ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මට ද ආදරේ කියා තිබේ...!!! Gee Pothai Meewithai අප ආදරණීය ගීපද රචක සුනිල් ආර් ගමගේ විසින් රචිත, අප අතරින් වියෝවූ ආදරණීය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තමන් හැරගිය ඇය තවකෙකු සමඟ පෙමින් බැඳී සිටිනු දැක, ඔහුට ඇය පිලිබඳ කරන කාරුණික අවවාදයක් සමඟම තනිවූ පෙම්වතාගේ සිතේ අවදිවන මතක ආවර්ජනයන් ඔහු රිදවන අන්දමත් කදිමට කියාපාන ගීයකැයි මට සිතේ.Read more » ...
ඔබට මා ආදරය කල බව මෙතරම්...!!! Gee Pothai Meewithai මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේය පද රචනයට එච් එම් ජයවර්ධන සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන මෙම ගීතය බිරිඳක තම ස්වාමියාගේ තාවකාලික වෙන්වීමෙන් පත්වන අසරණ කම, පාලුව, තනිකම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සමත්වූ ගීතයක් ලෙසින් දැක්විය හැකිය.Read more » ...
එදා මෙදා තුර..!!! Gee Pothai Meewithai මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන් විසින් සංගීතවත්කොට ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතයේ ඇති අවිනිශ්චිත බව, වියෝවේ ඇති කටුක බව මෙන්ම ප්‍රේමය යනු හුදු හැඟීම් සමුදායක් පමණක් නොව අප තුල ජීවත්වන අපව ජීවත් කරනව තවත් ප්‍රාණියකු තරමටම ප්‍රබල බවත් විදහා දක්වන ගීතයක් ලෙසින් මට දැනේ.Read more » ...
ආරාධනා....!!! Gee Pothai Meewithai තම කුලුඳුල් චිත්‍රපටිය වන දුහුල් මලක් චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශ ගේය පද රචනාවෙන්ද, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය වියෝවේ කටුක බවත් එයින් මිනිසුන් පත්වන අසරණ ස්වභාවයත් හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කරන ගීතයක් ලෙසින් දැක්විය හැකිය.Read more » ...
රන් කෙන්දෙන් බැඳ....!!! Gee Pothai Meewithai විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද දුහුල් මලක් චිත්‍රපටිය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් විසින් රචිත, සරත් දසනායකයන් සංගීතවත් කොට, විශාරද නන්දා මාලිනිය ගේ සුමධුර හඬින් අප හදවතට සමීප වන මෙම ගීතය ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් ඉදිරිපත් කරයි.Read more » ...