30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න මාධවගේ බ්ලොග් සටහන් හුඟම හුඟ කාලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ ආවෙ.දැන් ඉතින් තාත්තලනෙ. ඉතින් වෙලාව කලාව ඉතාම අඩුයි.ෆෝරම් එකක් පැත්තෙ ගිහිල්ල පොඩි ත්‍රෙඩ් එකක් දාන්න, රිප්ලයි එකක් දාන්න වගේ දේකට ඇරුනම, එක දිගට ලිපියක් ලියන්න කාලය ටිකක් අඩුයි.නමුත් මම ටික වෙලාවක් වෙන් කරල ෆෝරම් එකකට ලිව්ව ත්‍රෙඩ් එකක් බ්ලොග් එකෙත් දාන්න හිතුව තව අයට ප්‍රයෝජනවත් වෙයි කියල.------------------------------------------------------------------------------------------------------මේ විදිහට බිස්නස් කරන අය ලංකාවෙ ...
Links for 2016-04-29 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් Sponsored: 64% off Code Black Drone with HD Camera Our #1 Best-Selling Drone--Meet the Dark Night of the Sky!
Links for 2016-04-29 [del.icio.us] මාධවගේ බ්ලොග් සටහන් Sponsored: 64% off Code Black Drone with HD Camera Our #1 Best-Selling Drone--Meet the Dark Night of the Sky!
3D Stereograms බලමුද මාධවගේ බ්ලොග් සටහන් මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ ]3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ? ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූපයක් තමා මේ. සමහරු නම් කියන්නෙ ඒක පේන්න පින තියෙන්න ඕනෙ කියල. මේ ලිපිය කියවල ...
බ්ලොග් වසන්තය ඔන්න ආයෙත් මාධවගේ බ්ලොග් සටහන් දයාබර මිතුරු මිතුරියනි,ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන ...
Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද? මාධවගේ බ්ලොග් සටහන් තාක්ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව.ඒ තාක්ෂණයදැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොඳ දැනීමක් තිබුණත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ ඒහි විශිෂ්ටලෙස නිමවා ඇති ආකර්ශනීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වට්නාකමක් ලැබෙනවාද ...
සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද? මාධවගේ බ්ලොග් සටහන් උපුටා ගැනීමකි.මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම ...
"රැකියා වෙළඳපළ ජය ගනිමු" පොත විකිණීමට සහය වී 33%ක Affiliate Commision එකක් ලබා ගන්න. මාධවගේ බ්ලොග් සටහන් "රැකියා වෙළඳපළ ජය ගනිමු" පොත ඊයේ එළි දැක්වුනා.පහත සබැඳිය හරහා ඒ පිළිබඳව කියවන්න.http://careerguidancelk.blogspot.com/2015/12/lets-win-the-job-market-ebook.htmlඒ ලිපිය කියෙව්වා නම් ඔබ දන්නවා මේ පොත විකිණීමට සහය වීම හරහා ඔබටත් ආදායම් මාර්ගයක් සකසා ගන්නට හැකි බව.මම ඒ වෙනුවෙන් ඔබට 33%ක Affiliate Commission එකක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ ඔබගේ Affiliate Link එකකින් මගෙ පොත මිලට ගන්නා වාරයක් පාසා ඔබගේ Affiliate ගිණුමට $0.50 බැගින් බැර වෙනවා. ...
"රැකියා වෙළඳපළ ජය ගනිමු" ග්‍රන්ථය එළි දැක්වීම මාධවගේ බ්ලොග් සටහන් මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ.පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්."රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?සාර්ථක CV එකක් සාදා ගනිමුමොකද්ද මේ CV එකක් කියන්නෙ?CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?ඔබ CV කීයක් සෑදිය යුතුද?ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?CV එක තුළ තිබිය ...
මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක් මාධවගේ බ්ලොග් සටහන් කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද?ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් ...
ISO 9001 නව සංස්කරණය හා බැදේ මාධවගේ බ්ලොග් සටහන් ISO 9001: 2015 සංස්කරණයද පැමිණ ඇත. අපි ISO 9001:2008 සංස්කරණයෙන් 2015 සංස්කරණය වෙත වසර 3ක් ඇතුළත මාරු විය යුතුය. එසේ නොවුවහොත් අප වෙත ලැබී ඇති තත්ව සහතිකය අවලංගු වනු ඇත.නමුත් පුදුමයට කරුණක් වනුයේ, සමහර ප්‍රසිද්ධ සමාගම් තමන් ISO 9001:2000 තත්ව සහතිකය ලබා ඇති බව පවසමින් මාධ්‍ය වල වෙළඳ දැන්වීම් පළ කිරීමය. ISO 9001:2000 තත්ව සහතිකය අවලංගු වී දැනටමත් වසර 12 ...
පොත් ප්‍රදර්ශනය බලන්න යනවාද? උපදෙස් ටිකක් මාධවගේ බ්ලොග් සටහන් මුලින්ම කියන්න ඕනෙ, මේ උපදෙස් මම කොපි පේස්ට් කල ඒව ටිකක්. මනෝරම වීරසිංහ අය්ය මුහුණු පොතේ දාල තිබ්බ එකක්. නමුත් ඒක සිය ගුණයක් වටින නිසා ඒකම බෙදාගන්න හිතුවා. කෑම පුලුවන් නම් පිටින් අරං යන්න... ඉතාම දියාරැ, මස්කට්ටක් දාපු බත් වේලක් BMICH කැන්ටිමෙන් කන්න පැය භාගයක් පෝලිමේ ඉන්න වෙනවා.. වතුර බෝතලයක් අරං බැක් පැක් එකක දාගෙන යන්න.. ලැප් එක අයින් කරල.. ...
