අන්ටයිට්ල්ඩ් | Untitled මලියගෙ සටහන රාත්‍රී නිසසල පරිසරය සසල කරමින් පුපුරා ගිය වෙඩි හඩ ප්‍රදේශයම අවධි කලේ වෙඩි ශබ්දය පලාතින් වියැකී ගොස් වසර ගණනාවක්ම ගතවී තිබුන බැවිණි. වහාම ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවේ සේවක පිරිස මුර කුටිය වෙත දිව අාවත් ඔවුන්ට දැකගත හැකි වූයේ හිස කුඩු වූ ඉන්දිකගේ නිසල සිරුර පමණි. කිසිදු සටහනක්වත් නොතබා මියගිය ඉන්දික ගැන ඔවුන්ට වගේ වගක් තිබුනේ නැත. එය එසේ වීම පුදුමයක් වන්නට ...
අපේ ගමේ අවුරුදු ආතල් මලියගෙ සටහන ඔන්න තවත් අවුරුද්දක් නිමාවුනාය.නමුත් මේ අවුරුද්දේත් රසවත් අත්දැකීම් කිහිපයක් අපට ලැබුනාය.අද මං කියන්න හදන්නේ අවුරුදු උත්සව හා බැදුනු අපූරු සිදුවීම් කිහිපයක් ගැනය. අවුරුදු උත්සව යන වචනය ඇසනු විටම අපිට සිහියට එන්නේ බයික් රේස්ය.ආහ්..නෑ..බයිසිකල් රේස්ය.බයිසිකල් රේස් එකක් නැති අවුරැදු උත්සවයක් යනු පරිප්පු නැති හෝටලයක් වගේය.ඒ තරමට එය අදවනවිට අවුරැදු උත්සව හා සමග බැදී තිබේ.බයිසිකල් රේස් ගැන මතක් කරනවිට කියන්නට කතා ...
තනිවෙන්නට මගේ ලොවේ මලියගෙ සටහන උඩ තට්ටුවෙ ස්ලැබ් එකට වෙලා පුටුවක නිදහසේ හාන්සි උන මම ගැඹුරු හුස්මක් ගන්නට වුනා.ඒකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි....ඒ් ආකාහෙ තරු වලින් පිරිලා.ගනං කරන්න බැරි තරමටම.මාස පහ හයකට පස්සෙ අතට ගත්ත දුම්වැටිය පෙනහලුවල පතුලටම වැදිලා ඔලුව කැරකෙන්න ගත්තම මට දැනුනෙ මාරම සතුටක්.මාස ගාණකට පස්සෙ ආයෙමත් දුමක් උරන්න හිතුනෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ.මං ඒක හිතන එක පැත්තක දාලා ආයෙමත් ...
තරු ආකාහෙ යට | Under the Starred Sky මලියගෙ සටහන බබා, ෂැල් වී මැරි නව්?වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්‍රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ.නව්?යාහ්, අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි...යාහ්, ෂුවර්... ටේක් මයි හෑන්ඩ්...ඩාලින්, ආර් යු රෙඩි...යර්ස්...
යකඩ මුද්ද මලියගෙ සටහන ඔයා හැමදාම මට මොනවහරි අරන් එනවනේ.ඉතින් මං අද ඔයාට පොඩි බඩ්ඩක් ගෙනාවා..බඩුවක්ද? හිකිස්යනවා යන්න...කෝ අත දෙන්නකෝ.ම්ම්...ඔන්න දැන් හරි..ලස්සනද?මේ මොකක්ද මේ...යකඩ කෑල්ලක්නේමේක මුද්දක් අනේ..මුද්දක්!! කම්බියක් නමලනේ තියෙන්නේ.ඔයාද හැදුවේ..හික්ස් මේක මාව මතක් වෙන්න තියාගන්න.මාව බලන්න එන හැමදාම මේක දාගෙන එන්න ඕනි හරිද?හ්ම් හ්ම්...මං ඉතින් හැමෝටම පේන්න කම්බි කෑල්ල ඇගිල්ලේ දාගෙන හිටියා දවස් ගානක්ම.හැමදාව උදේට ඉස්කෝලෙ යන්න රෙඩි වෙලා මතක් කරනවා ගන්න ...
