කොබෙයියනේ අළු කොබෙයියනේ.. Gee Pothai Meewithai දීපිකා ප්‍රියදර්ශනී ගේ ලයාන්විත හඬින් ගැයෙන ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන්නට යෙදුනු මෙම ගීතය කුමාර ලියනගේ විසින් පබැඳූවකි. රචකයා සතු ගැමි සංස්කෘතිය පිලිබඳ අවබෝදය සහ ඒවා තම නිර්මාණ කරනයේදී ඉතා සාර්ථක ලෙස භාවිතාවද මෙම ගී පද රචනයෙහි දකින්නට තිබේ. මෙහි කථා නායකයා මවකි. මේ ඇයගේ විලාපයයි... හෝ හෝ හෝහෝ හෝ හෝම් ම් ම්.. ම් ම්..කොබෙයියනේ අළු කොබෙයියනේ..තෝර පෙතේ අර වැට ළඟ ...
අන්න බලන් සඳ රන් තැටියෙන්.. Gee Pothai Meewithai මෙම අරුත් පුන් ගීතය බෙන් සිරිමාන්න විසින් ‘කුණ්ඩලකේශී’ නාට්‍යයට ගැයූ ගීතයකි. මෙම ගීතය මෙන්ම නාට්‍ය ද මහගම සේකරයන් ගේය. මෙයට වස්ථු විෂය වන්නේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රතනාවලියේ එන කුණ්ඩලකේශී කතා පුවතයි. කතාව සැකෙවින් මෙසේය.භද්දා නම් සිටු දුවක් මරණයට ගෙන යන සොරකු කෙරේ පෙම් බැඳ මවුපියන්ට ආයාචනා කොට මසුරන් දහසක් දී ඔහු මුදා ගෙන සිය ස්වාමියා බවට පත්කොට ගත්තාය. ...
මගේ බිසොවුනේ අසාපන්... Gee Pothai Meewithai විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම් කතාවක් තිබේ. පද රචනයේ අදහස තවත් තීව්ර වන ආකාරයෙන් මෙය සංගීතවත්කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පලමු පද කීපය මෙලෙසින් වෙයි. මගේ බිසව්නේ අසාපන්නුඹ මන්ද්‍රීදේවී නොවුනිදුෂ්කරවූ ඒ ...
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්... Gee Pothai Meewithai ජීවිතයේ සැඳෑ සමය අභිමුව සිටින පුද්ගලයකු සිදුකරන අතීතාවර්ජනයක් පිලිබඳ කියැවෙන මෙම ගීතය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ආචාර්ය දයාරත්න රණතුංගයන් මෙය සංගීතවත් කොට ගායනා කරනු ලබයි. ගීතයේ සුන්දරත්වය සේම ගීතය සැකසුනු පසු බිමද ඉතා සුන්දර නිසා එය මෙහි අවසානයේ දක්වා ඇත. සැන්දෑ අහසේඉරට මුවාවෙන්කාලය කවුළු දොරින් මිය යනවාඈත අතීතෙන්පියවර නඟමින්කණ වැල අල්ලන්කවුදෝ එනවාRead more » ...
එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට.. Gee Pothai Meewithai සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ මේ ලෝකයේ සදාතනික ප්‍රේමය නම් මායාවක් මැයි සිතිය හැකි වුවත් එය සැමවිටම එසේ නොවේ. ආත්ම ගනන් දිගහැරුනු ප්‍රේම වෘතාන්ත ද අපට පන්සිය පනස් ජාතකයේ පවා අසන්නට ලැබේ. නමුත් සැබෑ යථාර්ථය නම් එයට වෙනස් නිසා දෝ මන්දා ආනන්ද අමරසිරි ගේය පද රචකයානන් ට මෙසේ සිතෙයි "සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,සොයා නෙක ගම් දනවු පීරා.. ...
ඔබේ දෑසයි.. ඔබේ දෑසයි.. (සුභා තෙරණින් ගේ කතා පුවත) Gee Pothai Meewithai සුභාවිත ගීත ක්ශේත්‍රයේ මහගම සේකර නාමය පිලිබඳ නොදන්නා කෙනෙකු වේනම් එය පුදුමයකි ඊටත් වඩා අභාග්‍යයකි. ඔහු විසින් විවිධ පැතිකඩ ඔස්සේ රචනා කරන්නට යෙදුනු ගීත අතර "ඔබේ දෑසයි.." ගීය ද ඉතා සුන්දර මෙන්ම සාහිත්‍ය වශයෙන් ද වැදගත් වන ගීතයකි. අප හෙළයේ මහා ගාන්දර්වයානන් වන පණ්ඩිත් අමරදේව යන් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය සේකරයන් සතු භාෂාමය දැනුම මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යමයමය ...
