොඳේ) කෙනෙකුයි එයාගෙ යාලුවෙකුයි අපේ ගෙදර නැවතිලා ඉඳං රත්මලානෙ එන්.සී.අයි.ටී. කියල එකක ඉගෙන ගත්ත. දෙන්නම සිවිල් ඉංජිනීයරින්ග් කලේ. ...
නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (02වන කොටස) Hotgozipp "හොදයි වින්ස්ටන්ට් මහත්මයා...." තමා බ්ව් වීදුරුව මේසය මත තබමින් ෆෙඩ්රික් පැවසීය. "නෑ....මේ.... මම කල්පනා කලේ මට වැඩිය දක්ෂ ඉංජිනේරුවන් ඕනෙතරම් වොෂින්ටනයෙ ඉදලත්...." වින්ස්ටන්ට් තමා ඉදිරිපස වූ ටීපෝව මත ඇති මල් බදුන දෙස බලමින් පැවසීය." නෑ.... අපි ඒක හෙට කතාකරමු, මට තව වැඩ ටිකක් තියෙනව... එහෙනම් නොවැරදීම හෙට උදේ අටහමාර වෙනකොට අපේ මූලස්ථානයට එන්න. මම ගිහින් එන්නම්...." ෆෙඩ්රික් වින්ස්ටන්ට්ට සමුදුන්නේය. ...
නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (01වන කොටස) Hotgozipp "ලබන අවුරුද්දෙ අවසානය වෙද්දි රුසියාව කරපු හැම පර්යේෂණයකම දත්ත ටික අපි ලග තියෙන්න ඕනෙ. තාම අප්‍රේල් නිසා මේ අවුරුද්දෙත් තව මාස අටක් විතර තියෙනව. න්‍යෂ්ඨික පැත්තෙන් සෑහෙන පර්යේෂණ ප්‍රමාණයක් හොර රහසේම කෙරෙන බවට අපේ බුද්ධි අංශ වාර්තා කරල තියෙනව. ඒක තමයි අපි මුලින්ම ඉලක්ක කර ගන්න ඕනෙ, ඒ වගේම තමයි කෘත්‍රීම බුද්ධිය සහිත යුධ අවි පිළිබදව කරන පර්යේෂණ කරන ...
අයියෝ...!!! (දුක්මුසුව ලියමි...) Hotgozipp මා අවසන් වරට පල කල ලිපියේ මාතෘකාව සංවේගයෙන් දැනුම් දීමයි ලෙස යෙදුවේ ඉඳුරාම එම ලිපියේ මා අදහස් කල අදහස සිතෙහි තබාගෙන මිස දිගින් දිගටම සංවේදජනක මාතෘකා යෙදීමේ බලාපොරොත්තුවෙන් නොවේ. එම ලිපියෙන් පසු තුංමාසයක් ගතවුවද මා හට ලිපියක් පල කිරීමට නොහැකිවූයේ මාගේ විවිධාකාර අධ්‍යාපන කටයුතු, රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ(මෙය දැන් වෘත්තයේ මට්ටමෙන් සිදුවන බව කරුණවෙන් සලකන්න. සම්මුඛ පරීක්ෂණ සඳහා යෑමට වැයවන ...
සංවේගයෙන් දැනුම් දීමයි..!!! Hotgozipp බුදු සරණයි.මා ආදරණීය, හිතාදර, දයාබර, ලබැඳි, ලෙන්ගතු,සහෘද, සෙනෙහෙබර, ලයාන්විත... බ්ලොග්කරුවන් වෙත, මා හට මුහුණ පෑමට සිදුවූ අධික වෙහෙසකර මෙන්ම මග හැරීමටද නොහැකි සිද්ධීන් කිහිපයක් හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක් පෝස්ට් දැමීමට නොහැකි වූ බව මෙයින් දිවුරා ප්‍රකාශ කරමි. එසේ වුවද මා සිටිනා තැනක සිට මාගේ සහෘද බ්ලොග් කරුවන්ගේ සියලුම පෝස්ට් කියවූ බවත් මා ආදරණීය බ්ලොග් සහෘදයන් වන නොඳුටු අයියා හා ...
මන්ඩිපාලගේ සින්ඩි පිටුව.. Hotgozipp මේක ඉතින් පොඩි කතාවක්. නිකම් ඉන්න ගමන් හිතිච්ච දෙයක්. මම ඉතින් බ්ලොග් කෙරුවාව පටන් අරන් දැන් වැඩි කාලයක් නෑ නෙව. ඉතින් ඔය ආපු ටික දවසට කොහොම කොහොම හරි පෝස්ට් කෑලි නමයක් දහයක් දා ගත්ත. ඉතින් පෝස්ට් කෑලි දාල විතරක් මදි නෙව, මේක කියවන්නත් උදවිය ඉන්න එපැයි. ඉතින් මගේ සහෘද බ්ලොග් කරුවන්ගෙ කාරිනියන්ගෙ බ්ලොග් අඩවි වලට ගිහින් එතනින් සින්ඩි හොයාගෙන ...
නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (03වන කොටස) Hotgozipp විනාඩි විස්සක පමණ ගමනකින් පසුව මෝටර් රථය පෙන්ටගනයට ලඟා විය. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවන විට මෝටර් රථය එක්තරා කාමරයක් හරහා ගෙන යන ලෙස ආරක්ෂක නිලධාරී තැන විසින් රියදුරාට අණ කෙරෙනි. එම කාමරය තුලින් යන විට මෝටර් රථය පූර්ණ පරීක්ෂණයකට ලක් කෙරේ, එය ස්වයංක්‍රීයව සිදුවන්නකි. පරීක්ෂණය සමත් වු විට කාමරයේ ඊලඟ දොර ඇරේ, එයින් පිට විය හැක. වින්ස්ටන්ට් හා ෆෙඩ්රික් රැගත් ...
ඔබට උරුම වු රිදුනු තැවුනු හද... Hotgozipp මගේ මේතරම් සියුමැලිද කළුගල්... ලිපියට අදහස් දක්වපු THE THINKER ආදරණීය සහෝදරයගෙන් තමයි මට මේ ලිපිය ලියන්න කියල ඉල්ලීමක් ලැබුනෙ, එම ඉල්ලීම තුලින් මා ලද සතුට ජවය හා ධෛර්යය වෙනුවෙන් මුලින්ම මගේ හෘද්යෘංගම ස්තුතිය ඔහුට පලකරන්න ඕනැ, එමෙන්ම එම ගීතයේ විවරණයට අදහස් දැක්වූ මා හිතැති සියලුම පාඨක සහෘදයන්ට මාගේ හෘද්‍යාංගම ස්තුතිය. සදකඩ පහනක ගීතය මම මුලින් අනේක වාරයක් ඇසුවද එහි තේරුම ...
මූණු යවන්න ගිහිල්ල වෙච්ච දේ... Hotgozipp මේ කියන්න යන්නෙ මේ මෑතකදි මට මූණු පොතේදි වෙච්ච පට්ටම මෙව්ව එකක්. එදත් පුරුදු විදියටම මම වෙන වැඩක් කරන ගමන් මූණු පොතෙත් ලොග් වෙලා හිටිය. මූණු පොතට ලොග් උනාට මොකද ඒ ගැන හාන්කවිසියක් වත් තිබුනෙ නෑ, වැඩේට බැහැලම හිටියෙ. ඒ අස්සෙ හිටපු ගමන් ටික් ගෑව, “ඒ මොකාද යකෝ ඒ, මොකා උනත් දැන් නම් මාර ඇණයක් වෙයි මූ...” කිය කිය මූණු ...
නුඹව ගෙනල්ල මට හඳෙන් තියන්න පුළුවන්නම්.... Hotgozipp නුඹ ඉන්නෙ මගෙන් කිලෝමීටර සිය ගණනක් ඈතින් ජනේලෙන් පේන හඳ තියෙන්නෙ කිලෝමීටර දස දහස් ගණනක් ඈතින් හඳ නුඹට වඩා දහස් ගුණයක් ඈතින් තිබිලත් මට හැමදාම පේනව කිලෝමීටර සිය ගණනක් ඈතින් ඉන්න නුඹ දකින්න මම දස දහස් වාරයක් කල්පනා කරනව නුඹව ගෙනල්ල මට හඳෙන් තියන්න පුළුවන්නම්.... ...
ඉදින්නම් දෑස අයා.... Hotgozipp "ඉදින්නම් දෑස අයා ඔබ එන තුරු කල්ප කාලාන්තරයක් උවද, මගේ කල්පය ඔබ විනාඩි කිහිපයකින් ගෙවා දමනු නිසැකය..."
මන්ඩිපාල ගැන පොඩ්ඩක්... Hotgozipp අපේ අම්මයි තාත්තයි දෙන්නම ආණ්ඩුවෙ රස්සා කරන උදවිය, මම තමයි පවුලේ වැඩිමලා. මම මේ කියන්න යන්නෙ මම හිංචි එකා කාලෙ වෙච්ච වැඩක්. අපේ ගෙදර තේ හැදුවම හැමෝම එකට තේ බොන්නෙ, මම පවුලෙ වැඩිමලා නිසා මම හිංචි එකා කාලෙ අපේ ගෙදරින් ප්ලේන් ටී බොන්නෙ අම්මයි තාත්තයි විතරයි, අනෙක අපි තුන් දෙනා විතරයිනෙ ගෙදර. මට ඒ කාලෙ කිසිම දෙයක් කවන්න බෑලු, කැව්වට ...