පරිත්‍යාග | Nor The Abandoment මලියගෙ සටහන ඔව්, මං සතුටින්!මේ ලෝකෙ ඉන්න කාටත් වඩා සතුටින්. කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරයි, උණහුම් සයනයයි, නිනව්වක් නැතිව ඇදහැලෙන මහ වරුසාවෙ සද්දෙයි... ඒ ඔක්කොම අස්සෙ මං ඉන්නෙ මත් වෙලා. මේ වැස්සෙ බයික් එකේ කොහෙවත් නැති පාරක රස්තියාදු ගහනවට වඩා, කෑම්පින් ටෙන්ට් එකක් අස්සෙ සීතලෙ ගැහෙනවට වඩා ඇදේ ගුලිවෙලා නිදාගන්න පුලුවන් උන එක ගැන මං දෙවියන් වහන්සේට ස්තූති කරනව. ඒත්... මීට මොහොතකට ...
එන්න, නැවත පියඹන්නට... මලියගෙ සටහන නොසිතුවෙමිකෙදිනකවත්හැකි වේ යැයිමෙමට වාරු දෙන්නටනැවත පියඹන්නටඉඩදෙන්නටලෝකය දකින්නටනැවතත්අත්තටු බිදුණකිරිල්ලියකටනමුදුවැටහුනෙමිමායාකරුවෙක් බවමෙමා කළ හැකි අැයවෆීනික්ස්අාදර යෂ්ටියෙන්නොදොඩා වදනකුත්නොපෙන්වා "ටියුටෝරියල්"නොඑල්වා "L" බෝර්ඩ්රැගෙන යන්නම්දුර අෑත අාකාහෙටඅල්වා සුසිනිදුතටුවකින්කියලා දෙන්නටනැවත පියඹන්නටපරිස්සමින්හැමදාමත්මාත් එක්කම... ...
කම්කරුවන් ගසා කෑම හා කම්කරු දිනය මලියගෙ සටහන කම්කරුවන් හා සේවකයන් පිලිබදව විශාල වශයෙන් කතාබහට ලක්වන දිනයකි අද.හේතුව ලොක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබීමයි.මැයි දිනයේ ආරම්භය පිලිබදව අටුවා ටීකා ටිප්පනි කීමට මා බලාපොරොත්තුවන්නේ නැත.මන්ද අද දිනයේ ඕනෑම ප්රවෘත්ති විකාශයක මේ ගැන ලොවෙත් මහා ලොකුවට ප්‍රචාරය වන බැවිනි.නමුත් ඒ පිලිබදව වැඩිදුර විස්තර අවශ්‍යනම් මේ ලින්කුවඔස්සේ යන්නට ඔබට හැකියාව ඇත.කම්කරුවන්..මේ කම්කරුවන් යනු කවුරුන්ද පිලිබදව විවිධ අර්ථකතන ...
රැකියාව හා ජීවිතය මලියගෙ සටහන පොඩි කාලේ වැඩිහිටියෙක් හරි මොකෙක් හරි අපිව දැක්ක ගමන් අහන ප්‍රශ්නයක් තියෙනවා.ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා.මේ කතාව ලගින් යන කතාවක් මගේ පලවෙනි බ්ලොග් පෝස්ට් එක හැටියට පලඋනා සිහින කුලියට දීම යන නමින්.ඒ කතාව නම් ගොඩාක් දෙනෙකු අතරට ගියේ නෑ ඒ කාලේ මට සින්ඩිවල සහායක් තිබුනේ නැති නිසා.මෙතනින් ඒ කතාවට යන්න පුලුවන්.රැකියාව කියන දේ ජීවිතයට බොහෝ සෙයින් බද්ද වෙලා ...
නන්දන උයන මලියගෙ සටහන මීට අවුරැදු 4කට විතර කලින්.. ඒ කියන්නෙ 2012/13 වගේ අවුරුදු වල.. ඒ කාලෙ මායි රේඩියෝවයි අතර තිබ්බෙ අවියෝජනීය බැදීමක්.මගේ රේඩියෝවයි මමයි පෝස්ටුවේ ඒ ගැන ලස්සන කතන්දරයකුත් තියෙනවා.ඒ තරම්ම නොවුනත් නිවාඩුවක් හම්බුන හැම වෙලාවකම තාමත් ඒ පුරුද්ද අත්ඇරගන්න අමාරුයි.ඒත් ඉස්සර තරම් හදවතට දැනෙන වැඩසටහන් හොයාගන්න අමාරුයි.මං රේඩියෝත් එක්ක මූව් වෙන වෙලාවෙ තියෙන අවුලක්ද දන්නෙ නෑ.ඒක එහෙම තමයි.ආයෙත් මාතෘකාවට, ඒ දවස්වල පැය ...