මුතු කුඩ ඉහළන මල් වරුසාවේ.. Gee Pothai Meewithai විටෙක සිනා විලෙක පිහිනන ඔවුන් තවත් විටෙක කඳුළු ගංගාවක ගිලෙයි. ප්‍රේමයේ මල් වරුසාවට තෙමෙන ඔවුන්ම විප්‍රයෝගයේ මහා කුණාටුවෙන් තෙත බරිත වී යයි. ප්‍රේමය නම් එයමයි. තමන් මුලු හදවතින්ම පෙම්කල ඔහු හෝ ඇය හැරයාම, අද බොහෝ පෙම්වතුන් විඳ ගන්නේ හැරගිය ඔහුට හෝ ඇයට ද විඳවීමට සැලැස්වීමෙනි. නමුත් මෙම තරුණයා ඔහුට අහිමිවූ ප්‍රේමය දෙස උපේක්ෂාවෙන් බලයි. ප්‍රේමයේ සොඳුරුතම විඳීම එයම නොවේද? අරුත් ...
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ.. Gee Pothai Meewithai අපේ හදවත් වල සදා රැඳුනු ගීත රචනා ගනනාවකම පද රචකයානන් වූ ලූෂන් බුලත්සිංහල අතින් ලියැවුනු "සිරියහනේ ලණු ඉහිරී.." ගීතය තවත් එක් සුවිසේශී ගීතයකි. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරන මෙහි මියුරු සංගීතය එම්.එම්.ජයවර්ධනයන් ගේය. Read more » ...
බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම.. Gee Pothai Meewithai ආචාර්ය අජන්තා රණසිංහයන් ගේ තවත් එක් අග්‍රගන්‍ය ගීපද රචනාවක් ලෙස "බොල් වී අහුරු" ගීතය හැඳින්විය හැක. සරත් දසනායක ගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගේ සුමධුර හඬ මුසුව මෙම ගීතයේ අන්තර්ගත ශෝකය ද රසයක් ම කොට ඉදිරිපත් කරයි. බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..Read more » ...
මගෙ දුවේ නුඹ අවදියෙන් නම්... Gee Pothai Meewithai අනේක විද සෙල්ලම් බඩු, විසිතුරු දේ වලින් තම දරුවන් සතුටු කිරීමට උත්සහ දරණ බහුතර දෙමව්පියන් ඇති අද සමාජයට නැවත වතාවක් සිතන්නට යමක් එකතු කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. ගීතය ලිවීමේ පසුබිම සහ මෙය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ ගායකයානන් ද සංගීතවත් කල ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ද අදහස් අවසානයේ දක්වා ඇත.Read more » ...
අපි අයෙත් හමු නොවුනා නම්... Gee Pothai Meewithai අදටත් එදා මෙන්ම රස විඳිය හැකි, නමුත් එදා තරම් අපට ඇසෙන්නට නොලැබෙන මෙම ගීතය 70 දශකයේ බිහිවූවකි. ආචාර්ය අජන්තා රණසිංහ ගේය පද රචනයෙන් ද, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සුමධුර වූ තනුවකින් ද හැඩවූ මෙම ගීතය අප ආදරණීය සෝමතිලක ජයමහ ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලබයි.Read more » ...
මට කඳුළු එන්න කලියෙන්..... Gee Pothai Meewithai ආනන්ද හේවාරංහිඳගේ ගේය පද රචනාවෙන් ද මහින්ද බන්ඩාරයන් ගේ සංගීතයෙන්ද ඔපවත්ව, දීපිකා ප්‍රියදර්ශනී ගේ හඬින් අප හදවත් වලට සමීප කරවූ මෙම ගීතය ප්‍රේමයේ අපූර්වත්වය සහ එය කෙතරම් අව්‍යාජ ද යන බවත් සිහි ගන්වයි. මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න... මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...Read more » ...
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා... Gee Pothai Meewithai අප ආදරණීය සෝමතිලක ජයමහ විසින් ගායනා කරන මෙම ගීතය, ප්‍රසන්න චන්දන බණ්ඩාර විසින් රචනා කොට එච්.එම් ජයවර්ධන විසින් සංගීතවත් කොට ඇත.එච්.එම් ජයවර්ධනයන් විසින් මෙම ගීතයට යොදා ඇති තනුව මෙම ගීතයේ සංවේදී බව තවත් තීව්ර කිරීමට සමත්වී ඇත. එයටම ගැලපෙන ජයමහ ගායකයානන් ගේ දුක්මුසු කටහඬ රචකයාගේ පදරචනයට ඉහලින්ම සාධාරණයක් ඉටුකර තිබේ.Read more » ...