Sustainability සහ බුදු දහම මාධවගේ බ්ලොග් සටහන් මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති.අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ.ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන.අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්.රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද?ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා""ඇය ඔබ වහන්සේට ...
හරිතාගාර ආචරණය හා අපි මාධවගේ බ්ලොග් සටහන් මුලින් මම ප්‍රවේශය ගත්තෙ මොකද්ද sustainability කියන්නෙ කියන එකත් එක්ක. ඒක ඔයාල කියවන්න ඇතිනෙ නේද?අද මාතෘකාව හරිතාගාර වායු හා හරිතාගාර ආචරණය ගැන. තාම මම අදාල මාතෘකාවට ආවෙ නෑ. ඒකට අවශ්‍ය වෙන මූලික කරුණු ගැන ඔබට යම් අදහසක් ලබා දීල තමයි මම අදාල විෂයයට එන්නෙ. තව ලිපි කිහිපයක් ලියන්න තියෙන ඒකට. ඒක නෙමෙයි, මේ දවස් වල හරිම රස්නෙයි නේද? මේ දවස් ...
නව විෂයකට ප්‍රවේශයක් - මොකද්ද මේ Sustainability කියන්නෙ? මාධවගේ බ්ලොග් සටහන් අලුත් දෙයක් ගැන කතා කරන්න හිතුව. ඒකට ප්‍රවේශයක් වශයෙන් මේ "Sustainability" කියන දේ ගැන ටිකක් කතා කරන්න හිතුව."Sustainability" කියන එකට ප්‍රවේශයක් මම ගන්නව මෙන්න මේ කියමනින්. (ඉංග්‍රීසියෙන් තියෙන එක මම සිංහලට පරිවර්තනය කළා.)"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."පොඩ්ඩක් මේ ප්‍රකාශය ගැන කල්පනා කරන්නට ඔබට ආරාධනා ...
ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 2 මාධවගේ බ්ලොග් සටහන් ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1 ලිපිය ලිව්වෙ ගොඩක් කාලෙකට ඉස්සර. ඒකෙ ඉතිරි ටික ලියල තිබ්බත් පෝස්ට් කරන්න අමතක වෙලා තිබ්බෙ.මම තවත් පොත් පිංචක් ලියල ඒකට දානව කියල කිව්වත්, ඒකත් ලියවුනේ නැති නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න හිතුවෙ.තත්වයෙන් උසස් අන්තර්ගතයක් නිර්මාණය කරන ආකාරයඉහත මම කිව්ව වගේ, අන්තර්ගතය උසස් වීමම ඉහළ Search Engine Ranking එකක් එන්න හේතුවක්. ...
Group Buying සයිට් වලින් බඩු ගැනීම මාධවගේ බ්ලොග් සටහන් මොනවද මේ Group Buying Sites?තේරුම නම් අහන්නෙපා. උදාහරණෙකින් කියන්නම්.ඩිස්කවුන්ට් සයිට්.උදා: buynow.lk, mydeal.lk, anything.lk, easy.lk ....................මේවයෙ හරි ලාභෙට බඩු තියෙනවනෙ. ඔයාල දැකල ඇති.එයාල කියන විදිහට සමහර බඩු වල ඔරිජිනල් මිලෙන් 50%කට වඩා අඩු මිලකට එයාල සමහර බඩු අපිට දෙනවා.ඒ කියන තරම් එච්චර අඩු මිලට දෙන්නෙ කොහොමද ඇත්තටම?මම නම් වැඩිපුර දන්නෙ නෑ. නමුත් දේවල් දෙකක් දන්නව.1. එයාලට Showroom maintenance වියදමක් යන්නෙ නෑ. ...
සුභ අලුත් අවුරුද්දක් වේවා!!! මාධවගේ බ්ලොග් සටහන් ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!!!-- "මාධවගේ බ්ලොග් සටහන්" www.mysinhalablog.tk Madhawa Habarakada All Rights Reserved.
මිරිස් මෙච්චර සැර ඇයි? මාධවගේ බ්ලොග් සටහන් ඉස්සෙල්ල අපි කතා කලා සීතල දෙයක් ගැන. දැන් කතා කරන්න හදන්නෙ පිච්චෙන දෙයක් ගැන.මිරිස්!!මිරිස් කිව්වම එක එක ජාතියෙ මිරිස් තියෙනව. මාලු මිරිස්, කොච්චි මිරිස්, නයි මිරිස්, වැරණිය මිරිස්, තව එක එක ජාති. එක එක ඒව එක එක මට්ටමින් සැරයි. සමහර ඒව නම් පොඩ්ඩක්වත් සැර නෑ නිකං කන්න පුළුවන්. සමහර ඒව නම් යංතං ගෑවුනත් කෙලින් ඉන්න බැරි තරම් දැවිල්ලයි. සමහර අය ...
"මින්ට්" සීතල ඇයි? මාධවගේ බ්ලොග් සටහන් Mint ටොෆිමින්ට් කිව්වම මින්ට් ජාති ගොඩක් තියෙනවනෙ. පෙපර්මින්ට් තමයි මම දන්න පරණම එක. පොඩි කාලෙ ඒවට මම නම් හුඟක් ආසයි. දැන් නම් පෝලෝ තියෙනව, තව ජාතිත් තියෙනව.ඉතින් ඇයි මේව කනකොට සීතලක් දැනෙන්නෙ???ඉස්සෙල්ල අපි බලමු අපිට කොහොමද උෂ්ණය / සීතල කියන එක දැනෙන්නෙ කියල.අපේ ඇඟ පුරාම ස්නායු තියෙනවනෙ. ඉතින් ඔය ස්නායු වලින් මොළයට යවන එක් විදුලි පණිවුඩ වර්ගයක් තමයි උෂ්ණත්වය. සිසිල් ...