වීරයෙක් උවමනාකර තිබේ මලියගෙ සටහන අද කතාවට පාදක වෙන්නේ දකුණු ඉන්දියානු සිනමාපට පිලිබදව.ඒත් මේක මුලු ලෝකෙම තියෙන සිනමාවට ඍජුව සම්බන්ද වෙනවා.සාමාන්‍යයෙන් දකුණු ඉන්දියානු,එහෙමත් නැතිනම් දමිල සිනමාව කිව්ව ගමන් අපට මතක් වෙන්නේ වලි.කඩු,පිහි,මන්නා ආදියෙන් පටන් අරන් තුවක්කු,රසායනික අවි දක්වා මේවා ප්‍රසාරණය වෙනවා.මේ සිනමාවේ දක්නට ලැබෙන කතාමාලාවල ප්‍රධාන දෙයක් තමයි අසාධාරණයට විරුද්ධව නැගීසිටීම කියන එක.සාමාන්‍යයෙන් ඉන්දියාව ලොකප්‍රසිද්ධ වන කාරණයක් තමයි ඉන්දියානු පොලීසියේ දූෂණ,අල්ලස් ආදිය නිසා.ලොකයේ අපකීර්තිමත්ම පොලීසිය ...
රෝද දෙකෙන් මව්බිම වටා | Motorcycle Diaries Around The Ceylon මලියගෙ සටහන රෝද දෙකෙන් මව්බිම වටාබයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර් එකක් යන එක. ඒ ගැන කතාබහ පොඩි පොඩියට ගියත් ඒ සදහා නිවාඩු ගන්න එකයි, සල්ලි හොයාගන්න එකයි, පාට්නර් කෙනෙක් හරි කීපදෙනෙක් හරි හොයාගන්න එකයි.... ඊටත් වඩා ඒ තුනම එකට මැච් කරගන්න එකයි තමයි ලොකුම පරහකට ...
මන්දාරම් අදුර මැදින්... මලියගෙ සටහන ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තෙ අහස හූරගෙන වැටෙන වැහි බිංදු තඹ සතේකට මායිම් නොකර. පාරේ යන අනිත් හැමෝම කුඩයක් යටින් ඇවිදන් යද්දි මං විතරක් කඩාහැලෙන වැස්සට නිරුවත් උනා. ඒක දැකපු අය කොහොම හිතුවද කියලා නං මම දන්නෙ නෑ ඒත් මං ආස ...
අභිනික්මනට පෙරාතුව! මලියගෙ සටහන විදදරා ගනිමින් අනේකදුක්ඛ දෝමනස්සයන්රුදුරු අපහාසයන්රැවුම් ගෙරවුම්චිත්ත පීඩාවන්ගතකලෙමිකාලයඋදෙසා පමණක්රන් කහවුණූනමුදු,ගතවුවත් කාලයඋදේ රෑ යලි උදේ රෑ ලෙස"හිර කූඩුවක"වැටහුණිමෙය නොවන බවමාර්ගය "නිවන" ටඉදින් සොදුරියඅවසරයි යන්නටසොයා "නිවන"සමග රැගෙනඅවධානමඅපහාසය සමගමසොදුරිය,පවසන් මටඉන්නවාද නුඹ"ඕන රෙද්දකට"මාත් සමගම? ...
Disconnected ! මලියගෙ සටහන පුරා මසකට පසුවසිහිනයට log වූ පසුදිස්වන්නට වියඔබේ මතකයන්News Feed එක පුරාඅතරින් පතරඅදුරු පැහගත්රිදුම් දෙන වේදනාවන් සමගනැත කිසිත් notification එකදු පණිවිඩයක්වත්එකම posts වැලනොකඩවා එනUpdate නොවුනOffline මතකය මිස ...
අප්‍රේල් 18 (#Black_April) මලියගෙ සටහන අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කීපයයි.අවුරුදු උණුසුමේම අපේ නෑදෑ අයියා කෙනෙක්ට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ.ශිෆ්ට් ක්‍රමේට එයා ලග ඉන්න මල්ලිලා ටික සෙට්උනා.එදා මගෙ දවස.උදේ පාන්දරම ඉස්පිරිතලෙට ගිහින් වැඩ බාරගත්තා.පැයෙන් පැයට මුත්‍රා ප්‍රමාණය මනින්නයි.ටෙස්ට් කරන්න සාම්පල් අරගෙන ලැබ් එකට දුවන්නයි,ආයෙත් රිපෝට් ගේන්නයි වැඩ ගොඩයි..මේ විදියටම උදේවරුව ගතවුනා..එකපාරටම ඔයාගෙන් මැසේජ් එකක්.මගේ ෆොටෝ එකක් එෆ්බී දැම්මා..බලන්න.. මට ඔයාගෙ ෆොටෝ එකක් දෙනවද? ඔයාට මාව මීට් ...