සන්නාලියනේ.... weavers song Gee Pothai Meewithai සරෝජිනී නායිදු නම් කිවිඳිය ජීවිතයෙන් සමුගෙන මාර්තු දෙවනිදාට (02) හරියටම වසර 65 සපිරේ. මෙම ගීතය ඇය විසින් රචිත "Golden Threshold" කෘතියේ "Folk Songs" යටතේ දක්වා ඇති "Indian Weavers" නැමති කවි පංතියයි. මහගම සේකර ශූරීන් විසින් ඉහත කවි පංතිය අධ්‍යයනය කොට ලාංකීය සමාජයට ගැලපෙන සහ සමාජගතවන අයුරින් යම් වෙනස් කම් කොට රචිත ගීතයයි "සන්නාලියනේ". ගීතය දෙබසක ආකාරයෙන් ඉදිරිපත් කරයි.සන්නාලියනේ සන්නාලියනේමේ හිමිදිරි ...
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් Gee Pothai Meewithai ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයානන්ගේ තවත් එක් අමරණීය ගීතයක් ලෙස සුන්දර මෙන්ම අර්ථපූර්න වූ මෙම ගීතය හැඳින්විය හැකිය. ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය, එදාටත් වඩා වර්තමාන සමාජයට වැදගත් බව පෙනේ.Read more » ...
වන්නි වන පෙතේ Gee Pothai Meewithai සුභාවිත ගීතය පෝෂණය කිරීමට තම ගීත රචනා තුලින් ඉමහත් මෙහෙයක් සිදුකල සහ තවමත් සිදුකරන ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ගේය පද රචනයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් ද රසවත් වූ මෙම ගීතය විශාරද සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරනු ලබයි. මීට දශක පහකට පමණ පෙර විසූ ගැමි පියවරුන් සහ ඔවුන්ගේ ජීවිත ද, ඔවුනට දාව ඉපදී නගරයේ සිරවූ ඔවුන්ගේ දරුවන් සහ ඒ අය ...
මා සනසා..මා නළවා.. Gee Pothai Meewithai කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් සිංහල භාෂාවේ අලංකාර පද යෙදූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. අප ආදරණීය මර්වින් පෙරේරා විසින් ගායනා කරනු ලබන මෙම ගීතයේ සංගීතය පුන්‍යසිරි මහවත්ත මහතා විසිනි. ස්ත්‍රිය, මධුවිත, රාත්‍රිය, සංගීතය එක්වූ තැන පවතින සුන්දරත්වය විග්රහ කරන පුරුෂයකු එම අවස්ථාව ඉදිරිපත් කිරීම මෙමෙ ගීතය හරහා ගෙනහැර දක්වයි.Read more » ...
කුමරියක පා සළඔ සැලුනා... Gee Pothai Meewithai කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් විසින් රචිත, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සංගීතයට, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මෙම ගීතය සංවේදී මෙන්ම සංකීර්ණ වූත් ගීතයක් ලෙසින් දැක්විය හැකිය.මෙම ගීතය විවිධ අයුරින් තෙරුම් ගැනීමටත්, එමෙන්ම එය තමන් සතු ජීවිත අද්දැකීම් හරහා ස්වකීය කොට ගැනීමටත් පාඨකයාට අයිතියක් ඇත.Read more » ...
චාරු දේහේ නුරා... Gee Pothai Meewithai අප සදාදරණීය ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් අතින් ලියැවුනු ගීත ගොන්නට එක්වූ තවත් අපූරු ගීතයකි 'චාරු දේහේ නුරා' ගීතය. විශාරද අමරසිරි පීරිස් විසින් සංගීතවත් කර ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතය, යෞවනය, ප්‍රේමය සහ... සෘංගාරය යන සියල්ල එකට කැටි උන ඉතා සුන්දර ගීතයකි.Read more » ...
දොඹ මලින් මලෙක රේණු තලන...!!! Gee Pothai Meewithai ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ දොඹ මල් කිණිත්තකි. බොහෝ දෙනා දැක ඇතැයි නොසිතුව බැවින් එහි සුන්දරත්වය දැකීම පිනිස එකතු කලෙමි.මෙම ගීතයේ අරුත කිහිප අයුරකින් තේරුම් ගත හැකිය. මා සිතනුයේ තුරුණු වියේ සිටින තරුණයින් ගේ සහ තරුණියන්ගේ සිතෙහි පවතින හැඟීම්, ඔවුන්ගේ කෙලිලොල් බව, ඔවුන් විඳින නිදහස ගෙනහැර පෑමට අප අවට පරිසරයේ උපමා රූපක යොදා ගනිමින් තරුණ තරුණියන්ගේ ජීවිතවල වසන්ත සමය පරිසරයේ වසන්ත කාලය ...