නොනගතයේ මගේ කරුමය මලියගෙ සටහන බ්ලොග් සමාජයේ සැරිසරන හැමෝටම වගේම ලක්වාසී හැමෝටමත් සිත් තුටින් බරවන පැතු පැතුම් ඉටුවන සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අද සටහන ආරම්භ කරන්න හිතුවා ඕං... ඒ වගේමයි අවුරැද්දට අපි වැඩ අල්ලන නැකතටම නමෝ විත්තියෙන්ම මේ පෝස්ටුව පබිලිස් කොරන්න හිතුවා!!!ම්..දැන් මං කියන්න යන්නේ අද උදේ නොනගතය වෙලාවේ මට උන සීන් එකක්.හැමදාමත් වගේ අදත් උදේ ඉදන්ම මගේ කොම්පීටරේ දාගෙන ...
ඔය කුකුලා මට ෂුවර් නෑ මලියගෙ සටහන අද මං කියන්න යන්නේ මට මුහුණදෙන්න සිද්දඋන අපූරු සිද්ධියක් ගැන.මේක වෙනකොට මං3,4 වසරෙ වගේ ඇති.ඒ දවස්වල අපේ ගෙදරට එහාපැත්තේ කුකුල් ෆාම් එකක් තිබුනා.ඒකෙන් කරන්නේ කුකුල් පැටවු ගෙනත් කන්න දීලා ලොකුකරලා මසට විකුණන එක.කාලෙන් කාලෙට කුකුල්ලු අරන් යන්නයි,පැටවු ගෙනත් දාන්නයි ලොරියක් එනවා..ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දි ෆාම් එකේ හිටපු කුකුල් පැටියෙක් කූඩුවලින් එලියට පැනගත්තා.ෆාම් එකේ කස්ටිය එකතුවෙලා මූව අල්ලන්න හැදුවත් ...
අප්රකාශිත ආදරය - The Unsaid Love මලියගෙ සටහන ප්‍රථම ප්‍රේමය ගැන ගොඩක් අය විවිධ කතා කියනවා.මං මේ හදන්නේ ඒ ගැන කියන්න නෙමෙයි.මගේ අප්රකාශිත ප්‍රේම වෘත්තාන්ත කීපයක් ගැන.ඔය කෙල්ලෙක් ගැන ඉස ඉසසෙල්ලම හිතට වදින(සුද්ද දිංහලෙන් කියනවනම් සික් ගහන) කාලයක් මට ආවේ මම 9 වසරෙ ඉද්දි.ඒ කතාව මෙහෙමයි.අපේ පන්තියේ හිටියා ...... කියලා ලස්සන කෙල්ලෙක්(නම කියන්න බෑ මොකද මේ වෙනකොට එයා මගේ යාලුවෙක්ට අයිතිවෙලා ඉවරයි). ඒ කාලේ අපේ පන්තිභාර සෑර් ...
දුරකතන සංවාද මලියගෙ සටහන බෙල් අයියගේ කාලයේ සිට විවිධාකාරයෙන් දියුණුවීම්වලට ලක්වූ දුරකතනය වර්තමානය වනවිට සියලු දෙනා අතැති මෙවලමක් බවට පත්ව තියෙනවා.එමෙන්ම කිසිදු ජාති,ආගම්,කුලමල,පන්ති භේදයකින් තොරව සියලුදෙනා භාවිතාකරන ජංගමේ සමග බැදුනු අපූරු සිදුවීමද සමාජයේ දක්නට ලැබෙනවා...මට පසුගිය බස්නාහිර පලාත් මැකිවරණ සමයේ අත්විදින්නට සිදුවූ යම් සිදුවීමක් කතාවට පූරුවිකාව කරගන්නට මට හිතෙනවා.එදා වේයන්ගොඩ ගුවන්පාලම විවෘත කරන දවස.ඒකට මහින්ද ලොක්කත් ඇව්ත් හිටියා.එදා මං පන්ති ඉවරවෙලා වේයන්ගොඩින් ට්‍රෙන් ...